Downlord now
නිම්සාරී ,ඉරහඳ ජෝතිශ්ය කාර්යාලය කිට්ටුවෙද්දිම පදවගෙන ගිය බයික් එකේ වේගය මදක් අඩු කෙරුවා.
නිම්සාරී ,ඉරහඳ ජෝතිශ්ය කාර්යාලය කිට්ටුවෙද්දිම පදවගෙන ගිය බයික් එකේ වේගය මදක් අඩු කෙරුවා.
" කවුරුවත්ම පේන්න නැනේ අක්කේ. "
හිස්වූ ජෝතිශ්ය කාරයාලය දිහා බලල ඇය කිව්වෙ පිටිපස්සේ ඉදගෙන ආපු තරංගනීටයි.
" දොර ඇරලනේ තියෙන්නේ , එයා සමහර විට සෙනග නැති හින්දා පිටිපස්සේ තියෙන එයාගේ ගෙදර ගියාද දන්නේ නෑනේ......"
ඊට කිසිත් කියපු නැති නිම්සාරී නිහඩවම ජෝතිශ්ය කාර්යාලය තිබුන ඒ වත්තට බයික් එක දැම්මා.
කාර්යාලය කිට්ටුවම තිබුන අඹ ගහක් යට බයික් එක නවත්තලා නිම්සාරී හෙල්මට් එක ගලවල අතට ගත්තා. එතකොටමයි නිම්සාරී ගේ ඇස් ගියේ ජෝතිශ්ය කාර්යාලය පිටිපස්සේ තිබ්බ නිවසේ ඉස්තෝප්පුව වෙලා ඉදගෙන පිරිමි ළමයි දෙන්නෙක් මොනවද මන්දා දෙයක් කරන දසුනක් වෙතට.
" අපි අර ළමයි දෙන්නගෙන් වත් අහල බලමූ."
නිම්සාරී කියද්දී තරංගනී ඊට හිස වනලා තම අවුරුදු හතරක් වයස පිරිමි ළමයාත් එක්ක බයික් එකෙන් බැස්සා.
ගේ ලගට කිට්ටු වෙද්දි මයි නිම්සාරි දැක්කේ ළමයි දෙන්න කර කර හිටපු දේ, අවුරුදු # දොලහක් විතර වයස පිරිමි ළමයි දෙන්නා හිටියේ චෙස් සෙල්ලම් කරමින්. එතනට කිට්ටු වෙනකනුත් පිරිමි ළමයි දෙන්නගෙන් එක ළමයෙක් වත් හිස ඔසවලා බැලුවේ නෑ..ඒ තරමට දෙන්න චෙස් බෝඩ් එකට ඇලිලා හිටියා.
" මල්ලිලා මෙතන හදහන් බලන මහත්තයා නැද්ද"
නිම්සාරී කටහඩ අවදි කරද්දී එතන හිටපු එක පිරිමි ළමයෙක් එකපාරටම හිස ඔසවා බැලුවේ උඩ ගිහින් වගේ.
" ආ.... අත්තා දවල්ට බත් කන්න කියලා ගියානේ....එතකම් එතන්ට ගිහින් ඉදගෙන ඉන්න."
" ගොඩක් වෙලා යයිද "
" නෑ............"
" අත්තට පොඩ්ඩක් කියලා එන්න බැයිද එයාව හම්බවෙන්න කට්ටිය ක් ඇවිල්ලා කියලා....."
මේ පාර කිව්වේ තරංගනීයි.
" හ්ම්ම්ම්ම්ම් මම කියල එන්නම් ,ඒත් මම එනකම් පොඩ්ඩ්ක් මෙයා දිහා බල්න්න. මම යනකම් ඉදලා මෙයා ඉත්තෝ වෙනස් කරලා හොර කරයි."
පිරිමි ළමයා එය කියල නැගිටිද්දී නිම්සාරි ගේ මුවින් නැගුනේ හිනාවක්.
" හරි අපි ඒක බල්න්නම් , ඔයා අත්තට පනිවිදේ # #දීලා එන්නකෝ."
නිම්සාරී කිව්වම පිරිමි ළමයා ඉක්මනින් ගේ ඇතුලට වැදී නොපෙනී ගියා.
************************************
නිම්සරී හදිසියේම ජෝතිශ්ය කාර්යාලය ට ආවේ ඇයගේ වැඩක් කරගන්න නෙමේ. නිම්සාරිගේ ගේ කිට්ටුව හිටපු තරංගනී ගේ පුංචි පිරිමි ළමයාගේ උපන් දිනයයි උපන් වෙලාවයි දීල කේන්දර හදාගන්නයි.
**************************************
මොහොතකින් නොපෙනී ගිය අර පිරිමි ළමය ආපහු ආවා.
" අත්ත ඉක්මනට එන්නම් කිව්වා. ඔය දෙන්නට එතකම් එතනට ගිහිල්ලා ඉදගෙන ඉන්න කිව්වා."
කියපු ඔහු ආයේ චෙස් බෝඩ් එක ලග බිම ඉදගත්තා.
* ඊට හිස වනපු නිම්සාරී ,තරංගනී යි එයාගේ පුංචි පිරිමි ළමයත් එක්ක එත්නින් ආවේ අර ළමයි දෙන්නට නිදහසේ සෙල්ලම කරගෙන යන්න ඉඩදීලා.
මේසය උඩ තිබුනු බුලත් හුරුලු කීපය නිම්සාරී දක්කේ කාර්යාලය ට ඇතුලුවෙද්දිමයි. ඊට අමතරව රෙ මේසය උඩ ජජෝතිශ්යට සම්බන්ද වූ පොත් පත් කීයයකුත් තිබුනා.
බිත්තිය උසට වෙන්න වගේ තිබුනු පත්තර තොගය නිම්සාරී දැක්කේ ඉන් අනතුරුවයි. ඒවා ##
#තිබුනේ කාර්යාලය ඇතුලේ පිටිපස්සේ ම තිබුනු මේසයක් උඩයි.
" බලන්නකෝ තරංගනී අක්කේ මෙතන තියෙන පත්තර කන්දරාව. මේ ආත්මේ කියවල ඉවරකරන්න බැරි තරම් පත්තර තොයයක්නේ මෙතන තියෙන්නේ."
නිම්සාරී කිව්වේ තරංගනීට ඒ දෙස පෙන්වමින්.
" එදා ඉදලම ගත්ත පත්තර වෙන්න ඇති නංගී.."
තරංගනී කියද්දී නිම්සාරී ඒ පත්තර ගොඩ ලගට ගියේ මේ සතියේ පත්තරය හම්බවුනොත් කියවන්න හිතගෙන.
සම්පත්,රිවිරිසි,දිවැස එක එක නම්වල පත්තර එතන තිබුනත් මේ සතියේ පත්තරය ඇයට හොයාගන්ඩ හැකිවුනේ නෑ. එත්න පත්තර තිබ්බේ සතිපතා ගත්ත පිලිවෙකට නෙමේ.
"සමහර විට මෙතනට එන කට්ටිය මේව කියවනව ඇති."
සිතිවිල්ලෙන් නිම්සාරී එතන උඩම තිබුන පත්තරයක් අතට ගත්තා. මේ අවුරුද්දේ පත්තරයක් නොවේ කියල නිම්සාරී දැනගත්තේ උඩින්ම තිබුනු දිනයෙන්. 2016 ජනවාරී මාසේ පත්තරයක් වුන එය අවුරුදු දෙකක් පරණ වෙන්නත් කිට්ටු කරලා තිබුනා.
" ජනවාරී 11 විෂ්ණු ලක්ශ්මී යෝගයක්, දේව පිහිට පැතීමට ඉතා සුබ කාලයක්."####
මුල් පිටුවේ රතුම රතු පාටින් ලොකු අකුරින් ලියා තිතිබුනේ එයයි.
" නංගී ,පුතා මෙතන තියෙන දේවල් අදිනවඅපි යමුද එලියට..."
ඒ පත්තරයේ තිබුන පිටු පෙරලගෙන යනකොටයි නිම්සාරි ට තරංගනීගේ හඩ ඇහුනේ.
" පුතා දග කරන්න එපා ,මෙතන ඉන්න අත්ත වසයි. "
තරංගනී ගේ හඩ යලිත් ඇසුනා.
" මම අක්කේ මේ පත්තරය පොඩ්ඩක් බලල එන්න්ම්. මේකේ තියෙනවා හොද හොද දේවල් ටිකක්."
" එහෙනම් මම පුතත් එක්ක යනවා.... "
තරංගනී කාර්යාල කුටියෙන් එලියට යද්දී නිම්සාරී පත්තරය ත් අරගෙන එතන තිබුන පුටුවක ඉදගත්තා.
" දොළොස් වැන්නෙන් කියවෙන රටයන යෝග,
විසි පොරොන්දමෙන් හෙලි නොවන දරු ඵලය,
ඔබට ලැබෙන නිවස කොයි වගේද ,සිතූ පැතූ සම්පත් දෙන ස්කන්ධ කුමාර බන්ධනය., පවුලේ දියුණුව ගෙනදෙන දිනපතා කරන පිලිවෙත් සහිත යන්ත්රයක්.ස්ත්රී කේන්දර වල තියෙන පුරුෂ මරයෝග,ගුප්ත විද්යාව හැදෑරීමට හැකිදැයි අත බලා දැනගන්න. විවාහ ප්රමාද කරන අවිවාහක යෝග" #####
ආදී එක එක මත්ෘකාවලින් පිටු සැරසිලා තිබුන ඒ පත්තරයේ පිටු පෙරලගෙන ගිය නිම්සාරී එක පාරටම එක පිටුවක තිබුනු දෙයක් දැකලා ඒ දෙස මොහොතක් බලන් හිටියා.
කලු පසුබිමක ,සුදු පාටින් යුත් හොල්මනකගේ රූපයක් සමග තිබුන ඒ පිටුවේ තිබුනේ හොල්මන් අවතාර වලින් පණිවිඩ ගන්න ක්රමයක් ගැනයි...
නිම්සාරී ඒ පිටුව මහත් උනන්දුවෙන් ඊට පස්සේ කියවන්න පටන් ගත්තේ ඒ ක්රමය දැනගන්ඩ හිතාගෙනයි.
" භූත විද්යාව අනුව භූත පණිවිඩ ලබා ගැනීමේ බොහෝ ක්රම ඇත. මේ සදහා සුදුසු දිනයන් හා වේලාවන් පහත දැක්වෙයි.
ඉරු දින , රෑ 09/11 දක්වා
කුජ දින, රෑ 07/08 දක්වා
බුද දින, රෑ 08/09 දක්වා
කිවි දින, රෑ 07/09 දක්වා
ශනි දින, රෑ 08/09 දක්වා
(එදින ඉර උදාව අනුව වෙලාව වෙනස් කරගන්න )
අවශ්ය වන්නේ අළුත් සුසුදු පාට කඩදාසියක් ,අලුත් පැන්සලක් ,යකඩ ඇණ නොගැසූ කුඩා මේසයක් පමණයි .
කරන්නේ මෙහෙමයි.
තමාට පහසු ඉහත වෙලාවක් තෝරගෙන නා පිරිසිදු වී මස් මාංශ වලින් තොර ආහාර අනුබව කර සුදු ඇදුමින් සැරසී අඩ අදුර සහිත කාමරයට යන්න.
මේසයඋඩින් සුදු කඩදාසි ය එලා අලුත් පැන්සල හොදින් උල් කර ඒ මත තබා ඒ දෙසට පහත #තියෙන මන්තරය 108 වරක් මතුරන්න. තම ඇග මේසය ට නොගෑවෙන ලෙස සිටි ය යුයුතුයි.
ඉන්පසු අත පන නැති කර පැන්සලේ තුඩ මේසයේ ඇති කඩදාසිය මත තබන්න. එවිට භූත පණිවිඩ ලැබේ.
මන්තරය.
ඕම් තත් සත් ම්ම්
ඉහත මන්තරය කලින් මොහොතක 1008 වරක් කියා සිද්දි කරගෙන ,අර වෙලාව්ක් 108 වරක් කීමෙන් හොද ප්රතිඵල ලබා ගැනීමට පුලුවන්.
මුලදී සමහර අයට ඉරි වක්ර ත්රිකොණ ආදිය ඇදෙන්න පුලුවන්. සමහර විට අකුරු අනිත් පැත්තට ලියවෙන්නත් පුලුවන්. එවිට ඔබ අධයිරමත් නොවී කණ්නාඩිය ක් ඉදිරියේ තබා අකුරු කියවාගන්න බලන්න.
පැන්සලට ආරූඩ වී ඇති ආත්මයට කන්නලව් කිරිමෙන් මේ තත්වය මග හරවාගන්න පුලුවන්.
වෙන වෙන භාෂාවලින්ද පණිවිඩ ලියවෙන්න පුලුවන් , අවසානයේ ඒ භූත ආත්මය ට පින් දී ඉවත්වෙන්න. සමහර භූත ආත්ම එසේ කරන්න කලින් ඉවත්ව යාමටත් පුලුවන්"
නිම්සාරී ඒ ක්රමය කියවාගෙන ගියේ ඇයගේ සිතට අමුතුම ආකාරයේ හැගිම්වලින් #
#තෙරපෙද්දියි. ඇය ඒ කොටස තව පාරක් මුල ඉද්ලා කියවන්න පටන් ගත්තේ ඒ හැහීම නිසා.
