Story Copys
Translate
Wednesday, January 10, 2018
සජිනි සුලොචනාගෙන් "පතිනි"
Download
පතිනි
ලියන්නේ සජිනි සුලෝචනා
වෙලාව පාන්දර එකත් පහු වෙලා..
කෙල්ලගේ හිතට දැනුනේ කියා ගන්න බැරි තරමේ පාලුවක් තනිකමක්..
කෙල්ලෙක්ගේ ජීවිතේ වටිනාම, සුන්දරම දවසේ මේ විදිහට තනියම ඉන්න සිද්ද වෙයි කියලා අහස්මා කවදාවත් හිතුවේ නැහැ..
කෙල්ල තාමත් හිටියේ වෙඩින් එකට ඇඳපු ඔසරිය පිටින්..
කාමරේ ලස්සනට රතු රෝස 🌹 වලින් සරසලා තිබුනා..
ඒත් ඒ ලස්සන විඳින්න අහස්මට ඉඩක් ලැබුනේ නෑ..
අහස්මා පතිනියක් වුනේ කෙල්ලගේ දෙමව්පියන්ගේ වුවමනාවට..
අහස්මා කියන්නේ කෝටිපති ව්‍යාපාරික සනත් අබේනායකගේ එකම දුව..
දිලිසෙන ඇස් දෙක ඇරුනහම අහස්මා කියන්නේ ලස්සන කෙල්ලෙක් නෙමෙයි..
තලෙලු මූන,කර්ල් කොන්ඩේ නිසා කෙල්ලගේ මූනට ලස්සනක් එකතු වුනාට දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් කෙල්ලට තිබුනේ නෑ..
------------------------------
යන්තම් නින්ද යා ගෙන එනකොටම වගේ කෙල්ල නින්දෙන් නැගිට්ටේ දොරට වේගයෙන් කවුරු හරි තට්ටු කරනවා ඇහුනු නිසයි..
කෙල්ල ටික වෙලාවක් බලන් හිටියේ බයෙන්..
"දො..දොර අරිනවා හලෝ.."
ඒ ඇහුනේ පැය කිහිපයකට කලින් අහස්මගේ ජීවිතේ වගකීම භාර ගත්ත කෙල්ලගේ සැමියගේ කටහඬ..
කෙල්ල ඇඳෙන් බැස්සා නෙමෙයි..බයටම කෙල්ල ඇඳෙන් නැගිටලා ගිහින් ඉක්මනට කාමරේ දොර ඇරියා..
"තමුසෙට එ..එක පාරක් ක..කතා කරපුවහම දොර අරින්න බැරිද හලෝ.."
කෙල්ලගේ ඉස්සරහා හිටියේ ගොඩාක් කඩවසම් කොල්ලෙක්..
කනට කරාබුවක් දාලා, ඇහිබැම උඩින් ඉරක් ඇඳලා, අතේ පච්චයක් ගහලා ඉන්න නිසා රස්තයාදුකාර පෙනුමක් තිබුනට කොල්ලා ඇත්තටම ගොඩක් ලස්සනයි කියලා අහස්මට හිතුනා..
"මොකද ඕයි කන්න වගේ බලන් ඉන්නේ.."
ශේන් ඇහුවේ තරහින්..
එතකොට තමයි කෙල්ලට මතක් වුනේ තාමත් කෙල්ල ඉන්නේ ශේන් දිහා බලාගෙන කියලා..
"මො...මොකුත් නෑ.."
කෙල්ල කිවෙව් බයෙන්...
"මො..මොකුත් නෑ..මොකුත් නෑ කියලා නම් මටත් පේනවා.."
ශේන් කිව්වේ අහස්මා දිහා පහල ඉඳලා ඉහලට බලන ගමන්..
කෙල්ලට ඒ බැල්ම දරා ගන්න බැරි නිසාම කෙල්ල ශේන්ගේ ඇස් මඟ ඇරියා..
"දැන්වත් එහාට යනවා,මට රූම් එකට එන්න.."
ශේන් එහෙම කියලා අහස්මව අතින් පැත්තකට තල්ලු කරලා කාමරේ ඇතුලට ඇවිත් ඇඳෙන් වාඩි වුනා..
කොල්ලා හිටියේ හොඳටම බීලා කියලා කෙල්ලට තේරුනා..
අහස්මා තාමත් හිටියේ හිටගෙන..
ශේන් අහස්මා දිහා ඇඳේ වාඩි වෙලා බලාගෙන හිටියා..
"සල්ලි වලට කරන්න පුලුවන් දේ බලනවකෝ නේද.."
ශේන් කිව්වේ ටික වෙලාවකට පස්සේ..
අහස්මා හිටියේ තාමත් බිම බලාගෙන..
ශේන්ගේ වචන වල තියෙන උපහසය අඳුන ගන්න කෙල්ලට අමාරු උනේ නෑ..
"පොඩ්ඩක් හිතනවා තමුසේ කෝටිපති පවුලක එකම දුව උනේ නැත්තම් මං වගේ කොල්ලෙක්ව කවදාවත් මැරි කරන්න පුලුවන් වෙයිද කියලා.."
ශේන් වෙරි පිට අහස්මා දිහා බලාගෙන කියවනවා..
කෙල්ලගේ ඇස් කඳුලින් පිරුනේ කෙල්ලටත් නොදැනීමයි..
"තමුසේ එක පාරක් හරි ඔය මූන කන්නාඩියෙන් බලලා තියෙනවද..
බලනවකෝ හැටි..ශික්..අපේ ඩැඩීටත් ඕන උනානේ මේ කරුමේ මගේ කරේම එල්ලන්න..
මේ මූන දිහා බලාගෙන මං ඉතින් දැන් හැමදාම ඉන්න එපැයි.."
ශේන් කිව්වේ හිතක් පපුවක් නැති ගානට..
ඇස් වල පිරිලා තියෙන කඳුලු කම්මුල දිගේ ගලාගෙන යද්දී කෙල්ල තාමත් ශේන් ඉස්සරහා හිටගෙන බිම බලාගෙන හිටියා..
"අඬන්න ඕනේ තමුසේ නෙමෙයි හලෝ...මමයි අඬන්න ඕනේ..
ඉස්සර ඉඳලා මං දැකපු හීනයක් තමයි ලස්සන ස්වීට් කෙල්ලෙක්ව මැරි කරන එක..තමුසෙයි තමුසෙගේ මහ ලොකු තාත්තයි අපේ ඩැඩීගේ ඔලුවට විකාර දාල ඒ ඔක්කොම නැති කරා හලෝ.."
ශේන් වෙරි මතින් වුනත් කියන්නේ හිතේ තියෙන දේවල් කියලා තේරුම් ගන්න අහස්මට අමාරු උනේ නෑ..
ශේන්ගේ තරහ සාධාරණයි කියලා කෙල්ලට හිතුනා..
ශේන්ගේ කඩවසම්කමත් එක්ක අහස්මට ලං වෙන්නවත් පුලුවන්කමක් තිබුනේ නෑ..
හැඩිදැඩි සිරුර,ජෙල් කරලා හදපු කොන්ඩේ ශේන්ට ගෙනාවේ අමුතුම ලස්සනක්..
"මං අද බීලා ඉන්නේ,හෙටත් බොනවා,අනිද්දත් බොනවා..ඒත් මං මේ කතා කරන්නේ හොඳ සිහියෙන්..මේ ටික හොඳට අහ ගන්නවා.
තමුසෙව මං මැරි කරා තමයි..හැබැයි ඒ මගේ ඩැඩීගේ වුවමනාවට..ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ..කොටින්ම තමුසේ මගේ ගෑනි කියලා මං පිලි ගන්නේ නෑ..මගේ ජීවිතේට ඇඟිලි ගහන්න හිතන්නවත් එපා..මං තමුසෙගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්නෙත් නෑ..
මේ කසාදේ සිද්ද උනේ බිස්නස් ඩීල් එකක් විදිහට..ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ..ඒක අමතක කරන්න එපා.."
ශේන් කිව්වේ කිසිම හිතක් පපුවක් නැති ගානට..
අහස්මා කඳුලු අතරින් ශේන් දිහා බලන් හිටියේ කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා..
"ඇඬුවා කියලා මගේ හිත උනු වෙන්නේ නෑ හලෝ..ඒ නිසා බොරුවට අඬන්න එපා..කඳුලු අපරාදේ..අනික මං තාම කියලා ඉවර නෑ..
මං මේ කසාදෙට කැමති උනේ ඩැඩීට බෑ කියන්න බැරිකමට..මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..තමුසෙව මැරි කරා කියලා මට මගේ කෙල්ලව අමතක කරන්න බෑ..අමතක කරන්නෙත් නෑ..මං මේක කලින්ම කිව්වේ පස්සේ තමුසේ මේක දැනගෙන ප්‍රශ්න ඇති කරන්න කලින්..මට ටානියව අමතක කරන්න බෑ..තමුසේ නිසා නම් කොහොමත් බෑ..අඟුරු කෑල්ලක් නිසා මැනික් කැටයක් අත අරින මෝඩයා කවුද.."
ශේන්ගේ හැම වචනයක්ම අහස්මට දැනුනේ පපුවට පිහි තුඩකින් අනිනවා වගේ..
ඒත් කෙල්ලට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න පුලුවන්කමක් තිබුනේ නෑ..
කසාදෙට පහුවදාම කසාදේ කුරුටු ගාලා ගෙදර ගිහින් තාත්තට ලැජ්ජා කරන්න අහස්මා කැමති වුනේ නෑ..
ඒ නිසා ශේන්ගේ හැම හිත රිදෙන කතාවක්ම ඉවසගෙන ඉන්න කෙල්ලට සිද්ද වුනා..
ශේන් කියන්නෙත් ව්‍යාපාරික පවුලක බාල පුතා..බිස්නස් ලෝකේ නම තහවුරු කර ගන්න තිබුනු වුවමනාව නිසා ශේන්ගේ තාත්තා, ලංකාවේ ව්‍යාපාරික ලෝකේ ඉහලින්ම හිටපු සනත් අබේනායකගේ එකම දුවට තමන්ගේ පුතාව කසාද බන්ඳලා දුන්නා..
ශේන් කියන්නේ නිරූපණ ක්ෂේත්රයේ ඉහලින්ම ඉන්න කෙනෙක්..තාත්තගේ යෝජනාවට ශේන් මුලින්ම අකමැති වුනේ අහස්මාගේ පෙනුම නිසා වගේම,ශේන්ගේ පෙම්වතිය ටානියා නිසා..
ඒත් මහසෙන් සිංහවංශ,ශේන්ගේ තාත්තා දිගින් දිගටම ශේන්ට බලපෑම් කරනකොට කොල්ලට අකමැත්තෙන් වුනත් මේ විවාහයට කැමති වෙන්න සිද්ද වුනා..
"මොනවද තමුසේ කල්පනා කරන්නේ.."
ශේන්ගේ කටහඬින් ගැස්සිලා අහස්මා කොල්ලා දිහා බැලුවා..
"මං මේ කියපු කිසිම දෙයක් මේ රූම් එකෙන් පිටට ගිහින් තිබුනොත් එදාට මං තමුසේ ගැන බලා ගන්නම්.."
"න්..නෑ...ම..මං කාටවත් මොකුත් කියන්නේ නෑ.."
අහස්මා කිව්වේ කඳුලු අතරින් .
"ගුඩ් ගර්ල්..දැන් ඇවිත් නිදා ගන්නවා.."
ශේන් කිව්වේ ඇඳෙන් නැගිටලා කොල්ලගේ ශර්ට් එක ගලවන ගමන්..
අහස්මා ඒක දැකලා ඉකමනින්ම බිම බල ගත්තා..
"බය වෙන්න එපා හලෝ..තමුසේ මං ලඟට ආවත් ,මං තමුසේ ලඟට එන්නේ නෑ..බය නැතුව ඇවිත් නිදා ගන්නවා..මං කලු දොදොල් කන්නේ නෑ.."
ශේන් එහෙම කියලා ටවල් එකත් අරන් බාර්ත් රූම් එකට ගිහින් දොර වහ ගත්තා..
අහස්මා ටයිල් පොලවේ වාඩිවෙලා හිතේ දුක යනකල්ම ඇඬුවේ හෙටින් පස්සේ පටන් ගන්න දුකින් පිරුනු අලුත් ජීවිතේට හුරු වෙන්න ඕන නිසයි..
2
ශේන් වොෂ් දාගෙන රූම් එකට එනකල්ම අහස්මා හිටියේ ටයිල් පොලවේ වාඩි වෙලා අඬන ගමන්..
ශේන් කෙටි ටවල් එකකුත් ඇඳගෙන අතින් කොන්ඩේ පිහදදා කන්නාඩිය ඉස්සරහට ගියේ කෙල්ලව දැකපු නැති ගානට..
ශේන් කන්නාඩියෙන් පිටි පස්සේ ඉන්න අහස්මා දිහා ඕනෑවට එපාවට බලලා පෝන් එක අතට ගත්තා..
හෙලෝ බබා..ඔව් බබා මම හෝටෙල් එකේ ඉන්නේ..
..............
ඔව් බබා මං පරිස්සමින් ආවා..ගොඩක් ඩ්‍රින්ක්ස් ගත්තේ නෑනේ..ඩෝන්ට් වොරි..
..............
ඔව්..ඔය ඉන්නේ...
ශේන් එහෙම කිව්වේ අහස්මා දිහා බලන ගමන්..
ශේන් මේ කතා කරන්නේ ටානියට වෙන්න ඇති කියලා කෙල්ලට හිතුනත් ඒ ගැන අහන්න හයියක් අහස්මට තිබුනේ නෑ..
නෑ බබා පිස්සුද..එහෙම ඕනේ නම් මං ඔයා ලඟට එනවා..මට දැක්කත් එපා වෙනවා..don't you know my choice?
.................
Ok බබා..හෙට මීට් වෙමු..ගුඩ් නයිට්..ලව් යූ බේබී...
ශේන් පෝන් කෝල් එක ඉවර කරලා ශෝර්ටකුත් ඇඳ ගෙන තාමත් බිම වාඩි වෙලා ඇස් වල කඳුලු පුරව ගෙන ඉන්න අහස්මා ලඟට ආවා..
කොල්ලා අහස්මා ලඟින් බිම වාඩි වුනේ කෙල්ල හිතුවෙවත් නැති විදිහට..
ශේන්ගේ නිරුවත් පපුව දැකලා කෙල්ලගේ හදවත මොහොතකට නතර වෙනවා වගේ අහස්මට දැනුනා..
"මොකක්ද තමුසෙගේ නම කිව්වේ .."
"අ..අහස්මා.."
කෙල්ල උත්තර දුන්නේ බිම බලාගෙන..
තාමත් කෙල්ල අඬනවා කියලා දැකපු නිසා ශේන්ගේ හිත උණු උනා..
"මේ බලනවා අහස්මා ..මට කරන්න දෙයක් නෑ..තමුසේ පව් තමයි..ඒත් කරන්න දෙයක් නෑ..
මේ ජීවිතේට අමාරුවෙන් උනත් හුරු වෙනවා..දැම්ම නම් බෑ..ඒත් තව ටික කාලයක් ගියාම මොකක් හරි මඟුලක් කියලා අපි සෙපරේට් වෙමු.ඊට පස්සේ තමුසේ ඕන මඟුලක් කර ගන්නවා..දැනට නහයෙන් අඬන්නේ නැතුව ගිහින් නිදා ගන්නවා.."
අහස්මා ඇස් වල පිරිලා තියෙන කඳුලු පිහදා ගෙන ශේන් දිහා බැලුවා..ඒ ඇස් දිලිසෙනවා..
ගොඩාක් ලස්සන ගෑනු ලමයි එක්ක වැඩ කරන ශේන්ට නම් අහස්මා කියන්නේ කිසිම ලස්සනක් නැති කෙල්ලෙක් විතරයි..
"මොකද කන්න වගේ බලන්නේ..."
ශේන් ඇහුවේ කෙල්ලගේ බැල්ම තවත් දරා ගෙන ඉන්න බැරිම තැන..
"ම..මං ඔයාගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්නේ නෑ..ඒත් අපි එකට ඉන්නකල් ඔයාගේ සම්බන්දේ ගැන ගෙදරට දැන ගන්න තියන්න එපා..
මට මගේ තාත්තා දුකින් ඉන්නවා බලන්න බෑ.."
"හරි...ඒ ගැන මං ප්‍රොමිස් වෙන්නම්.."
ශේන් කිව්වේ වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින ගමන්..
රෝස මල් පෙති වලින් සරසලා තියෙන ඇඳ දිහා කොල්ලා ටික වෙලාවක් බල ගෙන හිටියා..
"මේ සැරසිලි වලින් නම් වැඩක් නෑ..අපරාදේ.."
ශේන් ඇඳෙන් වාඩිවෙලා තාමත් බිම වාඩි වෙලා ඉන්න අහස්මා දිහ බැලුවා..
"බය වෙන්න එපා..මං තමුසෙගේ ඇඟට අතක්වත් තියන්නේ නෑ..
ඇවිත් නිදා ගන්නවා.."
අහස්මා ඉන්න තැනින් නැගිටලා ශේන් දිහා ටික වෙලවක් බලන් හිටියා..
"ඇයි තමුසේ ඔහොම බලන්නේ..මාව ශුවර් නැද්ද ..මං කලු දොදොල් කන්නේ නෑ ඕයි..ඇවිත් නිදා ගන්නවා.."
කොල්ලා එහෙම කියලා ලයිට් එක ඕෆ් කරලා කෙල්ල දිහා බලන්නෙවත් නැතුව නිදා ගත්තා..
අහස්මා කලුවරේම ඇවිත් ශේන්ගේ එහා පැත්තෙන් නිදා ගත්තේ ඇස් වල කඳුලු පුරව ගෙන..
------------------------------
ශේන් අහස්මා ගැනවත්,අහස්මා ශේන් ගැනවත් කිසිම දෙයක් දන්නේ නැති තරම්...
දෙමව්පියන්ගේ කැමැත්ත නිසා සිද්ද වුනු කසාදයක් නිසාම අහස්මයි ශේනුයි එකිනෙකා ගැන දැනගෙන හිටියේ නෑ..
ශේනුයි අහස්මයි කසාදෙට කලින් මුන ගැහිලා තිබුනේ එකම එක වතාවයි..
ශේන් අහස්මව දැකපු ගමන් හිතුවේ මේ වගේ කලු කෙල්ලෙක් කොල්ලට ගැලපෙන්නේ නෑ කියලා..
අහස්මටත් හිතුනේ මේ වගේ කඩවසම්, සෙල්ලක්කාර කොල්ලෙක් තමන්ට ගැලපෙන්නේ නෑ කියලයි..
ඒත් හිතේ තියෙන අකමැත්ත,නොගැලපීම හිත ඇතුලෙම හිර කරගෙන ශේන්ටයි අහස්මටයි එක වහලක් යටට එන්න සිද්ද උනේ දෙමව්පියන්ගේ වුවමනාව නිසයි..
------------------------------
උදේ නැගිටිනකොට කෙල්ල හිටියේ ශේන්ගේ තුරුලේ..
කෙල්ල කොයි තරම් බය උනාද කියනවා නම් ශේන්ව තල්ලු කරලා දාලා අහස්මා ඇඳෙන් නැගිට්ටා..
සිද්ද වුනු දේ හිතා ගන්නවත් බැරුව ශේන් නැගිටලා කෙල්ල දිහා බැලුවේ තරහින් .
"මොකද හලෝ උදේ පාන්දර වෙලා තියෙන්නේ..හොල්මන්කවත් දැක්කද,නැත්තම් තමුසෙගේ මූන කන්නාඩියකින්වත් දැක්කද.."
ශේන් ඇහුවේ තරහින්..
"ශේන් ප්ලීස්..ඔහොම කතා කරන්න එපා..මං කැතයි තමයි..ඒක මං දන්නවා..ඒක සැරින් සැරේ මට මතක් කරලා දෙන්න ඕනේ නෑ..
අනික ඔයා විතරක් නෙමෙයි මාත් මේ කසාදේ කර ගත්තේ කැමැත්තකින් නෙමෙයි..මං මේ හැමදේම කරේ මගේ තාත්තගේ සතුට වෙනුවෙන්..තව ඉස්සරහට මොනවා හරි කරන්න උනොත් මං ඒ දේ කරන්නෙත් මගේ තාත්තගේ සතුට වෙනුවෙන්..මොකද මගේ මුලු ලෝකෙම මගේ තාත්තා.."
ශේන් පුදුම වෙලා අහස්මා දිහා බලන් හිටියේ ඊයේ රෑ හිටපු කෙල්ලට වඩා වෙනස්ම කෙල්ලෙක් දැන් කොල්ලා ඉස්සරහා ඉන්න නිසයි..
"ඔයා බලන්නේ ඊයේ රෑ කතා නොකරපු මම දැන් කොහොමද කතා කරන්නේ කියලනේ..ඔයා ඊයේ හිටියේ ඩ්රික්න්ස් අරන්..ඔයාට ඒ වෙලාවේ මං මොනවා කිව්වත් වැඩක් නෑ..අනික මාත් කෙල්ලෙක්..මාත් ඊයේ හිටියේ බය වෙලා..ඔයා කියපු දේවල් වලට මට දුක හිතුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්..ඒත් මං ඒ දේවල් වලට හුරු වෙන්නම්.."
"ඒ..ඒත්.."
"පොඩ්ඩක් ඉන්න ශේන්..ඔයා ඊයේ ගොඩාක් කතා කරා..දැන් මං කියන දේ අහන්න..ඔයා කොයි විදිහට හිටියත් මට කමක් නෑ..ඒත් ලෝකෙට පේන්න මං ඔයාගේ බිරිඳ කියන එක අමතක කරන්න එපා.."
ශේන් කෙල්ලට උත්තර දෙන්න හදනකොටම අහස්මගේ පෝන් එක රින්ග් වුන..
හෙලෝ..
................
ආහ්..නෑ ජෙනී..එපොයිමන්ට් එක කැන්සල් කරන්න ඕනේ නෑ..මං එනවා..තර්ටි මිනිට්ස් වලින් මට වෙහිකල් එකක් එවන්න හොටෙල් එකට..
පෝන් එක තියලා අහස්මා බාර්ත් රූම් එකට ගිහින් දොර වහ ගත්තේ ශේන් දිහාවත් නොබලා..
'මේකි යකාගේ ගෑනියක්නේ..රෑට පත්තිනි අම්මා වගේ..උදේට යකින්නක්නේ..ශේන් උබට ලේසි වෙන්නේ නම් නෑ..'
කොල්ලා එහෙම හිතලා ඇඳෙන් නැගිටිනවත් එක්කම අහස්මා බාර්ත් රූම් එකෙන් එලියට ආවා..
"කට තිබ්බට ගෝත පෙනුමෙ නම් වෙනසක් නෑ..."
ශේන් කිව්වේ කෙල්ලට ඇහෙන්නත් එක්කමයි..
අහස්මා ශේන්ට උත්තර නොදීම කන්නාඩිය ඉස්සරහට ආවා..
කෙල්ල ඇඳගෙන හිටියේ චාම් ඇඳුමක්..
"දැන් තමුසේ ඔය කොහේ යන්නද ලෑස්ති වෙන්නේ.."
ශේන් ඇහුවේ කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා කොල්ලගේ පැත්තට හරවන ගමන්..
3
ශේන් හිටියේ ගොඩාක් තරහින්..
කොල්ලට ඕන උනේ අහස්මව රිද්දවන්න..
ශේන් අහස්මගේ උරහිස් වලින් තද කරලා අල්ල ගත්තේ ඒ තරහ නිසාමයි..
"ශේන්..මට රිදෙනවා ..ප්ලීස් අත අරින්න.."
"අත අරින්නම්..ඊට කලින් කියනවා තමුසේ මේ උදේ පාන්දර කොහේ යන්නද ලෑස්ති වෙන්නේ කියලා.."
ශේන් ඇහුවේ තරහින්..
"ම..මං ඔෆිස් යන්න හදන්නේ ශේන්.."
අහස්මා කිව්වේ කඳුලු අතරින්..
"ඔෆිස්..ඒ මොන මඟුලකටද..තමුසේ ඔෆිස් ගිහින් පොල් ගාන්නද හලෝ.. "
ශේන්ගේ වචන වල තිබ්බේ උපහසයක්..
"ප්ලීස් ශේන් මට යන්න දෙන්න..මං ඉක්මනින් එන්නම්.."
"තමුසේ අඩුම o/l වත් පාස්ද..මං නම් හිතන්නේ නැතුව ඇති..එහෙව් තමුසේ තමන්ගේ හනිමූන් එක දවසේ ඔෆිස් යන්න, පිස්සුද හලෝ.."
ශේන්ට ඕන උනේ උදේ අහස්මා කියපු කතා වලට කෙල්ලව රිද්දවන්න..
"ඒ ඔයා මං ගැන දන්න තරමනේ ශේන්.."
කෙල්ල කිව්වේ ශේන්ගේ ග්රහනයෙන් මිදෙන්න උත්සහා කරන ගමන්..
"ආහ්..ඇත්තද..එහෙනම් කියනවකෝ බලන්න මං තමුසේ ගැන නොදන්න තරම.."
ශේන් කිව්වේ කෙල්ලගේ මූනට ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙන ගමන්..
"මං o/lවත් පාස් නැතුව ඇති කිව්වා නේද..එහෙනම් මේකත් මතක තියා ගන්න..මට මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ.."
කෙල්ල කිව්වේ ශේන්ව පුදුම කරමින්..
"වට්..තමුසේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ..ඉන්ග්ලන්ඩ් වල අවුරුදු ගානක් ඉඳලා ඇවිල්ලද මේ ගොඩේ ගතියට ඉන්නේ..
හරි ඒවා වැඩක් නෑ..ඩිග්රි නම් සල්ලි තියෙන තමුසෙට එකට දහයක් ගනඩ බැරියැ..ඒවා හොඳයි රාමු කරලා කුස්සියේ එල්ලන්න.."
ශේන්ගේ වචන අහස්මව කොයි තරම් රිදෙව්වත් කෙල්ල ඒක ශේන්ට පෙන්නුවේ නෑ..
"ඔයා මං ගැන මොනවා හිතුවත් කමක් නෑ ශේන්..ඒත් ඔයාට දැන ගන්න මං කියන්නම් මං තමා අහස්මා ගෲප් එකේ MD.
ඒ වගේම තාත්තගේ ඔක්කොම බිස්නස් බලා ගන්නේත් ඔයා කියපු o/lවත් පාස් නැති මම තමයි.."
අහස්මා කියන දේ විශ්වාස කරන්න පවා ශේන්ට අමාරු උනා..
මොකද ශේන් අහස්මගේ පෙනුම, හැසිරීම, කතාබහ වගේ දේවල් එක්ක හිතා ගෙන හිටියේ කෙල්ල ගේ ඇතුලෙම හැදෙන,කුලෑටි චරිතයක් කියලා..
"මං මේ කිසිම දෙයක් දන්නේ නෑ .."
ශේන් කිව්වේ තරහින්..
"ම..මං හිතුවේ ඔයා මං ගැන දැන ගෙන මාව මැරි කරා කියලා.."
"අනේ මේ..මං තමුසේ ගැන් හොයන බලන එක අත ඇරියේ තමුසෙව දැකපු පලවෙනි දවසෙමයි හලෝ .."
ශේන් කිව්වේ කෙල්ලගේ හිත රිද්දවන්න හිතා ගෙන..
"අනික මං බිසන්ස් ෆීල්ඩ් එකට ඉන්ට්‍රස් නෑ..ඒවා බලා ගන්නේ ඩැඩියී අයියයි..ඉතින් ඒ නිසා මං කොහොමත් තමුසේ ගැන දන්නේ නෑ..ඒ මොනවා උනත් අද තමුන්ට කොහෙවත් යන්න බෑ..එච්චරයි.."
"මට යන්නම ඕනේ ශේන්..මේ මීටින් එක අපේ කම්පැනි එකට ගොඩක් වැදගත්.."
කෙල්ල කිව්වේ බැගෑපත් හඬින්..
"මගේ යකා අවුස්සන්න එපා අහස්මා..අපි මෙහෙ ආවේ ඇයි.."
ශේන් ඇහුවේ කෙල්ලගේ අතකින් තදින් අල්ල ගන්න ගමන්..
"කියනවා ඉතින්..ඇයි අපි මෙහෙ ආවේ.."
ශේන් තව ටිකක් සද්දෙන් ඇහුවේ කෙල්ලගෙන් උත්තරයක් නැති තැන..
"හ..හනිමූන් එකට..'
"ආහ්..හනිමූන් එකටද..එහෙනම් කියනවකෝ බලන්න මොන හනිමූන් එකේද ගෑනි මිනිහව හොටෙල් එකේ දාලා මඟුලේ යන්නේ කියලා.."
ශේන් අහස්මව ලඟට ලං කරගෙන ඇහුවේ තරහින්..
"අපේ බැඳීම ඒ බැඳීම් වලට වඩා වෙනස්නේ ශේන්.."
කෙල්ල කිව්වේ කොල්ලගෙන් ඈත් වෙන්න උත්සහා කරන ගමන්..
ඒත් ඒකට ශේන් ඉඩක් දුන්නේ නෑ..
කොල්ලා අහස්මව තවත් ලඟට ලං කර ගත්තා..
"ඔව්..මං දන්නවා අපි අතරේ එහෙම බැඳීමක් නෑ..ඒත් නමට හරි තමුසේ මගේ ගෑනි..තමුසේ මෙහෙම ගියාම මගේ තත්වේ මොකක්ද ඕයී.."
"හරි..මට පැය දෙකක් දෙන්න..මං එන්නම්..ප්ලීස් ශේන්.."
අහස්මා තමන්ගේ බිරිඳ කියන එක ගැන ශේන් තැකීමක් නොකලට ,
කෙල්ල ඒ බැඳීම ගැන වද වුනා..
ශේන්ගේ හිත රිද්දන්න අහස්මා කැමති උනේ නෑ..
"පැය එක හමාරක් දෙන්නම්..යන මඟුලක ගිහින් එනවා..හැබැයි එක තප්පරයක් හරි වැඩියෙන් ගත්තොත් මං නරක මිනිහා කියන්න එපා අහස්මා.."
ශේන් එහෙම කියලා කෙල්ලව අත ඇරලා දැම්මා..
"යනවා ඉතින්..මේ දැන් ඉඳලා තමුසෙගේ වෙලාව පටන් ගන්නවා.."
අහස්මා ඇස් වල පිරිලස් තියෙන කඳුලු පිහදා ගෙන රූම් එකෙන් යනකොට ශේන් පෝන් එක අතට ගත්තා..
"පවන්..ඉක්මනට හිල්ටන් එකට වරෙන්.."
...............
"උබට ආවහම කියන්නම්..දැන් ඉක්මනට වරෙන්කෝ..පැය බාගයක් ඇතුලත වරෙන්.."
------------------------------
පවන් කියන්නේ ශේන්ගේ හොඳම යාලුවා..
පොඩිකාලේ ඉඳලම ශේනුයි පවනුයි හැදුනේ එකට ..
පවන් කියන්නෙත් ප්‍රබල ව්‍යාපාරික පවුලක පුතෙක්..
කොල්ලා තාත්තගේ බිස්නස් වැඩ වලට උදව් කරා..
මේ වෙලාවේ තමන්ට උදව් කරන්න පුලුවන් හොඳම කෙනා පවන් නිසයි ශේන් පවන්ට හොටෙල් එකට එන්න කිව්වේ..
"ඇයි බන් උබ මට හදිස්සියේම එන්න කිව්වේ.."
පවන් ඇහුවේ පුදුමයෙන්..
"පොඩි වැඩකට බන් එන්න කිව්වේ.."
"මොකක්ද බන්..උබ මොකක් හරි ප්‍රශ්නයක්වත් දා ගත්තද...."
පවන් තමන්ගේ යාලුවා ගැන දන්න නිසා එහෙම ඇහුවේ සැකෙන් වගේ..
"එහෙම දෙයක් නෑ බන්..මට උබෙන් අහස්මා ගැන දැන ගන්න ඕනේ..මොනවද උබ ඒකි ගැන දන්නේ.."
ශේන් ඇහුවේ පවන් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න නිසා අහස්මා ගැන පවන් දන්නවා ඇති කියන විශ්වාසයෙන්..
"ඇයි දැන් උබ එක පාරටම ඔහොම අහන්නේ...කෝ දැන් අහස්මා.."
"මොකක්ද මන්දා මීටින් එකකට කියලා ඔෆිස් ගියා බන්.."
ශේන් උත්තර දුන්නේ අහස්මා ගැන තරහින්..
"අම්මටසිරි..ඒකි අදත් ඔෆිස් ගියාද..ඒකි නම් එහෙම චරිතයක් තමයි බන්.."
"මට අහස්මා ගැන දැන ගන්න ඕනේ බන්..බලන් යද්දී මං ඒකි ගැන කිසිම දෙයක් දන්නේ නෑ.."
"උබ මැරි කරන්න කලින් ඒකිගේ නම කියනවටවත් කැමති උනේ නෑ නේද..මොකෝ ෆ්ස්ට් නයිට් එකෙන්ම ඒකිව උබේ හිතට ඇල්ලුවද.."
පවන් ඇහුවේ ඇහැක් ඉඟි කරමින්..
"අනේ මේ බන්..මගේ බල්ලටවත් එපා ඒ හොල්මනව..බුදිය ගන්න ලඟට ගන්නවා තියා ,ඒකි දිහා මං බලන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.."
"හරි බන්..ඒකි ගොඩාක් ලස්සන නැති එක නම් මාත් පිලි ගන්නවා..
ඒත් බන් ඒකි මාර ටැලන්ටඩ්.."
"ඇයි උබ එහෙම කියන්නේ.."
ශේන් ඇහුවේ අහස්මා ගැන කොල්ලා නොදන්න දේවල් දැන ගන්න තියෙන ආසාවෙන් ..
"අහස්මා ගෲප් එකම දැන් රන් කරන්නේ ඒකි බන්..ඉස්සර තිබ්බට වඩා දැන් කම්පැනි එක හොඳ තැනක තියෙනවා.."
"එතකොට සනත් අන්කල් බිස්නස් බලන්නේ නැද්ද.."
"බලනවා බන්..ඒත් මිනිහට රටේ නැති ලෙඩ..ඒ නිසා දැන් අවුරුදු 2,3ක ඉඳලා ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ අහස්මා බන්..උබ ඒකි ගැන නොදන්නවා උනාට ලංකාවේ බිස්නස් ෆීල්ඩ් එකේ කෙල්ලව නොදන්න කෙනෙක් නෑ.."
ශේන් අහස්මා ගැන හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන් වැරදියි කියලා කොල්ලට තේරුම් ගියා..
"තව මොනවද උබ ඒකි ගැන දන්නේ.."
"ඒකිට බිස්නස් ෆීල්ඩ් එකේ හොඳ නමක් තියෙනවා..හැමෝම කෙල්ලට කැමතියි.හරි කරුණාවන්තයි..බුද්ධිමත්..ඕනම කන්ට්‍රෑක් එකක් අහස්මට භාර දෙන්න ඩීලස්ලා දෙපාරක් හිතන්නේ නෑ..අහස්මා නිසා මටත් කීප වතාවක්ම පාඩු වෙලා තියෙනවා..
අපිට එන්න තිබ්බ කන්ට්‍රෑක් 2,3ක් ඒකිගේ ටැලන්ට් එක නිසා අපිට නැති උනා.."
"මට ඒකිගේ වර්ණනා වැඩක් නෑ පවන්..ඒකි ගැන දන්න දේවල් විතරක් කියපන්.."
ශේන් කිව්වේ තරහින්..ඊටත් වඩා ඊර්ෂ්‍යාවකින්..
"ඒක තමයි බන් දැන් කිව්වේ..ඒකි වැඩිය ලස්සන නැති උනාට මොකද කෙල්ලගේ ටැලන්ට් එක නිසයි, සල්ලි නිසයි ගොඩාක් කොල්ලො ඒකිට ප්‍රපෝසල් ගෙනාවා..ඒත් මිස්ටර් සනත් කැමති උනෙ උබට..
අහස්මා තාත්තා කිව්වොත් ඕන දෙයක් කරයි..ඒකයි කෙල්ල උබට කැමති උනේ..නැත්තම්..."
"නැත්තම් ..නැත්තම් මොකද.."
"මං මේක කිව්වා කියලා උබ අවුල් ගන්න එපා ශේන්.."
පවන් කිව්වේ දෙගිඩියාවෙන්..
"නෑ..කියපන්..මොකක්ද.."
"උබව මැරි කරන්න කලින් මං දන්න විදිහට අහස්මට වෙන එෆෙයර් එකක් තිබ්බා.."
"මොකක්..ඒ කාත් එක්කද..පියන් කෙනෙක් එක්කද.."
ශේන් ඇහුවේ අපහසයට වගේ..
ඒත් පවන්ගේ මූනේ තිබුනේ ඊට වඩා බැරෑරුම් පෙනුමක්..
4
ශේන් පොඩිකාලේ ඉඳලම හැමදේම මැන්නේ බාහිර පෙනුමින්..ඒ නිසා අහස්මගේ ජීවිතේ තියෙන ලස්සන පැත්ත කොල්ලා දැක්කේ නෑ..
ශේන් කෙල්ලගේ දැකපු එකම දේ අහස්මා කලු කැත කෙල්ලෙක් කියන එක විතරයි..
"කියපන් ඉතිම්..අහස්ම යාලු වෙලා හිටපු කොල්ලා කවුද.."
ශේන් ඇහුවේ උපහසයෙන්..
"උබත් ඌව දන්නවා බන්.."
"මොකක්..මං දන්නවා..කවුද බන් මං දන්න ගොනා..මේ වගේ මෙලෝ රහක් නැති කෙල්ලෙක්ට ලව් කරන්න.."
"උබ ඔහොම කියන්නේ ඒකිගේ පෙනුමටනේ බන්..ඒ උනාට ඒ කෙල්ලගේ පර්සනැල්ටි එක,ආත්ම විශ්වාසය මං වෙන කිසිම කෙල්ලෙක්ගෙන් දැකලා නෑ.."
"හරි හරි බන්..මට ඔය මඟුල් වලින් වැඩක් නෑ..කියපන්කෝ කොල්ලා කවුද.."
ශේන් පවන්ගෙන් ඇහුවේ නොඉවසිල්ලෙන්..
"ප්‍රතාපසිංහ ගෲප් එකේ ඕනර්.."
පවන් එහෙම කියපුවහම ශේන්ගේ ඇස් දෙක කොල්ලටත් නොදැනීම විශාල උනා..
"ව..වට්..මොනාද උබ මේ කියන්නේ..නිර්වාන් ප්රතාපසිංහත් එක්ක මේ හොලමන යාලු වෙලා හිටියා කියලද උබ කියන්නේ.."
"ඔව්...නිර්වාන් එක්ක තමයි අහස්මගේ එෆෙයාර් එක තිබුනේ.."
නිර්වාන් ප්‍රතාපසිංහ කියන්නේ රටේ ව්‍යාපාරික ක්ෂේත්රයේ දැනට ඉහලින්ම ඉන්න ව්‍යාපාරිකයා..කිසිම කෙනෙක්ට ලේසියෙන් නිර්වාන්ව මුන ගැහෙන්නවත් පුලුවන්කමක් තිබුනේ නෑ..
නිර්වාන් ප්‍රතාපසිංහ කියන්නේ ගොඩාක් කඩවසම්, ඕනම කෙනෙක්ට දෙපාරක් නෙමෙයි දහස් වතාවක් වුනත් ආපහු හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් තිබුනු කොල්ලෙක්..
"ඒක වෙන්න බැරි දෙයක් පවන්..උබට මේ කියන දේ හොඳටම ශුවර්ද.."
ශේන් ආපහු ඇහුවේ පවන්ට වැරදීමක් වෙන්න ඇති කියලා හිතුනු නිසයි..
"ඔව් බන්..අවුරුදු 2,3ක්ම එෆෙයාර් එක තිබුනා..ඒක අපේ ෆීල්ඩ් එකේ ගොඩාක් ෆේමස් ලව් ස්ටෝරි එකක්.."
"අර කැත,කලු හොල්මනට අර වගේ හැන්ඩ්සම්,ටැලන්ටඩ් කොල්ලෙක් අවුරුදු ගානක් ලව් කරා කියලා කොහොමද බන් පිලි ගන්නේ.."
"ඔව් ඒක ඇත්ත..මුලින් අපිටත් පුදුම හිතුනා..ඒත් නිර්වාන් ආදරේ කරේ අහස්මගේ පෙනුමට නෙමෙයි බන්..කෙල්ලගේ පෙනුම විතරයි බන් නැත්තේ..අනිත් හැම අතින්ම ඒ කෙල්ල ඕල් රවුන්ඩර් කෙනෙක් ශේන්.."
පවන් කිව්වේ අහස්මා කියන්නේ ගොඩාක් හොඳ කෙල්ලෙක් කියලා දන්න නිසයි..
"අනේ මේ බන්..මොනා තිබ්බත් වැඩක්ද ලස්සන නැත්තම්ම්...
උබල නම් බන කියයි..මංනේ ඒ කලු හොල්මනත් එක්ක ජීවත් වෙන්න ඕනේ.."
"ඔහොම කතා කරන්න එපා බන්..
හිතපන් නිර්වාන්ට මොනවද අඩු..
උට මේ රටේ ඉන්න ලස්සනම කෙල්ලව උනත් බැඳ ගන්න තිබුනා..ඇත්තම කතාව ඌ උබටත් වඩා ලස්සනයි කියන එකනේ බන්..එහෙම මිනිහත් අර කෙල්ලත් එක්ක ආදරෙන් හිටියා නම්, ඇයි උබට බැරි.."
පවන් මතක් කරලා දුන්නේ ශේන්ට අමතක වෙලා තිබුනු පැත්තක්..
ඒත් අහස්මා ගැන කොල්ලගේ හිතේ තියෙන පිලිකුල අයින් කර ගන්න ශේන්ගේ මුරණ්ඩු හිත ඉඩ දුන්නේ නෑ.
"අනේ මේ..එහෙනම් උට තිබුනනේ මේකිව බැඳ ගන්න..ඔච්චර ආදරෙයි නම් මොකටද බන් මේ කරුමේ මගේ ඇඟේ ගහලා ඌ මාරු උනේ.."
ශේන් ඇහුවේ තරහින්..
"නිර්වාන් අහස්මව අත ඇරියේ නෑ..
අහස්මයි නිර්වාන්ව අත ඇරියේ.."
පවන් කිව්වේ ශේන්ට කොහෙත්ම විශ්වාස කරන්න බැරි දෙයක්..
"මොකක්ද බන් ඒ කතාව..එච්චර ලස්සන,ප්‍රකෝටිපති කොල්ලෙක්ව එපා කියන්න අහස්මට පිස්සුද..
හිතන් ඇති සුරංගනාවි කියලා.."
"අහස්මා එහෙම කරේ කෙල්ලගේ තාත්තා වෙනුවෙන් බන්..දෙන්නගේ වෙඩින් එකට හැම දෙයක්ම ලෑස්ති කර කර ඉද්දී නිර්වාන්ගේ තාත්තයි අහස්මගේ තාත්තයි අතර බිස්නස් ඩීල් එකක් නිසා හිත් අමනාපකමක් ඇති උනා..ඒ අමනාපකම දුරදිග ගියා.පස්සේ කසාදේ නතර උනා.."
ශේන් මේ කිසිම දෙයක් කලින් දැනගෙන හිටියේ නැහැ..
ඒ ගැනත් කොල්ලට ඇති උනේ තරහක්..
"ඇයි බන් උබලා මට මේ දේවල් කලින් කිව්වේ නැත්තේ.."
ශේන් පවන්ගෙන් ඇහුවේ තරහින්..
"කොහෙ කියන්නද බන්..උබේ කසාදේ අහස්මත් එක්ක තීරනේ උන දවසේ ඉඳලා උබ කවද්ද හොඳ සිහියෙන් හිටියේ..ටානියත් එක්කමයි හිටියේ ඒ දවස් ටිකේම..
අනික උබ අහස්මගේ නම මතක් කරන්න්වත් කැමති උනේ නෑනේ.."
අහස්මා දැකපු දවසේ ඉඳලා ශේන්ගේ හිතේ මැවිලා තිබුනේ ගෙදරටම වෙලා හැදුනු වැඩුනු කෙල්ලෙක්ගේ ප්‍රතිරූපයක්..
අහස්මව මැරි කරන්න වෙනවා කියලා දැන ගත්ත දවසේ ඉඳලා ශේන් හැසිරුනේ පිස්සෙක් වගේ.
කොල්ලා ටානියාට ගොඩාක් ආදරේ කරා..ටානියත් නිරූපණ ක්ෂේත්රයේ හිටියේ..
අහස්මා වගේ කැත,කලු කෙල්ලෙක්ව මැරි කරන්න වෙන එක ගැන ශේන්ට තිබුනේ අප්‍රසන්න හැඟීමක්..ඒ නිසා අහස්මගේ නමවත් මතක් කරනවට ශේන් කැමති උනේ නෑ..
"හරි හරි..ඒවා දැන් වැඩක් නෑ..මාව කොහොමද මේ උඟුලට අහු උනේ කියලා උබ දන්නවද.."
"මං දන්න තරමින් අහස්මාගේ තාත්තා අර ප්‍රශ්නෙන් පස්සේ කෙල්ලව ඉක්මනට බන්ඳවලා දෙන්න කොල්ලෙක්ව හෙව්වා..උබලගේ තාත්තා තමයි උබව අහස්මට යෝජනා කරලා තියෙන්නේ..පස්සේ මිස්ටර් සනත් උබට කැමති වෙලා..අහස්මගේ එකම දුර්වලකම තමා මිස්ටර් සනත්..කෙල්ල තාත්තා වෙනුවෙන් ඕන දෙයක් කරයි..ඒ හින්දම අහස්මා නිර්වාන්ව අත ඇරලා උබව මැරි කරා.."
"එතකොට දැන් නිර්වාන්.".
ශේන්ට ඕන උනේ මේ හැමදෙයක්ම දැනගෙන හිත නිදහස් කර ගන්න..
"ඌ තාම පිස්සු නටනවා අහස්මා ගැන හිත හිත..ඔෆිස් එකටවත් යන්නේ නෑ මං හිතන්නේ..පෙරෙදා අපේ මීටින් එකක් තිබ්බා..ඒකටවත් නිර්වාන් ආවේ නෑ .."
පවන් එහෙම කිව්වහම නම් ශේන්ට පොඩි ඊර්ෂ්‍යාවක් හිතට ඇති උනා ..
"මොකට මේ කැත හොල්මනක් ගැන හිතනවද මන්දා..
ශේන් කිව්වේ ඊර්ෂ්‍යාව නිසාමයි..
"ඒක තමයි බන් ආදරේ කියන්නේ.."
"අනේ බම්බුවේ ආදරේ..මේ දැන් උබ පලයන් බන්..අරකි තව ටිකකින් එයි දැන්.."
ශේන් ඔරලෝසුව බලන ගමන් එහෙම කිව්වේ අහස්මට කොල්ලා දුන්නු පැය එක හමාර ඉවර වෙන්න තව මිනිත්තු කීපයක් විතරක් ඉතිරි වෙලා තිබුනු නිසයි..
"හරි..මං යන්නම් එහෙනම්..හනිමූන් එකට මගෙන් සුභ පැතුම් මචන්.."
පවන් කිව්වේ ඇසක් ඉඟි කරන ගමන්..
"අනේ මගෙන් කුනුහරප අහ ගන්න එපා බන්..හනිමූන් නෙමෙයි මට තියෙනවා එයත් එක්ක ගනුදෙනුවක් විසඳ ගන්න.."
ශේන් ඉන්නේ ගොඩාක් තරහින් කියලා පවන්ට දැනුනා..
"ප්ලීස් ශේන් තරහ ගන්න එපා..කතා කරලා විසඳ ගන්න..මං මේවා උබට කිව්වේ උබ කවදා හරි මේ දෙවල් දැන ගන්න ඕනේ නිසයි.."
ශේන්ට තරහ ගියාම ගොඩාක් දරුණුයි කියලා පවන් අත්දැකීමෙන් දැන ගෙන හිටියා ..
------------------------------
පවන් ගියාට පස්සේ ශේන් බලාගෙන හිටියේ අහස්මා එනකල්..
කෙල්ල ආවේ ශේන් එන්න කියපු වෙලාවට වඩා විනාඩි 5ක් විතර පරක්ක්කු වෙලා..
අහස්මා රූම් එකට එනකොට ශේන් හිටියේ ඩ්‍රින්ක්ස් ගන්න ගමන්..
කෙල්ල කාමරේට ඇතුලු උනේ බයෙන් වගේ..
සෝෆා එකේ වාඩිවෙල මත්පැන් බඳුන 🍸 අතේ තියා ගෙන ඉන්න ශේන් දිහා නොබලම අහස්මා කන්නාඩි මේසේ ලඟට ගියා..
ශේන් පලවෙනි පාටට වුවමනාවෙන් අහස්මා දිහා බැලුවා.
කෙල්ල ඇඳ ගෙන හිටියේ ගවුමක්...කියන තරම් ලස්සනක් කෙල්ලග්ගේ නැතත් වෙනදා තරම් පිලිකුලක් ශේන්ට කෙල්ල ගැන ඇති උනේ නෑ ..
ඒ වෙනුවට හිත පුරාම තිබුනේ ඊර්ෂ්‍යාවක්..
අහස්මා හිටියේ කන්නාඩි මේසේ ඉස්සරහා ආභරණ ගලවන ගමන්..
කෙල්ල ලඟට ගියපු ශේන් අහස්මගේ අතින් ඇදලා කොල්ලගේ පැත්තට හරව ගත්තේ කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියයි..
අහස්මාගේ ඉන වටේ අත දාලා ශේන් කෙල්ලව කොල්ලගේ පපුවට ලං කර ගත්තා...
ශේන්ගේ ඇස් ගිනි පුපුරු වගේ දිලිසෙනවා..
අහස්මා ඒ ඇස් මඟ ඇරලා බිම බලා ගත්තා.
"මොකද බිම බලන්නේ.බලනවා මං දිහා.."
ශේන් එහෙම කියලා කෙල්ලගේ කම්මුල ඇඟිලි තුඩු වලින් අල්ලලා කොල්ලගේ පැත්තට හැරෙව්වා..
කෙල්ලට දැනුනේ ලොකු වේදනාවක්..
"ආව්...ශේන් ප්ලීස් මාව අත අරින්න..."
අහස්මා කිව්වේ ඇස් වල කඳුලු පුරව ගෙන..
"මටත් තමුසෙව අල්ලගෙන ඉන්න කිසිම ආසවක් නෑ හලෝ..ඒත් විසඳ ගන්න ප්‍රශ්න දෙක තුනක් තියෙනවා ..මං තමුසෙට එන්න කිව්වේ කොච්චර වෙලාවකින්ද.."
ශේන් ඇහුවේ තව තවත් කෙල්ලගේ කම්මුල් ඇඟිලි තුඩු වලින් තද කරන ගමන්..
"කියනවා අහස්මා..එන්න කිව්වේ කීයටද"
"පැ..පැය එක හමාරකින්..'"
අහස්මා කිව්වේ ඇස් වලින් කඳුලු කැට වැටෙද්දී අමාරුවෙන්..
"තමුසේ විනාඩි 5ක් පරක්කුයි.."
ශේන් ඔරලෝසුව පෙන්නන ගමන් එහෙම කිව්වේ තරහින්..
"ම...මට.."
"කට වහ ගන්නවා..මට නිදහසට කාරණා ඕනේ නෑ...දෙයක් කිව්වහම ඒ දේ ඒ විදිහට කරන්න පුරුදු වෙනවා.."
අහස්මා ශේන්ගේ ග්රහනයෙන් මිදෙන්න උත්සහා කරත් කෙල්ලට ඒ තරම් ශක්තියක් තිබුනේ නෑ.
"තමුසේ කාට ලොකුකම් දැම්මත්,වැඩ පෙන්නුවත් කමක් නෑ..මට ඒවා පෙන්නන්න එන්න එපා..නමට හරි මම දැන් තමුසෙගේ කසාද මිනිහා..ඒ නිසා ඒක මතක තියා ගෙන වැඩ කරනවා.."
"කසාද මිනිහා? මට ඒක මතකයි ශේන..ඒත් තමුන්ටයි ඒක මතක නැත්තේ..ඊයේ රෑ කිව්වා නේද මං ගැන හොයන්නෙත් නෑ,ඔයා ගැන හොයන්නත් එපා කියලා..ඉතින් දැන් ඇයි මේ.."
අහස්මා තරහින් කිව්වේ ශේන්ගේ අත් වලින් අපහසුවෙන් මිදෙන ගමන්..
"ඔව් කිව්වා තමයි..දැනුත් කියනවා..මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්න එපා..ඒත් තමුසේ ගෑනියෙක්..රට වටේ තමුසේ නටලා එනකල් මට බලා ගෙන ඉන්න බෑ..මිනිස්සු මට කියයි මට කොන්ද පන නෑ කියලා..තමුසෙගේ වැඩ නිසා මං ලෑස්ති නෑ කාගෙන්වත් කතා අහන්න..ලෝකෙට තමුසෙයි මායි ගෑනි මිනිහයිනේ..මාත් එක්ක ඉන්නවා නම් මට ඕන විදිහට ඉන්නවා..තමුසෙගේ බිස්නස් වලින්වත් වෙන මඟුල් වලින්වත් මට වැඩක් නෑ.."
ශේන් හිටියේ ගොඩාක් තරහින්..
තවත් ශේන්ගේ කේන්තිය වැඩි කරන්න අහස්මට ඕනේ උනේ නෑ..
ශේන් කියනවා වගේ මොන දේ,කොහොම උනත් දැන් ශේන් තමන්ගේ ස්වාමිපුරුෂයා නිසා ශේන් එක්ක වාද කරන්න අහස්මා උත්සහා කරේ නෑ..
ඒත් ශේන්ට ඕනම වැරැද්දක් කරන්න පුලුවන් වෙන්නත්, තමන්ට ශේන්ට ඕන විදිහට ජීවත් වෙන්න වෙන එක ගැනත් අහස්මට ඇති උනේ ලොකු කලකිරීමක්..
ඒ දේ අසාධාරණයි කියලා දැනුනත් අහස්මා තවත් ඒ ගැන කතා කරන්නෙ ගියේ නැත්තේ ශේන් ගොඩාක් තරහින් ඉන්නේ කියලා දැනුනු නිසයි..
"මේකත් මතක තියා ගන්නවා අහස්මා..තමුසේ තමුසෙගේ තාත්තට මහ ගොඩාක් ආදරෙයිනේ..ඒ මිනිහා කීයටවත් කැමති වෙන එකක් නෑ තමන්ගේ දුව කසාදේ කඩා ගෙන ගෙදර එනවා දකින්න..කොයි තරම් සල්ලි තිබ්බත් මොකටද ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙලා..ඒ නිසා ගොඩාක් හොඳින් කියන්නේ ඕනෑවට වඩා නටවන්න හදන්න එපා..මට තමුසෙව කොහොමත් එපා එකේ තමුන්ව ඩිවෝස් කරලා දාන්න මං දෙපාරක් හිතන්නේ නෑ.."
ශේන් අවසන් අනතුරු ඇඟවීමත් කරේ අහස්මව අන්තිම අසරණ කරමින්..
කෙල්ල තාත්තාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියන එක පවන්ගේ කතාවෙන් ශේන් තේරුම් අරගෙන තිබුනා..ශේන ඒ දුර්වලකමින් නියම විදිහට ප්‍රයෝජන ගත්තා..
"මං තමුසෙගේ හැම මඟුලකටම ඇඟිලි ගහන්න එන්නේ නෑ..මොකද මට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා..ඒත් මං මොකක් හරි දෙයක් කිව්වොත් ඒ දේ අහන්න පුරුදු වෙනවා, එච්චරයි.."
ශේන් කිව්වේ සැහැල්ලුවෙන්..
"හරි..මං ඒ දේ කරන්නම්..හැබැයි ඔයා දින්නා කියලා හිතන්න එපා ශේන්..මං මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන බයට නෙමෙයි,මගේ තාත්තට තියෙන ආදරේට..ඒක මතක තියා ගන්න.."
අහස්මා එහෙම කියලා එතනින් යන්න හදද්දී ශේන් ආපහු කෙල්ලගේ අතින් අල්ල ගත්තා..
"කොහෙද යන්නේ ..මං තාම කතා කරලා ඉවර නෑ.."
ශේන් කිව්වේ කෙල්ලගේ අත තදින් අල්ල ගන්න ගමන්..
"ඇයි..ඒ පාර මොකද.."
අහස්මත් හිටියේ තරහින්..
"නිර්වාන් ප්‍රතාපසිංහ තමුන්ගේ කවුද.."
ශේන් ඇහුවේ අහස්මාගේ මූනට එබෙන ගමන්..
කෙල්ල ඒ නම අහලා මොහොතකට ගොලු උනා..
5
ශේන් හිටියේ තාමත් අහස්මගේ අතින් අල්ලගෙන..
කොල්ලා අහස්මව කොල්ලගේ පැත්තට හරවගෙන කෙල්ලගේ මූනට එබුනා..
"කියනවා ඉතින්..නිර්වාන් ප්‍රතාපසිංහ තමුසෙගේ කවුද..."
"මේ...මේ..."
"මේ..මේ...නෙමෙයි..මාව කේන්ති ගස්සන්නේ නැතුව මට ඇත්ත කියනවා.."
ශේන් තරහින් එහෙම කියනකොට නම් කෙල්ල ටිකක් බය උනා..
"නි..නිර්වාන් ම..මගෙත් එක්ක එකට බිස්නස් කරා..."
"එච්චරද.."
ශේන් අහස්මගේ මූන ඇඟිලි තුඩු වලින් අල්ලලා කොල්ලගේ පැත්තට හැරෙව්වා..
"ඔ...ඔව් එච්චරයි.."
"තමුසෙට මාව මොකෙක් වගේද පේන්නේ.."
ශේන්ගේ ඇස් කේන්තියෙන් දිලිසෙද්දී කොල්ලා අහස්මව කොල්ලගේ හඩි දැඩි අත් අතරට සිර කර ගත්තා..
"කියනවා අහස්මා තමුසෙට මාව මොකෙක් වගේද පේන්නේ..මෝඩයෙක් වගේ පේනවද..ආහ් ..."
අහස්මා කඳුලු පුරව ගෙන බලාගෙන හිටියා මිසක් කෙල්ල වචනයක්වත් කිව්වේ නෑ..
"මං ගෙයි ගෙම්බෙක් කියලා හිතුවද තමුසේ නටලා ආපු නාඩගම් ආරංචි නොවෙන්න..සල්ලි වල බලෙන් අර නිර්වාන් කියන මිනිහගේ ඇඟේ එල්ලිලා ඌත් එක්ක පුලුවන් තරම් නටලා නටලා දැන් මාව බැඳගෙන මොකුත් උනේ නෑ වගේ ඉන්නවද..තමුසේ මාර කෙල්ලෙක්නේ හලෝ..සම්මානයක් දෙන්න වටිනවා..මාර ඇක්ටින්නේ.."
ශේන්ගේ වචන වල තියෙන අපහසය අඳුන ගන්න කෙල්ලට අපහසු උනේ නෑ..
අහස්මගේ ඇස් වලින් කඳුලු බිංදු කඩා වැටුනේ නිර්වාන් මතක් උන නිසා වගේම ,ශේන්ගේ හිතක් පපුවක් නැති හිත් රිදවීම් නිසා..
"මෙතන ටැප් එක ඇර ගන්න හදන්න එපා අහස්මා..තමුසෙගේ කිබුල් කඳුලු වලට නිර්වාන් රැවටුනාට මේ ශේන් රැවටෙන්නේ නෑ..මං තමුසෙව දැකපු පලවෙනි දවසේ හිතුවේ තමුසේ ගේ ඇතුලෙම හැදුනු ,අහිංසක කෙල්ලෙක් කියලා..බලන් යද්දී තමුසේ මාර නැටුම්නේ නටලා තියෙන්නේ..ඊයේ රෑ සතුටු වෙන්න ඇති නේද 1st night එක නැති උන එක ගැන..නැත්තම් තමුසෙගේ කෙරුවාව මට ඊයේ රෑම අහු වෙනවනේ.."
"කට වහ ගන්නවා ශේන්..තව වචනයක්වත් කියන්න එපා.."
අහස්මා ශේන්ගේ අත ගසලා දැම්මේ කොල්ලට හිතන්නවත් ඉඩක් නොතියයි..
කෙල්ල හිටියේ ගොඩාක් තරහින්..
"තමුන් මං කවුරු කියලද හිතා ගෙන ඉන්නේ..මං තමුන් හිතන තරම් ලඳ බොලඳ කෙල්ලෙක් නෙමෙයි ශේන්..මාව දැක්කහම එහෙම පේනවා ඇති..ඒත් මං එහෙම කෙල්ලෙක් නෙමෙයි..2000ක් විතර සේවකයෝ ඉන්න අහස්මා ගෲප් එකම හැන්ඩ්ල් කරන්නේ මම..ඒත් මං උපරිම උත්සහා කරා ඒ චරිතේ මගේ පවුල් ජීවිතෙන් ඈත් කරලා තියලා ඔයාට සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න..ඒත්..ඒත් ඔයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ශේන්.."
අහස්මා කතා කරේ ගොඩාක් තරහින්..
"නිර්වාන් මගේ කවුද කියලා ඇහුවනේ..නිර්වාන් කියන්නේ මං මගේ පනටත් වඩා ආදරේ කරපු කෙනා..මං ඒක පිලි ගන්නවා..ඒත් මං නිර්වාන් එක්ක බුදියන්න ගිහින් නෑ..මං තාමත් කෙල්ලෙක්..ඔව්..මං ඊයේ රෑ ගැන සතුටු වෙනවා තමයි, ඒ වෙන දෙයක් නෙමෙයි ඔයා වගේ පහත් විදිහට හිතන මනුස්සයෙක්ගේ ජීවිතෙත් එක්ක මං බැඳුනේ නැති එක ගැන හිතලා.."
"කට වහගන්නවා අහස්මා..ඔය ඇති.."
ශේන් ලඟ තිබුනු මේසෙට අතමිටි මොලවලා පහරක් ගහන ගමන් කෑ ගැහුවේ තරහින්..
"නෑ...මං නවත්තන්නේ නෑ..ඔයාට මං කියන දේවල් අද අහගෙන ඉන්නම වෙනවා ශේන්..මං මගේ තාත්තට මගේ පනටත් වඩා ආදරෙයි..එයා කිව්වොත් මං මැරෙන්න උනත් ලෑස්තියි..ඒ නිසයි මං නිර්වාන්ව අමතක කරලා කිසිම දෙයක් නොදන්න ඔයාව මැරි කරේ...මං කැතයි තමයි..ඒත් මගේ හිත තමුන්ට වඩා ගොඩාක් ලස්සනයි ශේන්..මගේ පරන එෆෙයාර් එක ගැන මගෙන් ප්‍රශ්න කරන්න ඔයාට කොහෙන් ආපු අයිතියක්ද..අමතකයිද ඔයා තාමත් ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කතා කරනවා කියන එක..ඒත් මං තමුන් වගේ ඒ තරම් පහත් තත්වෙට වැටිලා නෑ ශේන්..."
"අහස්මා..."
ශේන් කෙල්ලට ගහන්න අත එසෙව්වේ හිතට ආපු ආවේගේ පාලනය කර ගන්න බැරිම තැන..
ඒත් ශේන් තමන්ව පාලනය කර ගෙන ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන හිටියා..
"ඇයි බලන් ඉන්නේ..ගහන්න ශේන්..ඉතින් ගහන්න..ඔයාට ඒක කරනත් බැරි නෑ කියලා මම දන්නවා.."
"කට...කට වහනවා අහස්මා.."
ශේන් කිව්වේ ඇඟිලි තුඩු වලින් කෙල්ලගේ කම්මුල් අල්ල ගන්න ගමන්..
"තමුසේ ගොඩාක් කියෙව්වා..දැන් ඇති..තවත් වචනයක්වත් කතා කරොත් මං අමතක කරනවා තමුසේ සනත් අබේනායකගේ එකම දුව කියන එක.."
ශේන්ගේ අනතුරු හැඟවීමත් එක්ක අහස්මා තවත් කතා කරන්න උත්සහා කරේ නෑ..
"තමුසේ මගේ කසාද ගෑනි කියන එක අමතක කරන්න එපා අහස්මා..ඉන්නවා නම් ඒ විදිහට ඉන්නවා..මං ආයේ ආයේ කියන්නේ නෑ.."
තවත් ශේන් එක්ක වාද කරන්න කෙල්ලට ඕන උනේ නැති නිසා අහස්මා ශේන්ගේ ග්රහනයෙන් මිදිලා බාර්ත් රූම් එකට ගිහින් දොර වහ ගත්තා..
ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම අහස්මා වතුර මල යට ඉඳ ගෙන හිතේ දුක යනකල්ම ඇඬුවේ කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසයි..
'දෙවියනේ..මං කොච්චර ආසාවෙන්ද හිටියේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න..මොන තරම් සල්ලි තිබ්බත්, මොන තරම් ලොකු කම්පැනි එකක් පාලනේ කරත් මට ඕන උනෙත් අනිත් කෙල්ලන්ට වගේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න..සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න..ඒත් ඒ හැමදේම මට නැති උනා..මං ඒ තරම් කැතයිද..මගේ හස්බන්ඩ්ටම මං දිහා බලන්න හිතෙන්නේ නැති තරම් මං කැතයිද ..'
අහස්මා තනියම වතුරමල යට ඉඳ ගෙන කල්පනා කරේ තමන් ගැනම ඇති වුනු ආත්ම අනුකම්පාවෙන්..
පැය දෙකකට විතර පස්සේ කෙල්ල බාර්ත් රූම් එකෙන් එලියට ආවා..
ශේන් සෝෆා එකේ වාඩි වෙලා ලැප් එකෙන් වැඩක් කරන ගමන් හිටියේ..
කොල්ලා නිකමටවත් කෙල්ල දිහා බැලුවේ නෑ..
ශේන් එක්ක තිබුනු තරහත් එක්කම බාර්ත් රූම් එකට ගියපු නිසා කෙල්ලට අඳින්න ඇඳුම් අරගෙන යන්න අමතක වෙලා තිබුනා..
ඒ නිසා කෙටි ටවල් එකත් ඇඳ ගෙන අහස්මා බිම බලාගෙනම අල්මාරිය ලඟට ගියා..
ශේන් අහම්බෙන් වගේ අල්මාරිය ලඟ ඇඳුම් මාරු කරන කෙල්ලව දැක්කා..කලු උනත් කෙල්ලගේ අමුතු ලස්සනක් තියෙනවා කියලා පලවෙනි වතාවට ශේන්ට හිතුනා..
කෙල්ල හිටියේ ශේන්ට පිටුපාලා..
ඒ නිසා කොල්ලා බලන් ඉන්නවා අහස්මා දැක්කේ නැහැ..
නිරාවරණය වෙලා තියෙන අහස්මාගේ පිට දැකලා ශේන්ගේ පිරිමි හැඟීම් ඉස්මතු උනත් කොල්ලා ආයාසයෙන් ඒ දිහා නොබලා බිම බලා ගත්තා..
අහස්මා ඇඳුම් මාරු කරලා වේටර් ගෙනත් දුන්නු කෝපි ☕ එක පිලියෙල කරගෙන ශේන් ලඟට ගියේ පරන තරහ අමතක කරලා..ශේන් හිටියේ තාමත් සෝෆා එකේ වාඩි වෙලා..
"ශේන්..මේක ගන්න.."
අහස්මා කොල්ලට කෝපි කෝපය දිගු කරේ බයෙන් වගේ..
ශේන් හිස ඔසවලා කෙල්ල දිහා දෙපතුලේ ඉඳලා ඉහලට බැලුවේ සමච්චල් හිනාවකින්..අහස්මට දැනුනේ සියුම් ලැජ්ජාවක්..
"තමුසෙත් මාර චරිතේ නේද හලෝ.."
ශේන් කිව්වේ කෝපි කෝප්පේ අතට ගන්න ගමන්..
අහස්මා තාමත් හිටියේ බිම බලා ගෙන..
"දැන් නම් ඉන්නේ දහයට ගැන ගන්න බෑ වගේ ..ඒත් බලන්න ඕනේ කට ඇවිස්සුනාම..කාලි අම්මා පරාදයි..තමුසෙගේ ඇත්ත පෙනුම මොකක්ද,,,නපුරුයිද, නැත්තම් දැන් ඔය ඉන්නවා වගේ අහිංසකයිද.."
අහස්මා කියන්නේ ගොඩාක් අහිංසක සාමාන්‍ය කෙල්ලෙක්..ඒත් තාත්තාගේ අසනීප නිසා කෙල්ලට තාත්තගේ බිස්නස් බලා ගන්න සිද්ද උනා..සනත් අබේනායකට හිටපු එකම දරුවා අහස්මා..තාත්තා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අහස්මා තාත්තාගේ බිස්නස් බාර ගත්තේ ලොකු සතුටකින්..ඒත් අහස්මා ගෲප් එක පාලනය කරද්දී කෙල්ලට නපුරුකම ආරූඪ කර ගන සිද්ද වුනේ ගොඩාක් මිනිස්සුත් එක්ක වැඩ කරන්න උන නිසයි..ඒත් අහස්මා හීනෙකින්වත් හිතුවේ නෑ ඒ නපුරුකම කවදා හරි තමන්ගේ සැමියටත් පෙන්නන්න සිද්ද වෙයි කියලා..
"කියනවකෝ ..මට හිතා ගන්න බෑ..ඒකයි අහන්නේ.."
ශේන් ඇහුවේ දඟකාර හිනාවක් අතරින්..
අහස්මා කොල්ලට උත්තර දෙන්න හද්දිම කෙල්ලගේ පෝන් එක රින්ග් උනා..
කෙල්ල පෝන් එක අතර අරගෙන බැලුවේ මේ වෙලාවේ කතා කරන්නේ කවුද කියලා..
පෝන් එකේ නම සටහන් වෙලා තිබුනේ "නිර්වාන්" කියලා..
කෙල්ලගේ හදවත මොහොතකට නැවතුනා..
කෙල්ල එක පාරටම බැලුවේ ශේන් දිහා..
ශේන් හිටියේ කෝපි කෝප්පේ රස බලන ගමන්..
කෙල්ල පෝන් එකත් අර ගෙන බැල්කනියට ආවේ ශේන්ට නොපෙනෙන්න..
"හ..හලෝ..."
අහස්මා පෝන් එක ආන්ස්වර් කරේ බයෙන්..
6
"හලෝ..."
අහස්මා කතා කරේ ඇහෙන නොඇහෙන ගානට..
"හලෝ.... මගේ සුදු මැනික.."
නිර්වාන්ගේ කටහඬ කෙල්ලව මොහොතකට ගොලු කරා..
"අනේ කතා කරන්නකෝ පන.."
නිර්වාන් කිව්වේ තවත් මේ නිහඬකම දරා ගෙන ඉන්න බැරිම තැන..
"නි..නිර්වාන්..ප්ලිස් මට කොල් ගන්න එපා..මං දැන් බැඳපු ගෑනියක්.."
අහස්මා කිව්වේ කම්මුල් දිගේ කඳුලු කැට ගලාගෙන යද්දීයී..
"ඒත්..ඒත් මං කොහොමද මගේ සුදු මැනිකගෙන් ඈත් වෙලා ඉන්නේ.."
නිර්වාන් අහස්මට ආදරේ කරන කාලේ කතා කරේ සුදු මැනික කියලා..
------------------------------
"ඔයාගේ ඇස්, ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේ නිර්වාන්.."
අහස්මා කිව්වේ, නිර්මාන්ට ආදරේ කරන දවසක..
"ඒ ඇයි සුදු මැනික.."
නිර්වාන් ඇහුවේ කෙල්ලගේ මූනට එබෙන ගමන්..
"ඔය ඉතිම්..මෙච්චර කලු මට සුදු මැනිකලු..ඉතින් ඇස් පෙන්නන්න ඕනේ නැද්ද මං අහන්නේ.."