" මෙමෙහෙම දේවල් තියෙන්න පුලුවන්ද ,"
සිතපු ඇය කාරයාලයෙන් පිටත එලිය බැලුවා. එනවයි කියපු ජෝතිශ්යවේදි යා තවමත් නැත. තරංගනීත් ඇයගේ දරුවට නිම්සාරී ට නොපෙනෙන ඉසව්වකට වී මොනවද කියවමින් සිටිනවා ඇයට ඇහුනා.
නිම්සාරී තව වරක් අර පිටුව බලා ඒ පිටුව ඉරුවේ කිසිවෙකුට නොඇසෙන ලෙසයි. ඉරපු පත්තර පිටුව තුනට හතරට නවපු ඇය ඇද සිටි කලිසම් සාක්කුවේ පිටිපස්ස සාක්කුවට දා ගත්තේ ආයේ පාරක් වටපිට බලා අවසානේ.
** නිම්සාරී කුඩා කාලේ ඉදන් ම හොල්මන් අවතාර පිලිබදව විශ්වාස කෙරුවත් , මේ ව්ගේ ක්රමවලින් ඒ ආත්මවලින් පණිවිඩ ගන්න පුලුවන් කියලා ඇය විශ්වාස කෙරුවේ නෑ.
නිම්සාරී ඉරපු පිටුවේ පත්තරය ,සැක හිතෙන්නේ නැති විදිහට එතන තිබුනු පත්තර ගොඩක් අස්සේ ගහල විනාඩි පහක් විතර ගියට පස්සෙයි ජෝතිශ්යවේදි යා කාර්යාලය ට ආවේ.
" කවදටද අපිට හදහන අරගෙන යන්න පුලුවන්"
තරංගනී ඇහුවේ ඇයගේ පුතාගේ ,උපන් ද දිනය ## #හා ,උපන් තැන හා උපන්වෙලාව ජෝතිශ්යවේදි ට දී අවසානේ.
" තව සති දෙකකින් විතර හදහන හදලා මම කෝල් එකක් දෙන්නම් මෙන්න් මේ පොතේ නමයි , phone නම්බරයයි ලියල දීල යන්න."
හැට වයසත් පහුකරලා තිතිබ්බ ජෝතිශ්යවේදි යා පොතක් තරංගනීට ද දිගුකරද්දියි ,නිම්සාරී ට ඔහුගෙන් යමක් අහන්න් හිතුනේ.
" මට පොඩි දෙයක් අහන්න තියෙනවා........"
සැහල්ලූ විදිදිහට සුහදව කතා කරපු ,ඔහු දෙස බලා නිම්සාරී ඇහුවේ යටි සිතේ වෙන අරමුනක් තියාගෙන.
" ඒ මොකක්ද "
කියපු ඔහු නිම්සාරී දිහා බැලුවෙ කුතුහලයෙන්.
" මට කියනවද ,ඉර උදාව අනුව වෙලාව හදාගන්නේ කොහොමද කියලා."
" ආ ඒකද.....ඒක එච්චර මහ ලොකු අමාරු දෙයක් නෙමේ...."
හේතුව අහන්නේ නැතිව කෙලිනම් ඔහු ඒ දේ කිව්වම නිම්සාරීට දැනුනේ සතුටක්.
" අද ජූනී මාසේ විසි හත වෙනිදා....අද ඉර පායලා තියෙන්නේ උදේ 05යි 58ට. ඉතින් අද අගහරුවාදා දවසක් හින්දා ,උදේ පහයි, පනස් ### # අටේ ඉදලා ,හයයි පනස් අට වෙනකම් තියෙන්නේ ,කුජ හෝරාව(අගහරු හෝරාව) ,හයයි පනස් අටේ ඉදන් ,හතයි පනස් අට වෙනකම් රවි හෝරාව , එතන ඉදන් ආයේ පැයක් යනකම ,සිකුරු හෝරාවා....එහෙම දිගටම යනවා....අපි සුබ වැඩ කරන්න ඕනා , ඕවගෙන් , බුද ,සිකුරු,ගුරු සදු හෝරවල්වල ,රවි ,කුජ ශනී හෝරාවල්වල සුබ වැඩ කරන්න හොද නෑ..වෙන්නෙ ඒවායින් හොද ප්රතිපල ගන්න බෑ,,,,ඕකද දැනගන්න ඕනා........."
"ඔව් ඔව් "
නිම්සාරී හිස වැනුවා. ඒ තරම්ම දිගු විස්තරයක් ඔහු කියයි කියලා ඇය හිතුවේ නෑ.
ජෝතිශ්යවේදි යාට සමුදුන් නිම්සාරීයි තරංගනීයී එතනින් ආවා. තරංගනීව ඇයගේ පිරිමි ළමයයි ඔවුන්ගේ ගේ ලගින් බස්සලා නිම්සාරී ගෙදර එද්දී ගෙදර කවුරුවත් හිටියේ නෑ.......
නිම්සාරී ගේ මල්ලි උදීප ඉගෙනුම ලැබුවේ ගමේම තිබ්බ පාසලකයි. ඔහු මේ වසරේ උසස්පෙල විබාගයට මුහුන දෙන්න හිටි නිසා ,පාසලේම හවස තිබ්බ පන්තියකට ගිහින් තිබුනා. හවස විතරක් නොතිබුන මේ පන්ති රෑට ත් තිබ්බ නිසා සමහර දවස්වල ඔහු ගෙදර ආවේ රෑ එකොලහත් පහුවෙලා.#####
*** නිම්සාරීගේ අක්කා තිසුරිකා ,ගාමන්ට් එකක වැඩට ගොස් සිටියා. මේ සතියේ ඇය හවස දෙක රෑ දහර ශිෆ්ට් එකට වැඩට යන නිසා ,ඇය වැඩ ඇරියා ගෙදර එනකොට රෑ එකොලහත් පහුවෙනවා.
නිම්සාරීගේ තාත්තාගේ රැකියාවට කෙරුවේ වඩුවැඩ. මේ දිනවල ඔහු ගමෙන් පිටවෙලා ගෙදරක නැවතිලා අලුතින් හදන නිවසක දොරවල් ජනෙල් උලුවහු හදමින් සිටියා.
ඒ නිසාම මේ දිනවල රෑ එකොලහ දොලහ වෙනකම් නිම්සාරී ගේ නිවසේ සිටියේ ඇයයි, ඇගේ අම්මයි විතරයි. නිම්සාරීගේ ආම්මාට මදක් කන් ඇහෙන්නේ නැති නිසා ඇයට හෙමින් කියන කිසිම දෙයක් ඇහුනේ නෑ. ඇයත් සමග කතා කලොත් අනිවාර්යයෙන් ම හයියෙන් ම කතා කල යුතුයි.
*****************************************
නිම්සාරී ගෙදර ආවට පස්සේ මොහොතකින් ජෝතිශ්ය කාර්යාලයේ තිබ්බ පත්තරයෙන් ඉරාගෙන ආපු අර භූත පණිවිඩ ලබාගන්න ක්රමය තිබ්බ ඉරාගත්ත් පත්තර පිටුව මතක්වුනේ සැනකින්.
" මට හිතෙනවා මෙකේ තියෙන එක කරලා බලන්නත් ...මේ දවස්වල රෑට ගෙදර ඉන්නේ #####
#අම්ම විතරක් හින්දා මේ සතියේ මේකේ තියෙන දේවල් කෙරුවොත් ලේසියෙන්ම කරන්න පුලුවන්. මන්තරෙත් ,එච්චර අමාරු එකක් නෙමේ..අම්මගෙ කන් ඇහෙන්නේ නැති හින්දා ලේසියෙන්ම කරන්න් පුලුවන්., ඒත් මේක කරන්න ගිහින් මට මොනවහරි කරදරයක් වෙයිද"
ඒ පිටුව දිහා බලාගෙන නිමසාරී හිතුවේ සිතේ දෙගිඩියාවෙන්. මීට පෙර නිම්සාරී ,වත්තේ පොල් ගස්වල කුරුම්බා බොන වවුලන් එන එක වලක්වන්න මේ වගේම මන්තරයක් ගොක්කොලවලට මතුරල පොල් ගස් වල කද වටේ ගැට ගහල සාර්තක ප්රතිඵල අරගෙන තිබුනා.
ඒ නිසාම කෙල්ලෙක් වුනත් මේවගේ දේවල් කරල අමුතු අද්දැකීම් ගන්න නිම්සාරීට තිබුනේ ලොකු ආසාවක්. ඒත් මේ දේට හොල්මන් අවතාර වගේ බලවේග සම්බන්ද නිසා ඇයගේ සිත කරම්දෝ නොකරම්දෝ සිතිවිලි අතර මැදිව හිටියා.
" මේක කරන්න ඕන දේවල් හොයාගන්නත් අමාරු නෑ. පැන්සලකුයි, සුදු කඩදාසි කොලයකුයි, පොඩි මේසයකුයි විතරයි ඕනා....."
සිතපු ඇය යලිත් අර පුංචි මන්තරය දිහා බැලුවා.##### ##
"ඕම් තත් සත් ම්ම්...., ඕම් තත් සත් ම්ම්....."
ඒ මන්තරය කියපු ඇය බැලුවේ බිත්තියේ ගහල තිබුන ඔරලෝසුවේ වෙලාව. සවස හතරයි පනස්පහ විදිහට එහි සටහන් වෙලා තිබුනා.
" හරි පහ වෙන්න කලින් අම්ම හරි මල්ලී හරී ආවොත් මම මේ දේ කරන්නේ නෑ.....ඊට කලින් ඒ දෙන්න ආවේ නැත්නම් මම මේ දේ කරලා බලනවා........"
ඒ දේ හිතද්දීමයි නිම්සාරිට කුස්සිය පැත්ත මිදුල දිහායින් ලොකුම ලොකු හඩක් ඇහුනේ
ඒ අමුතු හඩ මොකද්ද කියලා බලන්න නිම්සාරී ඉක්මනින් මිදුල පැත්තට දිව ගියත් ඒ හඩ කොහොමද ආවේ කියලා හොයාගන්න ඇයට පුලුවන් වුනේ නෑ.
" සමහර විට මගෙ හිතේ සැකේ වෙන්න ඇති"
නිම්සාරී හිතුවා. සැහෙන්න වෙලාවක් ගියාට පස්සෙයි නිම්සාරී ගේ ආම්මා ගෙදර ආවේ. පාහල වත්තට දර හොයන්න ගිහින් හිටිය ඇය ආපහු ගෙදර එනකොට හවස පහේ කනිසම පහුවෙලා තිබ්බා.
කලින් හිතුව විදිහටම නිම්සාරී අවසානේ අර මන්තරය අර වගේ වෙලාවක කියලා ,භූත පනිවිඩ ගන්න ක්රමය කරන්න ඕනේ කියලා සිතට ආවා.
" සමහර විට ඒ ක්රමය හරි ගිහින් ,අර ඉස්සර බලපු කාටුන් එකක හිටිය කැස්පර් වගේ උදව් කරන භූතයෙකුගෙන් පණිවිඩ ලැබුනොත්"
මේ දේ කර්න්න නිම්සාරී සූදානම් වුනේ ඒ සතියේම සිකුරාදා දවකයි. ඊටකලින් දවසක ඇය ,කැල් එකක උදව්වත් අරගෙන ,අර මන්තරය 1008 පාරක් කාටත් හොර රහසේ කිව්වේ ,අර පත්තර පිටුවෙ තිබුනු උපදෙස් මත.
අලුතින්ම පැන්සලක් , සුදුපාට ඩිමයි කොල ටිකක් ඇය කඩේකින් මිලට අරගෙන ආවෙ අර දේ කරන්න අවශ්ය වූ දේවල් ඒවා නිසා.#
නිම්සාරී සිතුව විදිහටම සිකුරාදා රෑ වෙද්දී ගෙදර හිටියේ ඇයයි ,අම්මයි විතරයි. මල්ලී පසලේ රැ පන්තියට ගිහිල්ලා සිටිද්දී ,ඇයගේ අක්ක ගාමන්ට් එකේ වැඩට ගිහින් හිටියා.
සල්ලීවලට පන් පැදුරු වට්ටි වියලා විකුනන නිම්සාරී ගේ අම්මා රෑ හතයි හතලස් පහට විතර කුස්සියත් ,ගෙයත් අතර තිබ්බ පේමන්ට් එකේ ඉදගත්තේ පන්වලින් වට්ටියක් විවීමේ අරමුනින්.
ඇය ඒ දේ කරන්න පටන්ගත්තම ආයේ නැගිටින්නේ වට්ටිය වියලාම බව ,නිම්සාරී දැනන් උන්නා.
සියලු දේම නිර්මානය වෙලා තිබුනේ නිම්සාරී ට අර දේ කරන්න වාසිවෙන විදිහටයි.
මුලින්ම ඇය අර දේ කරන්න ප්ලාස්ටික් ටීපෝව්ක ගන්න හිතුනත් ඇයගේ හිත් කිව්වේ ලීවලින් හද්පු ටී කුඩා මේසයක් ගන්න කියලයි.
තත්තා වඩු වැඩ කරපු කෙනෙක් නිසාම ,නිම්සාරි ගේ නිවසේ ඒ වගේ කුඩා ලී මේස කීපයක් ම තිබුනා.
ඉන් යකඩ ඇන නොහැසූ ,ලී ඇන ගහපු කුඩා මේසයක් අරගෙන ඇය නිවසේ කන්තොරු කාමරේට ගියේ අර දේ කරන්ඩ යකඩ ඇන ගහපු ඒවා ගන්න එපා කියලා තිබුන නිසා.##
** පන්සල්වලට ,මළ ගෙවල් වලට අදින සුදුපාට දිග රැලි සායත් , අත් දිග හැට්ටයත් ඇදගත්ත ඇය කන්තොරු කාමරය පැත්තට යනකොට ඔරලෝසුවේ වෙලාව තිබුනේ අටයි විදිහට.
ගෙයි ඒ පැත්ටේ ලයිට් ඔක්කොම ඇය නිමල දැම්මේ ගෙයි ඉස්සරහ පැත්තම අදුරට එක්කරමින්.
කන්තෝරු කමරේ ඇතුලට ගිය ඇය ඒ කාමරේ දොර වහල ,ලී මේසය ඒක ඇතුලින් තිබ්බා. කලින් ගෙනල්ල්ල තිබ්බ ලාම්පුව පත්තු කරලා ඒ මේසය ලග තිබ්බ කුඩා පුලුවක් උඩින් තිබ්බ ඇය කන්තෝරු කාමරේ ලයිට් එකත් නිමලා දැම්මේ ලාම්පු එලියේ දුබල ආලෝකය ඉස්සරහ අර දේ කරන්න හිතාගෙන.
" මේ වැඩේ ඉවරවෙනකම් කවුරුවත්ම අපේ ගෙදර එන්න එපා "
කියලා පතපු නිම්සාරී සුදු පාට ඩිමයි කොලය මේසය උඩින් තියල ඒක උඩින් අලුතින්ම අරගෙන උල් කරපු පැන්සල තිබ්බා.
මේසයට කකුල් අතපය නොගෑවෙන සේ පුටුවක ඉදගත්ත නිම්සාරී කැල් එකත් අතකට ගත්තේ ,එය මගින් මන්තරය කියන වාර ප්රමාණය ගැනගන්න අදහසින්.
දිගු හුස්මක් ඉහලට අරගෙන පිටකරපු ඇය සුදු කොලේ දිහා බැලුවා. ###
" ඕම් තත් සත් ම්ම්.......ඕම් තත් සත් ම්ම්........ඕම් තත් සත් ම්ම්"
අතේ තිබ්බ කැල් එකේ සමාන කිරීමේ බටන් එක ඔබ ඔබා ඇය ඒකකාරී හඩින් දිගින් දිගටම කියාගෙන ගියා. නිම්සාරී ගේ අම්මාගේ කන් ඇහෙන්නේ නැති නිසා මේ මන්තරය හයියෙන් වුවද මතුරන්න ඇයට බියක් දැනුනේ නෑ.
විනාඩි කීපයක් එක දිගටම කියාගෙන ගිය නිම්සාරී ලාම්පු එලියෙන් කැල් එකේ තිරය දිහා බැලුවේ මේ වෙද්දී ඇය අර මන්තරය කීපාරක් මතුරලද දැන ගන්න.
ඒ වෙද්දී අසූ අට පාරක් ඇය මන්තරය මතුරල තිබුනා.
" තව විසි පාරයි"
සිතමින්ම ඇය නොනවත්වාම යලිත් මතුරගෙන ගියා. ඒ වෙද්දීත් ඇයට කිසිම වෙනසක් නොදැනුන නිසා ඇය හිටියේ මේ කරන්නේ බොරු වැඩක්දෝ ද දෙගිඩියාවෙන්.
" ඕම් තත් සත් ම්ම්........,ඕම් තත් සත් ම්ම්.........."
කැල් එකේ තිරයෙ 101 ඉලක්කම සටහන් වෙද්දී ,කාමරේ තිබ්බ අගුල නොදමා වහල තිබ්බ පියන් දෙකෙන් යුත් ජනේලයේ එක ජනෙල් පියනක් වේගෙන් ඇරී අනිත් ජනෙල් පියනෙ ### # වැඩුනේ විශාල හඩක් නංවමින්.
ඒ දෙසට ඇස ගිය නිම්නාදීට දැනුනේ හදගැස්මත් නැවතුනා වගේ.
ඒ සමගම කාමරෙ ඇතුලට විශාල හුලගක් එද්දී ,ජනෙල් උලුවහු කදේ ඉහල ඇනයක ආදාරයෙන් එල්ලල තිබ්බ පොඩි සුලගටත් හෙලවෙන ලෝහ වින්ඩ් චයිම් එක පිස්සු හැදිලා වගේ එහාට මෙහාට පැද්දෙන්න පටන්ගත්තේ ' ටිලින් ටිලින් "
හඩින් නොනවත්වාම නාදකරමින්.
සුලග හමුවේ පාරජය බාරගන්න අකමැතිව වගේ දැදැල්වෙන ලාම්පුවේ දැල්ල එහාට මෙහාට වැනෙද්දී නිම්නාදීගේ ඇස් එක පාරටම ගියේ ඉස්සරහ තියෙන කුඩා ලී මේසය උඩ තියෙන සුදුපාට ඩිමයි කොලය ලගටයි. නිම්නාදී පුදුමයට පත් කරමින් එය..................
ඒ තරම් දරුනු සුලගක් ඉදිරියේ තිබුනෙත් ඒ මේසය උඩමයි. ඒ දිහා බලද්දී නිම්සාරී ට හැගුනේ ඒ සුදුකොලේ කකවුරු හරි අල්ලගෙන ඉන්නව වගේ හැගීමක්. සිදු කොලේ කොහාටවත් පියඹල යන්නෙ නැතිව ඒ කුඩා මේසය උඩ තිබ්බා.
" භූත පණිවිඩ ගන්න ක්රමය හරියාගෙන යන්නවත්ද එන්නේ........."
සිතට පුංචි බියක් දැනුනත් ඇයට හිතේ කොනක ඇතිවුනේ සතුටක්.
" ඕම් තත් සත් ම්ම්..........ඕම් තත් සත් ම්ම්............."
හද ගැස්ම වැඩි වෙද්දී ඇය අර මන්තරය දිගටම කියා ගෙන ගියා. කාමරේට ආපු සුලගේ වේගය මදක් අඩු වෙද්දී ඇයට දැනුනේ අඩ අදුරු කාමරේ ඇතුලේ ඉදන් කවුරු හරි කෙනෙක් තමා දිහා බලාගෙන ඉන්නවා වගේ හැගීමක්.
" ඕම් තත් සත් ම්ම්................."
108 වෙනි මැතිරුමත් මතුරපු නිම්සාරී දිගු හුස්මක් ඉහලට හෙන සුදු කොලේ දිහා තප්පර පහක් විතර බලාගෙන හිටියා.
ඒ මත තිබ්බ පලමුවරට උල් කරපු පැන්සල ඉන් පසු ඇය අතට අරගෙන ඒ කොලේ මතින් අතේ
#බුරුලට තිබ්බේ මොනවා වෙයිදෝ සිතමින්. ඉන්පසු සිදුවුන දේ හැගීම ඇයට අදහගන්නත් බැරි වුනා.
පලමු වරට ඇයට හැගුනේ පැන්සලට පණ ඇවිල්ලා වගේ හැගීමක්.....ඉන් පසු ඒ පැන්සල සුදු කොලේ දිගේ වම් පැත්තේ ඉදන් දකුනු පැත්තට ගමන් කෙරුවේ අකුරින් අකුර ලියවෙමින්. නිම්සාරී කරපු භූත පනිවිඩ ගැනීමේ අත් හදා බැලීම තිබුනේ සාර්තක වෙමින්.
දකුනු පැත්තට බරව ලියවුනු ඒ වගේ අත් අකුරු කෙදිනකවත් නිම්සාරී ලියලා තිබුනේ නෑ. සමහර විට වෙන බාශාවලින් පණිවිඩ ,එහෙම නැත්නම් ,ඉරි රවුම් පලමුව භූත පණිවිඩලියවෙයි කියලා අර පත්තරය යේ තිබුනත් නියම සිංහල අකුරුයි භූත පනිවිඩේ ලියවුනේ.
ඒ සිංහල අකුරු සමාන වුනේ පිරිමි කෙනෙකුගේ අත් අකුරු වලට.
" කොහොමද ,"
පැන්සල එක පාරටම නතර වුනේ අකුරු හතර ලියලා අවසානේ. මොනවද කරන්නෙ කියලා හිතාගන්ඩ බැරිව ඉද්දියි යලිත් අර පැන්සල කොලේ දිගේ අකුරු ලියවෙමින් ඇවිදින්ඩ පටන් ගත්තේ.....
" කතා කරන්න , මට ඔයා කියන දේවල් හොදට ඇහෙනවා.........කොහොමද "##
එවර ලියවුනේ එයයි.
" හො.....හොදයි........."
ඒක කියව්ලා නිම්සාරී ගොත ගහමින් කිව්වා.
" එසේ මෙසේ කෙනෙකුට භූත ලෝකේ සමග සම්බන්ද වෙන්න බෑ. විශේශයෙන්ම ගැහණු ආත්මයක් ලබපු කෙනෙකුට.......ඔබ නිර්භීතයි. හරියටම භූත ලෝකය සමග සම්බන්ද වෙන වැඩේ කරලා තියෙනවා.............මම සෑහෙන්න කාලයක් බලාගෙන හිටියා........"
" මොකටද සෑහෙන්ඩ කාලයක් බලන් හිටියේ......"
කුතුහලයෙන් අහපු නිම්සාරී කොලේ දිහා බලන් හිටියේ එයට මොනවද ලියවෙන්නේ කියලා.
** " පලිගන්න..........."
" කා..කාගෙන්ද.............ම..මගෙන්ද"
ඒ ලියවුනූ දේ දකිද්දී නිම්සාරී එකපාරටම බයවුනා.
" හහ් හහ් ,,,,බයවෙන්ඩ එපා.....උබෙන් නෙමේ මට පලිගන්ඩ ඕනා....... උබට ,ඒ කෙනාගෙන් වැඩක් නෑ... උබට තියෙන්නේ මම මේ කොලේ ලියන දේවල් කරන්න විතරයි."
" ඒත් ,ඒත් මම ඒ වගේ දේවල් වලට කැමති නෑ............මට බෑ උබට උදව් කරන්න....."###
" හහ් හහ් ,,,උබට දැන් මම ලියන දේවල් කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්ඩම වෙනවා........මම දන්නව උබ ලවා ඒ දේ කරගන්නේ කොහොමද කියලත්...උබ දැන් මගෙ ග්රහනයට අහුවෙලා ඉවරයි කෙල්ලේ......"
මෙවර පැන්සලෙන් ලියවුනු දේ දැකලා නිම්සාරිගේ ඇගේ ලේත් වතුර වෙන්න ඇති.
" අනේ මට කරදර කරන්න එපා....ඔය වැඩේට වෙන කෙනෙක් හොයා ගන්ඩකෝ.....ඕය වගෙ දේවල් වලට මම වගේ කෙල්ලක් හරියන්නෙත් නෑනේ...."
හොදටම බයවෙලා හිටපු ඇය ඒක කිව්වෙ බයෙන් ගැහී ගැහී.
" එහෙම එකෙක් හොයාගන්ඩ පුලුවන් වුනානම් ,මම මෙච්චර කල් ඉන්නේ නෑ කෙල්ලේ....උබ දන්නවද මම උගෙන් පලිගන්ඩ බලන් ඉන්නේ අවුරුදු පහක ඉදන්. ඒත් උබ මේ අපෙන් පනිවිඩ ක්රමය අත්හදා බලනකම් මට වෙන කිසිම එකෙක් හොයාගන්න බැරිවුනා. ඉතින් එච්චර කල් බලන් ඉදලා හම්බුන උබව මම අත ඇරල දායි කියලා හිතනවද.........
.............. මේ පිටුව ඉවරයි ,අනිත් පැත්ත් පෙරල පැන්සල උඩින් තියාගෙන හිටපන්"
ඇත්ත ,බූත පනිවිඩ ලියවෙලාම ඩිමයි කොලේ එක පැත්තක් ඉවරවෙලා තිබ්බා.####
"මට බෑ......උබ කියනදෙවල් කරන්ඩ.........."
ඒක නිම්නාදී කියල කටගන්ඩ හම්බවුනේ නෑ...ඇයට දැනුනේ ඇයගේ දිගු කෙස්වැටියෙන් කවුරු හරි උපරිම වෙර දරා අදින බව........
" අම්මේ........................"
වේදනාව උහුල ගන්න බැරිවුන ඇය හයියෙන් විලාප තිබ්බා. ගෙදර ආම්මා හිටියත් ඇයගේ කන් ඇහෙන්නේ නැති නිසා ඒ හඩ ඇයට කොහොම ඇහෙන්නද?
ඒ සමගම නිම්නාදිගේ උගුරටත් මොකක්ද වුනේ කිසිම වචනයක් පිටකරගන්න බැරි විදිහටයි. ඇය මේ වෙද්දී හොදටම දැනගෙන හිටියා ,භූත පනිවිඩ ගන්න ක්රමය අත්හදා බලන්න ගිහින් ඇය ලොකුම ලොකු කරදරයක වැටිලා බව.