"කවුද කියන්නේ ඔයා කලුයි කියලා.ඔයා ඉතිම් මගේ සුදු බෝලෙනේ.."
නිර්වාන් කෙල්ලගේ කෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් එහෙම කිව්වේ ලොකු ආදරේකින්..
"බලන්න මහත්තයෝ..මං කලුයි,කැතයි ..ඒත් ඔයා...ඔයා ගොඩාක් ලස්සනයි..ඕනම කෙල්ලෙක් ඔයාගේ ලස්සනට පිස්සු වැටෙයි..."
"කවුරු මගේ ලස්සනට පිස්සු වැටුනත් මං පිස්සු වැටුනේ මගේ මේ සුදු මැනිකගේ ලස්සනටනේ.."
නිර්වාන් එහෙම කියලා කෙල්ලගේ නලලත මත හාදුවක් තැබුවා..
"මං කොහෙද නිර්වාන් ලස්සන...."
"ලස්සන වෙන්න ඕනේ හදවත මිසක් මූන නෙමෙයි අහස්මා ..හදවතේ ලස්සන ඔයාට ඕනෑවටත් වඩා තියෙනවා ..මම ආදරේ කරන්නේ ඒ හදවතේ ලස්සනට.."
------------------------------
"ඒත් සුදු මැ..."
"තවත් මොකුත් කියන්න එපා නිර්වාන්..මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ..මාව අමතක කරලා යතාර්ථයට මූන දෙන්න..ප්ලීස්..."
"ඒත් මට ඔයාව අමතක කරන්න බෑ සුදූ..."
අහස්මා නිර්වාන්ට උත්තර දෙන්න හද්දිම පිටිපස්සේ ඉඳලා ශේන් කෙල්ලගේ කනේ තිබුබු පෝන් එක උදුරලා ගත්තා..
කෙල්ල ශේන්ව දැකලා ගොඩාක් බය වුනේ ශේන්ට ආපහු තරහ යයි කියලා හිතුනු නිසයි..
"මං හිතන්නේ මේ කතා කරන්නෙ මිස්ටර් නිර්වාන්..මං අහස්මගේ හස්බන් කතා කරන්නේ..මේ වෙලාව බිස්නස් ගැන කතා කරන්න එච්චර හොඳ වෙලාවක් නෙමෙයි මං හිතන්නේ..මොකද අපි ඊයේ මැරි කරේ..තාම අපි ඉන්නේ හනිමූන් එකට ඇවිල්ලා...මං හිතන්නේ මං කියන දේ මිස්ටර් නිර්වාන්ට තේරුම් ගන්න පුලුවන් ඇති..සෝ ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් අස්..ගුස් නයිට්.."
ශේන් නිර්වාන්ට කතා කරන්න ඉඩක් නොතියම එහෙම කියලා පෝන් එක කට් කරා..
ශේන් අහස්මා දිහා බලාගෙන හිටියේ ගිනි පිටවෙන දෑසින්..
අහස්මා හිටියේ බය වෙලා..මොන දේ උනත් තමන්ගේ ස්වාමිපුරුෂයට වචනෙකින්වත් ද්‍රෝහිකමක් කරන්න කෙල්ල කැමති උනේ නෑ..
නිර්වාන් ගැන මතක් වෙද්දී කෙල්ලගේ පපුව පිච්චිලා ගියත් ඒ වෙනුවෙන් කෙල්ලට කරන්න දෙයක් තිබුනේ නැහැ...
"මොකක්ද ඕයී මේ ලැජ්ජා නැතිකම..මගෙත් එක්ක හනිමූන් ඇවිල්ලා එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්ට කෝල් ගන්න තමුසෙට ලැජ්ජා නැද්ද හලෝ.."
ශේන් ඇහුවේ අහස්මාගේ කෙස් වැටියෙන් අල්ල ගන ගමන්..
"ආව් ශේන්..මට රිදෙනවා...මගේ කොන්ඩේ අත අරිනවා.."
අහස්මා ශේන්ගෙන් ගැලවෙන්න උත්සහා කරත් සිද්ද වුනේ තව තවත් ශේන්ගේ ග්රහනය වැඩි වුන එක විතරයි..
"මාව මොකෙක් වගේද ඕයි පේන්නේ..තමුසේ නටන නාඩගම් බලාගෙන මම ඉන්න ඕනේද..ආහ්..කතා කරනවා අහස්මා.."
"ඔයාට මාව පේන්නේ මොකියක් වගේද ශේන්...තමුන්ට හොඳයි හැම වෙලාවෙම අර ටානියට කෝල් කරන්න..ඒත් නිර්වාන්ගෙන් මට ආපු එක කෝල් එකකට මැරෙන්න හදනවා...තමුන් කරොත් ඒකෙ වරදක් නෑ,මං කරොත් විතරද එතකොට වැරදි.."
තාමත් ශේන්ගේ අත් වලට මැදි වෙලා ඉන්නේ කියන එකත් අමතක කරලා අහස්මා ශේන්ට එහෙම කිව්වේ හිතේ තියෙන තරහ නිසයි..
"කට වහපන්.."
ශේන් අහස්මගේ කම්මුලට පහරක් ගහද්දී අහස්මා විසි වෙලා ගිහින් ඇඳට වැටුනා..
කෙල්ලගේ තොල පුපුරලා ලේ රස දිවට දැනෙද්දී කෙල්ල ඇස් වල කඳුලු පුරව ගෙන ශේන් දිහා බැලුවා..
"තමුසේ කම්පැනි එකක් පාලනේ කරාට අමතක කරන්න එපා තමුන් ගෑනියක් කියන එක..මං කරන දෙවල් තමුසේ කරන්න ගියොත් සිද්ද වෙන්නේ කම්පැනිය වෙන කාට හරි දීලා ලෝකේ පරනම රස්සාව කරන්න...ඒ නිසා තමන්ගේ තරම දැන ගෙන වැඩ කරනවා.."
"පිරිමින්ට ඔච්චරයිනේ කොහොමත් කරන්න පුලුවන් ශේන්..තමන්ගේ කසාද ගෑනිට අත උස්සන එකට නෙමෙයි පිරිමිකම කියන්නේ.."
අහස්මා කිසිම දෙයක් නිසා බය වෙන කෙල්ලෙක් නෙමෙයි..
මොන දේ වුනත් කියන්න තියෙන දේ කෙලින්ම කියන එක කෙල්ලගේ පුරුද්දක්..
"එහෙනම් මොකක්ද ඕයී පිරිමිකම කියන්නේ..කසාද ගෑනිට,එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න දීලා බලන් ඉන්න එකද පිරිමිකම කියන්නේ.."
ශෙන් ඇහුවේ ඇඳේ පැත්තකින් ඉඳගෙන කෙල්ලගේ ඇස් වලට එබෙන ගමන්..
"කියනවා අහස්මා ඒකද පිරිමිකම.."
"මේ දේ පුලුවන් නම් තේරුම් ගන්න ශේන්..මං කාලයක් නිර්වාන්ට ආදරේ කරා තමයි.ඒත් මං ඔයාව මැරි කරේ ඒ හැමදේම අමතක කරලා..ඔයයි මායි නමට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනත් විවාහය කියන බැඳීම අපි අතර තියෙනකල් ඒ බැඳීමට මම වචනයකින්වත් වැරැද්දක් කරන්නේ නෑ..ඔයා මට කොහොමද සලකන්නේ කියන එක මං දන්නේ නෑ..ඒත් මං එක දෙයක් දන්නවා, මං ඔයාගේ බිරිඳ වෙලා ඉන්නකල් ඒ ගෞරවය මං රකිනවා.."
අහස්මා එහෙම කියලා බාර්ත් රූම් එකට ගිහින් දොර වහගෙන හිතේ දුක යනකල්ම ඇඬුවා.
තොල්පට වේදනා දුන්නත් හිතේ වේදනාව ඊට වඩා වැඩි නිසා කෙල්ලට ඒ වේදනාව දැනුනේ නෑ ..
අහාස්මා බාර්ත් රූම් එකෙන් එලියට එනකොට ශේන් හිටියේ කෝල් එකක..
"හරි හරි ...හෙට උදෙ දහයට ශූට් එක දා ගන්න..අයි විල් කම්.."
ශේන් කෝල් එකේ ඉද්දී අහස්මා ඇඳට වැටුනේ නිදා ගන්න හිතා ගෙන..
නින්ද යාගෙන එද්දිම වගේ කෙල්ලගේ අතින් ඇදලා ශේන් නැගිට්ටවද්දී අහස්මට හිතා ගන්නවත් බැරි වුනා...
"මොකද ශේන්න්..ඒ පාර මොකද උනේ.. "
කෙල්ල ඇහුවේ නිදිමතෙන්..
"මං අර කෝල් එක ඉවර කරන ටිකට තමුසෙට නින්දත් ගියාද හලෝ..පුදුම නින්දක්නේ"
ශේන් ඇහුවේ කෙල්ල ලඟින් වාඩි වෙන ගමන්..
අහස්මා ඔරවලා ශේන් දිහා බැලුවා මිසක් වචනයක්වත් කිව්වේ නෑ..
"හරි හරි.ඕකට ඔරවන්න ඕනේ නෑ ඉතිම් .."
"ඇයි දැන් මාව ඇහැරෙව්වේ.."
"බෙහෙත් දාන්න .."
"මොකටද..ඔයාට තුවාලයක්වත් උනාද ශේන්..."
අහස්මා ඇහුවේ බියපත් හඬින්..
"අනේ මෝඩි..මට නෙමෙයි තමුසෙට බෙහෙත් දාන්න ඇහැරෙව්වේ.."
"ම...මට.."
කෙල්ලගේ කටහඬේ තිබුනේ පුදුමයක්..
"ඔව්..ඔය තොලට බෙහෙත් ටිකක් දාන්න ඇහැරෙව්වේ.."
ශේන් කිව්වේ දුකින්..
"නෑ..ඕනේ නෑ ශේන්...ඒක එච්චර දෙයක් නෙමෙයි.."
"එච්චර දෙයක් නොවුනට කමක් නෑ..මෙහෙට එනවා මං බෙහෙත් ටිකක් දාන්නම.."
කොල්ලා අහස්මට හිතන්නවත් ඉඩක් නොතියා කෙල්ලගේ අතින් ඇදලා ලඟට ලං කර ගත්තා..
කෙල්ල මොකුත් නොකියා බලන් හිටියේ ආපහු ශේන්ට තරහ යයි කියන බයට..
කොල්ලා හිමින් සැරේ බෙහෙත් බිංදු දෙක තුනක් පුලුන් කෑල්ලකට අරගෙන හෙමින් සැරේ කෙල්ලගේ තොල් පෙති මත තියද්දී වේදනාවට කෙල්ල ශේන්ගේ අතින් තද කරලා අල්ලා ගත්තා..
අ"ප්පෝ...මහ ලොකු චන්ඩි රැජින 👑..කට නම් තියෙනවා..ඒත් බෙහෙත් ටිකක් දා ගන්න බෑ වෙව්ලනවා.."
ශේන් කිව්වේ මූන ඇද කරන ගමන්..
"එයාම ගහලා,එයාම බෙහෙත් දාලා,එයාම විහිලු කරනවා.."
කෙල්ල කිව්වේ නෝක්කාඩු හඬින්..
"මේ අහනවා..මං තමුසෙට කැමති නෑ තමයි..එකට ජීවත් වෙන්නත් මට වුවමනාවක් නෑ..කොටින්ම මේ කසාදෙනුත් මට වැඩක් නෑ...ඒත් මට තමුසෙට ගහන්න වුවමනාවක් තිබුනේ නෑ අහස්මා..අයිම් රියලි සොරි..මට තරහ ගිහින් ඉද්දී ඔය හැකර කට ටිකක් පරිස්සන් කරගෙන කතා කරනවා..කියවගෙන එන්නේ නැතුව.."
අහස්මා වචනයක්වත් නොකියා ශේන් කියන දේවල් අහගෙන හිටියා..
ඒත් එක්කම වගේ කොල්ලගේ පෝන් එක රින්ග් උනා..
"හලෝ මමා.."
...............
"නෑ මමා අපි හෙට එනවා.."
...............
"ඕනේ නෑ..මට හෙට ශූට් එකක් තියෙනවා..අහස්මටත් ඔෆිස් එකේ වැඩනේ මමා..අපි හෙට උදෙන්ම එන්න කියලා බැලුවේ.."
.............
"ඕකේ..මමා..ගුඩ් නයිට්..ලව් යූ.."
ඒ කෝල් කරේ ශේන්ගේ අම්මා කියලා අඳුන ගන්න අහස්මට අපහසු උනේ නෑ..
"අපි හෙට ගෙදර යනවා අහස්මා..
උදෙන්ම ලෑස්ති වෙන්න..ආහ්..තව දෙයක් අපි අතර තියෙන ප්‍රශ්න කොයිම වෙලාවකවත් පිටට පෙන්නන්න එපා..එහෙම කරලා මං නරක මිනිහා කියන්නත් එපා අහස්මා..දැන් නිදා ගන්නවා..."
එහෙම කියලා ශේන් ලයිට් ඕෆ් කරලා ඇඳේ එක පැත්තකින් හාන්සි උනා..
කෙල්ල නිදි නැතුව කල්පනා කරේ හෙට ඉඳලා ශේන්ගේ අම්මලා ඉස්සරහා කොහොමද මේ රඟපෑම කරන්නේ කියලා..
අනික ශේන් වගේම ශේන්ගේ දෙමව්පියොත් තමන්ට නපුරුකම් කරයිද කියලා කෙල්ලට හිතුනා..
7
පහුවදා උදේම ශේන් එක්ක අහස්මා කෙල්ලගේ අලුත් නවාතැනට ආවා..
කෙල්ලගේ ගෙදර වගේම ශේන්ගේ නිවසත් සුඛෝපභෝගී නිවහනක්..
අහස්මාගේ නිවස තරමටම විශාල නැතත් ශේන්ගේ ගෙදරත් දෙමහල් විශාල නිවසක්..
පිහිනුම් තටාකය වගේම අලංකාර ගෙවත්තත් නිසා ඒ ගෙදරට ලැබුනේ ගාම්භීරත්වයක්..
ශේනුයි අහස්මයි ගෙදරට එනකොට ශේන්ගේ අම්මයි තාත්තයි අලුත් ජෝඩුවව පිලි ගත්තා..
"අපි හිතුවේ තව දවස් දෙක තුනක්වත් ඉඳලා එයි කියලා.."
ශේන්ගේ අම්මා , ශෙරීන් කිව්වේ තමන්ගේ බාල පුතාව සිප වැලඳ ගන්න ගමන්..
"මට අද ශූටින් එකක් මමා ඒකයි ආවේ.."
ශේන් කිව්වේ අහස්මා දිහා බලන ගමන්..
"ඒත් පුතා අපි ෆයිව් ඩේස් වලට හොටෙල් එක බුක් කරේ..ඔයාට තිබුනේ ඒ ශූටින් එක කැන්සල් කරලා ඉතිරි දවස් තුනත් ඉඳලා එන්න.."
"ශේ..ශේන්ට විතරක් නෙමෙයි අන්කල් මටත් මීටින් එකක් තියෙනවා අද..මමයි ශේන්ට ගෙදර යමු කිව්වේ..ශේන්ගේ වරදක් නෑ .."
අහස්මා ශේන් වෙනුවෙන් ඒ විදිහට ඉදිරිපත් වෙයි කියලා කොල්ලා හීනෙකින්වත් හිතුවේ නෑ..
කොල්ලා පුදුම වෙලා අහස්මා දිහා බැලුවත් කෙල්ල නිකමටවත් ශේන් දිහා බැලුවේ නෑ ..
"ආහ්..එහෙනම් කමක් නෑ..පස්සේ මං යුරෝප් ටුවර් එකක් ඕගනයිස් කරන්නම්කෝ දෙන්නට.."
අහස්මා ශේන්ගේ තාත්තට කැමති වුනත්, ශේන්ගේ අම්මට නම් කෙල්ල කැමති උනේ නෑ..
කොන්ඩේ පාට කරල,විච්චූරණ ඇඳුම් ඇඳලා,තාමත් 18 කෙල්ලෙක් වෙන්න දඟලන ශේන්ගේ අම්මා ගැන අහස්මට තිබුනේ නොපහන් හැඟීමක්..
තමන්ගේම කියලා ප්‍රසිද්ධ රූපලාවණ්‍යගාරයක් ශෙරීන්ට තිබුනා..
ශෙරීන් කියන්නේ රටේ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පීනියක්..
"ඔව් ඒක හොඳයි මහසෙන්..ඉතින් කොහොමද අහස්මා .."
ශෙරීන් ඇහුවේ පුලුටු කර ගත්ත මූනකින්..
මුල ඉඳලම ශෙරීන් අහස්මට කැමති උනේ නෑ..
------------------------------
"ඒ වගේ කලු කැත කෙල්ලෙක්වද මහසෙන් ඔයා අපේ පුතාට ජෝඩු කරන්න හදන්නේ.."
අහස්මට ශේන්ව යෝජනා කරනවා කියන අදහස මහසෙන් ශෙරීන්ට කියපු දවසේ ශෙරීන් මහසෙන්ගෙන් එහෙම ඇහුවේ ලොකු තරහකින්..
"ඇයි මොකක්ද ඒ ගෑනු ලමයගේ තියෙන අඩුපාඩුව ශෙරීන් ..ඉගන ගෙන නැද්ද,සල්ලි නැද්ද,චරිතේ හොඳ නැද්ද..ගතිගුණ හොඳ නැද්ද ..මේ හැමදේම ඒ කෙල්ලට තියෙනවා ශෙරීන්.."
"ඔය මොනවා තිබුනත් පෙනුම නැත්තම් වැඩක්ද මහසෙන්..ඔය දේවල් ඔක්කොම හොඳයි සමාජේ මිනිස්සුන්ට..ඒත් මගේ කොල්ලා කොහොමද මුලු ජීවිත කාලෙම ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්නේ.."
ශෙරීන් හිටියේ මහසෙන්ගේ තීරනේ ගැන තරහින්..
"ඒ ගෑනු ලමයගේ රූපේ ටිකක් අඩු උනා කියලා විරූපී නෑනේ ශෙරීන්..අනික පෙනුම අද තිබිලා හෙට නැති වෙනවා..ඒත් ඒ ගෑනු ලමයා ලඟ තියෙන හොඳ ගතිගුණ කවදාවත් නැති වෙන්නේ නෑ.."
"ප්ලීස් මහසෙන්..මට බන කියන්න එපා..ඒ කෙල්ල විරූපි නෑ කියන එක මං පිලි ගන්නවා..ඒත් අපේ පුතා රටේම ජනප්‍රිය මේල් මොඩ්ල් කෙනෙක්.ඒ වගේ ෆීල්ඩ් එකක නමක් තියෙන කෙනෙක් මේ වගේ කෙල්ලෙක්ව බැන්ඳොත් මිනිස්සු මොනා නොකියයිද මහසෙන්.."
ශෙරීන්ගේ අඩිපාරේ ගියපු ශේන් රටේ ජනප්‍රිය මොඩ්ල් කෙනෙක් උනේ බොහොම ටික කාලයකදී..
ඒ හැමදේකටම උදව් කරේ ශේන්ගේ අම්මා,ශෙරින්..
ටානියගෙයි ශේන්ගෙයි සම්බන්ධයට වුනත් ශෙරීන්ගේ අකමැත්තක් තිබුනේ නෑ..
"මිනිස්සු මොනා කිව්වත් අපිට වැඩක් නෑ ශෙරීන්..මේ වෙලාවේ මිස්ටර් සනත්ගේ උදව් අපේ බිස්නස් වලට වටිනවා..අනික ඒ ගෑනු ලමයගේ පෙනුම ඇරුනහම කියන්න කිසිම වරදක් නෑ..මට විශ්වාසයි එයා අපේ පුතාව සතුටින් තියයි..මංඅද මේ ගැන මිස්ටර් සනත් එක්ක කතා කරනවා..එයා මේ යෝජනාවට කැමති උනොත් අම්මලා පුතාලටත් අකමැත්තෙන් හරි මේ දේට කැමති වෙන්න වෙනවා..එච්චරයි.."
මහසෙන් කිව්වේ ස්ථිර හඬින්..
එදා ඉඳලා අකමැත්තෙන් හරි අහස්මට කැමති වෙන්න ශෙරීන් හිත හදා ගත්තා..
------------------------------
"වරදක් නෑ ඇන්ටි.."
සැමියගේ අම්මටත් තමන්ගේ අම්මට වගේම සලකන්න ඕන කියලා අහස්මා පොඩි කාලේ ඉඳලා හීන දැක්කා..
ඒත් ශේන්ගේ අම්මගේ හැසිරීම් නිසා කටපුරා අම්මා කියන්න අහස්මගේ හිතට ඉඩ දුන්නේ නෑ..
"ගුඩ්..ඔයාලා හොඳට එන්ජෝයී කරන්න ඇති කියලා හිතනවා.මේ කාලේ නොකර කොයි කාලේ ජීවිතේ විඳින්නද.."
ශෙරීන් කිව්වේ ව්‍යාජ සිනහවක් පාමින් ..
"මම රූම් එකට යනවා මමා..හරිම ටයර්ඩ්..තව ටිකකින් ශූට් එකට යන්නත් ඕනනේ.."
"ඕකේ පුතා..ගිහින් ටිකක් රෙස්ට් කරන්න.."
ශේන් අහස්මා දිහාවත් නොබලා පඩිපෙල නැගලා ඉහල මාලයට ගියේ කෙල්ලව සාලේ තනි කරලා..
අහස්මට දැනුනේ කියා ගන්න බැරි තරම් අනුකම්පාවක්..
මහසෙන්ගේ හිතට තරහක් ආවත් මේ වෙලාවේ අහස්මා ලඟ ඉන්න නිසා මහසෙන් ඒ තරහ පෙන්නුවේ නෑ...
ඒ වෙනුවට මහසෙන් ශෙරීන්ට ඇහෙන් ඉඟි කරේ අහස්මගේ හිත හදන්න කියන්න වගේ..
"ඉට්ස් ඕකේ අහස්මා..ඩෝන්ට් වොරි..ශේන්ට මහන්සි ඇති...ඔයත් දැන් රූම් එකට ගිහින් ටිකක් රෙස්ට් කරන්න..ඕහ්..ඔයා මේ ගෙදර දන්නේ නෑනේ..ඉන්න මං සර්වන්ට්ට කතා කරන්නම්..එයා ඔයාට රූම් එක පෙන්නයි.."
අහස්මා හිටියේ ඇස් වල කඳුලු පුරව ගෙන..
"මදාරා..."
ශෙරීන්ගේ කටහඬින් කුස්සිය පැත්තේ ඉඳලා අවුරුදු 25ක විතර පියකරු ගෑනු ලමයෙක් සාලෙට ආවා..
"මදාරා..මේ අහස්මා නෝනට ශේන් මහත්තයගේ රූම් එක පෙන්නන්න.."
මදාරා..ගෙදර වැඩකාරිටත් වඩා තමන් අවලස්සනයි නේද කියලා එක මොහොතකට අහස්මට හිතුනා..
කෙල්ල කවදාවත් තමන්ගේ පෙනුම ගැන දුන් උනේ නෑ..ඒත් ශේන් ඒ ගැනම කිය කිය කෙල්ලගේ හිත පාරන නිසා දැන් දැන් අහස්මටත් නොදැනීම කෙල්ල තමන්ගේ පෙනුම ගැන පසුතැවෙන්න පටන් අරන්..
"යමු අහස්මා නෝනා.."
එහෙම කියලා මදාරා ඉස්සර උනා..
"මදාරා විතරද මෙහේ ඉන්නේ.."
අහස්මා ඇහුවේ පියගැට පෙල නගිද්දී..
"නෑ අහස්මා නෝනා..අපේ අම්මා,අප්පච්චි දෙන්නත් ඉන්නේ මෙහෙ තමයි.."
මදාරට තිබුනේ හුරතල් දඟකාර පෙනුමක්..
සල්ලි,තත්ත්වේ නැතත් මදාරා වාසනාවන්තයි කියලා අහස්මට් හිතුනා..
"මේ තියෙන්නේ ශේන් මහත්තයගේ කාමරේ..."
මදාරා නතර උනේ සුවිසල් කාමරයක් ලඟ..
"නෝනා එහෙනම් ඇතුලට යන්න.."
එහෙම කියලා මදාරා එතනින් ගියේ කෙල්ලව කාමරේ ඉස්සරහා තනි කරලා..
ටික වෙලාවක් කාමරේ ඉස්සරහා හිටගෙන හිටපු අහස්මා හිතට දෛර්ය ඇරගෙන කාමරේ දොර ඇරියා..
කෙල්ල කාමරේට ඇතුල් වෙනකොට ශේන් හිටියේ ඇඳුම් මාරු කරන ගමන්..
කොල්ලා ශෝර්ටක් අඳින ගමන් හිටියේ..
මේ වෙලාවේ අහස්මා රූම් එකට එයි කියලා ශේන් නිකමටවත් හිතුවේ නෑ..
කෙල්ලව දැකපු ගමන් කොල්ලට උන්හිටි තැන් අමතක උනා..
කෙල්ල ඊටත් වඩා බය උනා..ඊටත් වඩා ලැජ්ජා හිතුනා..
පුලුවන් තරම් ඉක්මනට අනිත් පැත්ත හැරිලා අහස්මා ඇස් දෙක තද කරලා පියා ගත්තා..
"මො..මොකද හලෝ.මැනස් නැද්ද..රූම් එකකට එද්දී දොරට තට්ටු කරලා එන්න දන්නේ නැද්ද.."
ශේන් කෑ ගැහුවේ හදිස්සියෙන් කලිසම අඳින ගමන්..
"දැන් මේ රූම් එක මගෙත් කාමරේ..ඉතින් මං මොකටද දොරට තට්ටු කර කර එන්නේ.."
අහස්මා කිව්වේ ඇස් දෙක පියාගෙනමයි..
"කවුද දන්නේ මේ හොල්මන මේ වෙලාවටම එයි කියලා.."
"එහෙම දන්නේ නැත්තම්,සංවර විදිහට ඇඳුම් මාරු කරන්න තිබ්බනේ .."
"හරි හරි..දැම් ඉතින් මේ පැත්ත හැරෙනවා..බය වෙන්න මොකුත් නෑ.."
ශේන් කිව්වේ ඇඳෙන් වාඩි වෙන ගමන්..
අහස්මා ඇස් දෙක පියාගෙනම කොල්ලගේ පැත්ත්ට හැරුනා..
"අප්පෝ..ඔහොම ලැජ්ජාවක් තිබ්බොත් ඇති.."
අහ්ස්මා ඇස් දෙක ඇරලා ශේන් දිහා බැලුවා..
කෙල්ල හිටියේ ලැජ්ජාවෙන්..
"හරි හරි හලෝ..ඔහොම අත් වැරදීම් වෙනවා එක රූම් එකේ ඉද්දී.."
ශේන් සැහැල්ලුවෙන් එහෙම කියද්දී අහස්මා බැලුවේ තමන්ගේ අලුත් කාමරේ කොයි වගේද කියලා..
විශාල සැප පහසු ඇඳ,පුටු සෙටිය, විශාල ටීවි එක අහස්මට නුපුරුදු දෙයක් නෙමෙයි..
කාමරේ පැත්තකින් ගිටාර් 🎸එකකුත් තිබුනා..
"ඕක මගේ නෙමෙයි..අපේ අයියගේ.."
"අයියගේ ..?"
කෙල්ල ඇහුවේ පුදුමයෙන්..
"ආහ්..ඔව්..ඔයා මගේ අයියා ගැන දන්නේ නැද්ද..මට අයියා කෙනෙක් ඉන්නවා..එයා තමයි මාලදිවයිනේ අපේ බිස්නස් බලා ගන්නේ.. නෙස්ට් මන්ත් ලංකාවට එනවා කියලා කිව්වා.."
"එයා මැරීඩ් ද.."
"අප්පෝ නෑ..මිනිහට කෙල්ලෝ ඇලජික්..ලොකු බූට් එකක් කාලා ඉන්නේ..ඒකමයි තාත්තා අයියව ලංකාවෙන් යැව්වෙත්.."
ශේන්ගේ අයියත් ශේන් වගේමද දන්නේ නෑ කියලා අහස්මට හිතුනා..
ඒත් එක්කම වගේ අහස්මගේ පෝන් එක රින්ග් වුනා..
හලෝ..
...............
ආහ්..කියන්න සැන්ඩ්‍රා..
..............
ඕහ්..මට ඒක අමතකම උනා..කීයටද..
..............
ඕකේ...මගේ වෙහිකල් එක කීර්තිට ගේන්න කියන්න..
.............
නෑ නෑ...හෝටෙල් එකට නෙමෙයි..මං දැන් හස්බන්ඩ්ගේ ගෙදර ඉන්නේ..එහෙට එන්න කියන්න..
............
ඕකේ..මං එනකොට ඔක්කොම රෙඩි කරලා තියන්න..
අහස්මා දුරකථන සංවාදේ ඉඅවර කරලා ශේන් දිහා බැලුවා..
"මං හිතුවේ මං මැරි කරේ ගේ ඇතුලෙම ඉන්න ගෑනියක් කියලා..බලද්දී ගෙදර ඉන්නෙම නැති වෙයි වගේ..ඒකත් හොඳයි.".
ශේන් කිව්වේ අපහසයට වගේ..
"කොහෙද දැන් තමුසේ යන්නේ.."
ශේන් අහස්මගේ ලඟට ඇවිත් එහෙම ඇහුවේ තරහින්..
"ඔෆිස්.."
"ඒ ඇයි.."
"මීටින් එකක් තියෙනවා.."
"කාත් එක්කද.."
ශේන් තවත් ප්‍රශ්න අහනවා..
"ක්ලයන් කෙනෙක් එක්ක.."
"කවුද ක්ලයන්.."
"ඔයා කිව්වට දන්නේ නෑනේ ශේන්.."
"තමුසේ මොන මඟුලේ කොහොම ගියත් මං දන්නේ නෑනේ කියලා කට වහගෙන ඉන්න ඕනේද අහස්මා..ආහ්..එහෙමද තමුසේ කියන්නේ.."
ශේන් ඇහුවේ කෙල්ලගේ අතකින් තද කරලා අල්ල ගන්න ගමන්..
"මං එහෙම දෙයක් කිව්වේ නෑ ශේන්..බොරුවට කෑ ගහන්න එපා.."
"ඔව්..මං කෑ ගහන්නේ බොරුවට..මට අමතක නෑ ඊයේ රෑ මට හොරෙන් තමුසේ අර නිර්වාන්ට කතා කරපු එක..තමුසේ දැනුත් යන්නේ ඌව මීට් වෙන්නද දන්නේ නෑ.."
අශේන්ගේ පදනමක් නැති කතා ගැන අහස්මට ඇති උනේ තරහක්..
"ඔයා දැක්කා ශේන් දැන මට සැන්ඩ්‍රා කතා කරනවා..ඉතින් එහෙම වෙලත් ...ඇයි මේ..අනික ඔයා අද යන ශූටින් එක ගැන මම ප්‍රශ්න කරේ නෑනේ..මං ඇහුවේ නෑනේ ශූටින් යනවා කියලා යන්නේ ටානියව හම්බ වෙන්නද කියලා.."
"තමුසෙගේ කට නම්..අඩු වෙන කටක් නෙමෙයි අහස්මා..තමුන්ට ලැජ්ජා නෑ..ඔව්..මට ඕනේ නම් මං ටානියව මීට් වෙන්න යනවා තමයි..ඒක තමුසෙටා නෙමෙයි මොකෙක්ටවත් නවත්තන්න බෑ..අන්න ඒක මතක තියා ගන්නවා.."
අශේන් අහස්මගේ අත පිටිපස්සට කරලා තව තවත් අද කරන ගමන් කිව්වේ තරහින්..
කෙල්ලට දැනුනේ පුදුම වේදනාවක්..
"මාව අත අරිනවා ශේන්.."
"අත අරිනවා තමයි හලෝ..තමුසෙව අල්ලගෙන ඉන්න මට කිසිම ආසවක් නෑ..තමුසෙගේ හැටි බලනවකෝ..මනුස්සකමට ටිකක් හොඳින් කතා කරාම කරේ නගින්න එන්න එපා..යන මඟුලක යනවකෝ..මට මොනා හරි දෙයක් ආරංචි උන දවසට තමයි තමුසේ හරියටම දැන ගන්නේ මේ ශේන් සිංහවංශ කියන්නේ කවුද කියලා.."
ශේන් එහෙම කියලා අහස්මව අත ඇරියා..
"ඔයාට බයේ ජිවත් වෙන්න මට බෑ ශේන්..මං වැරැද්දක් කරන්නේ නෑ..මේ මගේ වගකීම.මගේ තාත්තගේ බිස්නස් බලා ගන්න එක මං කරන්නම ඕනේ..ඔයාගේ හනමිටි අදහස් ඔයාටම හොඳයි..මට ඒවා අදාල නෑ..අනික කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න කලින් ඒ වෙනුවෙන් එයාටත් දෙයක් දෙන්න පුරුදු වෙන්න.."
අහස්මා එහෙම කියලා කඳුලු පුරවගෙන කාමරෙන් එලියට යද්දී ශේන් තරහින් ලඟ තිබුනු මේසෙට වේගයෙන් අතමිටි කරලා පහරක් ගැහුවා..
8
අහස්මා පහල මාලයට එද්දී ශෙරීන් මහසෙන් යුවල හිටියේ බර කතාවක..
අහස්මා දැකපු ගමන් ඒ කතාබහ නැවතුනා...
අහස්මත් ඇස් වල පිරිලා තියෙන කඳුලු පිහදා ගෙන පහලට ආවා..
"කොහෙද දූ මේ යන්න හදන්නේ.."
මහසෙන් ඇහුවේ අහස්මා දිහා බලලා හිනා වෙන ගමන්..
"මං ඔෆිස් එකට යන්න කියල හැදුවේ අන්කල්..හදිසි මීටින් එකක් තියෙනවා.."
"හනිමූන් එකේ උනුහුම යන්න කලින්ම ඔෆිස් යන්නද හදන්නේ ඔය..."
ශෙරීන් ඇහුවේ පුලුටු කර ගත්ත මූනකින්..
"ඔව් ආන්ටි...ඇයි..."
අහස්මා ඇහුවේ ස්ථීර හඬින්..
ඒ වගේ කෙලින් උත්තරයක් ශෙරීන් බලාපොරොත්තු උනේ නෑ කෙල්ලගෙන්...
ශේන් වගේම ශෙරීනුත් හිතන් හිටියේ අහස්මා සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න ඇති කියලයි..
"ඔය මීටින් එක හෙටට දා ගන්න අහස්මා.."
ශෙරීනුත් පසු බහින්න සූදානම් නෑ..
"ඒ ඇයි ආන්ටි..මං මොකටද මීටින් එක කැන්සල් කරන්නේ..ශේනුත් තව ටිකකින් ශූටින් එකකට යනවනේ, ඉතින් මං ඇයි ගෙදර ඉන්නේ.."
අහස්මගේ ඒ කතාවට නම් ශෙරීන්ගේ කට වැහුනා..
ඒත් එක්කම වගේ අහස්මගේ වාහනේ ඇවිත් ගේ ඉදිරියේ නතර කරපු නිසා කෙල්ලගේ හිතට දැනුනේ සැනසීමක්..
"මං යනවා අන්කල්...යන්නම් ආන්ටි.."
"හොඳයි පුතේ ..පරිස්සමින් ගිහින් එන්න.."
මහසෙන් එහෙම කිව්වත් ශෙරීන් නම් වචනයක්වත් කතා කරේ නැහැ..
අහස්මා ගියාට පස්සේ මහසෙන් ශෙරීන් දිහා බලලා සමච්චලයට වගේ හිනා උනා..
"මොකද මහසෙන් අමුතු විදිහට හිනා වෙන්නේ.."
"නෑ.. මං බැලුවේ අලුත් ලේලිගේ කට ඉස්සරහා නැන්දම්මා ගොලු උන විදිහ .."
"අනේ මේ..මං දනී ඔය කෙල්ල සනත්ගේ දුව නොවුනා නම්.."