වචනයක්වත් මුවින් පිටකරන්න බැරි වුන නිම්නාදී ,වෙව්ලන අතින් ඩිමයි කොලේ අනිත් පැත්ත පෙරලලා පැන්සලා තියාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා...........
බොහොම හොදයි ,ඔන්න ඔය විදිහට ම උබ මම කරන දේවල් කරනවනම් මගෙන් කරදරයක් නෑ....උබට එච්චරම ලොකු වැඩක් කරන්ඩ නෑ කෙල්ලේ..."
සුදු කොලේ එහෙම ලියවෙද්දී නිම්නාදී ගේ අර උගුර හිරවෙන ගතියත් නැති වෙලා ගියා.
" මොනවද මම කරන්න ඕනා......"
නිම්නාදී ඇහුවේ , අර භූත ආත්මෙන් දැන් කෙසේවත් බේරෙන්ඩ පුලුවන් නොවෙන බව දැනුන නිසා.
" හරි මම උබට කරන්ඩ ඕනා දේ ,හෙට කියන්නම්.......මමත් තවම හිතලා නෑ ,අරූගෙන් පලිගන්න විදිහක් ගැන.......හෙට රෑ වෙද්දී උගෙන් පලිගන්න ක්රමයක් හොයාගෙන මම ආපහු එනවා.....
උබ අද වගෙම හෙටත් මේ වෙලාවටම ,අර මන්තරය කියලා මේ පැන්සලට මාව ගෙන්වන්න ඕනා.........අද වගේ 108 පාරක් උබ මන්තරය ජප කරන්න ඕනේ නෑ....21 පාරක් මැතිරුවොත් හොදටම ඇති.
තව දෙයක් උබ මේ ගැන කිසි කෙනෙක්ට කියන්න තහනම්.....හරිද , ඒ විතරක් නෙමේ උබ මගෙන් බේරිලා යන්න කියලා පන්සල් ගානෙ දේවාල ගානේ යන්න හිතන්ඩවත් එපා........
එහෙම දෙයක් කරන්න උබ හිතද්දීම මට # ඒක තේරෙනවා...හරිද........ඒ හින්දා මාව තරහ ගස්සන වැඩ කරලා ආමාරුවේ වැටෙන්න එපා.....එහෙම දෙයක් කරන්න හිතුවොත් මම ඉස්සරවෙලාම දඩුවම් දෙන්නේ උබට නෙමෙ....උබලගේ ගෙදර කෙනෙකුට......හරිද..............
උබලගේ මල්ලී තව මාස දෙකකින් විභාගකටත් ලියනව නේ..............හහ් හහ්....."
" අනේ....එපා.....ගෙදර කාටවත් කරදර කරන්න එපා..........මම උබ කියන විදිහට කරන්නම්........."
සුදු කොලේ ලියවුනු භූත පනිවිඩය දැකලා නිම්නාදී කිව්වේ හොදටම බයවෙලා.............
" ඔන්න ඔහොම් හිටපන් කෙල්ලේ..........එහෙමනම් ආයේ හෙට හම්බවෙනකම් ,මම ගිහින් එන්නම්.........
"
කොලයේ එය ලියවෙලා ඉවර වුතාත් සමගම ,පැන්සලේ තිබුනූ අර අදිසි බර ගතිය නැතිවුනා.......ඒ සමගම කලින් සුලගට ඇරුනු ජනෙල් පියන පෙර පරිදිම වැහෙද්දී ඒ දිහා බලාගෙන නිම්නාදී දිගු හුස්මක් පිට කෙරුවා.
" අනේ දෙයියන්නේ ,කිසිම හෙවිල්ල්ක් බැලිල්ලක් නැතිව මම කරගත්ත මෝඩ වැඩේ......"
සුදු කොලේ දිහා බලාගෙන ඇය තමාටම ශාප කරද්දී ඇගේ ඇසකින් වැටුන කදුලක්## සුදු කොලේ තෙත්කෙරුවා.
" මේ දේවල් ගෙදර කාටවත් ඉගියකින්වත් දැනගන්ඩ ඉඩ දෙන්න නරකයි. මම හින්දා ගෙදර කාටවත් ප්රශ්නයක් වෙන්න ඉඩ දෙන්න බෑ......"
හිතපු නිම්නාදී දැල්වෙන ලාම්පුවේ දැල්ලට භූත පනිවිඩ ලියවුනු සුදු කොලය අල්ලගෙන හිටියා.
ගිනිගත්තු සුදු කොලය අලු බවට පත්වෙල බිමට වැටෙන්න ගියේ නිමේෂයක් පමණයි.
*****************************************
එදා රෑ නිම්නාදි පොඩ්ඩක්වත් ඇහ පියවුනේ නෑ. ඇදේ වැතිරිලා කල්පනා කෙරුවේ මේ උගුලෙන් බේරෙන්නේ කොහොමද කියලයි.
පහුවදා සෙනසුරාදා උදේ ගෙදර අම්මාට අමතරව ,ඇයගේ අක්කා තිසුරිකා ත් මල්ලී උදීපත් හිටියත් අර භූත පනිවිඩ ගැන නම් කෙල බිදක් ඇය ඒ අය සමග කියන්ඩ ගියේ නෑ.
උදේට බත් කටවල් කීපයක් කලා අත හෝදදියි නිම්නාදීගගේ phone එකට කෝල් එකක් ආවේ.
" හෙලෝ යසී , මොකද උදේම ......"
නිම්නාදී කතා කෙරුවේ කතා කරපු කෙනා අදුරගෙන. යසීර නිම්නාදීගේ ගමේ හිටි හොදම හොද මිතුරෙක්.###
" ඇයි ඕනෑවට එපාවට වගේ කතා කරන්නේ........"
" ඊයේ පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ යසී..."
"ඇයි මස්සිනා, බූට් එක තිබ්බද ,,,අවුලක් නෑ බං ,සහරා කාන්තාරේ ඉන්නේ එක ඔටුවෙක් වැයි බං......."
යසීරගේ ඔලොක්කු කට නිම්නාදී ට ඇහුනා.
" යසී උබ මේ මගුලක් කියනවා........මට උන දේ.......නෑ එක්කො ඕනේ නෑ..........මොකද උදෙන්ම කතා කෙරුවේ..........."
" අද කොබෙයිගනේ විදාත එකේ , මල් ෆාම් එකක් කරන විදිහෙ කියල දෙන program එකක් තියෙනවා.........මල් ෆාම් එකක් කරනවනම් කරන අයට පොලී නැතුව ණයකුත් දෙනවලූ..........කෙල්ල මල් වලට ආස හින්දයි මම කිව්වේ..........මොකද කියන්නේ......"
" මට එන්න බෑ යසී......."
භූත පණිවිඩේ ගැනම හිත යොමුකරන නිම්නාදිට වෙන දෙයකට හිත යොමුකරන්න හැකිවාතාවරණයක් මේ වෙද්දී තිබුනේ නෑ......
" එහෙම කියන්න එපා බං ,සල්ලි ටිකක් හොයාගන්න විදිහක්නේ.........අද සැන්ඩ්රියානා ### #කොලයක් කියද, කුමාර අයියා ඒ කොලයක් මේ දවස්වල විකුනන්නේ රුපියල් විස්ස ගානේ......දාහක් කපාගත්තොත් කීයද???????ඇයි යන්ඩ බෑ කියන්නේ ,කෙල්ලගේ කටහඩත් එක්ක අමුතු වෙලා...........මොකක් හරි ප්රශ්න යක්ද?"
යසීරගේ ලෙංගතු කටහඩ ඇහෙද්දී නිම්නාදිට හිතුනේ ,භූත පණිවිඩ කතාව ඔහුට කියන්න. කියනවානම් මේ ගැන කියන්න හිටියේ යසීරම විතරයි. යෙහෙලියකට මේ ගැන කිව්වොත් ඔවුන් අනිවාර්යයෙන් ම බයවේවී.
ඒත් යසීරට කියන්නත් නිම්නාදී බය වුනා. ඒ අර භූත ආත්මය ලියපු අනතුරු ඇගවීම නිසා.
" එහෙමනම් මම තව පැය බාගයකින් නිම්නාදිලාගේ ගේ ලගට ත්රී වීල් එකේ එන්නම්...ලෑස්තිවෙලා ඉන්න......"
"අද ත්රීවීල් එකේ හයර් පාඩු වෙන්නේ නැද්ද "
නිම්නාදී එය ඇසුවේ යසීර ටවුමේ ඉස්පිරිතාලේ ඉස්සරහ ත්රී වීල් එක තියාගෙන හයර් අදින නිසා.....
" නෑ........පුලුවන්වුනොත් හවස යනවා........කොහ
ොමත් ඔය program එක ඕනමනම් උදේ පැය දෙකක් තියෙයි........එහෙනම් හරිනේ....."#####
නිම්නාදී ඒකට දෙයක් කියන්න කලින් යසීර phone එක තිබ්බා.
*** අවසානේ නිම්නාදී ඔහු කියපු ගමන යන්න හිතුවා. භුත පනිවිඩ ගැන හිතන දේවල් ,ඒ යන ගමනෙන් පොඩ්ඩක්වත් මැකිලා යයි කියලයි ඇය හිතුවේ.
නිම්නාදීගේම වයසේ හිටිය යසීර හිටියේ නිම්නාදීලාට අල්ල්පු ගමේ. නගරේ තිබ්බ ඉස්කෝලෙට ඒ පැත්තේ හිටපු අයගෙන ඒ දෙන්න ඉස්කෝලේ යන කාලේ බයීකලේ පැදන් ඉස්කෝලේ ගියේ යසීරත් ,නිම්නාදිත් විතරයි.
අට වසරේ ඉදන් උසස්පෙල පන්ති ඉවර වෙනකම්ම හැමදාම වගේ නිම්නාදීත් යසීරත් බයිසිකල් පැදන් එකට ඉස්කෝලේ ගිය දසුන මිනිස්සුන්ට ඒ දවසවල අමුතු දසුනක් නෙමේ. ඒ හේතුව නිසාමයි පාසල් සමය ගෙවිලා අවුරුදු දෙකක් ගියත් යසීරත් නිම්නාදිත් මේ තරම්ම කිට්ටු ඇසුරක් තිබ්බේ.
එදා උදේ අට හමාරට විතර යසීරගේ ත්රීවීල් එක නිම්නාදී ලාගේ ගෙයි ඉස්සර නවතද්දී නිම්නාදී හිටියේ ගමන යන්න ලෑස්තිවෙලා.යසීර වගෙ කොල්ලෙක් එක්ක කෙල්ලක් වුන නිම්නාදීව අරන්න ගෙදර අය අකමැතිවුනේ නැත්තේ යසීරගේ ගතිගුන ඔවුන් හොදට දන්න නිසා.##### #
" ඉක්මනට එනව , නමය වෙද්දී අරක පටන් ගන්නවා......."
යසීර කෑගැහුවේ ත්රී වීල් එකේ ඇතුලට වෙලාමයි.
" හරි හරි ,එනවා........"
කියද්දිම නිම්නාදිට එකපාරටම මතක් වුනේ කලින් දවසක ජෝතිශ්ය කාර්යාලයෙන් ඉරාගෙන ආපු අර භූත පණිවිඩ ගන්න ක්රමය ගැන තිබ්බ පත්තර පිටුව.
ඒකත් ඇය අරගෙන ගමන් යනකොට අරන් යන බෑග් එකට දාගත්තේ නිශ්චිත අරමුනකින් නෙමේ.......
*****************************************
නිම්නාදිලාගේ ගෙදර ඉදන් කිලෝමීටර් 07ක් විතර තිබ්බ කොබෙයිගනේ විදාත මධ්යස්ථානයට ඔවුන් දෙන්න යද්දී උදේ නමය පහුවෙලා තිබුනා.
ඒ වෙද්දී මල් ෆාම් හැදීමට දෙන පුහුනුවත් තිබුනේ පටන් අරගෙන.සැන්ඩ්රියානා ,ජැමයිකා, එලු අඩි වර්ගයේ ක්රෝටන් වගේ විදේශ විනිමයක් තියෙන පත්ර ශාක හදන හැටි ,ඒවා හදල නඩත්තු කරන විදිහ එහි කියාදෙමින් සිටියා........
පිරිමි අය දහ දොලොස් දෙනෙක් ,ගැහනු අය ##### #
#තිහක් විතර හිටපු ඒ ශාලාවේ නිම්නාදීත් හිටියත් ඇයගේ අවදානය තිබුනේ නම් එතන නෙමේ......එතනදිත් ඇයගේ මනසේ වැඩ කෙරුවෙ අරභූත පණිවිඩ ගැනමයි.
*****************************************
" මොකද නිම්නාදී කියන්නේ........අර වැඩේ කරනවද "
විදාතාවෙන් පිටවෙලා ආපහු එද්දියි යසීර ඇහුවේ.
" මොන වැඩේද..........."
පිටිපස අසුනේ හිටපු නිම්නාදී අහුවේ කුතුහලයෙන්.
" මොන ලෝකෙද නිම්නාදී ඉන්නේ.......මම ඇහුවේ මල් ෆාම් එකක් හදනවද කියලා......නෙට් හවුස් එකත් නොමිලේ ගහල දෙනවා කිව්වා. තව හිටවන්න අත්තක් රුපියල් පහ ගානේ දෙනවත් කිව්වා.............වත්තේ ඉඩත් තියෙන එකේ කරමු නේ......"
" අනේ මන්දා.........."
නිම්නාදී කියද්දී යසීර පිටිපස්ස හැරිලා ඇය දිහා බැලුවා.
" නිම්නාදී ,ඇත්තම කියනවද , ඔයා මොකක්ම හරි මානසික ප්රශ්නයකද ඉන්නේ......මම අර වෙලාවෙ ඇහුවේ නැති වුනාට ඔයා program එක කරන වෙලාවේ හිටියෙත් මේ ලොකේ නෙමේ........හරියට නිකම් යකෙක් දැකලා බය වෙලා වගේ ඉන්නේ....මොකද ඒ........."##### ###
" මො....මොකුත් නෑ...යසී...."
" මොකුත් නෑ නෙමේ යසී නෙමේ ,මොකක්ම හරි දෙයක් තියෙනවා.......කෙල්ලෙක් වුනත් ඔයා ඔයාගේ හැම රහසම වගේ මට කියනවා....ඇයි ඔය දේ කියන්න බැරී......"
යසීර බැරෑරුම් හඩින් ඇසුවේ ත්රීවීල් එකේ පදවගෙන යන වේගයත් අඩු කරලා.....
**** " යසී....මම කරපු මෝඩ වැඩක් හින්දා මම ,ලොකු කරදරයට වැටිලා.......මට ඒක කියන්න බෑ......මට බයයි."
නිම්නදී කිව්වේ හැඩුම්මුසු හඩින්. අර ගැන කාටහරි කිව්වොත් වෙන දේ ගැන භූත පනිවිඩ යේ ලියවුන හැටි නිම්නාදිට පෙනුනේ මැවිලා වගේ.
" නිම්නාදී මේ පිස්සු කෙලින්නෙ නැතිව මට කියනවා.....මොකටද ඔච්චරම බය,, ඔහේ කාට හරි කරදරයක් ,වංචාවක් කෙරුවද "
යසීර තරහෙන් වගේ අහද්දී නිම්නාදිට හිතුනේ ,අර භූත පණිවිඩ කතාව ඔහුට කියන්න. අර භූත ආත්මයකට සමහරවිට දවල් කලේ කියන කරන දේවල් පේන්නේ නැතිවත් ඇති.....
" පොඩ්ඩක් ත්රීවීල් එක නවත්තනවද, මට යසීට දෙයක් පෙන්වන්ඩ තියෙනවා."
කියපු ඇය බෑග් එකේ සිප් එක ඇරියා. මේ වෙද්දී ත්රී වීල් එක ගමන් කරමින් තිබුනේ ගෙවල් ##### ### #දොරවල් නොතිබ්බ විශාල පොල් වත්තක් මැදින්.
"හ්ම්ම්ම් ඉතින් පෙන්වනවා....මොකක්ද "
ත්රීවීල් එක පාරේ අයිනක නවත්තලා යසීර පිටුපස හැරිලා ඇහුවා.
" මේ කොලෙ තියෙන දේ පොඩ්ඩක් කියවල බලනවද......"
ඇස් දෙක නලලේ ත තියාගෙන යසිර ඒක අතට ගත්තේ.
" බලන්නකෝ..."
නිම්නාදී කියද්දී යසීර ඒ පිටුව උනන්දුවෙන් බැලුවා.
" භූත පණිවිඩ ගන්න ක්රමයක් "
එහෙම කියපු ඔහු ඒ පිටුවේ තිබ්බ අනිත් දේවල් කියාගෙන ගියේ හිතෙන්.
" ඉතින් මොකටද මේක මට පෙන්නුවේ........පත්තර කාරයන්ට දාන්ඩ දේවල් නැතුවද මන්දා මේ වගේ විකාර දාන්නේ......."
යසීර් කිව්වේ පිටුවම කියවල අවසානේ.........
" යසී මම ඊයේ රෑ ඕකේ තිබ්බ විදිහටම ඔය දේ කෙරුවා........"
"මොකක් ඔයාට පිස්සුද මේ වගේ දේවල් කරන්ඩ කෙල්ලෙක් වෙලත්, බැරි වෙලාවත් මේ පත්තරේ තියෙන දේ ඇත්ත වුනොත් එහෙම.....අනේ මන්දා නිම්නාදී............"##### #####
යසීර ඒ දේ කිව්වේ ඔලුවත් දෙපැත්තට වනල අප්රසාදයෙන්.
" යසී ඔය පත්තර පිටුවේ තියෙන දේ ඇත්ත..........ම
ම ඔකේ තියෙන විදිහටම ඊයේ රෑ ඕක කරද්දී භූ........"
ඒත් ඒ කියන්න ගිය දේ නිම්නාදී ට කියල ඉවර කරන්න හැකිවුනේ නෑ.....ඊට කලින් වුනේ නිම්නාදී හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ........ඇයගේ ඇස් භීතියෙන් උඩ යද්දී ඇය දැක්කේ යසීර ........................
යසීර වේදානාවෙන් ඔලුව ඔහුගේ අතින් අල්ල ගත්ත හැටියි.
" යසී....මොකද වුනේ....."
ත්රීවීල් එකෙන් පැන්න නිම්නාදී ඔහු ලගට ගියේ හොදටම බයවෙලා.
"අම්මෝ.....නිම්නාදී මගේ ඔලුවට එකපාරටම මොකක්ද මන්දා වුනා..ස්ස්ස්ස්..........හරියට දැනෙන්නේ මොළේ ඇතුලට ඇල්පෙනෙති කටුවලින් ඇනෙනවා වගේ.......අම්මෝ...."
යසීර වේදනාවෙන් එහාට මෙහාට ඇබරෙද්දී නිම්නාදි ඊට පස්සේ දුටු දෙයින් හොදටම බයවුනා. සියුම් ලේ දහරක් යසීරගේ නාස් පුඩුවකින් වැක්කෙරෙමින් තිබුනා.
ඒ සමගම ඔහු ගේ ඇස් දෙකත් පියවිලා ත්රීවීල් එකේ හැඩලය මතට කඩාගෙන වැටුනේ.......ගහ
ක් කඩන් වැටෙනවා වගේ....
"යසීර අනේ යසීර මොකද වුනේ........."
හොදටම අසරණ වුන නිම්නාදී ඔහුගේ ඇගෙන් අල්ලා හෙලෙව්වේ කිසිම දෙයක් කරකියා ගන්න බැරිව.
බැලුවේ පාරෙ කිසිවෙක් එනවවත්ද කියලා....ඒත් ඉක්මනට ගෙදර යන්න කියා ත්රිවීල් එක යසීර පදවගෙන ආපු ඒ අතුරු පාරෙ කිසිම මිනිස් පුලුටක් ඇය දැක්කේ නෑ.#
කරන්න කිසිම දෙයක් නැති තැන ඇය පාර දිගේ දුවගෙන ගියේ ලගම තියෙන ගෙදරකට දුවලා උදව්වක් අරගෙන එන්න හිතාගෙන. හදිසියේ මේ ගමන ආවාට නිම්නාදී අඩුම ගානේ වතුර බෝතලයක් වත් අරගෙන ඇවිල්ලා තිබුනේ නෑ.
එහෙම පාරේ දුවගෙන යද්දීයි ඇයට එකපාරටම දෙයක් මතක් වුනේ.
" යසීරට මෙහෙම දෙයක් වුනේ, මම අර භූත පණිවිඩ ගැන එයාට කියන්න ගිය හින්දද......අනේ දෙයියනේ ඒ හින්ද වෙන්න ඇති...........මම මේ මොකක්ද කෙරුවේ මම හින්දා යසීරවත් අමාරවේ දැම්මා......."
සිතද්දී නිම්නාදීට මතක් වුනේ භූත පණිවිඩේ ලියවුනු ඒ අනතුරු ඇගවීම මතක් වුනේ.
" උබ මේ ගැන කාට හරි කියල තිබ්බොත් උබට නෙමේ මම කරදර කරන්නේ"
ඒ ගැන සිහිවෙලා ඇය යසීර ගැන හොදටම බයවුනා.
" අනේ යසීර ට කරදර කරන්ඩ එපා......මම ආයේ යසීරට නෙමේ වෙන කාටවත්ම අර දේ කියන්න යන්නේ නෑ.....උබ කියන විදිහටම ඉස්සරහට කරන්නම්,, යසීරව අත ඇරපන්..."
නිම්නාදී පිස්සුවෙන් වගේ පාර මැදින් එහෙම කිය කිය දුවගෙන ගියේ අර භූත ආත්මය ඇය කියන දේවල් ඇහෙනව ඇති සිතමින්.##
ලගම තිබ්බ ගෙදරකට ගිහිල්ලා මේ ගැන නිම්නාදී කිව්වා. ඒ ගෙදර ඒ වෙලාවේ හිටියේ මැදිවියේ පිරිමි කෙනෙකුයි, අවුරුදු විසි පහේ පිරිමි කෙනෙකුයි විතරයි.
වුන දේ කියලා ඒ දෙන්නත් අඩගහගෙන යසීරගේ ත්රීවිල් එක්ක තිබ්බ තැනට නිම්නාදී කිකිට්ටුවෙද්දි දුටු දසුන ඇයට අදහගන්නත් බැරිවුනා.
අර විදිහට කෑ ගහගෙන සිහිනැතිවුන යසීර කලබලයෙන් නිම්නාදීව සොය සොය හිටියා.
" නිම්නාදී කොහෙද ගියේ.........."
නිම්නාදීව දැකපු යසීර කලබලයෙන් ඇහුවේ ඇය එක්ක ගෙන ආපු අර මිනිස්සු දෙන්නවත් දිහා බලල.
" යසී ඔයාට දැන් හොදද, මම හොදටම බයවුනා ඔයාට වුන දේ දැකලා......මට කිසිම දෙයක් ඒ වෙලාවේ කරන්න තේරුනේ නෑ. ඊට පස්සෙයි මේ දෙන්නට ගිහිල්ලා කිව්වේ."
"අනේ මන්දා නිම්නාදී, මටත් හිතාගන්න බෑ...මට මොකද වුනේ කියලා...උපන් තේකට ඒ වගේ දෙයක් මීට කලින් මට වෙලා නෑ........."
ඒත් ඔහුට මොකද වුනේ කියලා නිම්නාදීට නම් මේ වෙද්දී හොදටම තේරිලා තිබ්බා. ඒ සිදුවීම ත් අර භූත පනිවිඩ ත් අතර ලොකු සම්බන්දයක් තියෙනව කියලයි ඇයගේ හිත කිව්වේ.###
** පාරෙ දුවගෙන යනකොට ආයේ භූත පනිවිඩ ගැන කාටවත් කියන්නේ නෑ කියපු එක භූත ආත්මයට ඇහෙන්ඩ ඇති. ඒ හින්දා යසීර ට කරදර කරන එක නතර කරන්ඩ ඇති......ඒක වුනේ එහෙමනම් අර භූත ආත්මය පියවි ඇසට නොපෙනී මේ ලගම ඔවුන් කරන දේවල් බලාගෙන ඉන්නව ඇති."
එය සිහිවෙද්දීනම් නිම්නාදිගේ මුලු ඇගත් එක්කම හිරි වැටිලා ගියා.
"යසී දැන් පොඩ්ඩක් වත් අමාරුවක් නැද්ද"
" නෑ නිම්නාදී ,අර වගේ දෙයක් වුනාද කියලවත් නෑ....මේකනම් මහ පුදුමයක්. හිතාගන්න වත් බෑ..."
"එහෙමනම් නංගී අපි යන්නම්....."
උදව්වට ආපු තරුණයා කිව්වේ යසි දිහාත් නිම්නාදිත් දිහා බලල. ඔහුටත් මේ වුන දේ අදහගන්න අමාරු ඇති.
ඔවුන් දෙන්නටත් ස්තූති කරපු යසීර ආයේ පාරක් ත්රීවිල් එක පන ගැන්නුවේ ආපහු යන්න හිතාගෙන.
" නිම්නාදී ඉතින් කියන්නකෝ...මට අර දේ වෙන්න කලින් ඔයා කියපු දේ......අර ඔයා ඔච්චරම බය වෙලා ඉන්න හේතුව....."
යසීර ඇහුවේ පාරේ අඩි හාරසීයක් විතර ඉස්සරහට ගියාට පස්සෙයි.####
" නෑ ඒ දේ දැන් කියන්න බෑ.....පස්සේ වෙලාවක කියන්නම්........"
නිම්නාදී ඒක කිව්වේ හොදටම බයවෙලා
.යසිරට ඒ ගැන පස්සේ කියන්නම් කිව්ව්ට මේ වෙලාවේනම් ඇය හිතුවේ ආයෙනම් ඉගියකින්වත් අර භූත පණිවිඩ ගැන කා එක්කවත් කියන්නේ නෑ කියලා.
*****************************************
එදා සෙනසුරාදා දවසෙත් ඉර බැස ගෙන ගියේ නිම්නාදී ගේ හද ගැස්ම වැඩි කරමින්.