ශෙරීන් කිව්වේ තරහින්..
"ඇයි මොකද කරන්නේ..
"හැටිවත්..ඒ උනාට කට කොහොමද.."
"ඒ කෙල්ලගේ පෙනුම ටිකක් අඩු උනාට වෙන මොනවයින් අඩුවක්ද ශෙරීන් .."
"ඒක වෙන්න ඇති ඔච්චර ඝනකම.."
ශෙරීන් එහෙම කියලා මහසෙන් තවත් මොකුත් කියන්න කලින් එතනින් නැගිටලා යන්න ගියා..
------------------------------
කාර් එකට නැග්ගට පස්සේ අහස්මාගේ ඇස් වල පිරිලා තියෙන කඳුලු පිටාර ගැලුවා..
කීර්ති, අහස්මගේ ඩ්‍රයිවර් කෙල්ල අඬනවා දැකලා බය වුනා..
"ඇයි බේබි අඬන්නේ..මොකක් හරි ප්‍රශ්නයක්ද .."
කීර්ති ඇහුවේ සැකෙන්..
"න්...නැහැ කීර්ති ..මොකුත් නෑ.."
"ඒත් නෝනා..."
"ගලධාරි එකට යමු..."
අහස්මා කිව්වේ කීර්තිට තව මොකුත් කතා කරන්න ඉඩ නොතියයි..
කාර් එක ගලධාරි හොටෙල් එක ලඟ නතර කරාට පස්සේ අහස්මා වාහනයෙන් බහින්න කලින් කීර්තිට කතා කරා..
"මං ඇඬුවා කියලා කාටවත්ම කියන්න එපා කීර්ති.."
"නෑ බේබි..කවදාවත් නැ.."
අහස්මා කාර් එකෙන් බැහැලා හොටෙල් එක ඇතුලට ගියේ සුසුමක් පිට කරමින්..
අද මීටින් එක තියෙන්නේ නිර්වාන්ගේ සෙකට්‍රි එක්ක..
අහස්මා නිකමටවත් ඒ ගැන ශේන්ට දැන ගන්න තිබ්බේ නැහැ..
එහෙම උනා නම් මේ ගමන අද එන්න වෙන්නෙත් නෑ කියලා අහස්මට හිතුනා..
මම ශේන්ට වැරැද්දක් කරනවා නෙමෙයිනේ..අනික මං ආවේ රාජකාරි වැඩකට..මීටින් එක තියෙන්නෙත් නිර්වාන්ගේ සෙකට්‍රිත් එක්කනේ..
ඕහ්..ටෙන් මිනිට්ස් ලේට් මං..කොහෙද ශේන්ගෙයි එයාගේ අම්මගෙයි විකාර නිසා මට පරක්කු උනා හොඳටම..
අහස්මා එහෙම හිතලා හොටෙල් එක ඇතුලට ගියා..
ඒ වෙද්දිත් සැන්ඩ්‍රා ඇවිත් හිටියා..
"සැන්ඩ්‍රා මං ටිකක් ලේට් උනා..ඉක්මනට යමු..."
"මැ..මැඩම්..."
"කතා කර කර ඉන්න වෙලාවක් නෑ ලමයෝ..යමු..ඔයා දන්නවනේ මං වෙලාවට වැඩ කරනවා කියලා..
රිතූ මොනා හිතයිද දන්නේ නෑ.."
"ඒත් මැඩම්..."
"ඔය ෆයිල් එක මට දීලා ගිහින් මගේ වෙහිකල් එකේ තියෙන ෆයිල් එක අරගෙන එන්න සැන්ඩ්‍රා..ප්ලීස් මට අමතක වෙලා මං ඒක කාර් එකේ දාලා ඇවිල්ලා හදිස්සියට .."
සැන්ඩ්‍රා ගියාට පස්සේ අහස්මා මීටින් එක තියෙන රූම් එකට ගියා..
කෙල්ල දොරට තට්ටු කරලා රූම් එකට ඇතුල් උනා..
අහස්මා දැකපු දේ කෙල්ලට එක පාරටම අදහා ගන්නත් බැරි උනා..
රිතූ වෙනුවට එතන හිටියේ නිර්වාන්..
කෙල්ලට ආපහු හැරිලා යන්න ඕන උනත් මේ ආවේ රාජකාරි වැඩකට කියන එක අහස්මට අමතක කරන්න බැරි වුනා..
සැන්ඩ්‍රා කියන්න උත්සහා කරේ මේ ගැන වෙන්න ඇති කියලා කෙල්ලට හිතුනත් දැන් පරක්කු වැඩියි කියලා කෙල්ලට හිතුනා...
"මං දන්න අහස්මා නම් වෙලාවට වැඩ කරනවා..විනාඩි දහයක් පරක්කුයි.."
නිර්වාන් කිව්වේ ගාම්භීර හඬින්..
කාලෙකින් කපලා නැති රැවුල නිසා නිර්වාන් තවත් ලස්සන වෙලා කියලා අහස්මට හිතුනා..
"අහස්මා අබේනායක ...ඕහ්..සොරි වැරදුනා මිසිස් අහස්මා සිංහවංශ ..ප්ලීස් කම් ඇන්ඩ් ටේක් අ සිට්..."
නිර්වන්ගේ හැම වචනයක්ම කෙල්ලගේ හිත පෑරුවත් ඒ බව නොපෙන්වා ඉන්න අහස්මා ගොඩාක් උත්සහා කරා..
ඒත් එක්කම වගේ අහස්මගේ පෝන් එක රින්ග් උනා..
නම සටහන් වෙලා තිබුනේ ශේන් කියලා..
කෙල්ල නිර්වාන් දිහා හොරැහින් බලලා පෝන් එක ආන්ස්වර් කරා..
"හෙලෝ.."
"කොහෙද ඉන්නේ.."
ඒ කටහඬේ තිබුනේ තරහක්..
"මීටින් එකේ.."
"කාත් එක්කද"
"ක්ලයන් කෙනෙක් එක්ක..."
"හරි තමුසේ ගෙදර එනවකෝ කීයට් හරි..එක්කෝ තමුසේ..
නැත්තම් මම.."
ශේන් එහෙම කියලා පොන් එක කට් කරා..
"කවුද හස්බන්ඩ් ද කතා කරේ.."
නිර්වාන් ප්‍රශන කරත් කෙල්ල උත්තර දුන්නේ නෑ..
"ගොඩාක් ආදරෙයි වගේ නේද හස්බන්ඩ්...නැත්තම් සැකයිද වයිෆ්ව..."
නිර්වාන් ඇහුවේ කෙල්ලගේ මූනට එබෙන ගමන්..
"මට ආපහු ඉක්මනටම යන්න ඕනේ මිස්ටර් නිර්වාන්..ප්ලීස් අපි ඒ නිසා මේ ප්‍රොජෙක්ට් එක ගැන ඉක්මනට කතා කරමුද.."
"ඕකේ..ශුවර්..ඒත් ඇයි ඉක්මනට යන්න ඕනේ..ඕහෝ...දැන් මැරි කරපු කෙනෙක්නේ නේද..මට තේරෙනවා..ඊයේ රෑ ඔයාගේ හස්බන්ඩ් මට ඒක හොඳට පැහැදිලි කරලා දුන්නා..සොරි අහස්මා .."
නිර්වාන්ගේ හිත රිදෙන කතා තවත් අහගෙන ඉන්න හයියක් අහස්මට තිබුනේ නෑ..
"සොරි මිස්ටර් නිර්වාන් මට මේ මීටින් එක කරන්න බෑ..සැන්ඩ්‍රා මේ ගැන ඔයාට එක්ස්ප්ලේන් කරයි..එක්ස්කියුස් මී.."
අහස්මා එහෙම කියලා යන්න හදද්දිම නිර්වාන් කෙල්ලගේ අතකින් අල්ල ගත්තා..
ඒ ස්පර්ශයට වෙනදා මොන තරම් ආදරේ කරත් අද ඒ ස්පර්ශය තමන්ට අයිති නෑ කියලා මතක් වුන ගමන්ම කෙල්ල නිර්වාන්ගේ අත ගසලා දාලා පුටුවෙන් නැගිට්ටා..
නිර්වාන් දිහාවත් නොබලා කෙල්ල යන්න හදද්දී, එක තප්පරේකට කෙල්ල නතර උනේ නිර්වාන්ගේ කටහඬින්..
"ඔයා විඳවනවා අහස්මා ...මට ඒක ඔයාගේ ඇස් වලින් පේනවා.ඉස්සර ඔයාගේ ඇස් හරි ලස්සනට හිනා උනා..ඒත් අද ඒ ඇස් වල කඳුලු පිරිලා...ඔයා ශේන් එක්ක සතුටින් නෙමෙයි ඉන්නේ අහස්මා ...ඔයා තනියම විඳවනවා.."
කෙල්ලගේ ඇස් වල කඳුලු පිරුනත් කෙල්ල ඒ කඳුලු පිහදා ගෙන පිටුපාලා ඉන්න නිර්වාන්ගේ පැත්තට හැරුනේ ව්‍යාජ හිනාවක් මුවඟට නගා ගනිමින්..
"ඔයාට වැරදිලා මිස්ටර් නිර්වාන්..
මම මගේ හස්බන්ඩ් එක්ක එයාගේ ගෙදර ගොඩාක් සතුටින් ඉන්නේ..ප්ලීස් මේ විදිහට මගේ ජීවිතේට එන්න එපා..එහෙම උනොත් මට සිද්ද වෙන පාඩුව නොබලා මං ඔයත් එක්ක කරන බිස්නස් ඩීල් නවත්තනවා මිස්ටර් නිර්වාන්.."
අහස්මා එහෙම කියලා නිර්වාන්ට කතා කරන්න ඉඩක් නොතියම රූම් එකෙන් එලියට ආවා..
කෙල්ල තවත් එතන මොහොතක්වත් රැදෙන්නේ නැතුව ගියේ කාර් පාර්ක් එකට..
ඒත් කෙල්ල දැනගෙන හිටියේ නෑ මේ ගමන නිසා තවත් ප්‍රශ්න වැඩි උන එක විතරයි සිද්ද උනේ කියලා..
9
කෙල්ල හොටෙල් එකේ ඉඳලා ගෙදර ආවේ හිතේ දෙගිඩියාවෙන්..
ශේන් කතා කරපු විදිහ ගැන හිතනකොට අහස්මගේ හිතට ඇති උනේ සියුම් බියක්..
මං මොකටද ශේන්ට බය වෙන්නේ..මං වැරැද්දක් කරලා නෑනේ...එන දේකට මූන දෙනවා..
එහෙම හිතලා කෙල්ල ගෙට ගොඩ උනා..
ඒත් ශේන්වත් ගෙදර වෙන කිසිම කෙනෙක්වත් පේන්න හිටියේ නැහැ...
කෙල්ල සාලේ සෝපා එකෙන් වාඩි උනේ ගතේ මහන්සියට වඩා හිතේ මහන්සියට..
"අහස්මා නෝනාට බොන්න මොනා හරි ගේන්නද.."
අහස්මාගේ ඇස් දෙක පිය වෙද්දිම වගේ ඇහුනු කටහඬින් කෙල්ල ඇස් ඇරලා බැලුවා..
අහස්මා ඉස්සරහ හිටගෙන ඉන්න මදාරා දැකලා කෙල්ලගේ මූනට හිනාවක් ආවා..
"මදාරා නේද නම.."
අහස්මට ඕන උනේ මදාරව ටිකක් අඳුන ගන්න..
"ඔව් නෝනා.."
"කෝ ආන්ටිලා.."
"ලොකු නෝනා සැලූන් එකට ගියා..ලොකු මහත්තයත් කොහේ හරි ගියා.. "
කෙල්ලගේ කතාබහින්ම අහස්මට හිතුනා මදාරා කියන්නේ කටකාර ගෑනු ලමයෙක් කියලා..
"එතකොට ශේන්..."
"ශේන් මහත්තයත් අහස්මා නෝනා ගිහිල්ලා ටික වෙලාවකින් කොහෙද ගියා..නෝනට මොනවා හරි බොන්න ගේන්නද.."
මදාරට තිබුනේ පියකරු හුරුබුහුටි පෙනුමක්..
දන්න කාලේ ඉඳලා මදාරා හැදුනේ වැඩුනේ මේ ගෙදර..ඒකට හේතුව මදාරගේ අම්මයි තාත්තයි ශේන්ලගේ ගෙදර ඉන්නේ ශේන්ලා පොඩි කාලේ ඉඳලම වුනු එකයි..
"ඕනේ නෑ මදාරා..මං රූම් එකට යනවා.."
අහස්මා එහෙම කියලා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා පිය ගැට ලඟට ඇවිදගෙන යද්දී මදාරා අහස්මට ආපහු කතා කරා..
"අහස්මා නෝනා ..."
"ඇයි මදාරා.."
අහස්මා ආපහු හැරිලා මදාරා දිහා බැලන ගමන් ඇහුවේ කුතුහලයෙන් ..
"අහස්මා නෝනා හරි සිරියාවන්තයි.."
මේ වහලේ යටදි සේවකයෙක්ගෙන් හරි ඒ වගේ වචන ටිකක් අහන්න ලැබුනු එක ගැන අහස්මට ඇති උනේ සතුටක්..
මදාරට සිනිහවකින් සංග්‍රහා කරලා අහස්මා කෙල්ලගෙයි ශේන්ගෙයි කාමරේට ඇවිත් ශේන් විතරක් මේ වෙනකල් පාවිච්චි කරපු ඒ විශාල ඇඳේ හාන්සි උනේ ගතට වගේම හිතටත් මොහොතකට හරි සැනසීමක් ලබා දෙන්න ඕනා උන නිසයි..
------------------------------
කෙල්ල නින්දෙන් නැගිට්ටේ දොරට කවුරු හරි තට්ටු කරන හඬින්..
අහස්මා වෙලාව බලනකොට තමයි දැක්කේ දැන් රෑ 9ත් පහු වෙලා කියලා..
"මට මේ තරම් වෙලා නින්ද ගියාද..ශේන් නම් තාම ඇවිල්ලා නෑ වගේ.."
එහෙම හිතලා කෙල්ල කාමරේ දොර ඇරියා..
දොර ඉදිරිපිට හිටගෙන හිටියේ වයස 45ක විතර ගෑනු කෙනෙක්..
"නෝනා..ශෙරීන් නෝනා කිව්වා කෑම කනවා නම් අහස්මා නෝනට පහලට එන්න කියන්න කියලා .."
" 'කනවා නම්' එන්න.."ශේන්ගේ අම්මත් ශේන් වගේම තමයි...
අහස්මට එහෙම හිතුනා..
"ඔයා කවුද.."
අහස්මා එහෙම ඇහුවේ කලින් දැකලා පුරුදු නැති නිසයි..
"මං මදාරගේ අම්මා ලීලා, නෝනා .."
මදාරට ඒ පෙනුම ලැබුනේ කොහොමද කියලා තේරුම් ගන්න අහස්මට අපහසු උනේ නෑ..
"ශේන් මහත්තයා තාම ආවේ නෑනේ..ඒ ආවහම මං කන්නම් කිව්වා කියන්න ලීලා, ආන්ටිට.."
එහෙම කියලා අහස්මා කාමරේ දොර වැහුවා..
මොකක්දෝ මූසලකමක් කෙල්ලගේ හිතට දැනුනා..
අහස්මා තාමත් හිටියේ දහවල් ඇඳගෙන ගියපු ඇඳුම පිටින්..
කෙල්ල බාර්ත් රූම් එකට ගිහින් හිතේ හැටියට නා ගත්තා..
ගොඩ වෙලාවකට පස්සේ කෙල්ල කෙටි ටවල් එකකුත් ඇඳගෙන රූම් එකට ආවේ ශේන් තාම ඇවිල්ලා නැතුව ඇති කියලා හිතලයි..
ඒත් කෙල්ල බාර්ත් රූම් එකේ දොර ඇරගෙන රූම් එකට එද්දී තමයි දැක්කේ ශේන් සෝෆා එකේ වාඩි වෙලා ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා..
මේ තරම් කොට ටවල් එකක් පිටින් කාමරේට ආපු එක ගැන කෙල්ලට තමන් ගැනම ඇති උනෙ තරහක්..
ආපහු හැරෙන්න කාලෙකුත් නෑ..
ශේන් හිටියේ අහස්මා දිහා බලාගෙන..
කෙල්ලගේ දෙපතුලේ ඉඳලා ඉහලට යනකල්ම බලපු ශේන් සමච්චල් හිනාවක් මුවඟේ රඳවගෙනම අහස්මා ලඟට ආවා..
කෙල්ල ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ තවත් ශේන් දිහා බලන් ඉන්න බැරිකමට..
ශේන් අහස්මා ලඟට ඇවිත් කොල්ලගේ ඇඟිලි තුඩු වලින් කෙල්ලගේ නිකටින් අල්ලලා මූන ඉහලට එසෙව්වා..
ශේන් හිටියේ ගොඩාක් බීලා කියලා අහස්මට තේරුනා ..
"ශේන් මට චේන්ජ් කර ගන්න ඕනේ..ප්ලීස් එහාට වෙන්න.."
අහස්මා එහෙම කියලා ශේන්ට පිටුපාලා යන්න හදද්දී කොල්ලා කෙල්ලගේ අතින් අල්ල ගත්තා..
"කොහෙද යන්නේ..."
ශේන් ඇහුවේ කෙල්ලව කොල්ලා ලඟට ඇදලා ගමන්..
ශේන්ගේ හුස්ම කෙල්ලගේ මූනට වදින තරමටම ශේන් අහස්මව ලඟට ලං කර ගත්තා..
මත්පැන් වල සැර විඳ දරා ගන්න අමාරු උනත් ඒ වෙනුවෙන් කෙල්ලට කරන්න දෙයක් තිබුනේ නෑ..
"ප්ලීස් ශේන මට යන්න දෙන්න..ඔයාට කිසිම අයිතියක් නෑ මං මේ විදිහට ඉද්දී මට මෙහෙම ලං වෙන්න.."
අහස්මා කිව්වේ තරහින්..
ඒත් ශේන්ගේ ග්රහනය නම් ලිහිල් උනේ නෑ...
"මේ විදිහට කිව්වේ මේ ටවල් එක පිටින් ඉන්න එකද.."
ශේන් කෙල්ල ඇඳගෙන ඉන්න කෙටි ටවල් එක දිහා බැල්මක් හෙලන ගමන් එහෙම අහද්දී කෙල්ලගේ හිතට ඇති උනේ සියුම් ලැජ්ජාවක්..
"ආයේ මොකක්ද කිව්වේ,, අයිතියක් නෑ කියලද කිව්වේ...කසාද මිනිහා වෙච්ච මට අයිතියක් නැත්තම් හොර මිනිහා වෙච්ච නිර්වාන්ටද අයිතියක් තියෙන්නේ.."
ශේන් ඇහුවේ ගේ දෙවනත් වෙන තරම් හයියෙන්..
"කෑ ගහන්න එපා ශේන් ..ගෙදර මිනිස්සුත් එයි...ලැජ්ජා නැද්ද .."
"ආහ්..මටද දැන් ලැජ්ජා නැත්තේ..තමුසෙට ලැජ්ජාව තියෙනවද..ඒකද කසාද මිනිහට බොරු කියලා ගිහින් හොර මිනිහව හම්බ වෙන්නේ ..ඈ අහස්මා කතා කරනවා.."
ශේන් මේ කියන්නේ දවල් ගලදාරි එකේදි නිර්වාන් හම්බුන එක ගැනද කියලා අහස්මට හිතුනා..
"මොකද මේ දාඩිය දාලා...නාගෙන ආවා විතරයි නේද මගේ නෝනා .."
ශේන් අහස්මගේ වැලමිටෙන් අල්ලලා කෙල්ලගේ ඇස් වලට එබිලා උපහසයෙන් ඇහුවේ හිනාවක් අතරින්..
"ශේන් මං කෙලින් වැඩ කරන කෙනෙක්..මං ආස නෑ තුන් තේරවිලි තෝරන්න, ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් කෙලින්ම කියන්න.."
"තමුසෙගේ කටට තමයි ඕයි මං ආසම නැත්තේ...කට කියවන්න නම් පුලුවන් මොනවා නැතත්.."
"ඔයා හොයන්නේ ඔයාට බයෙන් ජීවත් වෙන ගෑනියෙක් උනාට මේ අහස්මා එහෙම කෙනෙක් නෙමෙයි ශේන්..මං වැරැද්දක් කරලා නැත්තම් දෙවියන්ටවත් මං බය වෙන්නේ නෑ..."
අහස්මා කිව්වේ ස්ථිර හඬින්..
"තමුසේ කියන්නේ මට ඔෆිස් එකේ මීටින් එකක් කියලා තමුසේ අරූව හම්බවෙන්න ගලදාරි එකට ගියපු එක වැරැද්දක් නෙවෙයි කියලද.."
ඒ ප්‍රශ්නේ ඉදිරියේ නම් අහස්මා මොහොතකට ගොලු උනා..
"කෝ තමුසෙගේ චන්ඩි කට..මොකද වැහුනේ..."
"ශේන් ඔයා ඉන්නේ වැරදි වැටහීමක.."
"වැරදි වැටහීමක...මොකක්ද ඕයි මං ඉන්න වැරදි වැටහීම...තමුසේ හිතන්නේ තමුසේ හරි වැඩ්ඩා කියලද..තමුසේ නටන නාඩගම් මට ආරංචි වෙන්නේ නෑ කියලද අහස්මා .."
ශේන් අහස්මාගේ වැලමිට තවත් තදින් අල්ලගෙන එහෙම අහද්දී වේදනාවටම කෙල්ලහේ ඇස් වල කඳුලු පිරුනා..
"මං නාඩගම් නටන්න එහෙ ගියේ නෑ..මං ගියේ බිසනස් වැඩකට ශේන් .."
"තමුසේ තමුසෙගේ බිස්නස් එක පිටින් දාලා තව කොච්චර කල් නටන්නද හදන්නේ අහස්මා..මේ ශේන් එක්ක ඒවා හරියන්නේ නෑ .."
"ශේන් ප්ලීස් උනේ මොකක්ද කියල හොයලා බලන්නේ නැතුව මෝඩයෙක් වගේ බොරුවට කෑ ගහන්න එපා.."
"කවුද ඕයී මෝඩයා ..මමද..ඔව් මම මෝඩයි තමා නැත්තම් තමුසේ වගේ මෙලෝ රහක් නැති ගෑනියක්ව බැඳ ගනීද..තමුසේ කැත වෙලත් මෙහෙම වටේ යනවා නම් ලස්සන උනා නම් කොහොම වටේ යයිද නේද අහස්මා..."
"Mind your language ශේන්..කටට එන දේ ඔහේ කියවන්න එපා ..බීලා බීලා මෙතන විකාර කියවනවා.."
අහස්මත් හිටියේ ගොඩාක් තරහින්..මේ වගේ තේරුමක් නැතුව බැනුම් අහන්න කෙල්ල කැමති උනේ නෑ..
"ඔව්..මං බීලා තමයි ඉන්නේ..තමුසේ අරුත් එක්ක ගලදාරි එකේ ඉන්නවා මං මගේ අස් දෙකටම දැක්කා ..මොකද මට අද ශූටින් තිබ්බේ ගලදාරි එකේ..තමුසේ මහ පහත් ගෑනියක් ඕයී.."
ශේන් අහස්මවයි නිර්වාන්වයි ගලදාරි හොටෙල් එකේදි දැකලා තිබුනා..
ඒ නිසා තමයි ශේන් දවල් අහස්මට කතා කරලා කෙල්ලගෙන් විස්තර ගොඩාක් ඇහුවේ...
ඒ වෙලාවෙම ශූටින් කැන්සල් කරපු ශේන් දවසම හිටියේ ක්ලබ් එකේ..
"ශේන් මං ගියේ මීටින් එකකට..ඒකත් නිර්වාන් එක්ක නෙමෙයි..එයාගේ සෙකට්‍රි එක්ක..ඒත් එතෙන්ට ඇවිත් හිටියේ නිර්වාන් ..ඒක මගේ වැරැද්ද නෙමෙයි..මං මීටින් එක කැන්සල් කරලා ආපහු ආවා.."
"තමුසේ ලස්සනට කතා ගොතනවනේ..මං හිතුවේ රඟපාන්න විතරයි පුලුවන් කියලා ..බලන් ගියාම ස්ක්‍රිප්ට් ලියන්නත් පුලුවන්නේ..මං කියන්නද තමුසේ ඔය ඔක්කොම බිසනස් නතර කරලා දාලා ෆිල්ම් කරන්න ගන්නවා..ගොඩ යන්න පුලුවන්.."
ශේන්ගේ උපහාසාත්මක වචන වලින් කෙල්ලගේ කේන්තිය වැඩි උනත් ඒ තරහා පාලනේ කර ගෙන ඉන්න අහස්මා උපරිම උත්සහා කරා ..
"තමුසේ මේ හැම නාඩගමක්ම නටන්නේ මං තමුසෙගේ ඇඟට අතක්වත් තිබ්බේ නැති නිසානේ..
අද මං පෙන්නන්නම් ශේන් සිංහවංශ කියන්නේ කවුද කියලා.."
එහෙම කියලා ශේන් අහස්මගේ ගෙලට කොල්ලගේ දෙතොල් ලං කරා..
අහස්මට දැනුනේ අකුනක් වදිනවා වගේ හැඟීමක්.. කෙල්ල උපරිම වෙර දාලා ශේන්ව තල්ලු කරා..
"ප්ලීස් ශේන් මගෙන් ඈත් වෙලා ඉන්න . "
අහස්මා ඇඳගෙන හිටපු කෙටි ටවල් එක පපුවෙන් බුරුල් වෙද්දී කෙල්ල එක අතකින් ඒක අල්ල ගෙන එහෙම කිව්වේ තරහින්..
"ඇයි මේ...මම ඔයාගේ හස්බන්ඩ්නේ පැටියෝ.හනිමූන් ගිහිල්ලවත් ඔයාගේ ඇඟට අතක් තිබ්බේ නැති තරහටද දන්නේ නෑනේ ඔයා මේ වටේ යන්නේ..එන්න ඉතින්..මං ඔයාට පෙන්නන්නම් මේ ශේන් අර නිර්වාන්ටත් වඩා හොඳ පිරිමියෙක් කියල.."
ශේන් බීමතින් කියන අසැබි වචන අහස්මගේ හිතට ගෙනාවේ හිරිකිතයක්..
"මොනවද ශේන් මේ කියවන්නේ.."
"ඇයි ඉතින්..ඔයයි මායි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නේ බබා..අපි අද රෑ ටික්ක් එන්ජෝයි කරමු..පව් කියලා අත ඇරලා දාලා හිටියාම ඔයා නටනවනේ බබා ඕනෑවට වඩා ..
අද ඒ නැටිලි මං ඉවර කරන්නම්..
කලු දොදොල් වලට මං ආස නෑ තමයි..ඒත් කමක් නෑ...ඒකත් කාලම බලමු.."
එහෙම කියලා ශේන් අහස්මට හිතන්නවත් ඉඩක් නොතියා කෙල්ලව ශේන්ගේ ග්රහනයට නතු කර ගෙන කෙල්ලගේ මූනයි ගෙලයි පිස්සුවෙන් වගේ සිප ගත්තා..
ශේන්ගෙන් මිදෙන්න අහස්මා කොයි තරම් උත්සහා කරත් ශේන් කෙල්ලව අත ඇරියේ නෑ..
මිනිත්තු කීපයක්ම කොල්ලා කෙල්ලගේ විවෘත වෙලා තියෙන ගෙල පෙදෙස සිප ගත්තේ වියරුවෙන් වගේ..
කෙල්ල ඇඳ ගෙන ඉන්න ටවල් එක ඉවත් කරන්න ශේන් උත්සහා කරද්දී අහස්මගේ අවසාන ඉවසීමත් නැති උනා..
කෙල්ලගේ උපරිම වෙර දාලා ශේන්ව පැත්තකට තල්ලු කරපු අහස්මා වේගයෙන් ශේන්ට කම්මුල් පහරක් ගැහුවේ කොල්ලා හීනකින්වත් බලාපොරොත්තු උනේ නැති විදිහට..
10
ශේන්ව දැකපු ගමන් අහස්මට මතක් උනේ පෙර දිනයේ රාත්‍රිය..
කෙල්ල කලබල වෙලා නැගිටින්න හැදුවත් අශේන් කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා අහස්මව නතර කරා..
"ඔහොම ඉන්නවා අහස්මා…ඔයාට නැගිටින්න හොඳ නෑ.."
"ම...මගේ ඔලුව.."
කෙල්ලට දැනුනේ ලොකු වේදනාවක්..
"හරි..පොඩ්ඩක් ඉවසන්න..."
කොල්ලට දැනුනේ අහස්මා ගැන ලොකු වේදනාවක්..
මේ ඔක්කොම තමන්ගේ වැරදි නිසා සිද්ද උනේ කියලා ශේන්ට හිතුනා ..
"මට මොකද උනේ .."
කෙල්ල ඇහුවේ අමාරුවෙන් ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන්..
"ඔයාට උන හැදිලා ඉන්නේ අහස්මා ..මේ වෙනකල් ඔයා සිහිය නැතුව හිටියේ..දැන් ටිකක් රෙස්ට් කරන්න..මං ලීලාට කියන්නම් සුප් එකක් හදන්න කියලා..මොකුත් කාලා නෑනේ දවසටම.."
ශේන් එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා ..
------------------------------
ටික වෙලාවකට පස්සේ මදාරා සුප් එකකුත් අරගෙන අහස්මා ලඟට ආවා..
කෙල්ල හිටියේ අඬ නින්දේ..
"අහස්මා නෝනා..මේක බීලා ඉමුද.."
මදාරාගේ හඬින් කෙල්ල ඇස් ඇරල මදාරා දිහා බලලා අමාරුවෙන් හිනා උනා..
"කෝ මදාරා ශේන්..."
අහස්මා ඇහුවේ වටපිට බලන ගමන්..
"ශේන් මහත්තයා අහස්මා නෝනට සුප් එකක් හදලා දෙන්න කියලා කොහෙද ගියා..."
මදාරා එහෙම කිව්වේ අහස්මට නැගිටින්න උදව් කරන ගමන්..
"අද දවසම ශේන් මහත්තයා අහස්මා නෝනා ලඟට වෙලාමයි හිටියේ..කොහෙවත්ම ගියේ නෑ..
අඩුම දවල්ට කෑවෙවත් නෑ.."
මදාරා සුප් හැන්දක් අහස්මගේ මුවට ලං කරලා එහෙම කියද්දී කෙල්ල අහගෙන් හිටියේ පුදුමයෙන් වගේ..
"ඔ...ඔය ඇත්තමද මදාරා.."
"ඔව් නෝනා...ඇත්තමයි .."
ශේන් කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තමන්ට තව සෑහෙන කාලයක් ගතවෙයි කියලා අහස්මට හිතුනා..
ඒත් එක්කම වගේ කෙල්ලගේ පොන් එක රින්ග් උනා..
කෝල් එක නිර්වාන්ගෙන්..
පලවෙනි කෝල් දෙක තුනම අහස්මා කට් කරේ මදාරා ලඟ හිටපු නිසයි..
ඒත් නිර්වාන් දිගින් දිගටම කෝල් ගත්ත නිසා අහස්මා පෝන් එක ආන්ස්වර් කරා..
"අනේ සුදු මැනික බනින්න එපා..පෝන් එක කට් කරන්නත් එපා.කන්ට්‍රෑක් එක ගැන දැන ගන්න සැන්ඩ්‍රාට කෝල් කරපුවහම සැන්ඩ්‍රා මගේ සෙකට්‍රිට කියලා තිබුනා ඔයා අසනීපෙන් කියලා..
ඉතින් ඒක දැන ගත්ත ගමන් මට ඔයාට කතා නොකර ඉන්න බැරි උනා..දැන් කොහොමද මගේ රෝස මලට.."
තමන් වෙනක් කෙනෙක්ගේ බිරිඳ උනාට පස්සෙත් නිර්වාන් එදා වගේම අදටත් ආදරෙන් කතා කරන එක ගැන අහස්මගේ හිතට දැනුනේ දුකක්..
"හොඳයි.."
කෙල්ල කෙටි පිලිතුරක් දුන්නේ මදාරා ලඟ හිටපු නිසයි ..
"ඇයි ඔහොම කතා කරන්නේ...
ප්ලීස් කතා කරන්නකෝ සුදු මැනික..ඔයා ලඟ ශේන් ඉන්නවද...?"
"ඔව්.."
අහස්මා කිව්වේ බොරුවක්..ඒත් කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ...
"හරි එහෙම නම් කමක් නෑ..වෙලාවට බෙහෙත් බොන්න පන..ඉස්සර වගේ බෙහෙත් ටික විසික් කරන්න එහෙම එපා හොඳද.."
තවත් නිර්වාන් කියන කතා අහන් ඉන්න කෙල්ලගේ හිත හයිය නැති නිසා අහස්මා පෝන් එක කට් කරා..
කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා තියෙනවා මදාරා දැක්කා..
"මට ඇති..."
අහස්මා කිව්වේ මදාරා මුවට ලං කරපු සුප් හැන්ද අතින් වලක්වන ගමන්..
"ඒත් අහස්මා නෝනා..."
"මං කිව්වනේ ඇති කියලා...දැන් ඔයා යන්න..."
මේ වෙලාවේ අහස්මට ඕන උනේ ටිකක් තනි වෙන්න..
මදාරා තවත් කිසිම දෙයක් නොකියා සුප් බඳුනත් අරගෙන කාමරෙන් එලියට ගියා..
මදාරා කාමරෙන් එලියට යනවත් එක්කම අහස්මාගේ ඇස් වල පිරිලා තිබුනු කඳුලු වැට කඩුලු බිඳ ගෙන ගලා ගෙන ගියා..
කෙල්ල නිර්වාන්ගේ මතකයන් අතර තනි උනේ අහස්මටත් නොදැනීමයි..
------------------------------
"කෝ...කියන දේ අහලා මේ බෙහෙත් ටික බොන්නකෝ සුදු මැනික..."
"අනේ මට බෑ නිර්වාන්...කියන දේ අහන්නකෝ..."
අහස්මා කවදත් බෙහෙත් බොන්න හොරයි..
ඒ ගැන නිර්වාන්ට වඩා හොඳින් වෙන කවුරුවත් දැනගෙන හිටියේ නැහැ..
"බොන්නකෝ මැනික හිතුවක්කාර නොවී..."
"අනේ නිර්වාන්...මේ රතු පාට පෙත්ත තිත්තයි..අර කහ පාට පෙත්ත ලොකු වැඩියි..එතකොට මේ සුදු පාට පෙත්ත ගොඩාක් ඇඹුල්..."
කෙල්ල කිව්වේ මූන ඇද කරන ගමන්...නිර්වාන්ට කෙල්ලගේ මූන දැකලා හොඳටම හිනා..
"ඇයි දැන් හිනා වෙන්නේ.."
"අහස්මා ගෲප් එකේ ඕනර්...ඒ වුනාට බෙහෙත් පෙති 3ක් බොන්න බෑ..රටේ නැති හේතු..."
කොල්ලා කිව්වේ අහස්මගේ නිකටින් අල්ලලා හුරතල් කරන ගමන්..
"මොනා උනත් බබා බෙහෙත් ටික බොන්න ඕනේ..කෝ ඉතිම් බොන්න..ඊයේ බෙහෙත් ටික බිව්වා කියලා විසික් කරා වගේ අද එහෙම කරන්න බෑ හොඳේ..ඔයාට බොරු කරන්න බෑ කියලා දැන දැනත් ඒකට ට්‍රයි කරන්න එපා සුදු මැනික..ඒකයි මං අද මොන වැඩේ තිබ්බත් ඔයාට බෙහෙත් පොවලා යන්න ඔෆිස් එකටම ආවේ..."
"අනේ බබා මං නිසා ඔයාටත් කරදරයි නේද...සොරි මහත්තයෝ.."
අහස්මා කිව්වේ නිර්වාන්ගේ පපුවට තුරුලු වෙන ගමන්..
"අනේ සුදු මැනික..ඔන්න දැන් ටැප් එක ඇර ගන්න නම් හදන්න එපා..
එතකොට මට දුක හිතෙනවනේ.."
"ඔය තරම් මට ආදරේ කරන්න එපා මහත්තයෝ...මට ඔයාව නැති උනොත් මට දරා ගන්න බැරි වෙයි.."
"ඔයාට මාව නැති වෙන්නේ නැහැ මැට්ටි...බය වෙන්න එපා.."
නිර්වාන් කිව්වේ අහස්මගේ නහයෙන් හිමීට අල්ලන ගමන්..
නිර්වානුයි අහස්මයි ආදරේ කරේ ලොකු කම්පැනි දෙකක අයිතිකාරයෝ කියන එක අමතක කරලා පොඩි ලමයි වගේ..
නිර්වාන් කවදාවත්ම අහස්මගේ පාට පෙනුම ගැන වද උනේ නැහැ..
ඒත් අහස්මගේ හදවතට නිර්වාන් ගොඩාක් ආදරේ කරා..
------------------------------
අහස්මා අතීත මතකයෙන් මිදුනේ පෝන් එකට ආපු කෝල් එකකින්..
"හලෝ අම්මා..."
"දැන් ඔයාට කොහොමද පුතේ.."
අහස්මගේ අම්මා, පවිත්‍රා ඇහුවේ හැඬුම් අතරින්..
"අම්මට කවුද කිව්වේ..."
"බැඳලා ගෙදරින් ගිහින් සතියක්වත් නෑ..අපි දැන් පිට මිනිස්සු වෙලානේ..කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නෙත් නෑ...ඇයි පුතේ මෙහෙම පලි ගන්නේ අපෙන්.".
ඇත්ත...අහස්මා ශේන්ගේ ගෙදරට ආවත් හරි ගෙදරට කතා කරේවත්,ගෙදරින් ආපු කෝල් ආන්සර් කරේත් නෑ..
තාත්තට තියෙන ආදරේ නිසා අහස්මා නිර්වාන් අත ඇරියට සිද්ද වුනු දේ ගැන අහස්මා හිටියේ පවුලේ අය එක්ක අමනාපෙන්..
"එහෙම දෙයක් නෑ අම්මේ..මේ දවස් ටිකේ ටිකක් බිසී.."
"තාත්තා අද කාලෙකට පස්සේ ඔයාව හම්බවෙන්නත් ඕනේ කියලා ඔෆිස් ගියා..එතකොට සැන්ඩ්‍රා තමයි තාත්තට කියලා තියෙන්නේ ඔයාට උන හැදිලා කියලා..අපිට අපේ දුව ගැන දැන් දැන ගන්න වෙලා තියෙන්නේ පිට මිනිස්සුන්ගෙන්.."
පවිත්‍රා තමන්ගේ එකම දුවට දෝෂාරෝපණය කරේ හිතේ තියෙන දුක නිසාමයි..
"එහෙම කියන්න තරම් අමාරුවක් නෑ අම්මේ..අම්මලා බොරුවට කලබල වෙලා.."
"කෝ දැන් ශේන් පුතා..."
අම්මා අහපු ප්‍රශ්නෙට අහස්මා මොහොතකට ගොලු උනා..
"ඉ..ඉන්නවා අම්මේ..මෙ..මේ ශේන් බාර්ත් රූම් එකේ.."
අහස්මා බොරුවක් කිව්වේ කෙල්ලට අසනීප වෙලාවේ, ශේන් තමන් ලඟ නෑ කියලා අම්මා දැන ගන්නවට තියෙන අකමැත්ත නිසයි..
"ආහ්..එහෙනම් කමක් නෑ..අපි හෙට එනවා දුවව බලන්න.."
පවිත්‍රා කිව්වේ අහස්මව පුදුම කරමින්..
"ඒත් අම්මා මට දැන් හොඳයිනේ.."
"ඒකට කමක් නෑ...ඔයා හෙට ඔෆිස් යන්න ඕනේ නෑ..ගෙදර ඉන්න.."
"ඒත්..."
"මොකුත් කියන්න එපා අහස්මා..ඔයා මැරි කරාට අපේ දුව කියන එක අමතක කරන්න එපා..
වෙලාවට බෙහෙත් ටික බොන්න දූ..එහෙනම් මං තියන්නම්..බුදු සරණයි.."
"බුදු සරණයි අම්මේ.."
පෝන් එක කට් කරාට පස්සේ අහස්මා කල්පනා කරේ හෙට අම්මලා ආවහම ශේන් අම්මලා ඉස්සරහා කොහොම හැසිරෙයිද කියලා..
'අඩුම හෙට ගෙදර හිටියොත් ඒකම ලොකු දෙයක්...'
කෙල්ල හිතුවේ දෙගිඩියාවෙන් ..
'මේ ශේන් කොහේ යන්න ඇත්ද...කොහෙ ගියත් මට මොකද..කීයට හරි එන්නේ නැතැයි කනමදයා වගේ බීගෙන..
අද මං ගැන උදේ ඉඳලා වද උනා කියලා හිතන්නත් අමාරුයි..ඒත් මදාරා බොරු කියන්නේ නෑනේ...'
අහස්මා ශේන් ගියපු තැන අනුමාන කරන්න හදුවත් කෙල්ලට ඒක කරන්න බැරි උනා..
අහස්මට සිහිය ආවට පස්සේ ශේන් ගියේ ටානියව මුන ගැහෙන්න..
ශේන් උදේ ටානියව මීට් වෙන්න යන්න හිටියත් අහස්මා හදිස්සියේම අසනීප වුන නිසා ඒ ගමන කැන්සල් උනා..
ඊට පස්සේ ටානියා ගත්ත එක කෝල් එකක්වත් කොල්ලා ආන්සර් කරේ නෑ..
ඒ නිසාම ශේන් අහස්මට සිහිය ආපු ගමන්ම ගියේ ටානියව මුන ගැහෙන්න..
------------------------------
ශේන්ගේ වාහනේ සද්දේ අඳුන ගන්න ටානියට අපහසු උනේ නෑ..
ටානියා ගේ දොරකඩ ඉඳලා බලගෙන හිටියේ ශේන් කාර් එකෙන් බැහැලා එනකල්..
ශේන් ටානියා ලඟට යනවත් එක්කම සිද්ද උනේ කොල්ලා හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නැති දෙයක්..
-මතු සම්බන්ධයි-
මුලින්ම ඊයේ කතාව දාන්න බැරි උනාටයි,අද කතාව පරක්කු උනාටයි සමාව ඉල්ලනවා යාලුවෝ හැමෝගෙන්ම..
ඊයේ මං කිව්වා අද උදේම දිග කොටසක් දානවා කියල...
ඒත් ඊයේ රෑ හිතපු නැති ප්‍රශ්නයක් උනා..මගේ ලෝකේ ඉන්න #නිර්වාන් 😍 😍 පොඩි චන්ඩි වැඩක් කරලා.. 😠 😠 මාව නෙමෙයි ඕනේ නම් එයාව අල්ල ගන්න වෙලාවට කතාව දාන්න බැරි උන එකට.. 😂 😂
ඉතින් මං අද හවස් වෙනකල්ම ඒ ගැන අවුලෙන් හිටියේ.. 😢
පස්සේ හිත ටිකක් හරි ගියාට පස්සේ තමයි මේ ටික හරි ටයිප් කරේ යාලුවෝ කතාව දානකල් බලන් ඉන්නවා කියලා දන්න නිසා..
ඒත් ඉතිම් චුට්ටයි නම් තමයි..මේ ටික ටයිප් කරෙත් අමාරුවෙන් ... 😢 😢
ඒ නිසා බනින්න ඔට්ටු නෑ...
11
ශේන්ව දැකපු ගමන් අහස්මට මතක් උනේ පෙර දිනයේ රාත්‍රිය..
කෙල්ල කලබල වෙලා නැගිටින්න හැදුවත් අශේන් කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා අහස්මව නතර කරා..
"ඔහොම ඉන්නවා අහස්මා…ඔයාට නැගිටින්න හොඳ නෑ.."
"ම...මගේ ඔලුව.."
කෙල්ලට දැනුනේ ලොකු වේදනාවක්..
"හරි..පොඩ්ඩක් ඉවසන්න..."
කොල්ලට දැනුනේ අහස්මා ගැන ලොකු වේදනාවක්..
මේ ඔක්කොම තමන්ගේ වැරදි නිසා සිද්ද උනේ කියලා ශේන්ට හිතුනා ..
"මට මොකද උනේ .."
කෙල්ල ඇහුවේ අමාරුවෙන් ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන්..
"ඔයාට උන හැදිලා ඉන්නේ අහස්මා ..මේ වෙනකල් ඔයා සිහිය නැතුව හිටියේ..දැන් ටිකක් රෙස්ට් කරන්න..මං ලීලාට කියන්නම් සුප් එකක් හදන්න කියලා..මොකුත් කාලා නෑනේ දවසටම.."
ශේන් එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා ..
------------------------------
ටික වෙලාවකට පස්සේ මදාරා සුප් එකකුත් අරගෙන අහස්මා ලඟට ආවා..
කෙල්ල හිටියේ අඬ නින්දේ..
"අහස්මා නෝනා..මේක බීලා ඉමුද.."
මදාරාගේ හඬින් කෙල්ල ඇස් ඇරල මදාරා දිහා බලලා අමාරුවෙන් හිනා උනා..
"කෝ මදාරා ශේන්..."
අහස්මා ඇහුවේ වටපිට බලන ගමන්..
"ශේන් මහත්තයා අහස්මා නෝනට සුප් එකක් හදලා දෙන්න කියලා කොහෙද ගියා..."
මදාරා එහෙම කිව්වේ අහස්මට නැගිටින්න උදව් කරන ගමන්..
"අද දවසම ශේන් මහත්තයා අහස්මා නෝනා ලඟට වෙලාමයි හිටියේ..කොහෙවත්ම ගියේ නෑ..
අඩුම දවල්ට කෑවෙවත් නෑ.."
මදාරා සුප් හැන්දක් අහස්මගේ මුවට ලං කරලා එහෙම කියද්දී කෙල්ල අහගෙන් හිටියේ පුදුමයෙන් වගේ..
"ඔ...ඔය ඇත්තමද මදාරා.."
"ඔව් නෝනා...ඇත්තමයි .."
ශේන් කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තමන්ට තව සෑහෙන කාලයක් ගතවෙයි කියලා අහස්මට හිතුනා..
ඒත් එක්කම වගේ කෙල්ලගේ පොන් එක රින්ග් උනා..
කෝල් එක නිර්වාන්ගෙන්..
පලවෙනි කෝල් දෙක තුනම අහස්මා කට් කරේ මදාරා ලඟ හිටපු නිසයි..
ඒත් නිර්වාන් දිගින් දිගටම කෝල් ගත්ත නිසා අහස්මා පෝන් එක ආන්ස්වර් කරා..
"අනේ සුදු මැනික බනින්න එපා..පෝන් එක කට් කරන්නත් එපා.කන්ට්‍රෑක් එක ගැන දැන ගන්න සැන්ඩ්‍රාට කෝල් කරපුවහම සැන්ඩ්‍රා මගේ සෙකට්‍රිට කියලා තිබුනා ඔයා අසනීපෙන් කියලා..
ඉතින් ඒක දැන ගත්ත ගමන් මට ඔයාට කතා නොකර ඉන්න බැරි උනා..දැන් කොහොමද මගේ රෝස මලට.."
තමන් වෙනක් කෙනෙක්ගේ බිරිඳ උනාට පස්සෙත් නිර්වාන් එදා වගේම අදටත් ආදරෙන් කතා කරන එක ගැන අහස්මගේ හිතට දැනුනේ දුකක්..
"හොඳයි.."
කෙල්ල කෙටි පිලිතුරක් දුන්නේ මදාරා ලඟ හිටපු නිසයි ..
"ඇයි ඔහොම කතා කරන්නේ...
ප්ලීස් කතා කරන්නකෝ සුදු මැනික..ඔයා ලඟ ශේන් ඉන්නවද...?"
"ඔව්.."
අහස්මා කිව්වේ බොරුවක්..ඒත් කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ...
"හරි එහෙම නම් කමක් නෑ..වෙලාවට බෙහෙත් බොන්න පන..ඉස්සර වගේ බෙහෙත් ටික විසික් කරන්න එහෙම එපා හොඳද.."
තවත් නිර්වාන් කියන කතා අහන් ඉන්න කෙල්ලගේ හිත හයිය නැති නිසා අහස්මා පෝන් එක කට් කරා..
කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා තියෙනවා මදාරා දැක්කා..
"මට ඇති..."
අහස්මා කිව්වේ මදාරා මුවට ලං කරපු සුප් හැන්ද අතින් වලක්වන ගමන්..
"ඒත් අහස්මා නෝනා..."
"මං කිව්වනේ ඇති කියලා...දැන් ඔයා යන්න..."
මේ වෙලාවේ අහස්මට ඕන උනේ ටිකක් තනි වෙන්න..
මදාරා තවත් කිසිම දෙයක් නොකියා සුප් බඳුනත් අරගෙන කාමරෙන් එලියට ගියා..
මදාරා කාමරෙන් එලියට යනවත් එක්කම අහස්මාගේ ඇස් වල පිරිලා තිබුනු කඳුලු වැට කඩුලු බිඳ ගෙන ගලා ගෙන ගියා..
කෙල්ල නිර්වාන්ගේ මතකයන් අතර තනි උනේ අහස්මටත් නොදැනීමයි..
------------------------------
"කෝ...කියන දේ අහලා මේ බෙහෙත් ටික බොන්නකෝ සුදු මැනික..."
"අනේ මට බෑ නිර්වාන්...කියන දේ අහන්නකෝ..."
අහස්මා කවදත් බෙහෙත් බොන්න හොරයි..
ඒ ගැන නිර්වාන්ට වඩා හොඳින් වෙන කවුරුවත් දැනගෙන හිටියේ නැහැ..
"බොන්නකෝ මැනික හිතුවක්කාර නොවී..."
"අනේ නිර්වාන්...මේ රතු පාට පෙත්ත තිත්තයි..අර කහ පාට පෙත්ත ලොකු වැඩියි..එතකොට මේ සුදු පාට පෙත්ත ගොඩාක් ඇඹුල්..."
කෙල්ල කිව්වේ මූන ඇද කරන ගමන්...නිර්වාන්ට කෙල්ලගේ මූන දැකලා හොඳටම හිනා..
"ඇයි දැන් හිනා වෙන්නේ.."
"අහස්මා ගෲප් එකේ ඕනර්...ඒ වුනාට බෙහෙත් පෙති 3ක් බොන්න බෑ..රටේ නැති හේතු..."
කොල්ලා කිව්වේ අහස්මගේ නිකටින් අල්ලලා හුරතල් කරන ගමන්..
"මොනා උනත් බබා බෙහෙත් ටික බොන්න ඕනේ..කෝ ඉතිම් බොන්න..ඊයේ බෙහෙත් ටික බිව්වා කියලා විසික් කරා වගේ අද එහෙම කරන්න බෑ හොඳේ..ඔයාට බොරු කරන්න බෑ කියලා දැන දැනත් ඒකට ට්‍රයි කරන්න එපා සුදු මැනික..ඒකයි මං අද මොන වැඩේ තිබ්බත් ඔයාට බෙහෙත් පොවලා යන්න ඔෆිස් එකටම ආවේ..."
"අනේ බබා මං නිසා ඔයාටත් කරදරයි නේද...සොරි මහත්තයෝ.."
අහස්මා කිව්වේ නිර්වාන්ගේ පපුවට තුරුලු වෙන ගමන්..
"අනේ සුදු මැනික..ඔන්න දැන් ටැප් එක ඇර ගන්න නම් හදන්න එපා..
එතකොට මට දුක හිතෙනවනේ.."
"ඔය තරම් මට ආදරේ කරන්න එපා මහත්තයෝ...මට ඔයාව නැති උනොත් මට දරා ගන්න බැරි වෙයි.."
"ඔයාට මාව නැති වෙන්නේ නැහැ මැට්ටි...බය වෙන්න එපා.."
නිර්වාන් කිව්වේ අහස්මගේ නහයෙන් හිමීට අල්ලන ගමන්..
නිර්වානුයි අහස්මයි ආදරේ කරේ ලොකු කම්පැනි දෙකක අයිතිකාරයෝ කියන එක අමතක කරලා පොඩි ලමයි වගේ..
නිර්වාන් කවදාවත්ම අහස්මගේ පාට පෙනුම ගැන වද උනේ නැහැ..
ඒත් අහස්මගේ හදවතට නිර්වාන් ගොඩාක් ආදරේ කරා..
------------------------------
අහස්මා අතීත මතකයෙන් මිදුනේ පෝන් එකට ආපු කෝල් එකකින්..
"හලෝ අම්මා..."
"දැන් ඔයාට කොහොමද පුතේ.."
අහස්මගේ අම්මා, පවිත්‍රා ඇහුවේ හැඬුම් අතරින්..
"අම්මට කවුද කිව්වේ..."
"බැඳලා ගෙදරින් ගිහින් සතියක්වත් නෑ..අපි දැන් පිට මිනිස්සු වෙලානේ..කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නෙත් නෑ...ඇයි පුතේ මෙහෙම පලි ගන්නේ අපෙන්.".
ඇත්ත...අහස්මා ශේන්ගේ ගෙදරට ආවත් හරි ගෙදරට කතා කරේවත්,ගෙදරින් ආපු කෝල් ආන්සර් කරේත් නෑ..
තාත්තට තියෙන ආදරේ නිසා අහස්මා නිර්වාන් අත ඇරියට සිද්ද වුනු දේ ගැන අහස්මා හිටියේ පවුලේ අය එක්ක අමනාපෙන්..
"එහෙම දෙයක් නෑ අම්මේ..මේ දවස් ටිකේ ටිකක් බිසී.."
"තාත්තා අද කාලෙකට පස්සේ ඔයාව හම්බවෙන්නත් ඕනේ කියලා ඔෆිස් ගියා..එතකොට සැන්ඩ්‍රා තමයි තාත්තට කියලා තියෙන්නේ ඔයාට උන හැදිලා කියලා..අපිට අපේ දුව ගැන දැන් දැන ගන්න වෙලා තියෙන්නේ පිට මිනිස්සුන්ගෙන්.."
පවිත්‍රා තමන්ගේ එකම දුවට දෝෂාරෝපණය කරේ හිතේ තියෙන දුක නිසාමයි..
"එහෙම කියන්න තරම් අමාරුවක් නෑ අම්මේ..අම්මලා බොරුවට කලබල වෙලා.."
"කෝ දැන් ශේන් පුතා..."
අම්මා අහපු ප්‍රශ්නෙට අහස්මා මොහොතකට ගොලු උනා..
"ඉ..ඉන්නවා අම්මේ..මෙ..මේ ශේන් බාර්ත් රූම් එකේ.."
අහස්මා බොරුවක් කිව්වේ කෙල්ලට අසනීප වෙලාවේ, ශේන් තමන් ලඟ නෑ කියලා අම්මා දැන ගන්නවට තියෙන අකමැත්ත නිසයි..
"ආහ්..එහෙනම් කමක් නෑ..අපි හෙට එනවා දුවව බලන්න.."
පවිත්‍රා කිව්වේ අහස්මව පුදුම කරමින්..
"ඒත් අම්මා මට දැන් හොඳයිනේ.."
"ඒකට කමක් නෑ...ඔයා හෙට ඔෆිස් යන්න ඕනේ නෑ..ගෙදර ඉන්න.."
"ඒත්..."
"මොකුත් කියන්න එපා අහස්මා..ඔයා මැරි කරාට අපේ දුව කියන එක අමතක කරන්න එපා..
වෙලාවට බෙහෙත් ටික බොන්න දූ..එහෙනම් මං තියන්නම්..බුදු සරණයි.."
"බුදු සරණයි අම්මේ.."
පෝන් එක කට් කරාට පස්සේ අහස්මා කල්පනා කරේ හෙට අම්මලා ආවහම ශේන් අම්මලා ඉස්සරහා කොහොම හැසිරෙයිද කියලා..
'අඩුම හෙට ගෙදර හිටියොත් ඒකම ලොකු දෙයක්...'
කෙල්ල හිතුවේ දෙගිඩියාවෙන් ..
'මේ ශේන් කොහේ යන්න ඇත්ද...කොහෙ ගියත් මට මොකද..කීයට හරි එන්නේ නැතැයි කනමදයා වගේ බීගෙන..
අද මං ගැන උදේ ඉඳලා වද උනා කියලා හිතන්නත් අමාරුයි..ඒත් මදාරා බොරු කියන්නේ නෑනේ...'
අහස්මා ශේන් ගියපු තැන අනුමාන කරන්න හදුවත් කෙල්ලට ඒක කරන්න බැරි උනා..
අහස්මට සිහිය ආවට පස්සේ ශේන් ගියේ ටානියව මුන ගැහෙන්න..
ශේන් උදේ ටානියව මීට් වෙන්න යන්න හිටියත් අහස්මා හදිස්සියේම අසනීප වුන නිසා ඒ ගමන කැන්සල් උනා..
ඊට පස්සේ ටානියා ගත්ත එක කෝල් එකක්වත් කොල්ලා ආන්සර් කරේ නෑ..
ඒ නිසාම ශේන් අහස්මට සිහිය ආපු ගමන්ම ගියේ ටානියව මුන ගැහෙන්න..
------------------------------
ශේන්ගේ වාහනේ සද්දේ අඳුන ගන්න ටානියට අපහසු උනේ නෑ..
ටානියා ගේ දොරකඩ ඉඳලා බලගෙන හිටියේ ශේන් කාර් එකෙන් බැහැලා එනකල්..
ශේන් ටානියා ලඟට යනවත් එක්කම සිද්ද උනේ කොල්ලා හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නැති දෙයක්.
12
ටානියා දුවගෙන ඇවිත් ශේන්ව වැලඳ ගත්තේ නැති වුනු දෙයක් ආපහු ලැබෙනවා තරම් සතුටකින්..
"ශේන්...ඔයා කොහෙද රත්තරන් හිටියේ..මං කොයි තරම් කලබල උනාද..ඔයාට කරදරයක් නෑ නේද මහත්තයෝ .."
ටානියා ඇහුවේ ශේන්ගේ වම් කම්මුල මත උණුසුම් හාදුවක් තබන ගමන්..
ටානියා, ශේන්ගේ පෙම්වතිය..
කොන්ඩේ රතු පාටින් පාට කරලා, කන තුන් පාරක් විතර විදලා, නහයට කරාඹුවක් දාලා බටහිර පන්නෙට හිටියට ටානියට තිබුනේ ලාමක හදවතක්..
කෙල්ලට ශේන්ව මුලින්ම මුන ගැහුනේ වර්ක් ෂොප් එකකදි. .
ටානියව දැකපු දවසෙම ශේන්ට කෙල්ල ගැන ආදරයක් ඇති උනා..
කවුරුත් ඉස්සරහා කවදාවත් සෙකන්ඩ් උනේ නැති ශේන් ටානියගේ ආදරේ අයිති ගන්න කරන්න පුලුවන් හැමදේම කරා..
ටානියා නුවර ඉඳලා කොලඹට ආවේ මොඩ්ලින් වලට තිබුනු කැමැත්ත නිසාමයි..
අන්තිමේදි ටානියාටත් ශේන්ව නැතුව බැරි උනා.
ටානියව මොඩ්ලින් ක්ෂේත්රයේ ඉහලට ගේන්න පුලුවන් හැමදේම ශේන් කරා..
ඒත් ඒ හැමදේකටම වඩා ටානියට ඕන උනේ ශේන් එක්ක සතුටින් ජිවත් වෙන්න..
ඒත් ශේන්ට අහස්මව මැරි කරන්න වෙනවා කියලා දැන ගත්ත දවසේ ටානියගේ හැම හීනයක්ම බොඳ වෙලා ගියා..
------------------------------
"බබී.."
"කියන්න මහත්තයෝ.."
ටානියා කිව්වේ ශේන්ගේ උනුහුමට තුරුලු වෙන ගමන්..
"බබා..මට තාත්තලා ප්‍රපෝසල් එකක් ගෙනල්ලා..ම..මට අකමැත්තෙන් හරි ඒකට කැමති වෙන්න වෙනවා.."
ශේන් එහෙම කියද්දී ටානියා ඇස් වල කඳුලු පුරවගෙන ශේන් දිහා බැලුවා..
ටානියා කියන්නේ ලොකු සල්ලිකාර පවුලක කෙල්ලෙක් නෙමෙයි..
ඒ නිසා ශේන්ගේ තාත්තා මේ සම්බන්ධයට කවදාවත් කැමති වෙන්නේ නැති වෙයි කියලා කෙල්ල දැනගෙන හිටියත් මේ දේවල් මේ විදිහට විඳ දරා ගන්න පුලුවන්කමක් ටානියට තිබුනේ නෑ .
"ශේන්...ඔයාට පුලුවන්ද රත්තරන් මාව අමතක කරන්න.."
ටානියා ඇහුවේ ශේන්ගේ ඇස් වලට එබෙන ගමන්..
"ඔයා දන්නවා බබා ඔයා තමයි මගේ මුලු ලෝකෙම..මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ...ඒත්..."
"ඒත්...ඔයාට තාත්තට විරුද්ධ වෙන්න බෑ නේද.."
ටානියා ශේන්ගේ කතාව සම්පූර්ණ කරා..
"මං අහස්මව මැරි කරන්නේ කැමැත්තකින් නෙමෙයි..මගේ හිත හැමදාටම තියෙන්නේ ඔයා ලඟ මැනික.."
ශේන් ටානියගේ නලලත මත හාදුවක් තියන ගමන් එහෙම කිව්වේ ආදරෙන්..
"අහස්මා...ඒකද එයාගේ නම.."
"ඔව් මැනික.."
"හරි ලස්සන නමක්.."
"මට නම් ලස්සන ඔයාව විතරයි පන..මං ඔයාගෙම විතරයි .."
"ඒත්..එයත් ගෑනු ලමයෙක්..කසාද ජීවිතේ ගැන එයාටත් හීන ඇති ශේන්.."
"අනේ බබා ඒ කෙල්ල කලුම කලුයි..මට නම් ඇති ලස්සනක් නෑ..
සල්ලි විතරයි..හරිම බෝරින්.."
ශේන් පෝන් එකේ තිබුනු අහස්මගේ පොටෝ එකක් ටානියට පෙන්නන ගමන් එහෙම කිව්වේ මූන පුලුටු කරගෙන..
"අනේ එහෙම කියන්න එපා ශේන්..ඒ ගර්ල් කලු උනාට අමුතුම ලුක් එකක් තියෙනවා.."
"අනේ ඔයාට පිස්සු ..මොන ලුක් එකක්ද . මෙලෝ රහක් නෑ මට නම්.."
"ඔයා එහෙම කියන්නේ ඔයා දැන් එයත් එක්ක තරහින් ඉන්න නිසා..
කවදා හරි ඔයා එයාගේ ලස්සන දකියි..බලන්නකෝ.."
ටානියා කියපු කතාවට ශේන්ට තරහ ගියේ ටානියා හිතපු නැති විදිහට..
"අනේ මේ මගේ කේන්ති අවුස්සන්න එපා බබා..මට එයාව ඕනේ නෑ...මගේ හැමදේම ඔයා.."
"මං ඒක දන්නවා මහත්තයෝ...
ඒත් අපිට තවත් එකට ඉන්න බැහැ..ඒ ඇත්ත අපි පිලිගන්න ඕනේ.."
"ඇයි බැරි..ඔයාට පුලුවන්ද බබා මං නැතුව ජීවත් වෙන්න.."
ටානියට තමන්ගෙන් තොර ලෝකයක් නෑ කියන එක ශේන්ට රහසක් උනේ නෑ..
"මට බෑ...ඒත්..."
"ඒත් මේත් ගාන්න එපා ටානියා..ඔයාට මං නැතුව ඉන්නත් බෑ.මට ඔයා නැතුව ඉන්නත් බෑ..මේ කසාදයකට බෑ කවදාවත් අපිව වෙන් කරන්න..ඔයා මට ආදරෙයි නම් මං වෙනුවෙන් ටික කාලයක් ඉවසන්න..මං හැමදේම හරි ගස්සන්නම්.."
"ඒත් ශේන්..එතකොට අහස්මා.."
"එයාට මං ඔයා ගැන කියන්නම්..එයා තේරුම් ගනියි..
මං හිතන්නේ එයත් මේ කසාදෙට කැමති වෙන්න ඇත්තේ එයාගේ තාත්තගේ බල කිරීමට වෙන්න ඇති.."
"මට තේරෙන්නේ නෑ ශේන් මේ දේ හරිද වැරදිද කියලා..එයත් මං වගේම කෙල්ලෙක්නේ.."
ටානියා ශේන්ගේ ඉල්ලීමට මුලදි අකැමැති උනත් ශේන්ව නැති කර ගන්න කැමති නැති නිසා අන්තිමට ටානියා ශේන්ගේ අදහසට කැමති උනා..
"මං අහස්මව මැරි කරත් ඔයාගෙම විතරයි බබා..ඉවසීමෙන් ඉන්න ..
දවසක් එයි අපිට අපේම වෙන්න පුලුවන්.."
ශේන්ට තියෙන ආදරේ නිසා ටානියා කැමති උනා ශේන්ගේ අනියම් බිරිඳ වෙන්න..
ඒ ඉක්මනින්ම ශේන් කෙල්ලව තමන් ලඟට ගන්නවා කියලා දුන්නු පොරොන්දුව ගැන විශ්වාසයෙන්..
ඒත් හැම මොහොතකම ටානියගේ හිතට වද දුන්නා තමන් මේ අහස්මට කරන්නේ වැරැද්දක් කියන එක..
ඒත් ආදරේදී හැමෝම ආත්මාර්ථකාමී කියන එක පසක් කරමින් ටානියා අන්තිමේදී ශේන්ගේ අනියම් බිරිඳ උනා..
------------------------------
"කියන්නකෝ පන ඇයි උදේ ආවේ නැත්තේ..අඩුම කෝල් එකක්වත් ආන්සර් කරන්න තිබුනනේ..ඔයා දන්නවා ශේන් මං ඔයා ගැන කොයි තරම් වද වෙනවද කියලා.."
ටානියා ශේන්ගේ උරහිස මත කෙල්ලගේ හිස තියාගෙන එහෙම කිව්වේ කඳුලු පිරි දෑසින්..
"හරි ඉතිම් මං දැන් ආවනේ.."
"ඔයා කොහෙද ශේන් හිටියේ ඇත්තටම..."
"උදේ මං එන්න ලෑස්ති වෙද්දී අහස්මට හොඳටම උන..ඉතින් එහෙම තියෙද්දී මට එන්න බෑනේ බබා..අයිම් රියලි සොරි.."
ශේන් සමාව ඉල්ලුවේ ටානියගේ හිස අත ගාන ගමන්..
ඒත් ඒ ඇස් වල ඊර්ෂ්‍යාව තිබුනේ නෑ..ඒ වෙනුවට තිබුනේ අනුකම්පාවක්..
"අනේ පව්..ඉතින් ඇයි බබා ඔයා ආවේ..මට මැසේජ් එකක් දාලා කිව්වා නම් ඉවරයිනේ.."
"ඒත් මං අද එනවා කියලා ඔයාට ප්‍රොමිස් උනානේ මැනික.."
"හරි ඉතිම්..ඒ අහස්මා අසනීප වෙන්න කලින්නේ මහත්තයෝ..මේ වෙලාවේ ඔයා එයා ලඟ ඉන්න ඕනේ.."
"ඒත් මං එයාට සිහිය එනකල් ඉඳලා ආවේ..මට නම් දැන්ම යන්න බෑ .."
ශේන් කිව්වේ හිතුවක්කාර විදිහට..
"මේ වෙලාවේ මට වඩා ඔයාව ඕනේ අහස්මට බබා..එයාගේ අම්මලත් ලඟ නෑනේ..ප්ලීස් ඔයා දැන් යන්න.".
"ඒත් වස්තු.."
"මං තරහා නැහැ මහත්තයෝ...
මොකද මං දන්නවා අහස්මලා කී දෙනෙක් ආවත් ශේන් සිංහවංශ මගේම විතරයි කියන්න.."
ටානියා එහෙම කියලා ශේන්ගේ නලලත මත හාදුවක් තැබුවේ හිතේ ඇති උන වේදනාවෙන්..
ඒත් ඒ වේදනාව ශේන්ට නොපෙන්වා ඉන්න කෙල්ල උත්සහා කරා..
------------------------------
ශේන් ගෙදර එනකොට අහස්මා හිටියේ නින්දේ..
කොල්ලා අහස්මගේ හිස හිමින් අත ගානකොට ඒ ස්පර්ශයෙන් කෙල්ල හිමීට ඇස් ඇරලා බැලුවා..
ශේන් ඉක්මනින්ම අත ගත්තේ අහස්මා ආපහු බය වෙයි කියලා හිතලා..
"දැන් කොහොමද "
ශේන් ඇහුවේ මෘදු හඬින්..
"හොඳයි..ඔයා කොහෙද ගියේ ශේන්..අද අම්මා කතා කරා..ඔයා කෝ කියලා ඇහුවා..මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..."
"මං දවල් වරුවෙම හිටියා අහස්මා..ඒ වෙලාවේ ඔය අම්මෙක් කතා කරේ නෑ...අනික මං මොකද ඔයා ලඟට වෙලා ඉන්නේ..."
"මං ලඟට වෙලා කවුරුවත් ඉන්න ඕනේ නෑ ශේන්..ඒත් අපි හොඳින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න සිද්ද වෙනවා.."
"පොඩ්ඩක් හොඳ උන ගමන් කටට පන එනවා නේද..කච කච ගානවා හැම වෙලාවෙම.."
ශේන් කිව්වේ තරහින්..
"සොරි ශේන් මං ඔයාව තරහා ගස්සවන්න හිතාගෙන එහෙම කිව්වේ නෑ.....ඒ වගේම තෑන්ක්ස්..මට මදාරා කිව්වා ඔයා මං ගැන උදේ ගොඩාක් වද උනා කියල.."
"ඒක එච්චර දෙයක් නෙමෙයි..තමුසේ ලෙඩ උනාම මටමනේ වදේ..දන් දැක්කනේ කසාද ගෑනි කියලා කියවන කියවිල්ල.."
"ශේන් මං ඇහුවේ කොහෙද ගියේ කියලා විතරයි..කෑ ගහන්නේ ඇයි බොරුවට.."
"මං ගියේ ටානියව මීට් වෙන්න..
දැන් දැන ගත්තනේ..දැන්වත් පාඩුවේ ඉන්නවා.."
ශේන් එහෙම කියලා බාර්ත් රූම් එකට ගිහින් දොර හයියෙන් වහලා දැම්මා..
අහස්මගේ ඇස් වල පිරිලා තියෙන කඳුලු කම්මුල් දිගේ ගලා ගෙන යද්දී කෙල්ල ඉක්මනින්ම ඒ කඳුලු පිහදා ගත්තා..
'නෑ අහස්මා ඔයා අඬන්න එපා..ඔයා ශක්තිමත් වෙන්න ඕනේ..ඒ ශේන්ගේ ජීවිතේ, ශේන්ගේ ආදරේ..ඔයාට බෑ ඒ දේවල් නතර කරන්න..'
------------------------------
ශේන් වොෂ් එකක් දා ගෙන රූම් එකට එනකොට අහස්මා හිටියේ කෝල් එකක..
"නෑ..නෑ..මං උදේ වරුවේ ඔෆිස් එනවා සැන්ඩ්‍රා ...හැබැයි ඉක්මනට ආපහු එන්න ඕනේ..ඔයා ඔක්කොම රෙඩි කරලා තියන්න.."
අහස්මට හිතන්නවත් ඉඩක් නොතියා ශේන් අහස්මගේ පෝන් එක උදුරලා ගත්තා..
"සැන්ඩ්‍රා තව දවස් දෙක තුනකට අහස්මා මැඩම් ඔෆිස් එන්නේ නෑ..ඔය වැඩ ටික ඔයා සනත් අන්කල් එක්ක මැනේජ් කර ගන්න..ඕකේ.."
එහෙම කියලා ශේන් පෝන් එක කට් කරලා කෙල්ලට දුන්නා ..