අක්කා තිසුරිකා ගාමන්ට් එකේ වැඩට ගිහින් හිටියේ ඊයේ වගේමයි. මල්ලී උදීපත් ඔහුගේ පන්තියේ ළමයි එක්ක ගමේ ඉස්කෝලෙට ගිහින් හිටියේ නිම්නාදී ත් කන් ඇහෙනවා අඩු අම්මාත් නිවසේ තනි කරමින්.
අවිනිශ්චිත බියෙන් හිත වෙලෙද්දී ,රෑ අට වෙද්දී නිම්නාදී ගෙදර කන්තෝරු කාමරයට ගියා.සෙනසුරාදා භූත පණිවිඩ දෙන වෙලාව තිබ්බෙත් රෑ අටයි ,නමයයි අතර.
කලින් රෑ වගෙම කාමරේ දොර වහල ,ලයිට් නිමලා ලාම්පුවත් පත්තු කරලා ලී මෙසය උඩින් අලුත් සුදු ඩිමයි කොලේ තියලා පැන්සලත් ඒක උඩින් තිබ්බා.
" ඕම් තත් සත් ම්ම් ,,,,ඕම් තත් සත් ම්ම් ......"
ලම්පු එලිය මැද්දෙන් පුටුවේ ඉදගෙන නිම්නාදී #### # මන්තරය මතුරන්න පටන් ගත්තා. දැන් ඇය අර භූත පණිවිඩ දෙන ආත්මයේ අවසනාවන්ත ඉත්තෙක් වෙලා බව ඇයට දැනෙද්දී ඇයට හැගුනේ තමා ගැනම ආත්මානුකම්පාවක්.
"ඩාං..................."
මන්තරය විසි එක් පාරක් මැතිරුවා විතරයි කාමරේ තිබ්බ ජනේලේ පියන ඊයේ වගේම මහ ශබ්දයක් කරමින් අනින් ජනෙල් පියනේ වැදුනා.
ඒ හඩට නිම්නාදී උඩ යද්දී ඊයේ ඇතුලෙන් මහා සුලගක් කාමරේට ඇතුලු වුනෙ කලින් දවසේ වගේමයි.
මේවා අත්දකිද්දී නිම්නාදී හොදටම දැනන් උන්නා පනිවිඩ දෙන භූත ආත්මය පනිවිඩ ලියන්න ඇවිත් කියලා.
ඒ සමගම නිම්නාදී වෙව්ලන් දකුණු අතින් පැන්සල සුදු ඩිමයි කොලේ උඩින් යමක් ලියන්න සැරසෙනවා වගේ අල්ලගෙන හිටියෙ අත බුරුලෙන්.
භූත පනිවිඩේ අද මොනවා ලියවෙයිද සිතමින් ඇය පැන්සල අල්ලගෙන හිටිද්දී...ඇයට දැනුනා ඊයේ වගෙම අදත් පැන්සලට අර අදිසි බලය ඇවිත් කියලා. ඒ සමගම භූත පණිවිඩය ලියවෙන්න පටන් ගත්තේ අකුරින් අකුර ඊයේ අත් අකුරු වලින්මයි.##### #
" හොදයිනේ කෙල්ල....මම දැනගෙන හිටියා මම කිව්ව වගේම ,උබ අද රෑත් මේ පැන්සලට මාව ගෙන්වනවා කියලා............ඒත් උබ මම කිව්ව එක දෙයක් පිටින් ගියා........හරි ඒකට කමක් නෑ කියමුකෝ.....එකෙන් උබ දැනගන්න ඇතිනේ මගේ බලවත්කම...."
*** " එහෙනම් උබම තමා යසීරට අරවෙලාවේ අර වගේ දෙයක් කෙරුවේ."
ලියවුනු ඒ දේ දකිද්දී ඇයට දැනුනේ බයත් සමග මුසුවුන කේන්තියක්.
"ආ ඔය තේරෙන්නේ...මම කිව්වා මේ ගැන කිසිම කෙනෙකුට කියන්න එපා කියලා.....උබ මම කිව්ව දෙ ඇහුවේ නෑ......ඉතින් උබ මොකද කරන්නේ....උබ දැන් මල් හදනවද...."
"මල්........."
මෙවර භූත පනිවිඩ යේ අවසානෙ ලියවුන දේ ඇයට තේරුනේ නෑ......"
" ඇයි උබ අද උදේ උබේ යසීත් එක්ක ගියේ මල් හදන එක ගැන කියලා දෙන මොකක්ද මන්දා එකකට........."
" ඒ......ඒ ....කියන්නේ ....."
" හහ්.හහ්.....උබ නොදන්නව උනාට ,,අද මුලු දවසෙන් වැඩි පැය ගානක් මම හිටියේ උබ කරන කියන දේ වල් දිහා බලාගෙන උබ ලගින්මයි........"##### ##
ඒ දේ ලියවෙද්දී නිම්නාදිට දැනුනේ මහා අපහසුතාවක්......
"අනේ උබ කවුද කියලා මම දන්නේ නෑ......මාව අතඇරලා දාපන්,,,,ගිහිල්
ලා උබේ වැඩ වලට වෙන කෙනෙක් හොයාගනින්කෝ.......මම අනික කෙල්ලෙක් ,මම උබ ඔය කරන්න කියන දේවල්.කරන්නේ කොහොමද....."
නිම්නාදී කිව්වේ හැඩුම්මුසු හඩින්.
"මම උබට ඊයෙත් කිව්වා.....මට වෙන කෙනෙක් හොයාගන්ඩ අමාරුයි කියලා.........ප
ෙරලපන් පිටුවේ අනිත් පැත්ත......"
අණකරලා වගේ ලියවුනූ ඒ දේ දැකලා නිම්නාදී ඉක්මනටම අනිත් පැත්ත පෙරලුවේ ඊයේ ඒ වුන දේ මතක් වෙලා. පැන්සල පැත්තේ උඩින්ම තියාගෙන ඉද්දී ආයේ භූත පණිවිඩ ලියවෙන්න පටන්ගත්තා.
"අන්න ඔය වගේ හිටපන්...මම ඒ වගේ දේවල් වලට ගොඩක් කැමතී......අරූගෙන් පලිගන්න මම ක්රමයක් හොයාගත්තා......උබ කෙල්ලේ ඔය බය වෙලා දැගලුවට උබට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක් විතරයි......"
" මොකක්ද මට කරන්ඩ තියෙන්නේ.........."
" උබට තියෙන්නේ ලබන සෙනසුරාදා අදුර වැටෙන්න කිට්ටුවෙද්දීම කඩවර කැලෑවට යන්ඩ "##### ###
එය ලියවෙද්දී නිම්නාදී ගේ තිබ්බ බය දෙගුන තෙගුන වුනා.නිම්නාදී ලාගේ නිවසේ ඉදලා කිලෝමීටර් හය හතක් දුරින් පිහිටි කඩවර කැලය අක්කර දේසීයක විතර මහ මූකලන් කැලයක්. හරිම අමුතු ගුප්ත කැලයක් වුන ඒ කඩවර කැලේට දහවල් කාලේවත් මිනිසුන් පය තියන්න බයයි කියලයි නිම්නාදී අහල තිබ්බේ.
"කඩවර කෑලේට ඒ වෙලාවට ගිහින් මම කරන්නේ මොනවද.........."
කෙතරම් බියෙන් නිම්නාදී හිටියත් ඇයට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.....භූත ආත්මය හොදින් කෙසේ වෙතත් නරකින් හරි නිම්නාදීලවා ඒ භූත ආත්මේ අරමුන ඉටුකරගන්නවා කියලා ඇය හොදටම දැනගෙන උන්නා.........
කඩවර කැලේට ගිහින් ඇයට කරන්න තියෙන්නේ මොකක්ද කියල බලන්න ඇය සුදු කොලෙ ලියවෙන දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.
" කඩවර කැලේ තැනක් පොලව යට වලලල තියෙනව කලගෙඩියක්, උබට කෙල්ලේ තියෙන්නේ ඒ කලගෙඩිය හොයාගෙන ඒක බිදල දාන්ඩ විතරයි. පුංචිම පුංචි වැඩක්........"
නිම්නාදී කොහොමවත් හිතුවේ නෑ භූත ආත්මය ඇය ලවා කරවගන්ඩ හදන්නේ මේ වගෙ දෙයක් කියලා.
" ඒත් ඒ කලගෙඩිය බින්දම කොහොමද ,ඔය කියන කෙනාගෙන් පලිගන්ඩ පුලුවන් වෙන්නේ......"
නිම්නාදී ඇහුවා.
" උබට ඒකෙන් වැඩක් නෑනේ....උබ ප්රශ්න අහන්නේ නැතිව මම කියන දේ විතරක් කරපන්."
" කඩවර කැලේ කියන්නේ ලොකු කැලයක් ,ඉතින් මම කොහොමද ,ඔය කලගෙඩිය වලවල තියෙන තැන හොයාගන්නේ. ඒක මහ අමාරු වැඩක්,අනික කලුවර වැටුනම කොහොමවත් හොයාගන්න බෑනේ........අනික මම ඔය කියන කැලේ දැකල තිබ්බට ඕක ඇතුලට කවදාවත් ගිහිල්ලා නෑ.......මම කොහොමද ඉතින් ඕක # කරන්නේ ......."
"හ්ම්ම්ම්ම් මට දීපන් තව කොලයක්.....මම උබට ඒ කලගෙඩිය වලලල තියෙන තැන කොලේ ඇදල පෙන්නන්නම්.ඉක්මන් කරපන්........"
ඒක ලියවුනාම නිම්නාදී තව සුදු කොලයක් තියලා පැන්සලෙන් අල්ලගෙන හිටියා.
භූත පණිවිඩේ ඊලගට වුනේ පණිවිඩයක් ලියවුනා නෙමේ. කොලේ උඩ සිතියමක් ඇදුනා. නිම්නාදිලාගේ ගෙදර ඉදන් කඩවර කැලේට යන පාරයි ඉස්සර වෙලා ඇදුනේ. ඊලගට කඩවර කැලෙත් ඒ වටා තිබ්බ ගම් හා විශේෂ තැන්වල ලකුනුයි.
"හරි උබට තියෙන්නේ මෙන්න මේ තිඹිරි දෙනිය කියන ගමේ පැත්තෙන් කැලේට ඇතුල් වෙන්න.ඒ පැත්තේ කැලේ පාරෙන් යද්දී හම්බවෙනවා ලොකු නුග ගහක්. මේ ගහේ දෙයියන්ට කියලා මිනිස්සු කොල අතු එල්ලලා තියෙන හින්දා උබට ලේසියෙන් එතන හොයාගන්න පුලුවන්.
ඒ නුග ගහට එහා පැත්තෙන් ගලන් යන කඩවර ඇල දිගේ උබ කැලේ ඇතුලට යමන්. එහෙම යද්දී උබට හම්බවෙයි කදවල් බදන්නවත් බැරි එකලග තියෙන සියඹලා ගස් දෙකක්. ඒ සියබලා ගස් දෙකෙනුත් ලොකුම කද තියෙන සියඹලා ගහ දිහා## බලපන්.
අන්න ඒ සියඹලා ගහ යටට ගිහින් ඉර බහින පැත්ත බලාගෙන අඩි සීයක් විතර යමන්. හැම තැනම ඒ හරියේ තියෙන්නේ ගස්වලින් වැටුනු කොලරොඩු එකතු වෙලා. ඒ කොලරොඩු යටින් තැනක අර මම කියපු වලලපු කලගෙඩිය තියෙනවා...
උබ කොලරොඩු අවුස්සලා ඒ තැන කොහොම හරි හොයාගනින්. ඒ කලගෙඩිය වලලපු එකා වලලල එච්චර දවසක් නෑ. ඒ හින්ද උබට ලේසියෙන්ම ඒ තැන හොයාගන්ඩ පුලුවන්. ඊටපස්සේ ඒ වලලපු කලගෙඩිය අරගෙන උබට තියෙන්නේ කොහොම හරි බිදින්න විතරයි.
ලේසිම ලේසී වැඩක් ,උබට තේරුනානේ.........."
"තේරුනා....."
මෙවර සෑහෙන්න වෙලාවක් ලියවුනු භූත පනිවිඩය නැවතෙද්දී නිම්නාදී කිව්වා.
" තේරුනා විතරක් නෙමේ මේ දේ කොහොම හරි කරන්ඩ ත් ඕනා.......ඒ දේ කරන්න ඕනත් ලබන සෙනසුරාදා අදුර කිට්ටුවෙන්න ලංවෙද්ද,ඊට කලින් බෑ..............මමකියන දේ හරියට කෙරුවෙ නැත්නම් එහෙම උබට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි."###
** " තේරුනා......මම එහෙම කරන්නම්......"
කියද්දී නිම්නාදී දැක්කේ ඒ එකොලෙත් ඒ පැත්තේ වෙන ලියන්න ඉඩ නැති බවයි. ඇය ඉක්මනට අනිත් පැත්ත පෙරලලා උඩින් පැන්සල තියාගෙන හිටියා.
" බොහොම හොදයි. අන්න ඔය විදිහට මම කැමති විදිහට ඉන්නව නම් මම බොහොම කැමති. එහෙමනම් අදට ඔය ඇති...මම හෙටත් එනවා.........අද වගේම අර මන්තරය උබ හෙට රෑ නමයත් ,එකොලහත් අතර මතුරලා මාව ගෙන්වන්න ඕනා........"