"මොකක්ද ශේන් ඔයා ඒ කරේ.
මට දැන් හොඳයි.."
අහස්මා කිව්වේ තරහින්..
"අනේ මේ තමුසෙගේ කටට ටිකක් පන ආවා කියලා අසනීප හොඳ වෙනවද..ඩොක්ටර් කිව්වේ රෙස්ට් කරන්න කියලා..."
"ඒත් ශේන්..මට හෙට යන්නම ඕනේ.."
"අහස්මා මාත් එක්ක වාද කරන්න එන්න එපා..තමුසේ දවස් දෙකක්වත් යනකල් කොහෙවත් යන්නේ නෑ..එච්චරයි.."
අහස්මා තවත් ශේන් එක්ක වාද කරන්න ගියේ නැහැ..
"ශේන්.."
"ඇයි.."
ශේන් හිටියේ තරහින්
"දෙයක් කියන්න ඕනේ .."
"කියනව ඉතින්.."
"හෙට හවස අම්මලා එනවා කිව්වා මාව බලන්න.."
"ඉතින්.."
"ඔයාට පුලුවන් නම් හෙට හවස ගෙදර ඉන්න..ඒක ලොකු උදව්වක්..ප්ලීස්"
"මට හෙට වැඩ.."
ශේන් කිව්වේ කිසිම හිතක් පපුවක් නැති ගානට..
තවත් ශේන් එක්ක ඒ ගැන කතා කරන්න අහස්මා උත්සහා කරේ නෑ..
'අම්මලා ඇවිල්ලා ශේන්ව අහද්දී මොකද කියන්නේ..'
කෙල්ල තනියම කල්පනා කරා..
13
අහස්මා කලින්ම නින්දට ගියේ තාමත් ඇඟට දැනෙන අපහසුව නිසා..
ශේනුත් ඊට ටික වෙලාවකට පස්සේ ඇඳට ආවා..
කෙල්ල හිටියේ තද නින්දේ..
ටික වෙලාවක් අහස්මගේ මූන දිහා ශේන් බලාගෙන හිටියා..
"පව්..."
ශේන් එහෙම කියලා අහස්මගේ හිස අත ගෑවේ අනුකම්පාවෙන්..
"මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන දවසට ඔයා කැමති නම් ආපහු නිර්වාන් ලඟට යන්න අහස්මා..ඒත් එතකල් ඔයාට සිද්ද වෙනවා මගේ වයිෆ්ම විතරක් වෙන්න.."
ඒත් එක්කම ශේන්ට ටානියගෙන් කෝල් එකක් ආවා...
"හෙලෝ..."
"හෙලෝ මහත්තයෝ..කතා කරන්න පුලුවන් ද.."
"ඔව් බබා...මං ඔයාට කෝල් එකක් ගන්න හැදුවේ.."
"කෝ අහස්මා ..."
"එයා නිදි..."
ශේන් කිව්වේ අහස්මගේ කෙහෙරැලි අතර තියෙන කොල්ලගේ අත අයින් කර ගන්න ගමන්..
"දැන් හොඳයිද මහත්තයෝ අහස්මට .."
"හ්ම්..ඔව්.."
ශේන් උත්තර දුන්නේ ඕනෑවට එපාවට වගේ..
"එහෙනම් මගේ මහත්තයත් දැන් නිදා ගන්න..හෙට දවසම ශූටින්නේ.."
"ඔව් බබා..හෙට ගොඩාක් බිසී ඩේ එකක්..ඔයත් දැන් නිදා ගන්න වස්තු..ගුඩ් නයිට්..ලව් යූ.."
"ලව් යු ටූ...උම්ම්ම්ම්ම්ම්මා...ගුඩ් නයිට් මහත්තයෝ .."
ටානියා පෝන් එක තිබ්බට පස්සේ ශේන් අහස්මට එහා පැත්තෙන් හාන්සි වෙලා ඇස් දෙක පියා ගත්තා..
------------------------------
අහස්මා උදේ නැගිට්ටේ ගතට දැනුනු ස්පර්ශයෙන්..
කෙල්ල ඇස් ඇරලා බලනකොට දැක්කේ ශේන් කෙල්ලගේ ඉන වටා අතක් දාගෙන කෙල්ලව තුරුලු කර ගෙන ඉන්නවා..
කෙල්ලට ශේන්ගේ මූන දැක්කහම අහස්මට කොල්ලව ඇහැරවන්න ලෝබ හිතුනා..
කෙල්ල ශේන්ගේ අත හිමින් සැරේ අයින් කරන්න හැදුවත් ශේන් තව තවත් නින්දෙන් අහස්මව කොල්ලගේ තුරුලට ගත්තා..
ශේන්ගේ හුස්ම අහස්මගේ මුහුනේ ස්පර්ශ වෙන තරමටම කෙල්ල හිටියේ ශේන්ගේ තුරුලේ..
මේ තරම් කවදාවත් අහස්මා ශේන්ට ලං වෙලා තිබුනේ නැහැ..
තවත් ශේන්ගේ පහස විඳින්න අහස්මගේ හිත දුන්නේ නැහැ..
කෙල්ල ශේන්ව තල්ලු කරලා ඇඳෙන් නැගිට්ටා..
සිද්ද වුනේ මොකක්ද කියලා එක පාරටම නින්දෙන් නැගිටපු ශේන්ට හිතා ගන්න බැරි උනා..
"ඇයි අහස්මා මේ...උදේ පාන්දර පිස්සු හැදිලද.."
ශේන් ඇහුවේ නින්දෙන්..
අහස්මා ශේන්ට පිලිතුරක් නොදීම බාර්ත් රූම් එකට ගිහින් දොර වහ ගත්තා..
"මේ කෙල්ලට මොනවා වෙලාද මන්දා .."
තමන් අහස්මව නින්දෙන් වැලඳගෙන හිටියේ කියන එක ගැන මතකයක් නොතිබුනු නිසා අහස්මගේ හැසිරීම ශේන්ට ප්‍රෙහෙලිකාවක් උනා..
අහස්මා බාර්ත් රූම් එකට ගිහින් කන්නාඩිය දිහා බලාගෙන මතකෙට නැගුවේ ශේන් කෙල්ලව තුරුලු කරගෙන හිටපු විදිහ..
නිර්වාන් තරමටම නැතත් ශේන් කඩවසම් කියන එක අහස්මට රහසක් උනේ නෑ..
ශේන්ට තිබුනේ සෙල්ලක්කාර පෙනුමක්..ඒ පෙනුමට හැමවෙලාවෙම අහස්මගේ හිත ගැස්සුනා..
'මොනවද අහස්මා ඔයා මේ හිතන්නේ..එයා ඔයාගේ හස්බන්ඩ් කියන එක ඇත්ත..ඒත් ඒ නමට විතරයි කියන එක ඔයා අමතක කරන්න එපා..ශේන්ව අයිති ටානියට..මොන තරම් ආදරයක් හිතේ තිබුනත් ඔයා ආයේ කවදාවත් නිර්වාන්ට ලං වෙන්නේ නෑ තමයි..ඒත් එහෙම කියලා ඔයාට ශේන්ට ලං වෙන්නත් බෑ..ශේන් ඔයාගෙන් වෙං වුන දවසට හිත හදා ගන්න තනියම ජීවත් වෙන්න..ඔයාට ඒක කරන්න පුලුවන් අහස්මා..නිර්වාන් ඔයාව බාර ගන්න කැමති උනත් ආපහු එයා ලඟට යන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න ඔයාට බැහැ අහස්මා..ඔයා නිර්වාන්ට ඇත්තටම ආදරෙයි නම් එයාට අලුතින් ජීවිතේ පටන් ගන්න ඉඩ දෙන්න ඕනේ..'
අහස්මා කන්නාඩිය දිහා බලාගෙන තමන්ටම කතා කරේ හිතේ තියෙන නොසන්සුන්කම අඩු කර ගන්න..
"තමුසේ බාර්ත් රූම් එකේ පැල වෙලාද හලෝ..මට ලේට් වෙනවා..ඉක්මනට එලියට එනවා.."
අහස්මගේ සිතුවිලි වලට බාධා කරමින් ශේන් එලියේ ඉඳලා කෑ ගැහුවා..
කෙල්ල ගොඩාක් වෙලා ඉඳලා බාර්ත් රූම් එකේ හිටියා කියලා අහස්මට මතක් උනේ එතකොට..
ඉක්මනිනම වොෂ් එකක් දා ගෙන අහස්මා බාර්ත් රූම් එකෙන් එලියට ආවා..
"මොන මඟුලක්ද හලෝ වෙලා තියෙන්නේ..කන් ඇහෙන්නේ නැද්ද.."
බාර්ත් රූම් එකෙන් එලියට එන අහස්මා දිහා බලලා ශේන් ඇහුවේ තරහින්..
"ප්ලීස් ශේන් ඩීසන් විදිහට කතා කරන්න..මං ඔයාගේ සේවන්ට් නෙමෙයිනේ ඔහොම කතා අහ ගන්න..ඔයාට වගේම දැන් මේ රූම් එකේ දේවල් මටත් අයිතියි..නිදහසේ බාර්ත් රූම් එකටවත් යන්න නෑනේ මේ ගෙදර.."
අහස්මා කියාගෙන කියාගෙන ගියේ තරහින්..
ශේන් පුදුම වෙලා අහස්මා දිහා බලාගෙන හිටියේ කෙල්ලට මේ තරම් තරහා ගන්න දෙයක් කොල්ලා කිව්වේ නැති නිසයි..
"මොකද අහස්මා වෙලා තියෙන්නේ..තමුසෙට උදේ පාන්දර ගිරිය පුප්පන් කෑ ගහන්න දෙයක් මං කිව්වේ නෑ..අනික හිත්න්න එපා වෙන උන් තමුසෙගේ කටට බය උනාට මේ ශේන් බය වෙයි කියලා.."
ශේන් ලඟ තිබ්බ මේසෙට අත මිටි කරලා පහරක් ගහලා තරහ පිට කරගෙන බාර්ත් රූම් එකට ගිහින් වේගයෙන් දොර වැහුවා..
අහස්මා ඇස් වල කඳුලු පුරවගෙන ඇඳෙන් වාඩි උනේ තමන් ගැනම ඇති උන තරහින්..
"මොනවද මං ඒ කිව්වේ..ශේන්ට ගොඩාක් තරහා යන්න ඇති..දැන් ඉතින් ශේන් කොහොමත් හවස අම්මලා එන ටයිම් එකට ගෙදර එන එකක් නෑ.."
අහස්මා හිතුවේ පසුතැවීමෙන්..
------------------------------
අද ඔෆිස් යන්නත් අවසර නැති නිසා කෙල්ල කුස්සිය පැත්තට ගියේ කාමරේ ඉන්න හිත නොදුන් නිසයි..
අහස්මා කුස්සියට යනකොට ලීලයි මදාරයි එකතු වෙලා උදේ කෑම පිලියල කරන ගමන් හිටියේ..
කෙල්ල ශේන්ගේ ගෙදරට ආවත් හරි කුස්සියට ගියපු පලවෙනි වතාව මේක..
ඒ නිසාම අහස්මව දැකලා ලීලා වගේම මදාරත් පුදුම උනා..
"නෝනා උදෙන්ම නැගිටලා..තාම නැගිටලා නැතුව ඇති කියලා හිතලයි කෙල්ලගේ අතේ තේ යැව්වේ නැත්තේ..නෝනා යන්න..මං මදාරා අතේ එවන්නම්.."
ලීලා කිව්වේ වැරැද්දකට සමාව ඉල්ලන හඬින්..
"අනේ ඒකට කමක් නෑ.මං කිරි අරන් යන්න නෙමෙයි ආවේ..අද රෑට මම උයන්නේ කියන්න ආවේ.."
අහස්මා හිනා වෙලා එහෙම කියද්දී මදාරයි ලීලයි මූනින් මූන බලා ගත්තා..
"අනේ අහස්මා නෝනා, නෝනට තාම සනීපත් නෑ නේද..ඉතිම් ඔහොම මහන්සි වෙන්න හොඳ නෑ.."
"දැන් මට හොඳයි මදාරා..අනික අද අපේ තාත්තලා හවස මෙහෙ එනවා මාව බලන්න..මං මොනා හරි හැදුවොත් එයාලා සතුටු වෙයි..
ඒ නිසා මං උයන්නම්.."
"නෝනට පුලුවන්ද මං අහන්නේ මේ කෑම උයන වැඩ කරන්න..මට ශෙරීන් නෝනගෙනුත් බැනුම් අහන්න වෙයි.."
ලීලා කිව්වේ හිතේ දෙගිඩියාවෙන් ..
"බය වෙන්න එපා.මං ආන්ටිට කියන්නම්..අනික මට උයන්න පුලුවන්..අනික මට උදව් කරන්න ලීලයි මදාරයිත් ඉන්නවනේ.."
අහස්මා එහෙම කියලා ලීලා පිලියෙල කරලා දුන්නු තේ කෝප දෙකත් අරගෙන කාමරේට යන්න කුස්සියෙන් එලියට ආවේ ශේන්ගේ තරහව දැන් නිවිලා තිබුනොත් හොඳයි කියලා හිතලා..
කෙල්ල පියගැට ලඟදි ශේන්ගේ අම්මව දැකලා නැවතුනා..
"ගුඩ් මෝනින් ආන්ටි.."
"ගුඩ් මෝනින් අහස්මා..දැන් කොහොමද ඔයාට..ආ යූ ඕකේ නව් ?"
"ඔව් ආන්ටි..දැන් අඩුයි.."
අහස්මා කිව්වේ මද සිනහවකින්..
"ගුඩ්.."
එහෙම කියලා ශෙරීන් කුස්සියට යන්න හදද්දී අහස්මා ශෙරීනව නතර කර ගත්තා..
"ආන්ටි.."
"ඇයි අහස්මා.."
"අද අපේ අම්මලා එනවා හවස, මාව බලන්න.."
"ඕහෝ..රියලි...ඉට්ස් ඕකේ..මං අන්කල්ට කියන්නම්.."
"තෑන්ක්ස් ආන්ටි.."
අහස්මා එහෙම කියලා රූම් එකට යන්න ඉහල මාලයට ගියා..
'කෙල්ල කලු උනාට අමුතු ලස්සනකුත් තියෙනවා..'
තමන්ට පිටුපාලා යන අහස්මා දිහා බලාගෙන ශෙරීන් කල්පනා කරා..
අහස්මා රූම් එකට එනකොට ශේන් හිටියේ සපත්තු දාන ගමන්..
කොල්ලා නැමිල හිටපු නිසා අහස්මා ලඟට එනකල්ම ශේන් දැක්කේ නැහැ..
අහස්මා ශේන් ලඟට ඇවිත් බිමට නැමිලා ඉන්න ශේන්ට තේක දිගු කරා..
එක පාරටම ශේන් හිස ඔසවලා අහස්මා දිහා බැලුවා..
"ගන්න.."
කෙල්ල කිව්වේ ඇස් වලින් තේක පෙන්නන ගමන්..
"ඕනේ නෑ..මං එලියෙන් බොන්නම්.."
ශේන් කිව්වේ තරහින්..
"සොරි..මං ඒ වෙලවේ හිටියේ වෙන කල්පනාවක ශේන්..ප්ලීස් මේක ගන්නකෝ.."
අහස්මා කිව්වේ ඇත්තටම පසුතැවීමෙන්..
"දැන් තමුසේගෙ කල්පනා වලට මංද බයිට් එක.."
"මං සමාව ඉල්ලුවනේ ශේන්..ප්ලීස් මේක බොන්න හිතුවක්කාර නොවී...."
අහස්මා බලෙන් වගේ තේ ☕ කෝප්පය ශේන්ගේ අතට දුන්නා..
"තමුසෙට හොඳට අණසක පතුරලා පුරුදුයි නේද අහස්මා.."
ශේන් කිව්වේ තේ කෝප්පේ රසබලන ගමන්..
"ශේන්.."
අහස්මා ශේන්ගේ තරහා අඩු වෙනකල් ඉඳලා කොල්ලට කතා කරා
"හ්ම්..කියනවා ඇයි.."
"අද කලින් එන්න පුලුවන්ද.."
ශේන් බිබී හිටපු තේක පැත්තකින් තියලා සරදම් හිනාවකින් අහස්මා දිහා බැලුවා..
"ඇයි ඔහොම මං දිහා බලන්නේ.."
අහස්මා ඇහුවේ ශේන්ගේ උපහාසාත්මක හිනාව තවත් දරා ගන්න බැරි නිසයි..
"නෑ..මං මේ බැලුවේ ගෑනුන්ට හැට හතර මායම් තියෙනවා කිව්වට , තමුසෙට මායම් පන්සිය දොලහක් විතර තියෙනවා වගේ.."
ශේන් එහෙම කියන්නේ ඇයි කියලා අහස්මට හිතා ගන්න බැරි වුනා ..
"මෙච්චර ආදරෙන් මට තේක පෙව්වේ හවස මාව ගෙදර ගෙන්න ගන්න නේද..දැන් මට තේරෙනවා අර නිර්වාන් කොහොමද තමුසෙට අහු උනේ කියලා.."
ශේන් නිර්වාන් ගැන කියද්දී කෙල්ලගේ මූන දුකින් මැලවුනත ශේන් ඒක දැක්කේ නෑ..
"තමුසේ නිර්වාන් තම්බපු ලුණු ගොරකා මදි මාව තම්බන්න..මට අද දවසම වැඩ..එන්න වෙන්නේ නෑ..තමුසෙගේ ඇක්ටින් ටික අපරාදේ.."
ශේන් එහෙම කියලා රූම් එකෙන් එලියට ගියේ කෙල්ලට කිසිම දෙයක් කියන්න ඉඩ නොතියා..
'අද නම් ශේන් අම්මලා එන වෙලාවට ගෙදර එන එකක් නෑ..
අම්මලට මොකක් හරි බොරුවක් කියන්න වෙයි..'
අහස්මා එහෙම හිතුවේ හිතේ තියෙන වේදනාවෙන්..
14
අහස්මා ටිකක් හවස් වෙනකල් නිදා ගත්තේ ගෙදරට වෙලා වෙන කරන්න දේකුත් නැති නිසයි..
කෙල්ල හවස නැගිටලා වොෂ් එකක් දාගෙන පහලට ආවේ අම්මලා එන නිසා මොනා හරි හදන්න කියලා හිතාගෙන..
"අහස්මා නෝනා...දවල්ට කාලත් නෑ නේද.."
ලීලා ඇහුවේ අහස්මා දිහා බලන ගමන්..
"දැන් කන්න බෑ ලීලා.. රෑටම කනවා.."
"අහස්මා නෝනා දැන් මොනවද උයන්න හදන්නේ.."
$මං මේ පැස්ටා හදන්න කියලා බැලුවේ මදාරා..අපේ අම්මා ගොඩාක් ආසයි පැස්ටා කන්න.."
කෙල්ල එහෙම කියලා මදාරගෙයි ලීලගෙයි උදව්වෙන් හවස හය විතර වෙද්දී උයලා ඉවර කරා..
අහස්මා රූම් එකට ගියේ අම්මලා එන්න කලින් වොෂ් එකක් දා ගන්න හිතා ගෙන..
කෙල්ල ටික වෙලාවක් බාර්ත් රූම් එකේ කන්නාඩියෙන් තමන්ගේ රුව දිහා බලාගෙන හිටියා ..
අහස්මා කියන්නේ කැත කෙල්ලෙක් නෙමෙයි..කලු උනාට කෙල්ල දැකුම්කලුයි..කැත ලස්සම කියන්නේ සාපේක්ෂ දෙයක් නිසා අහස්මගෙත් තිබුනේ කාටවත් නැති තරමේ විශේෂ ලස්සනක්..
ඒ ලස්සන නිර්වාන් දැක්කට අවාසනාවකට ශේන් දැක්කේ නැහැ..
"නෝනා..නෝනා.."
අහස්මා වොෂ් එකක් දා ගෙන කාමරෙන් එලියට ඇවිත් ඇඳුම් මාරු කරනකොට මදාරගේ කටහඬ දොරකඩින් ඇහුනා..
"ඇයි මදාරා..."
අන්න අහස්මා නෝනගේ අම්මලා ඇවිල්ලා..ශෙරීන් නෝනා කිව්වා නෝනට පහලට එන්න කියන්න කියලා..
එහෙම කියලා මදාරා ගියාට පස්සේ අහස්මා බැලුවේ ඔරලෝසුව ⏰ දිහා..හතටත් කිට්ටුයි..ඒත් ශේන් එන පාටක් නෑ..
කෙල්ල පෝන් එක අතට ගත්තේ ඕන දෙයක් වෙන්න ශේන්ට කෝල් එකක් ගන්නවා කියලා හිතාගෙන..
දෙතුන් වතාවක් උත්සහා කරාට පස්සේ කොල්ලා පෝන් එක ආන්සර් කරා..
"හලෝ"
"හලෝ ශේන්...මං අහස්මා.."
"දන්නවා..කියනවා, ඇයි.."
ශේන් කිව්වේ ඕනෑවට එපාවට වගේ..
"ශේන් අම්මලා ඇවිල්ලා..ඔයාට එන්න බැරිද.."
"මං තමුසෙට ඊයේ රෑයි, අද උදෙයි සිංහලෙන් කිව්වා නේද මං අද දවසම බිසී කියලා..කියන දෙයක් තේරුම් ගන්න බැරිද අහස්මා.."
"ඒත්..."
"ඒත් මේත් ඕනේ නෑ...ඒ තමුසෙගේ දෙමව්පියො මිසක් මගේ කවුරුත් නෙමෙයිනේ.."
"ශේන්...මං කියන දේ.."
අහස්මට තවත් කිසි දෙයක් කියන්න ඉඩ නොතියා ශේන් පෝන් එක කට් කරා..
ශේන් අද එයි කියලා පොඩි බලාපොරොත්තුවක් කෙල්ලගේ හිතේ තිබුනා..
ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා යනකොට අහස්මා පහල මාලයට ගියේ අම්මලට මොනවද කියන්නේ කියලා හිතන ගමන්..
කෙල්ල පහලදි අම්මලාව දැකපු ගමන් මුවඟට ව්‍යාජ සිනහවක් නගා ගත්තා..
"දූ..."
අම්මා එහෙම කියල ඇවිත් කෙල්ලව වැලඳ ගත්තේ ගොඩාක් ආදරෙන්..
අම්මලාව දැකලා කෙල්ලටත් ගොඩාක් සතුටු හිතුනා..
"කොහොමද දූ..අපි බය උනා ලොකු අමාරුවක් ද කියලා ..ඒත් මිසිස් සිංහවංශ කිව්වා දැන් දුවට හොඳයි කියලා.."
"ඔව් අම්මේ දැන් මට හොඳයි.."
කෙල්ල අම්මගේ තුරුලෙන් මිදෙනකොට අහස්මගේ තාත්තත් කෙල්ල ලඟට ආවා..
"තාම තාත්තා එක්ක තරහින්ද.."
සනත් ඇහුවේ කෙල්ලව වැල්ඳ ගන්න ගමන් අහස්මට විතරක් ඇහෙන්න..
"න්..නෑ තාත්තේ..කවදාවත් නෑ.."
අහස්මගේ ඇස් වල කඳුලු පිරිලා තිබුනා..
"බය වෙන්න එපා මිස්ටර් අබේනායක , අපි දුවව හොඳට බලා ගන්නවා.."
මහසෙන් කිව්වේ මද සිනහවක් අතරින්..
"ඒක නෙමෙයි ඇයි මේ ශේන් පුතා පේන්න නැත්තේ..."
අහස්මා හිතුවා වගේම කෙල්ලගේ අම්මා ශේන් ගැන ඇහුවා..
අහස්මට එක පාටටම කටට බොරුවක් ආවෙත් නෑ..
"අ..අම්මේ..මේ..."
අහස්මා බොරුවක් කියන්න හදද්දිම ශේන් ගේ ඇතුලට කෙල්ලව පුදුම කරමින්..
"ආහ්..මේ ඉන්නේ...කොහෙද පුතා ගියේ.."
සනත් ඇහුවේ ශේන් දිහා බලන ගමන්..
"මං මේ අහස්මට බෙහෙත් වගයක් ගේන්න තිබුනු නිසා ටවුමට ගියා අන්කල්.."
ශේන් කිව්වේ කලින් හදාගෙන හිටපු බොරුව..
කොල්ලා ඇවිත් අහස්මගේ කර වටේ අත දා ගත්තේ කෙල්ලව පුදුම කරමින්..
"ආහ්..බලන්නකෝ අපේ බෑනා පොඩ්ඩ දූ වෙනුවෙන් මහන්සි වෙන තරම්.."
අහස්මගේ තාත්තා මහසෙන් දිහා බලලා එහෙම කියනකොට මහසෙන් හිනා වුනේ ශේන් කියන්නේ බොරුවක් බව දැන දැනමයි..
"ඉතිම් පුතා..කොහොමද විස්තර.."
ශේන්ගේ අතින් අම්මගේ හරි තාත්තගේ හරි හිත රිදෙන වචනයක් පිට වෙයි කියලා කෙල්ල බය වෙලා හිටියේ..
"වරදක් නෑ අන්කල්.."
"කොහොමද මොඩ්ලින් වැඩ එහෙම පුතා, හොඳින් කෙරීගෙන යනවනේ..මොනා හරි උදව්වක් ඕන උනොත් කියන්න පුතා..දැන් ඉතින් අපිට දුවෙක් විතරක් නෙමෙයි පුතෙකුත් ඉන්නවනේ.."
"තෑන්ක්ස් අන්කල්.."
ශේන්ගේ මුවේ තිබුනු ව්‍යාජ සිනහව අඳුන ගන්න අහස්මට අපහසු උනේ නෑ..
"එහෙනම් කෑම ටිකක් කන ගමන්ම කතා කරමු නේද..අද අම්මලා එනවා කියලා මම එපා කියද්දී අහස්මා දුව තමයි ඉව්වේ.."
ශෙරීන් එහෙම කියනකොට ශේන් පුදුම වෙලා අහස්මා දිහා බැලුවා..
'මේ හොල්මනට උයන්නත් පුලුවන්ද..අද නම් රෑට කාලා ඉවරයි..'
ශේනට එහෙම හිතුනා..
"ගෙදර ගෙනාපු අසමෝදගම් එහෙම තියෙනවද.."
හැමෝම කෑම කාමරේ දිහාවට යද්දී ශේන් අහස්මගෙන් කෙල්ලට විතරක් ඇහෙන්න එහෙම ඇහුවේ සමච්චල් හිනාවක් අතරින්..
"ඒ මොකටද.."
"නෑ ඉතින් ඔයා උයපු කෑම කාලා අපිට බඩේ කැක්කුමක් එහෙම හැදුනොත්...ඒකයි.."
"කාලම බලන්නකෝ.."
අහස්මා ශේන්ට එහෙම කියලා මුලුතැන්ගේ පැත්තට ගියා..
හැමෝම අහස්මා උයපු කෑම රස බැලුවේ සතුටින්..
"ඇත්තමයි අහස්මා කෑම ටික නම් හරි රසයි.."
ශෙරීන් කිව්වේ ඇත්තටමයි..
"ඔව්..ඇත්තටම රසයි දූ..පුතා මොකද හිතන්නේ.."
මහසෙන් ශේන්ගෙන් අහද්දී කොල්ලා අහස්මා දිහා බැලුවා..
"ර..රසයි තාත්තේ.."
ශේන්ගේ කතාවට අහස්මගේ ඇස් දිලිසුනා..
"දුවට බිස්නස් විතරක් නෙමෙයි ගෙදර දොරේ වැඩත් උගන්නලා වගේ.."
"ඔව් මහසෙන්..මං බිස්නස් වැඩ ටික උගන්නනකොට අපේ පවිත්‍රා කෙල්ලට ගෙදර වැඩපොලත් ඉගැන්නුවා.."
සනත් කිව්වේ දුව ගැන ඇති වුන ආඩම්බරයෙන්..
"අපේ ලොකු පුතත් ලබන සතියේ ලංකාවට එනවා කියලා මට කෝල් කරලා කිව්වා..එයා ආවට පස්සේ මං මේවගෙන් නිදහස් වෙනවා.."
"ආහ්..මොකක්ද ලොකු පුතාගේ නම කිව්වේ.."
"ලොකු පුතාගේ නම ශෙවාන්..ශෙවාන් සිංහවංශ .."
මහසෙන්ගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ශෙරීන්..
"තාම මැරි කරලා නෑ මං හිතන්නේ.."
"නෑ මහසෙන්..ලංකාවට ආවහම හොඳ තැනකින් බලලා ඉක්මනටම ලොකු පුතාටත් කටයුත්තක් කරලා දෙන්න ඉන්නේ.."
"ඒක හොඳයි..ඕවා කල් දාන්න හොඳ වැඩ නෙමෙයි.."
මහසෙන් කිව්වේ සිනහවක් අතරින්..
කෑම කාලා ඉවර වෙලා අහස්මලාගේ අම්මලා ගෙදර යන්න ලෑස්ති උනා..
"එහෙනම් පුතේ අපි ගිහින් එන්නම්..දෙන්නත් එක්ක දවසක ගෙදර ඇවිත් යන්න එන්න..දන්නවා, දෙන්නම ගොඩාක් බිසී කියලා..ඒත් කොහොම හරි ඇවිත් යන්න එන්න.."
අහස්මගේ අම්මා කිව්වේ කඳුලු අතරින් ..
"අපි එන්නම් ආන්ටි.."
ශේන් අහස්මට කලින් උත්තර දුන්නා..
කෙල්ල පුදුම වෙලා ශේන් දිහා බැලුවත් ශේන්ට ඒ ගැන ගානක් තිබුනේ නෑ..
"බය වෙන්න එපා..අපි අහස්මව අපේ දුවෙක් වගේ බලා ගන්නවා මිසිස් අබේනායක .."
ශෙරීන් කිව්වේ පවිත්‍රාව වැලඳගෙන සමුදෙන ගමන්..
අහස්මා අම්මටයි තාත්තටයි වඳිනකොට ශේනුත් වැන්ඳේ කෙල්ලව පුදුම කරමින්..
අහස්මගේ අම්මයි තාත්තයි යනකල් ඉඳලා ශේන් කාමරේට ගියා..
කෙල්ලත් ඒ පස්සෙන්ම වගේ කාමරේට ආවා..
"ශේන්.."
"හ්ම්..."
කොල්ලා හිටියේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්..
"තෑන්ක්ස් .."
"මොකටද.."
"ඔයා ආවනේ අද..ඒකයි.."
"ඔයාට තෑන්ක්ස් කරන්නම ඕනේ නම් ටානියට තෑන්ක්ස් කරන්න අහස්මා..එයා කියපු නිසයි මං අද ආවේ..නැත්තම් කීයටවත් මම අද එන්නේ නෑ..."
ශේන් හිතක් පපුවක් නැතුව එහෙම කියද්දී කෙල්ලගේ ඇස් වල කඳුලු පිරුනේ කෙල්ලටත් නොදැනීමයි..
ශේන් ශර්ට් එක ගලවලා දාලා බාර්ත් රූම් එකට ගියා..
කෙල්ලට දැනුනේ කියා ගන්න බැරි තරම් වේදනාවක්..
තමන්ගේ සැමියා එයාගේ පෙම්වතිය කියන දේ අහලා වැඩ කරන එක ගැන අහස්මට දැනුනේ දුකක්..
එතකොට ශේන් ගෙදර ආවේ මං කියපු නිසා නෙමෙයිද..ටානියා කියපු නිසා විතරද..ඔව් ඉතින් මං එයාගේ නමට විතරක් බිරිඳනේ..
හැම අයිතියක්ම තියෙන්නේ ටානියට..අකමැත්තෙන් උනත් මට ඒ ඇත්ත පිලි ගන්න වෙනවා..
අහස්මා හිතුවේ සුසුමක් පිට කරමින්..
ඒත් එක්කම ශේන් බාර්ත් රූම් එකේ ඉඳල කෑ ගැහුවා..
අහස්මා...අහස්මා...
කෙල්ල ඇස් වල පිරිලා තියෙන කඳුලු පිහදා ගෙන ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටේ ශේන් කෑ ගහන්නේ ඇයි කියලා බලන්න..
15
ශේන්ගේ කෑ ගැහිල්ලට අහස්මා බාර්ත් රූම් එක ලඟට ආවා..
"ඇයි ශේන් කෑ ගහන්නේ.."
"මගේ ඇස් වලට සබන් ගියා..දැන් වතුර එන්නෙත් නෑ ෂවර් එකේ.."
අහස්මට පොඩි හිනාවක් මුවඟට ආවේ ශේන්ට වුනු දේ ගැන හිතලා..
'හොඳ වැඩේ බක පන්ඩිතයට..'
අහස්මා හිතින් හිතුවා මිසක් ශේන්ට ඇහෙන්න මොකුත් කිව්වේ නෑ..
"මං දන්නවා තමුසේ දැන් ඔතෙන්ට වෙලා මට හිනා වෙනවා කියලා..හිනා වෙලා ඉවර නම් දැන්වත් ගිහින් පියදාසට කියලා වතුර එකක් උඩට ගෙනල්ලා දෙනවා..පහල වතුර ඇති සමහරවිට .."
ශේන් බාර්ත් රූම් එකේ ඉඳලා කෑ ගැහුවා..
'මෙයා කොහෙන් හරි බලන් ඉන්නවද දන්නේ නෑ..මං හිනා උනා කියලා හරියටම කිව්වනේ..'
අහස්මා හිතුවේ පුදුමයෙන් ..
"දැන්වත් යනවකෝ හලෝ..ඉන්න බෑ..තියෙන තරහකට පලිය පස්සේ ගන්නවා.."
"හරි හරි..පොඩ්ඩක් ඉන්න.."
එහෙම කියලා අහස්මා පහලට ගියේ පියදාසට කතා කරන්න..
"පියදාස..."
"ඇයි නෝනා.."
"ටැප් වල වතුර එනවද.."
අහස්මා ඇහුවේ හිනාව තද කරගෙන..
"ටිකක් විතර එනවා නෝනා...ඇයි.."
"ශේන් මහත්තයා බාර්ත් රූම් එකේ ඉද්දී වතුර නතර වෙලා..ටිකක් ලොකු බාල්දියකට වතුර එකක් අරන් රූම් එකට එන්න ඉක්මනට.."
"හත්වලාමයි..මං ඉක්මනට ගේන්නම් නෝනා.."
එහෙම කියලා පියදාස ගේ පිටිපස්සට යද්දී කෙල්ල හිනා වෙවීම ආපහු කාමරේට ගියා..
"ශේන් පොඩ්ඩක් ඉන්න..දැන් පියදාස වතුර එකක් ගෙනෙයි.."
අහස්මා කිව්වේ බාර්ත් රූම් එකේ ඉන්න ශේන්ට ඇහෙන්න..
"ඉක්මනට ගේන්න කියනවකෝ..දැන් කොච්චර වෙලාද..මගේ ඇසුත් දනවා.."
"හරි හරි ශේන් ..දැන් ගෙනෙයි..බොරුවට කෑ නොගහා ඉන්න.."
අහස්මා එහෙම කියද්දිම පියදාස වතුර බාල්දියක් අරගෙන කාමරේ ලඟට ආවා..
"මේන් නෝනා ..ඉක්මනට ශේන් මහත්තයට දෙන්න..මං මේ ලොකු මහත්තයගේ වැඩක් කරන ගමන් හිටියේ.."
පියදාස වතුර එක කාමරේ දොරකඩින් තියලා යන්න ගියේ අහස්මා තවත් මොකුත් කියන්නත් කලින්..
"දැන් අර නපුරට මමද මේක දෙන්න ඕනේ.."
අහස්මා වතුර බාල්දියත් අරන් බාර්ත් රූම් එක ලඟට ගියා..
"ශේන් දොර ඇරලා මේ වතුර එක ගන්න.."
අහස්මා බාර්ත් රූම් එකේ දොරට ගහන ගමන් ශේන්ට කතා කරා..
"බෑ...බෑ...."
"බෑ...? ඒ ඇයි ශේන් ..දැන් මැරෙන්න හැදුවා නේද..මොකක්ද අනේ මේක ගන්නකෝ..මට තව වැඩ තියෙඅනවා.."