" ඒත් මට හෙට ඒ දේ කරන්න බෑ...හෙට ඉරිදා, අක්කට හෙට නිවාඩූ, මල්ලිත් ඉරිදට රෑ පන්තියට යන්නේ නෑ......මම කොහොමද ඒ දෙන්නට හොරෙන් මේ දේ කරන්නේ.........අනික ලබන සතියේ අක්කට ගාමන්ට් එකේ තියෙන්නේ උදේ හයේ ඉදලා හවස දෙක වෙනකම් සිෆ්ට් එක ,එයා ලබන සතියේම රෑට ගෙදර ඉන්නේ.........
අක්කට හොරෙන් මේ දේවල් මම කරන්නේ කොහොමද ,එයාට හොරෙන් මේ ගෙදර කිසි දෙයක් කරන්න අමාරුයි"
"හහ් උබ කියන්නේ උබේ අක්කා හින්දා ,මට මේ කරන එක නතර කරන්න කියලා......ඒ දේ කොහොමවත් වෙන්නේ නෑ.......මම කිව්වනේ හොදින් හරී නරකින් හරී මගෙ වැඩේ කරගන්නවා කියලා........"####
ඒ දේ ලියවෙද්දී නිම්නාදී අක්කා ගැන හිතලා හොදටම බය වුනා.......
"අනේ අක්කට මොකුත් කරන්න එපා...උබට ඕනේ අර කලගෙඩිය බිදින්නනෙ...මම ඒක කොහොම හරි කරන්නම්......අක්කටවත් ගෙදර අයටවත් කරදර කරන්ඩ එපා......."
"ඒවායින් වැඩක් නෑ....මම කරන්නේ ම්ට ඕනා දේ මම කරන දේට කාගෙන්හරි බාදාවක් වෙනවනම් මට කරන්න දෙයක් නෑ......මගෙන් දඩුවම් ඊට හම්බවෙයි......
එහෙමනම් අදට ඔය ඇති......හෙට මම ආයෙත් එනවා.........කොහොම හරි උබව මාව ගෙන්වන්නම් ඕනා..............."
එපමනයි ලියවුනේ....නිම්නාදී අල්ලගෙන හිටිය පැන්සලේ අර අදිසි බර ගතිය නැතිවුනා. කාමරේ තිබ්බ ඇරුනු ජනෙල් පියන මහ හඩින් වැසුනේ භූත පණිවිඩේ දුන්න ආත්මේ ගියා කියලා පවසමින් වගේ...........
ලාම්පු එලියෙන් කිසිම දෙයක් කරකියාගන්ඩ බැරි වුන නිම්නාදී පණිවිඩ ලියවුනු කොල දිහා බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා.
" මම කරපු මේ දෙයින් ඔක්කොම #### # අමාරුවේ
.......කඩවර කැලේට කලුවර වැටෙන වෙලාවට තනියම යනව කියන එක හිතෙන කොටත් බයයි............අයියෝ මම මේ මොනවද කරගත්තේ......කාටවත් මේ දේ කියන්නත් බෑ"
හිතෙනකොට නිම්නාදී ට දැනුනේ ඉකිගසා අඩන්න තරම් වේදනාවක්.
එදා රෑ භූත පනිවිඩ ලියවුනු කොල දෙක නිම්නාඩී පෙරදා වගේ පුච්චන්න ගියේ නෑ..... ඊට හේතුව වුනේ අර කලගෙඩිය වලලල දාල තිබ්බ තැන සිතියමත් අද භූත පණිවිඩ අතර තිබ්බ නිසා......
කොල දෙකම අරගත්ත ඇය කාටවත් ඒවා හමු නොවෙන විදිහට ඇයගේ කාමරේ තිබ්බ පත්තට ගොඩක් අස්සෙන් ගහල හැංගුවා.
*****************************************
ඊලග දවසේ උදේ නිම්නාදී නැගිට්ටේ අද දවසේ ලොකුම දෙයක් කරන්න සැලසුම් කරමින්.
*** නිම්නාදිට හිතුනා භූත පණිවිඩ වල ලැබුනු තොරතුරු ඔස්සේ කඩවර කැලේට ගිහින් එහි ඇත්ත නැත්ත හොයාගන්න.
එදා ඉරිදා දවසක් නිසාම ගෙදර කට්ටිය හිටියා. ඒ අයට අහුනොවන බොරුවක් කියපු නිම්නාදී බයික් එකේ නැගලා කඩවර කැලය පැත්තට යන්කොට උදේ නමය පහුවුනා විතරයි.
භුත පනිවිඩේ ලියවුන කොල අතු එල්ලපු නුග ගහයි, ඒ අසලින් ගලා බසින කඩවර ඇලයි ඇයට ලේසියෙන් හමුවුනා.
බයික් එක කඩවර කැලේ කාටවත් හොයාගන්න බැරිවෙයි කියලා හිතපු තැනක නවත්තලා ඇය ##### #ආරක්ශාවටයි , පාර හදාගන්න කියලයි හිතලා ගෙනාපු මන්න පිහිය අතට ගත්තා.
ඊට් පස්සේ ඇය මග පාදමින් කඩවර ඇල දිගෙ ගියේ අර ලියවුන විශාල සියඹලා ගස් දෙක හොයාගන්න අරමුනින්.
රූස්ස ගස් ඒ වටා එතුනු වැල්, ගස් යට තිබ්බ් කොලරොඩු තට්ටු මතින් නිම්නාදී අඩිය අඩිය ඉස්සරහට තිබ්බේ වටේටම වටපිට බල බලා.
කෙදිනකවත් මේ වගේ අත්දැකීමකට මුහුන නොදුන් ඇය ඉස්සරට තියෙන අඩිය අදිය පාසා හිත ගැස්සුනා. යන්න අපහසු තැන් වලින් ඇය පාර හදාගෙන ගියේ මන්න් පිහියේ උදව්වෙන්. සමහර තැන්වලින් යද්දී කටු පදුරුවලට ඇයගේ අත පය සීරිලා ලේ ගලමින් තිබ්බා. නිම්නාදී ඉස්සරහට ගියේ ඒ වේදාවත් අමතක කරමින්.
හුග කාලෙකින් හරි හමන් වැස්සක් වැටිලා තිබ්බේ නැති නිසා කඩවර ඇලේ වතුර තිබ්බෙත් තැනින් තැන තිබ්බ ගැඹුරු වලවල් වල විතරයි.
ගස් වලින් වටවුන අතරින් පතරින් පේන ඒ ඇල දිහාත් බල බලා නිම්නාදී ඉස්සරහට ම ගියා.
ඉස්සර ජේවීපී කලබල කාලේ කඩවර කැලේට මිනිස්සු බලහත්කාරෙන් එක්කරගෙන ඇවීල්ල කපල කොටලා මරලා දාලත් තියෙනව කියලා නිම්නාදී අහල තිබ්බා. ඒ මරපු අයගේ අවතාර මේ කඩවර කැලේ සැරිසරලා කැලේට එන අයව බයකරනව කියලත් ඒ කතා කියපු කිව්ව කට්ටිය කිව්ව හැටි නිම්නාදී ට මතක් වුනේ බය ##### #
#වැඩිකරමින් .
ඒ විතරක් නෙමේ රජ කාලේ රජවරු මේ කැලේ මැද තිබ්බ ගල් තලාවල නිදන් හංගලා ඒව බලාගන්ඩ අමුනුශ්ය ආත්ම පත් කරලත් තියෙනවලූ. ඒ අමුනුශ්ය ආත්මත් ඒ හින්දා මේ කැලේට මිනිස්සු එන එක වලක්වන්න මහ බයානක දේවලුත් කරනවලු.
ඒ වගේ මහා ගුප්ත භයංකාර ,දවල්ටවත් මිනිසුන් එන්න බය කඩවර කැලේ නිම්නාදී ඉස්සරහටම ගියේ වෙව්ල වෙවලා.එක වෙලවකට ඇයට දැනුනේ කඩවර කැලේ ඉන්න හොල්මන් අවතර තමා දිහා බලාගෙන ඉන්නවා වගේ හැගීමක්.
"ඉක්මනට මේ සියඹලා ගස් දෙක හම්බවුනොත් හොදයි..පාරනම් වැරදෙන්න එපා.........."
ඇය දෙයියන්ටත් කන්නලවු කරමින් මේ වෙද්දී කඩවර කැලේ සෑහෙන්න දුරක් ඇවිත් තිබ්බා. තව ටික දුරක් ගිය ඇයට සැන්සුම් සුසුමක් හෙලුනා.
එක ලග තියෙන යෝධ සියඹලා ගස් දෙක දකිද්දී නිම්නාදී ට හිතුනේ මේ නම් අර භූත පනිවිඩේ තිබ්බ සියඹලා ගස් දෙක කියලමයි. මොකද අර නුග ගහ කඩවර ඇල ඒ ඔක්කොම භූත පණිවිඩේ ලියවුනු විදිහට ම තිබුන...ඒ නිසා ඒ ගැන සැකයක් පොඩ්ඩක් වත් ඇයට තිබුනේ නෑ.##### ###
"අර කලගෙඩිය වලලපු තැනත් මේ කිට්ටුවම ඇති...එතනත් හොයාගෙන ඉක්මනටම යන්න ඕනා ඊට පස්සේ සෙනසුරාදා රෑවෙන වෙලාවට ඇවිත් ඒක බිදලා දාල යනවා.එතකොටවත් අර කරදරෙන් බේරෙන්න පුලුවන් වෙයිනේ......."
සිතපු ඇය හැකි ඉක්මනට එතන තිබ්බ කද මහතම සියඹලා ගහ ලගට ගියා. භූත පනිවිඩේ ලිලියවුනු විදිහට අර වලලපු කලගෙඩිය තියෙන්නේ ඒ ගහ ලග ඉදන් බස්නාහිර පැත්තේ ඉදන් අඩි සීයක් විතර දුරින්.
අර භූත පණිවිඩේ ලියවුනු විදිහටම ,ඒ සියඹලා ගහ ලග ඉදලා අඩි සීයක් විතර දුරින් නිම්නාදී තියෙනව දැක්කේ කැලේ පුරාම තිබ්බ කොල රොඩු තට්ටු .
හරියටම තැන හොයාගන්න අමාරු වුන ඇය අඩි සීයක් විතර දුරක් අනුමානා කරලා කොලරොඩු තට්ටු අවුස්සලා බැලුවා.
*** සෑහෙන්න වෙලාවක් එහෙම කරද්දියි ඇයට හිතට සතුටක් එන දෙයක් දැක්කේ.
අලුත් පස් තට්ටුවක් ,එතන තිබ්බ කොලරොඩු යටක තිබිලා ඇයට හමුවුනේ දින කීපයකට කලින් මොනව හරි වලල දලා තියෙන විදිහට.
"හරි මෙතන තමා තැන වෙන්ඩ ඕනා.........හාරලා බලනවද........."
ඇය මොහොතක් ඒ දිහා බලාගෙන කල්පනා##### #### කෙරුවා....
"එක්කෝ ඕනේ නෑ......සෙනසුරාදා හවසම හාරනවා......"
භූත ආත්මය පනිවිඩේ දුන්නේ එහෙම. මේ වෙන කම් ඇය කරපු දේවල් භූත ආත්මයට පේනවනම් ඒ ආත්මය ඇත්තේ හොදටම තරහ ගිහින් වෙන්න ඇතී. මොකද භූත ආත්මය පනිවිඩේ දුන්නේ සෙනසුරාදා රෑ වෙද්දී ඇවිල්ලා මේ තැන හොයාගන්ඩ කියලයි.
ඇය එයින් පිට ගිහින් ඊට කලින් මේ තැන හොයාගත්ත නිසා භූත ආත්මය තරහ යන්න ඇති කියලයි ඇයට මේ වෙලාවේ හිතුනේ.
" රෑ වෙද්දී මේ තැන හොයාගන්ඩ අමාරුවෙයිද "
ඊට පස්සේ ඇයට හිතුනේ එහෙම. ඇය දැක්කා එතන ඉදලා අඩි දහයක් විතර දුරින් තවත් විශලා ගහක් , ඒ ගහේ කද ලගට ගිහින් පිහියෙන් කදට කෙටුවේ මාක් එකක් විදිහට.
" කොලරොඩු මැද කෝටුවක් හිටෙව්වා නම් මීට වඩා ලේසියෙන් තැන හොයාගන්ඩ තිබ්බා..."
ඒත් ඒ අදහස ඇය හිතෙන් අයින් කෙරුවේ භූත ආත්මය තරහ යාවි සිතලා........
පෙර පරිදිම කලගෙඩිය වලලපු තැනයි කියලා අනුමාන කරපු තැන කොලරොඩු තට්ටුවෙන් වහපු ඇය ආපහු යන්න සැරසුනා.....##### #####
මේ බය හිතෙන කඩවර කැලෙන් හැකි ඉක්මන්ට එලියට යන්නයි ඇයට ඕන වුනේ.......
නිම්නාදී ආපහු ආවේ කඩවර ඇල ලගින් දුවගෙන වගේ වේගෙන්.
ඒත් ඇයට එහෙම වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. ඉස්සරවෙලාම නිම්නාදී දැක්කේ ඉස්සරහ තිබ්බ පදුරක් සෙලවෙන හැටී. ඒ සමගම නිම්නාදී හොදටම බය කරමින් ඇය යන පෙරමගට පැන්නේ.................................