"බෑ...බෑ...මට ගන්න විදිහක් නෑ.."
"ඒ ඇයි ඒ.."
"එහෙම තමා..කියන දේ අහනවකෝ.."
ශේන් කිව්වේ තරහින්..
"හරි එහෙනම් වතුර ආපු වෙලාවක එලියට එන්නකෝ..."
"අනේ මැට්ටි..ඔහොම ඉන්නවා.."
"ඇයි ශේන් මෙහෙම වද දෙන්නේ.."
"මට මේ...මේ..."
"මොකක්ද කියන්නකෝ.."
"මට මේ ටවල් එක හොයා ගන්න විදිහක් නෑ .."
ශේන් එහෙම කියද්දි නම් කෙල්ලට හයියෙන් හිනා ගියා..
"ඔව් ඔව්..තමුසේ හිනා වෙනවා .."
ශේන් ඇතුලේ ඉඳලා කෑ ගැහුවේ තරහින්..
"හී...හී...මට අඬන්නද කියන්නේ.."
"හරි හරි..මං තමුසේ ගැන එලියට ඇවිත් බලා ගන්නම්කෝ.."
"වැඩිය කෑ ගැහුවොත් වතුර එක දෙන්නෙම නෑ ශේන්.."
"හරි හරි..ශේප්..ශේප්...ඕක මට ගන්න විදිහක් හිතනවකෝ.."
ශේන් කියපු විදිහට කෙල්ලට දුක හිතුනා..
"මගේ ටවල් එක දෙන්නද.."
"අප්පෝ...මට එපා.."
ශේන් එක පාරටම එහෙම කියද්දී නම් අහස්මටත් තරහා ගියා..
"මටත් කොහොමත් දෙන්න ඕනේ නෑ..පව් කියලා ඇහුවේ..ඔහොමම ඉන්න..ඉවරනේ.."
"හරි ඉතිම්..දෙනවකෝ..ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේද .."
අහස්මා හිනාව තද කරගෙනම කෙල්ලගේ ටවල් එක අතට ගත්තා.
"ඕක ඉක්මනට ගේනවකෝ..සීතලයි.."
"මං කිව්වද මේ රෑ නාන්න කියලා..ඔය දොර අරින්න.."
කොල්ලා හිමීට දොර ඇරලා අත විතරක් එලියට දැම්මා..
අහස්මා කෙල්ලගේ ටවල් එක ශේන්ගේ අතට දුන්නා..
ශේන් ටවල් එක අමාරුවෙන්ම ඇඳ ගත්තා..
"දැන් හරිද .."
අහස්මා ඇහුවේ හිනාව තද කරගෙන..
"හරි..ඔය වතුර එක ගේනවකෝ ඇතුලට.."
"අනේ මට නම් බෑ..ඔයා ගන්නකෝ.."
කෙල්ල කිව්වේ තරහින්.
"මගේ ඇස් වල සබන් හලෝ..මොකක්ද තමන්ගේ කසාද මිනිහා වෙනුවෙන් ඔහොම දෙයක්වත් කරන්න බැරිද.."
'ඇස් වලට සබන් යන්නම ඕනේ මං එයාගේ කසාද ගෑනි කියලා මතක් වෙන්න..'
අහස්මා එහෙම හිතලා වතුර බාල්දියත් අරන් හිමීට බාර්ත් රූම් එකේ දොර ඇරියා..
කෙල්ල හිටියේ බාගෙට ඇස් දෙක වහගෙන..
මොනවා පෙනෙයිද දන්නේ නෑනේ.
"ඉක්මනට දෙනවකෝ.."
"ඔයා ටවල් එක ඇඳගෙන නේද ඉන්නේ.."
අහස්මා ඇහුවේ සැකෙන්..
"ඔව් ඔව්..බය වෙන්න එපා හලෝ.."
අහස්මා හිත හදන් ඇස් ඇරලා ශේන් දිහා බැලුවා..
කොල්ලව දැකලා කෙල්ලට හොඳටම හිනා ..
කොල්ලගේ මූනෙයි ඇඟෙයි සබන් වේලිලා හොඳටම..දැක්කහම අහස්මට දුකත් හිතුනා..
"ඔය වතුර ටිකක් මූනට දානවකෝ ඉක්මනට .."
ශේන්ගේ කෑ ගැහිල්ල නිසා අහස්මා ඉක්මනටම කොල්ලගේ මූනටයි ඇඟටයි කෝප්පයකින් වතුර වක් කරා ..
"දැන් හරිනේ.."
"හරි හරි..තෑන්ක්ස් හොඳේ..."
කෙල්ල බාර්ත් රූම් එකෙන් එලියට එන්න හදද්දී හිතපු නැති විදිහට කෙල්ලගේ කකුල ලිස්සුවා..
ශේන් වැටෙන්න ගියපු අහස්මව කොල්ලගේ අත් දෙක අතරට මැදි කර ගත්තේ පරිස්සමින්..
වතුර බිංදු වලින් නැහැවිලා තියෙන ශේන්ගේ හැඩිදැඩි පපුවට කෙල්ල තුරුලු උනේ නොදැනීමයි..
අහස්මගෙයි ශේන්ගෙයි ඇස් එකිනෙක ගැටුනා..තප්පර කීපයක් ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටපු ශේන් ඒ ඇස් වලින් දැක්කේ කවදාවත් නැති ලස්සනක්..
කොල්ලා අහස්මගේ තොල් පෙති සෙමින් සිප ගත්තේ කෙල්ලවත් හැඟීම් වලින් මුසපත් කරමින්..
අහස්මත් කිසිම දෙයක් නොකියා ශේන්ට අවනත උනා..
කොල්ලා ටික වෙලාවකින් කෙල්ලගේ ගෙල ,ලැම තොල් පෙති වලින් ස්පර්ශ කරේ සෙමින්..
අහස්මටත් කෙල්ලගේ හැඟීම් පාලනේ කර ගන්න බැරුව ශේන්ගේ පපුවට තුරුලු උනා..
අහස්මව බිත්තියකට හේත්තු කරගෙන ශේන් කෙල්ලගේ සිරුර තොල් පෙති වලින් රස බැලුවේ අසිහියෙන් වගේ..
මිනිත්තු ගානකට පස්සේ ශේන්ගේ පෝන් එක රින්ග් වෙන සද්දෙට තමා දෙන්නම පියවි සිහියට ආවේ..
කෙල්ල ශේන්ව මෑත් කරේ ලැජ්ජාවෙන්..
"සො...සොරි.."
ශේන් කිව්වේ වැරැද්දක් කරා කියන හැඟීමෙන්..
අහස්මා කිසිම දෙයක් නොකියා ශේන්ගෙන් මිදිලා බාර්ත් රූම් එකෙන් එලියට ආවා..
කෙල්ලට දැනුනේ කියා ගන්න බැරි තරම් අමුතු හැඟීමක්..
මිනිත්තු කීපයක් සිද්ද වුනු දේ ගැන කල්පනා කරපු අහස්මා දිගටම රින්ග් වෙන ශේන්ගේ පෝන් එක අතට ගත්තා..
"හලෝ .."
"හලෝ.."
එහා පැත්තෙන් ඇහුනේ ගෑනු ලමයෙක්ගේ කටහඬක්..
"ශේන් ඉන්නවද.."
"ශේන් නම් බාර්ත් රූම් එකේ ..කවුද මේ කතා කරන්නේ.."
අහස්මා ඇහුවේ සැකෙන්..
"ම..මම ටානියා.."
අහස්මගේ පපුව හිර වෙනවා වගේ දැනුනා..
තමන්ගේ සැමියගේ හදවතේ අයිතිකාරි..හරියට කෙල්ලගේ හිත
අයිති නිර්වාන් වගේ..
ඒත් වෙනසක් තියෙනවා..කෙල්ලගේ ආදරේ තියෙන්නේ හදවතේ..ඒත් ශේන් එයාගේ ආදරේ තාම ලඟින් තියාගෙන ඉන්නවා..
"ආහ්..මෙ...මේ..."
"කවුද අහස්මා .."
පිටිපස්සෙන් ඇහුනු කටහඬින් කෙල්ල හැරිලා බැලුවා..
ශේන් බාර්ත් රූම් එකෙන් එලියට ඇවිත් අහස්මා ලඟට ආවා..
"ටා..ටානියා.."
අහස්මා එහෙම කියලා පෝන් එක ශේන්ගේ අතට දුන්නේ සියුම් ඊර්ෂ්‍යාවකින්..
කොල්ලා කෙල්ලගේ අතින් පෝන් එක ගත්තේ ඒ දිලිසෙන ඇස් මඟ හරිමින්..
16
ශේන් පෝන් එකත් අරන් බැල්කනියට යනකොට අහස්මා හිස් හැඟීමකින් ඇඳෙන් වාඩි වුනා ..
ශේන් හිමින් ටානියත් එක්ක මොනවද මුමුනනවා..
අහස්මට මතක් වුනේ නිර්වාන්ව..
------------------------------
"හලෝ බබා..."
"ඇයි නිර්වාන් මේ රෑ..මොකක් හරි කරදරයක්ද.."
අහසමා ඇහුවේ වෙලාව බලන ගමන්..
පාන්දර එක හමාරයි..
"නින්ද යන්නේ නෑනේ අනේ...."
නිර්වාන් කිව්වේ හුරතල් හඬින්..
"අනේ බබා...මොකෝ වුනේ..ඇයි මේ.."
"මට ඔයාව මතක් වෙනවනේ අනේ.."
"ආහ්...මොකෝ මේ බොරු හුරතලේ.."
"අනේ ඉතින්..ඔයාව මතක් වුනත් වැරදිනේ.."
නිර්වාන් කිව්වේ නෝක්කාඩු හඬින්..
"හරි හරි මැනික..එන්න මං ඔලුව අත ගාන්න..ඔයා දොයිය ගන්න.."
"ආහ්..ඒක ෂෝයී.."
"අනේ අනේ...පොඩි ලමයි වගේ අනේ අපි..අපේ කම්පැනි එකේ අය දන්නවා නම් අපිට හිනා වෙයි.."
"ඉතිම් අනේ අපිත් ලවර්ස්ලනේ..."
"හරි හරි ඉතින්..දැන් දොයිය ගන්නකෝ..මම ලයින් එකේ ඉන්නම්.."
"කතා කර කර ඉමු ඉතිම්.."
"හ්ම්...කියන්නකෝ....."
ටික වෙලාවක් කතා කර කර ඉද්දී කොල්ලට පෝන් එක කනේ තියා ගෙනම නින්ද ගිහිල්ලා..
"හලෝ...හලෝ..."
ඒත් නිර්වාන් ඒ වෙලාවේ හිටියේ තද නින්දේ..
"ගුඩ් නයිට් මහත්තයෝ ..ආදරෙයි ගොඩාක් ..උම්ම්මා.."
------------------------------
"අහස්මා .."
කෙල්ල අතීත මතකයෙන් මිදුනේ ශේන්ගේ කටහඬින්..
"මොකද ඇස් වල කඳුලු.."
එතකොට තමයි අහස්මට දැනුනේ කෙල්ලගේ කම්මුල දිගේ කඳුලු ගලා ගෙන යනවා කියලා..
"මො..මොකුත් නෑ..."
අහස්මා එහෙම කියලා ශේන්ගේ ඇස් මඟ ඇරියා.
කොල්ලා ඇවිත් අහස්මා ලඟින් වාඩි වුනා..
"සොරි.."
"ඒ..ඒකට කමක් නෑ.."
"මං එහෙම ඔයාට එහෙම ලං වෙන්න හිතුවේ නෑ..ඒත් මාත් පිරිමියෙක්..මගෙන් ඈත් වෙලා ඉන්න අහස්මා..ඒක අපි දෙන්නටම හොඳයි.."
ශේන් එහෙම කියලා කෙල්ලගේ ඇස් වල පිරිලා තියෙන කඳුලු කොල්ලගේ ඇඟිලි තුඩු වලින් හිමින් සීරුවට පිහ දැම්මා..
කොල්ලගේ මාපට ඇඟිල්ලෙන් අහස්මගේ කඳුලු පිහදාපු ශේන් කෙල්ලගේ කම්මුල් ස්පර්ශ කරගෙන තොල්පෙති දක්වා මාපට ඇඟිල්ල රැඟෙන ආවා..
අහස්මා කෙල්ලගේ තොල් මත තිබුනු ශේන්ගේ අත හිමින් ඉවත් කරේ කොල්ලගේ හිත නොරිදෙන විදිහටයි..
"කලු දොදොල් කන්න තියෙන අකමැත්ත දිගටම තියා ගන්න ශේන්.."
අහස්මා එහෙම කියලා ශේන් ඉන්න තැනින් නැගිට්ටා..
කොල්ලගේ හිතට දැනුනේ සියුම් ලැජ්ජාවක්..
------------------------------
කවදාවත් නැතුව ශේන් උදේ අහස්මට කලින් නැගිට්ටා..
කොල්ලට ඇස් ඇරලා බලද්දී දැක්කේ අහස්මා කොල්ලට තුරුලු වෙලා ඉන්නවා..
කලු වුනත් අහස්මට තියෙන්නේ අමුතුම ලස්සනක් කියලා ශේන්ට හිතුනා..
නින්දෙන් ඉන්න අහස්මගේ මූනට වැටිලා තිබුනු කෙස් රොද හිමින් ඇඟිලි තුඩු වලින් ඈත් කරපු ශේන් කෙල්ලගේ නලල මත උනුසුම් හාදුවක් තැබුවා..
ඒත් අහස්මා තාමත් හිටියේ තද නින්දේ..
'මොනවද ශේන් උබ මේ කරන්නේ..
උබ අහස්මට ආදරේ නෑ නේද..එහෙම වෙලත් හැඟීම් වලට වහල් වෙලා ඒ කෙල්ලගේ හිතටත් බලාපොරොත්තු දෙන්න එපා..මේ ආදරේ නෙමෙයි..රාගය ශේන්..'
ශේන්ගේ හිත ශේන්ට තමන්ගේ වැරැද්ද මතක් කරලා දුන්නා..
කොල්ලා හිමින් සීරුවේ කෙල්ලගෙන් ඈත් වුනේ අහස්මා නැගිටියි කියන බයෙන්..
ශේන් ඇඳෙන් නැගිටිනවත් එක්කම අහස්මත් නින්දෙන් ඇහැරුනා..
"ගුඩ් මෝනින් ශේන්.."
අහස්මා කිව්වේ හවුස් කෝට් එක ඇඟලා ගන්න ගමන් මද සිනහවකින්..
ඒත් අහස්මා දිහා බලන්නවත් ශේන්ට හිතුනේ නෑ..
ශේන් ටවල් එකත් අරන් බාර්ත් රූම් එකට ගිහින් දොර වහ ගත්තේ අහස්මා ගුඩ් මෝනින් කියපු එක ඇහුනේ නැති ගානට..
'මේ මනුස්සයට උදේම මොනා වෙලාද..ගුඩ් මෝනින් කිව්වත් ඔරවනවා..ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලාද කොහෙද..'
අහස්මගේ හිතේ ශේන් ගැන කිසිම ආදරයක් තිබුනේ නෑ..
කෙල්ලගේ හිතේ අදටත් ඉන්නේ නිර්වාන්ම විතරයි..ඒ නිසා ශේන් ටානියට ලං වෙලා ඉන්න එක ගැන අහස්මට තරහක්,දුකක් තිබුනේ නෑ...
'මටත් හොඳ වැඩේ බලෙන් දෙන්න යනවට..'
අහස්මා හිතුවේ කෙල්ල ගැනම ඇති වුනු තරහින්..
ටික වෙලාවකින් ශේන් බාර්ත් රූම් එකෙන් එලියට ඇවිත් ඔෆිස් යන්න ඇඳුමක් තෝරන ගමන් හිටපු අහස්මා දිහා බලලා හිනා වුනත් කෙල්ල ඔරවලා අහක බලා ගත්තා..
"ගුඩ් මෝනින්.."
ශේන් කිව්වේ හිනාවක් අතරින්..
ඒත් අහස්මා ශේන් කියපු දේ ඇහුනේ නෑ වගේ බර්ත් රූම් එකට ගියේ ශේන්ට ගස්ස ගෙන..
'කෙල්ලොනේ...'
ශේන් එහෙම හිතලා ශූටින් යන්න ලෑස්ති වුනා..
------------------------------
අහස්මා ඔෆිස් එකට ආවේ ටිකක් පරක්කු වෙලා..
"මැඩම් මිස්ටර් නිර්වාන් ඇවිත් ඉන්නවා..අර කන්ට්‍රෑක් එක ගැන කතා කරන්න.."
සැන්ඩ්‍රා කිව්වේ අහස්මාගේ කැබින් එකට ඇතුල් වෙන ගමන්..
කෙල්ලගේ හදවත මොහොතකට නතර වෙනවා වගේ අහස්මට දැනුනා..
"එ...එන්න කියන්න .."
අහස්මා කිව්වේ හිත හදාගෙන..
"එස්කියුස් මී..මේ අයි කමින්.."
"යර්ස් කමින්..ප්ලීස් ටේක් අ සිට්.."
අහස්මා හොඳින්ම දන්නවා නිර්වාන් මේ වගේ කන්ට්‍රෑක් ගැන කතා කරන්න වෙන කම්පැනි වලට යන කෙනෙක් නෙමෙයි කියලා..
නිර්වාන් ආවේ කෙල්ලව බලන්න කියන එක අහස්මට රහසක් වුනේ නෑ...
"සොරි මිස්ටර් නිර්වාන් කන්ට්‍රෑක් එක සයින් කරන්න පරක්කු උනාට..මං අසනීප උන නිසයි එහෙම වුනේ..මං සැන්ඩ්‍රට කියන්නම් ඒ ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරන්න කියලා.."
අහස්මා කියාගෙන කියාගෙන ගියේ නිර්වාන්ගේ ඇස් මඟ ඇරලා..
"දැන් ඔයාට කොහොමද අහස්මා.."
නිර්වාන් කෙල්ල කියපු කිසිම දෙයක් ගනන් නොගෙන එහෙම අහනකොට අහස්මා මොහොතකට ගොලු වුනා..
"මිස්ටර් නිර්වාන් මේ මගේ කම්පැනි එක..ප්ලීස් මගේ ප්‍රයිවට් දේවල් ගැන ඔයා වොරි වෙන්න එපා..මේ කන්ට්‍රෑක් එක ගැන විතරක් හිතන්න.."
කෙල්ල කිව්වේ බොරු තරහක් මවා ගන්න ගමන්..
නිර්වාන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා අහස්මා ලඟට ආවේ කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියයි..
කෙල්ලත් පුටුවෙන් නැගිට්ටේ නිර්වාන්ගේ හැසිරීම ගැන බය හිතුනු නිසයි..
"එපා නිර්වාන් ..ප්ලීස් මගේ ලඟට එන්න එපා.."
ඒත් අහස්මා කියන කිසිම දෙයක් නිර්වාන් ඇහුවේ නැහෑ..
කොල්ලා හිමි සැරේ කෙල්ලගේ ලඟටම ආවේ අහස්මව තවත් බය කරමින්..
තමන් දැන් නමට හරි වෙන කෙනෙක්ගේ බිරිඳක් කියන එක වගේම මේ ඉන්නේ ඔෆිස් එකේ කියන එක නිර්වාන්ට අමතක වුනාට අහස්මට අමතක වුනේ නෑ..
"ඔයාට මොකද වෙලා තියෙන්නේ නිර්...."
අහස්මට කියන්න හදපු දේ සම්පූර්ණ කරන්න ඉඩ නොදීම නිර්වාන් කෙල්ලගේ කට කොල්ලගේ අතින් වැහුවේ කෙල්ලට තවත් ලං වෙන ගමන්..
"ෂ්...කෑ ගහන්න එපා.."
නිර්වාන් කිව්වේ කෙල්ලගේ කනට ලං වෙලා..
කෙල්ලගේ ඇස් තිබුනේ කැබින් එකේ දොර ලඟ ..
කවුරු හරි කැබින් එකට වැරදිලා හරි ආවොත් වැරදියට හිතයි කියලා අහස්මට දැනුනේ බයක්..
නිර්වාන් කෙල්ලගේ කෙස් අතරින් කොල්ලගේ අත යවලා අහස්මා ඇඳගෙන හිටපු බ්ලවුස් එකේ කොලර් එක හිමින් ටිකක් උඩට ඉස්සුවේ කෙල්ලව තවත් පුදුම කරමින්..
ඊට පස්සේ කෙල්ලගේ මුවින් නිර්වාන් කොල්ලගේ අත අයින් කර ගත්තා ..
"මොකද නිර්වාන් වෙලා තියෙන්නේ..පිස්සුද...තමන්ව පාලනේ කර ගන්න.."
අහස්මා හිතේ තිබුනු තරහා පිට;කරේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ..
"මට පාලනේ කර ගන්න තිබුනා වහ ගන්න ඕනේ දේවල් ඇරගෙන හිටියේ නැත්තම්.."
කොල්ලා කිව්වේ ඇස් වල කඳුලු පුරව ගෙන..
"මොනවද කියන්නේ.."
"කිව්වේ මොකක්ද කියලා ඔයාම බලන්න අහස්මා..ඔයා සතුටින් නම් මට ඒ ඇති.."
නිර්වාන් තවත් මොකුත් නොකියා කැබින් එකෙන් එලියට ආවේ කෙල්ල සිද්ද වුනු දේ හිතා ගන්න බැරුව බලන් ඉද්දිමයි..
කෙල්ල ඉක්මනින්ම කොලර් එක අල්ලලා බැලුවේ නිර්වාන් කියපු දේ තේරුම් ගන්න හිතා ගෙන..
ඒත් කෙල්ලට නිර්වාන් කියපු දේ තේරුම් ගන්න බැරි වුනා..
ඉක්මනින් හෑන්ඩ් බෑග් එකේ තිබුනු පොඩි කන්නාඩියෙන් අහස්මා කෙල්ලගේ ගෙල පෙදස බැලුවා .
එතකොට තමයි අහස්මා දැක්කේ පෙර දින රාත්‍රියේ ශේන් කෙල්ලව සිප ගත්ත වෙලාවේ ඇති වුනු රත් පැහැ පැල්ලම් කීපයක්ම ගෙලේ තියෙනවා කියලා..
අහස්මට ඇති වුනේ කියා ගන්න බැරි තරමේ ලැජ්ජාවක් වගේම දුකක්..
'අනේ නිර්වාන් මං ගැන මොනවා හිතන්න ඇතිද..ඒ දේ මං හිතා මතා කරේ නෑ කියලා නිර්වාන්ට කියන්න පුලුවන් උනා නම්..'
කෙල්ල හිතුවේ ඇස් වල කඳුලු පුරවගෙන..
17
අහස්මා හිටියේ කියා ගන්න බැරි තරමේ වේදනාවකින්..
කෙල්ලට දවසම වැඩක්වත් කරන්න හිතුනේ නෑ...
අහස්මා කලින්ම ගෙදර ආවේ නිතරම ඔෆිස් එකේදී නිර්වාන්ව මතක් වෙන නිසා..
කෙල්ල ගෙදර ඇවිත් වොෂ් එකක් දා ගෙන ඇඳට ආවේ හිත නොසන්සුන් නිසා ටිකක් නිදා ගන්න හිතා ගෙන..
ඒත් එක්කම අහස්මගේ පෝන් එක රින්ග් වුනා..
"හලෝ..."
"හලෝ අහස්මා .."
"රිතූ ඔයා.."
අහස්මට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්..
රිතූ, අහස්මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා හොඳම යාලුවා..
වෙඩින් එකෙන් පස්සේ රිතූට කතා කරන්න තරම් හොඳ මානසිකත්වයක් කෙල්ලට තිබුනේ නෑ..
"රිතූ තමයි..උබලට අපිව මතකවත් නෑනේ ඉතින්.."
රිතූ කිව්වේ නෝකකාඩු හඬින්..
"අනේ එහෙම දෙයක් නෑ බන්..බිසී උනා පහු ගිය දවස් ටිකේ.."
"අනේ ඇත්තද..කාත් එක්කද..අර සුපර් මොඩ්ල් ශේන් සිංහවංශ එක්කද.."
රිතූගේ කටහඬේ තියෙන්නේ තරහ තේරුම් ගන්න හොඳම යාලුවා වුනු අහස්මට අපහසු වුනේ නෑ..
"ඒ මගේ හස්බන්ඩ් බන්.."
"අන්න උබේ ඔය හස්බන්ඩ් කියන එකා වෙන කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා ඔඩෙල් එකේ ෂොපිං කරනවා.."
රිතූ කියපු දෙයින් අහස්මා දුක් වුනේවත් කලබල වුනේවත් නෑ..
රිතූ හොඳම යාලුවා වුනත් ගෙයි ගින්දර පිටට දෙන්න කෙල්ල කැමති වුනේ නෑ..
අනික රිතූ කියන්නේ නිර්වාන්ගෙත් හොඳම යාලුවෙක්..
රිතූගෙන් මේ දේවල් නිර්වාන් දැන ගනියි කියලා අහස්මා බය වුනා..
"ආහ්..ඒ මේ..මේ..යාලුවෙක් වෙන්න ඇති..දන්නේ නැද්ද රිතූ මොඩ්ලින් ෆීල්ඩ් එකේ හැටි.."
අහස්මා කිව්වේ සැහැල්ලුවෙන් ..
"අනේ බන් යාලුවෝ නම් ඇඟේ එති එතී කිස් කර කර යන්නේ නෑනේ.."
අහස්මගේ හිතට දැනුනේ සියුම් දුකක්..
"මං දන්නේ නෑ බන් උබලගේ ප්‍රශ්න .ඒත් ඒ ගර්ල් කවුරු වුනත් ශේන්ගේ නෝමල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා නම් හිතන්න අමාරුයි.."
රිතූ කියවගෙන යද්දී මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව අහස්මා අහගෙන හිටියා..
"උබ ඉන්නේ දුකින් කියලා මට තේරෙනවා අහස්මා..පොඩ්ඩක් මේ ගැන හොයලා බලපන්.."
තවත් රිතූට බොරු කරලා වැඩක් නෑ කියලා කෙල්ලට තේරුම් ගියා..
"රිතූ..මං මේ ගැන හොයලා බලන්නම්..ප්ලීස් මේ ගැන උබ කාටවත්ම කියන්න එපා..ස්පෙෂලි නිර්වාන්ට.."
"මං කාටවත් කියන්නේ නෑ අහස්මා ..උබ බය වෙන්න එපා ඒ ගැන..ඒත් හොයලා බලපන්.."
"හ්ම්..තෑන්ක්ස් රිතූ.."
"හරි එහෙනම් මං තියන්නම්..ෆ්‍රී වෙලාවක මීට් වෙලා කතා කරමුකෝ.."
"ඕකේ..බායී.."
අහස්මා පෝන් එක තියලා කල්පනා කරේ ශේන් ගැන..
කෙල්ලට ඇති වුනේ ලොකු තරහක්..
අහස්මා ශේන් එනකල් බලාගෙන හිටියත් කොල්ලා ගෙදර ආවේ රෑ දොලහත් පහු වෙලා..
ශේන් රූම් එකට එනකොට කෙල්ල හිටියේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන ගමන්..
ශේන් නිකමටවත් කෙල්ල දිහා බැලුවේ නෑ..
"ශේන්.."
"හ්ම්..."
"මට ටිකක් කතා කරන්න ඕනේ.."
"කියන්න.."
ශේන් කිව්වේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්..
අහස්මට ඇති වුනේ කිය ගන්න බැරි තරම් තරහක්..
කෙල්ල කන්නාඩි මේසේ ඉස්සරහ හිටගෙන හිටපු ශේන් ලඟට ඇවිත් කොල්ලගේ අතින් අල්ලලා කෙල්ලගේ පැත්තට හැරෙව්වා..
"මො...මොකද මේ ..යකෙක්වත් වැහුනද.."
ශේන් ඇහුවේ මද සිනහවකින්..
"මට නෙවෙයි තමුන්ටයි මදන යකා වැහිල ඉන්නේ.."
"මොනවද කියන්නේ අහස්මා..කියන දෙයක් තේරෙන්න කියනවා..මං කැමති නෑ තුන් තේරවිලි තෝරන්න.."
ශේනුත් තරහින් එහෙම කිව්වට කෙල්ල බය වුනේ නෑ..
"තමුන්ට ටානියගෙන් තොර ලෝකයක් නෑ කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි ශේන්..ඒත් මට කියලා නම්බුවක් තියෙනවා..ඔයා ඔය නටන නාඩගම් වලින් ලැජ්ජා වෙන්නේ මං.."
"මොනවද කියන්නේ ඕයී..කියන්න තියෙන දෙයක් කෙලින් කියනවා.."
"තමුන් අද අර ටානියත් එක්ක ඔඩෙල් එකේ නාඩගම් නට නට ෂොපිං කරාද නැද්ද .."
අහස්මා එහෙම අහනකොට නම් කොල්ලා ටිකක් කලබල වුනා..
ඒත් ශේන් ඒක අහස්මට පෙන්නුවේ නෑ..
"කියන්න ශේන්..ඇයි උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.."
"ඔ..ඔව්..ඉතින් ඇයි..ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."
ශේන් කෑ ගැහුවේ තරහින්..
"ඔව්..ඒ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි..ඒත් මං තමුන්ගේ වයිෆ්..
ලෝකෙම ඒක දන්නවා..මට කියලා නම්බුවක් ,තත්වයක් තියෙනවා..
තමුන්ගේ නාඩගම් නිසා මට ඒක නැති කර ගන්න බෑ..නටන නාඩගමක් ලෝකෙට පේන්නේ නැති වෙන්න නටා ගන්නවා..මට තමුනුයි ටානියයි මොනා කර ගත්තත් කමක් නෑ..ඒත් මේ විදිහට අහක ඉන්න මාව පිට මිනිස්සු ඉස්සරහා ලැජ්ජා කරන්න එපා..ඔයාගේ හැම විකා.."
"ඔය ඇති අහස්මා.."
ශේන් අහස්මට තවත් කතා කරන්න ඉඩ නොදී කෑ ගැහුවේ තරහින්..
"තමුසේ මගේ ඉවසීම මනින්න හදන්න එපා.."
"ඔයත් මගේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන්න එපා ශේන්.."
"තමුසෙගේ කට වැඩියි අහස්මා .."
ශේන් එහෙම කියලා අහස්මගේ කට කොල්ලගේ ඇඟිලි තුඩු වලින් තද කරලා අල්ල ගත්තේ තරහින්..
අහස්මා ශේන්ගෙන් මිදෙන්න උත්සහා කරත් කොල්ලා කෙල්ලව අත ඇරියේ නෑ...
"දඟලන්න එපා බොරුවට..ඔව් මං ටානියත් එක්ක ෂොපිං කරන්න ගියා තමයි..ඒ මගේ ලයිෆ් එක, මගේ සතුට..මට කිසි වුවමනාවක් නෑ මේ ගේ අස්සේ රිංග ගෙන තමුසෙගේ මූන දිහා බලන් ඉන්න..මේක හරි කරුමයක් උනානේ.."
ශේන්ගේ හිත රිදෙන කතා ඇස් වල කඳුලු පුරවගෙන අහස්මා අහගෙන හිටියේ වේදනාවෙන්..
ශේන් අහස්මගේ කම්මුල් හිර කරගෙන හිටපු අත ඉවතට ගත්තේ කෙල්ලව තල්ලු කරන ගමන්..
"මටත් තමුසේ එක්ක පවුල් කන්න කිසිම වුවමනාවක් නෑ..මගේ තාත්තා නිසා මං ඉවසන්නේ..නැත්තම් අදටත් නිර්වාන් මාව භාර ගන්න ලෑස්තියි ඕනම වෙලාවක.."
නිර්වාන් ලඟට ආපහු යන්න කිසිම අදහසක් කෙල්ලගේ හිතේ නොතිබුනත් අහස්මා එහෙම කිව්වේ ශේන්ව රිද්දවන්න හිතා ගෙන..
"මොකක්ද උබ කිව්වේ.."
ශේන් ඇහුවේ අහස්මගේ කෙස් වැටියෙන් අල්ල ගන්න ගමන්..
"ඇහුන දේ තමයි ශේන් කිව්වේ..තමුසේ මාව මැරුවත් මට කියන්න ඕන දේ මං කියනවා..ටානියත් එක්ක නටන මඟුලක් නටා ගන්නවා තමුන් දැන් කසාද බැඳපු මිනිහෙක් කියන එක මතක තියාගෙන.."
අහස්මගේ මූනේ ශේන් ගැන පොඩිම බයක්වත් තිබ්බේ නෑ..
ඒ වෙනුවට තිබුනේ කලකිරිමක්,තරහක්..
"හරි ඕයි හරි..ආයේ එහෙම නොවෙන්න මං බලා ගන්නම්..තමුසේ මගේ වැරදි පෙන්න පෙන්න අර නිර්වාන් කියන එකත් එක්ක නටන්න හිතා ගෙන ඉන්නවා නම් ඒ අදහස අත ඇර ගන්නවා..මොකද ඒ දේවල් හීන විතරයි.."
ශේන් අහස්මගේ කෙස් වැටියෙන් අත අරින ගමන් කෙල්ලට අනතුරු ඇගෙව්වා..
ශේන් අහස්මාගේ හැඬුම් ගනන් නොගෙනම බාර්ත් රූම් එකට ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට..
------------------------------
වෙනදා වගේම උදේ නැගිටිනකොට අහස්මා හිටියේ ශේන්ගේ තුරුලේ.
කලින් දවසේ රෑ අඳේ දෙපැත්තේ මූනවත් බලන්නේ නැතුව නිදා ගත්ත දෙන්නා උදේ බලද්දී තුරුල් වෙලා ඉන්නවා දැකලා කෙල්ලටත් හිනාවක් මුවඟට ආවා..
අහස්මා ශේන්ගෙන් මෑත් වෙන්න කලින්ම ශේන් නින්දෙන් නැගිටටා..
අහස්මා හිටියේ ශේන්ගේ ඉන වටේ අතක් දාලා කොල්ලගේ පපුවට තුරුලු වෙලා..
කල්පනා කර කර හිටපු නිසා කෙල්ල තාම හිටියේ නින්දෙන් හිටපු විදිහටමයි..
"මොකෝ මේ ආහ්..මං ගැන ආදරයක්වත් ඇති උනාද.."
ශේන් දඟකාර විදිහට එහෙම අහනකොට අහස්මට දැනුනේ සියුම් ලැජ්ජාවක්..
"උදේම පිස්සු හැදිලද කොහෙද.."
කෙල්ල බොරු තරහක් මවාගෙන එහෙම කියලා ශේන්ගෙන් ඈත් වෙන්න උත්සහා කරත් කොල්ලා කෙල්ලගේ අතින් අල්ලලා ඒක වැලැක්කුවා..
"ඉන්න..."
ශේන්ගේ කටහඬ මෘදුයි..
අහස්මා තාමත් හිටියේ ශේන්ගේ තුරුලේ..
"සොරි..."
කොල්ලා කිව්වේ අහස්මගේ කෙස් රොඳක් ඇඟිලි වලින් පිරිමදින ගමන්..
"ඇයි සොරි කියන්නේ.."
"ඊයේ ඔයාට කතා කරපු විදිහ වැරදියි..ඔයා කෑ ගහනකොට මටත් ටිකක් තරහා ගියා.."
"හ්ම්..."
"මට තේරෙනවා ඔයාගේ සිටුවේෂන් එක අහස්මා.."
"මේකයි ශේන්..ඔයයි ටානියයි අතරට එන්න මට කිසිම වුවමනාවක් නෑ..ඒත් ඔයා මීට වඩා පරිස්සමින් කරන දෙයක් කරන්න..
නැත්තම් මේ දේවල් අපේ පවුල අය ඉක්මනටම දැන ගනියි.."
අහස්මා කතාව අවසන් කරේ ශේන්ගෙන් ඈත් වෙන ගමන්..
"හරි ඉතින්..මගේ අතින් ආයේ ඒ වැරැද්ද වෙන්නේ නෑ..ටානියා ෂොපිං කරන්න යමු කිව්වහම මට බෑ නොකියා බැරි වුනා.."
"හ්ම්..."
"ඔයාට ඒකට අවුල්ද.."
ශේන් ඇහුවේ තාමත් ඇඳේ හාන්සි වෙලා ඉන්න කෙල්ලගේ ඇඟ උඩින් මූනට එබෙන ගමන්..
"මට ඒ ගැන දුකක් නෑ ශේන්..මොකද ඔයා මට ආදරේ කරන්නේ නෑනේ..මං ඔයට ආදරේ කරන්නෙත් නෑ..ඉතින් ඔයා කාත් එක්ක මොනා කරත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි...ඒත් නමට හරි මං ඔයාගේ වයිෆ්..ඔයා මොනා කරත් පුලුවන්නම් අන්න ඒක මතක තියා ගන්න.."
"හරි හරි මට මතකයි මං දැන් මැරීඩ් කියලා මේක තියෙනකල්.."
ශේන් කිව්වේ දකුනු අතේ වෙදඟිල්ලේ තියෙන රත්‍රං මුදුව පෙන්නලා ඇහැක් ඉඟි කරන ගමන්..
කෙල්ල තාමත් ඇඟ උඩින් මූනට එබිලා ඉන්න ශේන්ව අතින් පැත්තකට තල්ලු කරලා කොල්ලට ඔරවගෙනම ඇඳෙන් නැගිට්ටේ සිනහව මුවඟේ හිර කරගෙන..
"මේ කෙල්ලව නම් කවදා තේරුම් ගන්නද මන්දා.."
ශේන් හිතුවේ ඇඳෙන් නැගිටින ගමන්..
------------------------------
අහස්මා ටිකක් පරක්කු වෙලා ඔෆිස් යන්න කියලා පහල මාලයට ආවා..
ශේන්,මහසෙන් වගේම ශෙරීනුත් ගෙදර හිටියේ නෑ..
අහස්මා පහලට කෙල්ලට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා...
"හලෝ සැන්ඩ්‍රා ..."
"මැඩම් මීටින් එකට තව පැය බාගයයි..."
"හරි සැන්ඩ්‍රා ..ඔයා ඔක්කොම ලෑස්ති කරලා තියන්න..මං දැන් එනවා.."
අහස්මා පෝන් එකත් කනේ තියාගෙන එලියට එන්න හදද්දී ගේ ඉස්සරහා කාර් එකක් ඇවිත් නතර කරා...
"සැන්ඩ්‍රා මං ඔයාට පස්සේ කෝල් බැක් කරන්නම්.."
අහස්මා පෝන් එක තියලා මිදුලට ගියේ කවුද ආවේ කියලා බලන්න..
කාර් එකෙන් බැස්සේ ගොඩාක් කඩවසම් කොල්ලෙක්..
කලු පාට සන්ග්ලාස් දාලා කලු පාට ශර්ට් එකක් ඇඳලා හිටපු කොල්ලගේ දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් තිබුනේ..
අහස්මා කලින් එයාව දැකලා තිබුනේ නැහැ..
ඒ කොල්ලත් අහස්මා දිහා බලන් හිටියේ පුදුමයෙන්..
"කාව හම්බවෙන්නද.."
කෙල්ල එහෙම ඇහුවහම කොල්ලගේ මූනේ ඇඳුනේ සමච්චල් සහගත හිනාවක්..
"සොරි...."
"මං ඇහුවේ මිස්ටර් කාව හම්බවෙන්නද කියලා.."
අහස්මා ආපහු ඇහුවේ ටිකක් තරහින්..
කොල්ලා හිනා වෙවීම අහස්මා ලඟට ආවා..
ඒ හිනාව මීට කලින් දැකලා පුරුදුයි කියලා කෙල්ලට හිතුනා..
18
කොල්ලව කවදාවත් දැකලා නැති වුනාට මොකක්දෝ දැකලා පුරුදු ගතියක් අහස්මට දැනුනා..
"මිස්ටර් කාව මීට් වෙන්නද.."
අහස්මා ආපහු ඇහුවේ කොල්ලගෙන් පිලිතුරක් නැති තැන..
"ඔයා කවුද.."
කොල්ලා ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා..
"මගේ ගෙදරට ඇවිත් මං කවුද කියලා අහන එක විහිලුවක් නේද.."
අහස්මා එහෙම කියද්දී කොල්ලගේ මූනේ ආයෙමත් සිනහවක් ඇඳුනා..
"ආහ්..මේ ඔයාගේ ගෙදරද..එතකොට ඔයා මිස්....?"
"මම මිසිස් සිංහවංශ .."
"මං දන්න මිසිස් සිංහවංශ නම් ලොකු පුතාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.."
කොල්ලා එහෙම කියද්දී අහසමගේ හිතේ තිබුනු තරහා තවත් වැඩි වුනා..
"මං ශේන් සිංහවංශගේ වයිෆ්, අහස්මා සිංහවංශ .."
"ආහ්..ඕකේ..කලින් කියන්න එපැයි.."
"මේ මිස්ටර්..ඔයා කවුරු වුනත් කමක් නෑ..මොකටද ආවේ කියනවද..මොකද මට important meeting එකක් තියෙනවා.."
අහස්මට කොල්ලා උත්තර් දෙන්න හදද්දිම එතනට ලීලා ආවා..
"අනේ..ලොකු බේබි...එනවා කියලා කිව්වේවත් නෑනේ.."
ලීලා එහෙම කියද්දී අහස්මා පුදුම වෙලා ලීලා දිහා බැලුවා..
"මං හදිස්සියෙන් ආවේ ලීලා..කෝ අම්මලා.."
කොල්ලා ඇහුවේ පුදුමයෙන් තමන් දිහා බලන් ඉන්න අහස්මා දිහා බලන ගමන් .
"අනේ ඉතින් ලොකු බේබි එනවා කියලා ලොකු නෝනා දන්නේ නෑනේ..කට්ටියම වැඩ වලට එලියට ගිහින්.."
එතකොට මේ ශේන්ගේ අයියද..
කෙල්ලට තමන් ගැනම ඇති වුනේ ලැජ්ජාවක්..
"අනේ අහස්මා නෝනා කියන්නත් බැරි උනානේ මේ ඉන්නේ අපේ ලොකු බේබි.."
ලීලා එහෙම කියනකොට කොල්ලා කෙල්ලට අත දිගු කරේ සුපුරුදු හිනාවෙන්මයි..
"අයිම් ශෙවාන්, ශෙවාන් සිංහවංශ .."
අහස්මට දැනුනේ කියා ගන්න බැරි තරම් ලැජ්ජාවක්..
අහස්මා ශෙවාන්ට අතට අත දුන්නේ මවා ගත්ත හිනාවකින්..
"අනේ සොරි අයියේ මං දැන ගෙන හිටි..."
"ආහ්..ඉට්ස් ඕකේ..ඔයා මාව දන්නේ නෑනේ.."
අහස්මා කතාව ඉවර කරන්න කලින් ශෙවාන් කිව්වේ ගොඩාක් සුහදව.
"අයියා ඇතුලට යන්නකෝ..මම ආන්ටිට කෝල් එකක් දෙන්නම් අයියා ආවා කියලා.."
ශෙවාන් ගේ ඇතුලට ගියාට පස්සේ අහස්මා ශෙරීන්ට කෝල් කරලා විස්තරේ කියලා කෙල්ලගේ මීටින් එකත් කැන්සල් කරා..
'මට නිකමටවත් හිතුනේ නෑනේ මේ ශේන්ගේ අයියා කියලා..මං ගැන මොනවා හිතුවද දන්නේ නෑ..මං ඉතින් කලින් දැකලා නෑනේ..'
අහස්මා එහෙම හිතලා ශේන්ට කෝල් එකක් ගත්තා..
දෙතුන් වතාවක් උත්සහා කරාට පස්සේ ශේන් පෝන් එක ආන්සර් කරා..
ලේසියකින් අහස්මා කොල්ලට කෝල් ගන්නේ නැති නිසා ශේන් පෝන් එක ආන්සර් කරේ කුතුහලෙන්..
"හලෝ.."
"හලෝ ශේන්.."
"කියන්න අහස්මා .."
"අයියා ඇවිල්ලා.."
"මොන අයියද..ඔයාට අයියෙක් ඉන්නවා කියලා මං දැන ගෙන හිටියේ නෑනේ.."
ශේන් කිව්වේ හිනාවක් අතරින්..
"අනේ මේ..මගේ අයියා නෙමෙයි..ඔයාගේ අයියා.."
"වට්...මේ අපේ ශෙවාන් ?"
ශේන්ගේ කටහඬේ තිබුනේ පුදුමයක්..
"ඔව්..එයා තමයි ..ඔයා එනවද ශේන් දැන්..."
"ඔව්..ඔව්..නැතුව.."
ශේන් එහෙම කියලා පෝන් එක කට් කරා..
කෙල්ලත් කාමරේට ගිහින් ඇඳුමක් මාරු කරගෙන ආපහු පහලට එනකොට ශෙවාන් සෝෆා එකේ වාඩි වෙලා තේකක රස බලනවා..
"මං ආන්ටිට කෝල් කරලා කිව්වා අයියේ..ආන්ටි ගොඩාක් සප්‍රයිස් උනා..දැන් එයි.."
අහස්මා එහෙම කියලා සෝෆා එකෙන් වාඩි වුනා..
"මම නොකියම ආවේ අම්මලා මාව සප්‍රයිස් කරයි කියන බයට..ඒ විකාර වැඩ වලට මං ආස නෑ.."
ශේන්ට වඩා ශෙවාන් වෙනස් කෙනෙක් කියලා අහස්මට හිතුනා..
ශේන්ට නම් පාර්ටි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.
"අයියා ගැන නොදැන ඒ වෙලාවේ මම කෑ ගැහුවට මට සමාවෙන්න අයියේ.."
අහස්මා කිව්වේ කෙල්ල නොදැන හරි කරපු වරදට සමාව ඉල්ලන්න ඕන වුන නිසයි..
"ආහ්..එකට කමක් නෑ..මමත් මුලින් ඔයාව අඳුන ගත්තේ නෑ..ඒත් ඔයා ශේන්ගේ වයිෆ් කියලා කිව්වට පස්සේ මම ඔයාව අඳුන ගත්තා.."
අහස්මා ගැන ශෙවාන් වැඩි දෙයක් දැනගෙන හිටියේ නැහැ..බිස්නස් ඩීල් එකක් විදිහට ශේන් අහස්මා ගෲප් එකේ ඕනර්ව මැරි කරනවා කියලා විතරයි ශෙවාන් දැනගෙන හිටියේ..
අහස්මගේ පෙනුම,හැඩරුව ගැන ශෙවාන් දැනගෙන හිටියේ නැහැ..
ඒත් අහස්මගේ අමුතුම ලස්සනක් කොල්ලට පෙනුනා..
ඒත් ශේන්ගේ හැටි ශෙවාන් දන්න නිසා මේ වගේ කලු කෙල්ලෙක්ට ශේන් කැමති වුන එක ගැන කොල්ලට ඇති වුනේ පුදුමයක්..
"මං ශේන්ටත් කෝල් කරලා කිව්වා අයිය ඇවිත් ඉන්නවා කියලා..එයත් පුදුම උනා අයියා ආවා කිව්වහම.."
කෙල්ල කිව්වේ කිසිම වෙනසක් නොපෙන්වා..
ටික වෙලාවකට පස්සේ ශේන්ගේ වාහනේ සද්දේ ඇහුනා..
"අයියා...ඇයි නොකියා ආවේ..කිව්වා නම් ග්‍රෑන්ඩ් පාර්ටි එකක් දාලා ඔයාව පිලි ගන්නවනේ.."
ශේන් එහෙම කියද්දී ශෙවාන් හිනා වෙලා අහස්මා දිහා බැලුවා..
"හරි හරි..දැන් මං ආවනේ.."
ශෙවාන් කිව්වේ ශේන්ව වැලඳ ගන්න ගමන්..
පෙනුමෙන් ටිකක් එක වගේ උනාට දෙන්නගේ ගතිගුණ කොයි තරම් නම් වෙනස්ද කියලා අයියා මලෝ දිහා බලන අහස්මට හිතුනා.
"ආහ්..මේ අහස්මා අයියේ.."
ශේන් කිව්වේ අහස්මා දිහා බලන ගමන්..
"ආහ්..ඔව්..ඔව්..මං දන්නවා.."
"ඔයා කොහොමද දන්නේ..මං පොටෝ එකක්වත් එව්වේ නෑනේ තමුසෙට.."
"ඔව්..ඔව්...එවන්න කිව්වට එව්වෙම නෑනේ..දැන් විනාඩි පහලොවකට විතර කලින් අඳුන ගත්තේ.."
"ආහ්..හරි හරී..දැන් කොහොම හරි දන්නවනේ.."
ශේන් කිව්වේ ඕනෑවට එපාවට වගේ..
------------------------------
ශෙරීන් වගේම මහසෙනුත් ගෙදර ආවේ ශෙවාන්ගේ නොදන්වා පැමිණීම ගැන පුදුමයෙන්..
ශෙවාන් කියන්නෙම නැතුව ගෙදර ආපු එක ගැන නම් ශෙරීන් හිටියේ තරහින්..
"ඇයි පුතා ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්නේ..ඔයා එනවා කියලා කිව්වා නම් අපි ඔයාව ග්‍රෑන්ඩ් විදිහට පිලි ගන්නවනේ..අවුරුදු කීයකින්ද ඔයා මේ ලංකාවට ආවේ.."
ශෙරීන් කිව්වේ නෝක්කඩු හඬින්..
"ඒවා ඕනේ නෑ අම්මේ.."
ශෙවාන් කොහොමත් බොරු ආටෝප වලට කැමති කෙනෙක් නෙමෙයි..
"එයාට ඕනේ නැති උනාට කමක් නෑ මමා..අපි ඕගනයිස් කරමු පාර්ටි එකක්.."
"ඒක හොඳයි චූටි පුතා, හෙට රෑට පාර්ටි එක..මං දැන්ම කට්ටියට ඉන්වයිට් කරන්නම්.."
"ඒත් අම්මා.."
"ශෙවාන් ඔයා මොකුත් කියන්න එපා..හෙට ඔයා රෑට පාර්ටි එකට ආවහම ඒ හොඳටම ඇති..එච්චරයි..ඩෝන්ට් ආගිව් විත් මී..ඕකේ.."
ශෙවාන්ගේ අකැමැත්ත ගැන ශෙරීන් හිතුවේ නැත්තේ කොල්ලා ලංකාවට ආපු එකේ සතුට සමරන එක ශෙරීන්ට වැදගත් වුනු නිසයි..
"ඕන දෙයක් කර ගන්නකෝ.."
ශෙවාන් කිව්වේ තරහින්..
"අහස්මා ..ප්ලීස් මට ටිකක් මේ වැඩ ටික කර ගන්න හෙල්ප් කරන්න.."
"ආහ්..හා ආන්ටි..මං උදව් කරන්නම්.."
"එහෙනම් හරිනේ..ශේන්..අහස්මට ඔයත් උදව් කරන්න..ඔයාලගේ වෙඩින් එකෙන් පස්සේ ගෙදර ගන්න ෆර්ස්ට් පාර්ටි එකනේ..හොඳටම තියෙන්න ඕනේ.."
"ඒත් මමා..මං බිසී හෙට.."
අහස්මත් එක්ක දවසම ගෙවන්න නම් ශේන් කොහොමත් කැමති වුනේ නෑ..
"ඒවා පස්සේ කර ගන්න ශේන්..මේක තමා දැන් වැදගත්..අහස්මට උදව් කරන්න ඔයා.."
ශෙවාන්ට ශේන්ගේ මූන දැකපු ගමන් හිතුනා ශේන් අහස්ම ගැන කැමැත්තකින් නෙමෙයි ඉන්නේ කියලා..
"කමක් නෑ අම්මේ..ශේන් බිසී නම් මං නංගිට උදව් කරන්නම්.."
ශෙවාන් එහෙම කියනකොට ශේන්ට දැනුනේ ලොකු සතුටක්..
"ආහ්..එහෙනම් ඔන්න ඒකත් හරි..තමුසේ මෙයාට උදව් කරනවා..කොහොමත් පාර්ටි එක ඔයා වෙනුවෙන්නේ අයියා.."
"හරි එහෙම නම්..ලොකු පුතා අහස්මට උදව් කරන්නකෝ.."
"හරි එහෙනම්..මුලින්ම කොහෙන්ද පටන් ගන්නේ.."
ශෙවාන් ඇහුවේ ශෙරීන්වත් පුදුම කරමින්..
"දැන් අපිටත් වඩා මෙයාටනේ හදිස්සි.."
ශෙරීන් කිව්වේ හිනාවක් අතරින්..
"නෑ ඉතිම්..එක දවසනේ තියෙන්නේ..අනික නංගිටත් ඔෆිස් එකෙ වැඩ ඇතිනේ.."
"නෑ අයියේ..මං ඒවා මගේ සෙකට්‍රිට බලා ගන්න කිව්වා..අපි මුලින්ම කේටරින් එකක් බලමු නේද.."
"ඔව්..ඒක හොඳයි.."
අහස්මගේ කතාබහ,හැසිරීම ගැන ශෙවාන්ට තිබුනේ ලොකු පැහැදීමක්.. ඒත් ශේන්ගෙයි අහස්මගෙයි පවුල් ජීවිතේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කොල්ලට තේරුනා..
19
ශේන් හවස් වරුවේ ආපහු ශූටින් ගියාට පස්සේ අහස්මා ලෑස්ති වුනේ ශෙවානුත් එක්ක පාර්ටි එකේ වැඩ වලට එලියට යන්න..
කෙල්ල ලෑස්ති වෙලා පහලට එනකොට ශෙවාන් අහස්මා එනකල් බලාගෙන ඉන්නවා කෙල්ල දැක්ක..
"අයියා ගොඩාක් වෙලා බලන් හිටියද.."
"අනේ නෑ නංගා..ඔයා තව හොඳයි..
ගොඩාක් ගර්ල්ස්ලා ගමනක් යද්දී පැය දෙකකට මෙහාවත් රූම් එකෙන් එලියට ගන්න බෑ.."
ශෙවාන් කිව්වේ හිනාවක් අතරින්..
"ඔව් අයියේ..ඒක නම් ඇත්ත..කෙල්ලොනේ ඉතින්.."
"ඔව්..ඔව්..ඔයත් කෙල්ලෙක් නිසා මං තවත් ඔයත් එක්ක වාද කරන්නේ නෑ..එහෙනම් අපි යමුද.."
"මං මගේ කාර් එකේ එන්නම් අයියේ.."
අහස්මා කිව්වේ ශෙවාන් එක්ක එකට කාර් එකේ යන්න කෙල්ලගේ හිත ඉඩ දුන්නේ නැති නිසයි..
"අයියෝ...මොකටද ඉතින් ආයේ කාර් දෙකක් එකම වැඩේට..මගේ කාර් එකේ යමු.."
එහෙම කියන ගමන් ශෙවාන් කාර් එකේ දොර ඇරලා අහස්මට ඇසෙන් නගින්න ඉඟි කරා..
කෙල්ල අකැමැත්තෙන් වුනත් ඒකට එකඟ වුනේ ශෙවාන්ගේ හිත රිදෙයි කියන බයට..
"ඉතින්..ඔයා ගොඩාක් දක්ශ ,තරුන, බුද්ධිමත් ගෑනු ලමයෙක් කියලා මං අහලා තියෙනවා .."
ශෙවාන් කිව්වේ කාර් එකේ යන අතරමඟදී නිහඬතාවය බිඳින ගමන්..
අහස්මා හිනා වුනා මිසක් කිසි දෙයක් කිව්වේ නැහැ.
"ඔයත් එක්ක ඉස්සරහට වැඩ කරන්න ලැබුනොත් ඒක මට ලොකු සතුටක්..."
"මටත් එහෙමයි අයියේ.."
අහස්මා කිව්වේ මුලු හදවතින්මයි..
කෙල්ලට සහෝදර සහෝදරියෝ කවුරුවත් නැති නිසා අහස්මට ශෙවාන්ව තමන්ගෙම අයියා වගේ ගොඩාක් ලඟින් දැනුනා..
"ඉතින්...කොහොමද අලුත් මැරේජ් ලයිෆ් එක."
ශෙවාන් එහෙම අහනකොට කෙල්ලගේ මූන වෙනස් වෙනවා කොල්ලා දැක්කා..
ඒත් අහස්මට ඕන වුනේ ඒ වෙනස ශෙවාන්ගෙන් හංගන්න..
"ව...වරදක් නෑ අයියේ.."
අහස්මා එහෙම කිව්වට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් අහස්මයි ශේනුයි අතර තියෙනවා කියලා ශෙවාන්ට දැනුනා..
"අපේ ශේන් ලොක්කා වගේ හිටියට හරි මොඩයි නංගී..කිසිම දේක බරක් පතලක් නෑ..ඉතින් ඔය මෝඩ වැඩක් දෙකක් කරනවා ඇති..ඒවා දෙන්නා කතාබහ කරලා විසඳ ගන්න.."
"හ්ම්..ඔව් අයියේ..මට තේරෙනවා.."
අහස්මා සුසුමක් පිට කරන ගමන් එහෙම කිව්වේ හිත් වේදනාවෙන්..
ශෙවාන් ශේන්ටත් වඩා ගොඩාක් කඩවසම් කියලා අහස්මට හිතුනා..
මූන පුරා තියෙන රැවුල නිසා ඒ ලස්සන තවත් වැඩිවෙලා කෙල්ලට පෙනුනේ..
ශෙවාන් අවුරුදු ගානක් ආදරේ කරපු ගෑනු ලමය කොල්ලව දාලා වෙන කසාදයක් කර ගත්ත දවසේ ඉඳලා ශෙවාන් ගැනු ලමයින්ට වෛර කරා..
කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ ලඟට අරන් අත ඇරලා දාන විදිහ බලන් ඉන්න බැරිම තැන මහසෙන් ශෙවාන්ව මාලදිවයින් වල බිස්නස් බලා ගන්න යැව්වා..
කාලයත් එක්ක පරන තුවාල හොඳ කරගෙන තමයි ශෙවාන් ආපහු ලංකාවට ආවේ..
තාමත් කෙල්ලෝ ගැන පිලිකුල් හැඟීමක් කොල්ලගේ හිතේ තිබුනා.
ඒත් අහස්මව දැකපු වෙලාවේ ඉඳලම කෙල්ල ගැන ශෙවාන්ගේ හිතේ ඇති වුනේ ලොකු පැහැදීමක්..
කෙල්ලගේ කර්ල් කොන්ඩේ,තියුනු දිලිසෙන ඇස්,කලු පාට හම,සුන්දර සිනහව,කෙලින් කතා කරන විදිහ, කඩිසරකම, පිලිවෙල මේ හැමදේටම කොල්ලට කැමති නොවී ඉන්න බැරි වුනා..
"නංගී..මගේ ෆොරීන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ දවස් වල ලංකාවට ඇවිත් ඉන්නවා..හිල්ටන් එකේ ඉන්නේ..ඔයාට කරදරයක් නැත්තම් විතරක් අපි පොඩ්ඩක් මීට් වෙලා යමුද.."
"ආහ්..හා අයියේ ..ඒකට කමක් නෑ.."
ශේන් නම් කවදාවත් මේ වගේ තමන් එක්ක ලෝකෙට පේන්න එකට කොහෙවත් යන්න කැමති නෑ කියලා කෙල්ලට හිතුන..
"තමුසේ ලංකාවේ නම ගියපු බිස්නස් වුමන් කෙනෙක් කියලා දන්නේ තමුසෙගේ ෆීල්ඩ් එකේ උන් විතරනේ..මගේ යාලුවෝ තමුසෙව දැක්කොත් අහයි අඟුරු කෑල්ලක් කරේ එල්ලගෙන මොකද කරන්නේ කියලා..මට නිකන් උන්ට බයිට් එකක් වෙන්න ඕනේ නෑ..යන තැනක තමුසේ තනියම යනවා.."
දවසක් ශේන් කියපු කතාව මතක් වෙලා කෙල්ලගේ ඇස් කඳුලින් බොඳ වුනා..
------------------------------
"මචන් බොනවා කියලා ඔහොම බොන්න එපා බන්..බලපන් උබ මේ වෙලාවේ ඉන්න ඕනේ ඔෆිස් එකේ..ඒත් උබ මේ හොටෙල් බාර් එකක් අස්සේ රිංග ගෙන මේ මද්දහනේ බොනවා..පිස්සුද නිර්වාන් උබට දැන්.."
නිර්වාන්ගේ හොඳම යාලුවා, ත්රිශූල් එහෙම ඇහුවේ නිර්වාන් බොන විදිහ තවත් බලන් ඉන්න බැරිම තැන..
"ඔව් මට පිස්සු..මගේ සුදු මැනික මාව පිස්සු වට්ටලා ගිය බන්.."
නිර්වාන් කිව්වේ තවත් විස්කි වීදුරුවක රස විඳින ගමන්..
"යකෝ..උබේ ඔය සුදු මැනික දැන් බැඳපු ගෑනියෙක්..තේරුම් ගනින් නිර්වාන්.."
"නෑ..අහස්මා මගේ..මගේ විතරමයි..කවදා හරි ආපහු අහස්මා මං ලඟට එයි ත්රිශූල්.."
"අනේ මේ දවල් හීන දකින්න එපා නිර්වාන්..ඇත්තට මූන දීපන්.."
"මොකක්ද බන් ඇත්ත ..අහස්මා එයාහේ තාත්තගේ වුවමනාවට අර මොඩ්ලින් කරන එකාව බැඳගෙන විඳවනවා කියන ඇත්තටද මට මූන දෙන්න කියන්නේ .."
"අනේ මේ..උබ මෙහෙ බිබී විඳෙව්වට ඒකි එහෙ අරුත් එක්ක හොඳට ඇති.."
ත්රිශූල් කිව්වේ අහස්ම ගැන ඇති වුන තරහින්..
නිර්වාන් මේ වගේ විඳවන්නේ අහස්මා නිසා කියලා හිතුනු නිසා ත්රිශූල් හිටියේ කෙල්ල ගැන තරහින්..
"නෑ ත්රිශූල්...ඒ ඇස් විඳවනවා බන්..හැම වෙලාවෙම ඒ ඇස් වල කඳුලු පිරිලා..ඉස්සර වගේ ඒ ඇස් හිනා වෙන්නේ නෑ බන්..මගේ කෙල්ලත් මං වගේම විඳවනවා..මට අහස්මව ඕනේ බන්.."
"නිර්වාන්..ඔය විදිහට දුර්වල වෙන්න එපා බන්..දැන් බිව්වා ඇති..යමන් ගෙදර..මට ඔෆිස් එකට යන්නත් ඕනේ..උබ නැති උනා කියලා බිස්නස් පාඩු කර ගන්න බෑනේ.."
ත්රිශූල් නිර්වාන්ගේ හොඳම යාලුවා වගේම කොල්ලගේ බිස්නස් වල හවුල්කාරයා වුනෙත් පොඩි කාලේ ඉඳලම යාලුවා වුන ත්රිශූල් තමයි..
"ඒත් බන්.."
"ඒත් මේත් නෙමෙයි..දැන් ගෙදර යමු නිර්වාන්..ඔය ඇති දැන් ඩ්‍රින්ක්ස් ගත්තා.."
"මගේ අහස්මා..මං ගොඩාක් ආදරේ කරා බන්..ඒ ඇස්,ඒ හිනාව මාව පිස්සු වැට්ටුවා..එයාගේ පෙනුමට වඩා මං ආදරේ කරේ එයාගේ ගතිගුණ වලට..කිසිම කෙල්ලෙක්ට නැති ආත්ම ශක්තියක් ,ආත්ම විශ්වාසයක් මගේ අහස්මට තිබුනේ..කිසිම දේකට මගේ කෙල්ල බය උනේ නෑ..කාටවත්ම වට්ටන්න පුලුවන් වුනෙත් නෑ..ඒත් අද...ඒ ඇස් වල මොකක්දෝ බයක් තියෙනවා බන්..මට දැන ගන්න ඕනේ ඒ ඇයි කියලා ත්රිශූල් ..ප්ලීස් මට උදව් කරපන්.."
නිර්වාන් කිව්වේ වේදනාවෙන්..
"හරි හරි අපි බලමු හිමීට..දැන් යමන්.."
ත්රිශූල්ට ඕන වුනේ කොහොම හරි නිර්වාන්ව ගෙදර එක්කගෙන යන්න..
ත්රිශූල් නිර්වාන් එක්ක එලියට එද්දිම දැකපු දෙයින් නිර්වාන් වගේම ත්රිශූලත් ටික වෙලාවකට ගල් ගැහුනා..
අහස්මා ශෙවාන් එක්ක හොටෙල් එකට ආවෙත් ඒ වෙලාවෙදිමයි..
"හලෝ මචන් කොහොමද ඉතින්.."
ශෙවාන් හිනාවකින්ම නිර්වාන්ට අතට අත දුන්නා..
ඒත් නිර්වාන්ගේ ඇස් තිබුනේ අහස්මා ලඟ..
"ශෙ..ශෙවාන්..ගොඩ කාලෙකින්.."
ත්රිශූලත් ශෙවාන්ට අතට අත දුන්නේ ගොඩාක් සුහදව..
මේ දිහා අහස්මා බලන් හිටියේ පුදුමයෙන්..
"ඒකනේ..අද උදේ මං ලංකාවට ආවේ..ඉතින්..නිර්වාන් උබ මේ මද්දහනේ ඩ්‍රින්ක්ස් අරගෙනද..මොකද බන් මේ.."
ශෙවාන් නිර්වාන්ගෙන් එහෙම අහනකොට අහස්මාගේ පපුව පිච්චිලා යනවා වගේ කෙල්ලට දැනුනා..
"ආහ්..මේ නිකන් බන්..දන්නේ නැද්ද.."
නිර්වාන් උත්තර දුන්නේ ව්‍යාජ හිනාවක් පාමින්..
"ආහ්..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..මේ මගේ මල්ලිගේ වයිෆ්,මගේ නෑනා පොඩ්ඩ..අහස්මා..උබලා නම් නංගිව දන්නවා ඇති.."
ශෙවාන් අහස්මව අඳුන්නලා දෙනකොට නිර්වාන් කෙල්ලට අත දිගු කලා..
"ඔව්..කවුද අහස්...මං මේ කිව්වේ මිසස් සිංහවංශව නොදන්නේ..බිස්නස් ෆීල්ඩ් එකේ නම ගියපු කෙනෙක්නේ.."
අහස්මා අතට අත දෙද්දී නිර්වාන් එහෙම කිව්වේ වේදනාවෙන්..
කෙල්ලගේ ඇස් කඳුලින් පිරුනේ නිර්වාන් විඳවන විදිහ දැකලා..
"ත්රිශූල් ඔයත් එහෙනම් අහස්මව දන්නවා ඇතිනේ.."
"අපොයි ඔව්..මොකෝ මං නොදන්නේ..නේද මිසිස් සිංහවංශ.."
ත්රිශූල් උත්තර දුන්නේ තරහින්..
නිර්වාන්ගේ ජීවිතේ විනාශ කරලා අහස්මා සතුටින් ඉන්නවා කියලා ත්රිශූල් හිතපු නිසා කොල්ලා අහස්මත් එක්ක හිටියේ තරහින්..
"ඉතින් ඇයි බන් නිරවාන් උබ ඔහොම බොන්නේ..ඉස්සර ඔහොම නෑනේ උබ.."
"කෙල්ලෝ ආත්මාර්ථකාමී වෙනකොට කොල්ලන්ට නතර වෙන්න වෙන්නේ බාර් එකේ ශෙවාන් ."
ත්රිශූල් කිව්වේ අහස්මා දිහා බලන ගමන්..
ත්රිශූල්ගේ ඇනුම්පදය අඳුන ගන්න කෙල්ලට අපහසු උනේ නෑ..
"ආහ්..මේ ලව් සික් එකක්ද..ඕවා ගනන් ගන්න එපා මචන්..ගෑනු ඔහොම තමා..අපි විතරයි උන්ට ආදරේ කරන්නේ..ඒත් උන් දවසක කිසිම හිතක් පපුවක් නැති ගානට අපිව අත් ඇරලා වෙන එකෙක් එක්ක යනවා ."
ශෙවාන් එහෙන කිව්වේ තමන්ට තියෙන අසුන්දර අත්දැකීම් සිහිවුන නිසයි..
"ඒක නම් ඇත්ත බන්..කොහෙද මේ අපේ එකාට ඒක තේරෙන්නේ නෑනේ.."
"මගේ සුදු මැනික එහෙම කෙල්ලෙක් නෙමෙයි බන්..එයා එදා පවුලේ අය ඉස්සරහා අසරණ නොවෙන්න අදටත් මාත් එක්ක ඉන්නවා.."
නිර්වාන් කිව්වේ එක එල්ලේ අහස්මා දිහා බලන ගමන්..
"අ..අපි යමුද අයියේ..ප..පරක්කු වෙනවා.."
තවත් නිර්වාන් මේ විදිහට ඉන්නවා දකින්න කෙල්ලට ශක්තියක් තිබුනේ නෑ..
"ආහ්..ඔව්මයි..අපේ ගෙදර හෙට මං ආවට පොඩි පාර්ටි එකක් තියෙනවා.අපි මේ ඒකේ වැඩ වගයකට යන ගමන්..උබලා දෙන්නත් අනිවාර්යයෙන්ම හෙට එන්න ඕනේ..ඔන්න වරද්දවන්න එපා.."
"ඒත්..මේ.."
ත්රිශූල් උත්තර දෙන්න හැදුවත් නිර්වාන් කොල්ලව නතර කරා..
"අපි අනිවාර්යයෙන් එනවා මචන්..ඩෝන්ට් වොරි.."
"ඒත් නිර්වාන් හෙට අපිට ක්ලයන් කෙනෙක් එක්ක දා ගත්ත ඩිනර් එකක් තියෙනවා.."
ත්රිශූල් බොරුවක් කිව්වේ හෙට පාර්ටි එකට නිර්වාන් ගියොත් අහස්මවයි ශේන්වයි දැකල කොල්ලගේ හිත තවත් පෑරෙයි කියලා හිතුනු නිසයි..
"ඒ..ඒකට කමක් නෑ..මං එනවා.."
නිර්වාන් කිව්වේ අහස්මා දිහා බලන ගමන්..
"ගුඩ්..එහෙනම් හෙට රෑට මීට් වෙමු..ත්රිශූල් නිර්වාන්ව ගෙදර එක්කගෙන පලයන්..ටිකක් වැඩියි අද මුට.."
නිර්වාන් ත්රිශූල් එක්ක කාර් පාර්ක් එකට යන දිහා අහස්මා බලන් හිටියේ කඳුලු පිරුනු ඇස් දෙකින්..
"පව්..නිර්වාන් හොඳ කොල්ලා.
අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා හොඳ යාලුවෝ..මං රට ගියාට පස්සේ බිසී උනා ගොඩාක් ..ඒ නිසා වැඩිය කතා කරන්න උනේ නෑ."
"අ..අයියගේ යාලුවෙක්ද නි..නිර්වන්.."
අහස්මා ඇහුවේ පුදුමයෙන්..
"අප්පෝ ඔව්..හොඳ යාලුවෙක්..මගේ එෆෙයාර් එක බ්රේක් උන වෙලාවේ මගේ හිත ගොඩාක් හැදුවා..ඒ කාලේ කොල්ලගේ හිතේ ගෑනු ලමයෙක් ගැන අදහසක් තිබුනා..
කියා ගන්න බයෙන් හිටියේ..ඒ කෙල්ලගෙන් තොර ලෝකයක් නිර්වාන්ට ඒ කාලේ ඉඳලම තිබුනේ නෑ..ඒ කෙල්ලගේ ප්‍රශ්නයක්ද දන්නේ නෑ.."
ශෙවාන් එහෙම කියනකොට අහස්මට දැනුනේ කියා ගන්න බැරි තරමේ පසුතැවීමක්..
නිර්වාන් ඒ තරන් තමන්ට ආදරේ කරා නේද කියලා හිතනකොට අහස්මට තමන් ගැනම ඇති වුනේ තරහක්
.......................................................................
1/2/3/4/5/6/7/8/9/10/11/12/13/14/15/16/17/18/19 තෙත් ඇත .
Subscribe to:
Posts (Atom)