කලු මහත මිනිහෙක්. ඔහු පැනල තව තත්පර පහක් ගියේ නෑ තවත් මිනිහෙක් පදුර අස්සෙන් මතු වුනේ අර විදිහටමයි.
උන් දෙන්නගේ මූන දකිද්දී නිම්නාදී ට හිතුනේ ඉස්සරහට වෙන්න යන්නා හොද දෙයක් නෙමේ කියලයි. බයටම නිම්නාදී පිටිපස්ස ට අඩියක් තිබ්බා.
" මම නම් හිතන්නේ මේ ඉන්නේ හොල්මනක්, මේ වගේ ලස්සන කෙල්ලක් කොහොමද තනියම කඩවර කැලේ........."
කලු මහත මිනිහා කැත හිනාවකින් නිම්නාදී දිහාට ලන්වෙද්දී ,ඒ ඔහු කියන්නේ බොරුවට කියලා තේරුම් ගන්න නිම්නාදිට අමාරු වුනේ නෑ......
" වෙන්න පුලුවන් ,වෙන්න පුලුවන් ,ඒත් මම බැලුවේ හොල්මනකට මොක්ටද පිහියක් කියලා..."
අනිත් එකා කිව්වා.
" හොල්මනක් ද මනුස්ස දුවක්ද කියලා හොයාගන්න පුලුවන් මේකී අල්ලල බැලුවොත් ,මන් දන්න විදිහට හොල්මනක් නම් උන්හේ ඇටකෝටු අහුවෙන්නේ නෑ......."
කියපු කලු මිනිහා එකපාරටම නිම්නාදී හිටපු # පැත්තට විදුලු වේගෙන් පැන්නේ ඇයව අල්ලගන්න. කඩවර කැලේ ඇවිදපු නිම්නාදී මේ වෙලාවේ හිටියේ හොදටම තෙහෙට්ටුවෙන්, අසරණ වෙලා.
"ලගට එන්න එපා...පේනවනෙ මගේ අතේ තියෙන එක, කොටන එක කොටනව ,පෙති ගහලා යන්න........"
නිම්නාදී මන්න පිහිය උරුක් කරගෙන වෙව්ල වෙව්ලාකියදිදි අරුන් දෙන්නා හිනාවුනේ කොක් හඩලා.
" ඔය සියුමැලි අත්වලට ඒ වගේ දෙයක් ගැලපෙන්නේ නෑ සුද්දී..........ඔයාට ගැලපෙන දේවල් අපි කියලා දෙන්නම්....නේද කොටියෝ....."
කියපු කලුවා නිම්නාදිට ලන්වෙද්දී ඇය ඔහු දිහාට මන්න පිහියෙන් දමල ගැහුවේ හිස ඉලක්ක කරගෙන.
ඒත් ඒ ඉලක්කය හරි ගියේ නෑ. පිහිය එද්දිම කලුව හිස පාත්කරලා පිහියෙන් බේරුනා. වේගයෙන් පියඹගෙන ගිය පිහිය කඩවර කැලේ තැනකට තැනකට වැටී නොපෙනී ගියා.
ඉලක්කය වැරදුනු නිම්නාදී හැදුවේ දුවල හරි බේරෙන්න , ,ඒත් නිම්නාදී ඉස්සරහට දුවන්න අඩිය තියනවා එක්කම කොටියා කියන මිනිහා ඇයගේ අතින් හයියෙන් අල්ලගත්තා.##
" උබ කිව්ව හරි කලුවෝ......මේකි මනුස්ස දුවක් ,මේකිගේ මේ ඇටකෝටු හොදට අහුවෙන්නේ...."
කොටියා නිම්නාදිගේ අතේ වලලුකර ලගින් හයියෙන් අල්ලගෙන කියද්දී නිම්නාදී උගෙන් බේරෙන්න උපරිම වෙර දැරුවා.
උන් දෙන්න කතා කරද්දී කටේ ආපු ගදින් නිම්නාදී දැනගත්තේ උන් හොදටම අරක්කු බීල බවයි.
අරක්කු ගදට මුසුවුන දාඩිය ගද ,ගස් ගද එකතු වෙලා උන් දෙන්න ලගින් ආපු ගද උහුලන්න බැරිව ඇයට ඔක්කාරෙටත් ආවා.
"අනේ මට යන්න දීපල්ලා........"
නිම්නාදී කෑගැහුවේ කලුවා ඇදන් හිටපු ටී shirt එක ගලවනවා දකිද්දී. කලු මහත රෝම වලින් පිරුනු බඩ ඉස්සරට ඇවිත් තිබ්බ කලුවාගේ ඇග දකිද්දී නිම්නාදී හොදටම බයවුනා.......
"යන්න දෙන්නම් ,යන්න දෙන්නම්..........ඊට කලින්......"
වනචර හිනාවකින් කොටියා කියද්දී උන ඇයට කරන්න යන දේ නිම්නාදීට හිතාගන්න අමාරු වුනේ නෑ..........
"මෙතනම වැඩේ කරනවද ,නැත්නම් මේකිව ## #වෙන කොහාට හරි එක්කගෙන යනවද........"
කොටියා කලුවාගෙන් ඇහුවා.
"කොහෙ එක්ක යන්නද කලුවො , මේ කඩවර කැලේ කොහෙ කරත් එකයි............"
කියපු කොටියා නිම්නදීව එතන බිම පෙරලගත්තා............
"යන්න දීපන්............බේරගන්න කවුරුවත් නැද්දො"
නිම්නදී යටගිරියෙන් කෑ ගහද්දී කොටියා හයියෙන් හිනාවුනා.......
" බොරුවට කෑ ගහන්න එපා සුද්දී ,කොච්චර කෑ ගැහුවත් මේ කඩවර කැලේ උබ බේරගන්න කවුරුවත් එන්නේ නෑ......."
කියපු කොටියා නිම්නාදී ඇද සිටි ටී shirt එක දෙපසර කර ඉරුවේ උපරිම වෙර දරා......ඉන් පසුව ඇයගේ ලැම පෙදෙස උමතු විදිහට සිපගනිද්දී නිම්නාදිට දැනුනේ කලුවා ඇයගේ කලිසම ගලවන්න හදන බව..........
" එපා...................."
නිම්නාදී යටගිරියෙන් කෑගසනවාත් සමගම ඇයට ඇහුනේ කලුවා ඇයටත් වඩා හයියෙන් කෑ ගහනවා....####
** " ආයි..අම්මෝ........ආයි............"
එකපාරම කලුවා කෑ ගහද්දී කොටියා නිම්නාදීව අතඇරියා. ඒ අවසරෙන් නැගිටපු නිම්නාදි දැක්කේ කැපිච්ච පනුවෙක් වගේ බිම වැටී දගලන කලුවාව. අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන කලුවා හිටියේ නොනවත්වාම කෑ ගසමින්.
"ආයි අම්මො,,, කොටියෝ...අනේ කොටියෝ.......මගේ ඔලුවට මොකක්ද වෙලා....අම්මෝ ඉන්ඩ බෑ..........මාව ඉස්පිරිතාලෙකට අරන් පලයා.....න්....."
කෑ ගහන කලුවා දිහා කොටියා බලන් හිටියේ ඇස් දෙකක් නලලේ තියන්....
"කට ඇරන් බලන් ඉන්නේ....මොකද හු?? මාව එක්කගෙන පලයා...න්,,, ආයි අම්මෝ......."
කලුවාගේ ඇග පුරා වතුර වගේ දාඩිය ගලද්දී නිම්නාදිගේ ඇස් එක පාරම ගියේ බිම වැටී දගලන කලුවගේ නහය ලගටම. ඒ ඒ දෙස මොහොතක් බලන් හිටියා.
කලින් දවසක යසීරගේ නහයෙන් ගලාගෙන ආපු විදිහටම කලුවාගේ නහයෙනුත් ලේ ගලන් එමින් තිබ්බේ නිම්නාදී ට යමක් තේරුම් කරමින්.#####
" මේ නම් අනිවාර්යයෙන් ම මට භූත පණිවිඩ දෙන භූතයාගගේ වැඩක්........."
මොනව වුනත් ඒ ගැන හිතෙද්දිනම් නිම්නාදිට භූත ආත්මය ගැන පුංචිම පුංචි පැහදීමක් ආවා.
කොටියාගේ අවදානය තිබ්බේ සම්පූර්නයෙන්ම කලුවා ලග , ඒ දැකපු නිම්නාදී උන් දෙන්නට හොරෙන් එතනින් පැනලා ආවේ ගස්වලට මුවාවෙමින්.
ආයෙත් කඩවර ඇල දිගේ නිම්නාදී දුවගෙන ආවේ ඉක්මනින් අර නුග ගහ ලග තිබ්බ පාරට වැටෙන්න.
මෙවරනම් ඇයට කරදරයක් නැතිව පාර ලගට යන්න පුලුවන් වුනා. බයික් එකත් හංගපු තැන තිබ්බා.
දුර දිග හිතලා නිම්නාදී ගෙදරින් එනකොට උරයක දාගෙන තව ඇදුම වගයක් අරගෙන ආවා. කොටියා ඉරපු ටීshirt එක ගලවල වෙන එකක් ඇද ගත්තා.
ඊට පස්සේ කඩවර ඇලට බැහල මූන අතපය හෝද ගත්ත නිම්නාදී බයික් එකේ නැගල ආපහු ආවේ පස්සවත් බලන්නේ නැතිව විදුලි වේගෙන්.
නිම්නාදී ගෙදරඑනකොට ගෙදර කිසි කෙනෙක් හිටියේ නෑ. ඒ ගැනනම් ඇයට ඇතිවුනේ සතුටක්.
කඩවර කැලේ උන දේවල් සිහිකර කර අඩමින් ඇය නාන කාමරේට වෙල පැයක් විතර නෑවා.##### #
" තව ටිකෙන් මගේ ජිවිතෙත් ඉවරයි."
නිම්නාදී හිතුවේ කලුවාවයි, කොටියාවයි මතක් වෙලා.
උන කිසිම දෙයක් නිම්නාදී ගෙදරට කිව්වේ නෑ. මූන අතපය සීරුනේ කොහොමද කියල අහද්දී ඇය ඒකට බොරුවක් කියලා මග ඇරියා.
****************************************
ඉරිදා රැය උදාවුනේ නාකපන වැස්සක් එක්ක්ලා.එදා රෑ නිම්නාදිගෙ අම්මා ,විතරක් නෙමේ මල්ලිත් අක්කත් දෙන්නම ගෙදර හිටියා.
මහ හුලගත් එක්ක වැටෙන වැස්ස නිසාදෝ ඉරිදා රෑ නිම්නාදිලාගේ ගමේ කිසිම ගෙදරක තිබුනේ කරන්ට් එක ගිහින්.
ඉරිදා රෑ භූත පණිවිඩ ලැබෙන වෙලාව තිබ්බේ රෑ නමයත් එකොලහත් අතර. කරන්ට් එක ගිය නොසා කලුවරේ මොකුත් කරන්න බැරි නිසාත් වැහි සීතල නිසාත් නිම්නාදී ලාගේ ගෙදර ඔක්කොම අය නිදාගන්න කියලා කලින්ම ඇදට වැටුනා. ඒත් නිම්නාදී නිදාගත්තට පොඩ්ඩක් වත් නින්ද අහලට ආවේ නෑ..
පටිගත කරපු වීඩියෝ දර්ශන පෙලක් වගේ හැම වෙලාවේම ඇයට මතක් වුනේ කඩවර කැලේදී වුන දේවල්.
" මම භූට ආත්මෙට කියනව මට අර වැඩේ කරන්න බෑ කියලා..........ඕන දෙයක් කරන්නේ නැතැයි. ගෙදර අයට මොනව හරි කරන්ව කිව්වොත් ,,ඇත්තමයි හෙටම මම වහ ටිකක් කාල මැරෙනවා....එතකොට ඌට මගෙ ##### #
#පස්සෙන් එන්න මම පනපිටින් නෑනේ........"
හිතපු නිම්නාදී දිගු හුස්මක් ගෙන රෑ නමය හමාරට විතර ඇදෙන් නැගිට්ටා.ගෙදර අනිත් අයගේ කාමරවලට එබෙද්දී ඇය දැක්කේ මහ වැස්සේ සිතලට කට්ටියම හොදට ගුලි වෙලා නිදාගෙන ඉන්න හැටි.
*** කලින් දවස්වල වගේම එදත් නිම්නාදී අර මන්තරය කියලා භූත පණිවිඩ දෙන්නාව ගෙන්නුවා.
"උබ මම කියන ඒවයින් පිට ගිහිල්ලා වැඩ කරන්නේ ඇයි.........මම කිව්වේ උබට සෙනසුරාදා හවස කඩවර කැලේට යමන් කියලා.....උබ මොකටද අද උදේ ගියේ......"
භූත පනිවිඩේ ඉස්සරවෙලාම ලියවුනේ ඒක.
" උබ ලියන ඒවා ඇත්තද කියලා හොයාගන්න......"
නිම්නාදී කිව්වා.
"දැන් උබට තේරිලා ඇතිනේ මම ලියන ඒවා ඇත්ත කියලා......."
" ඇත්ත වුනත් බොරු වුනත් මට බෑ උබ ලියපු ඒ වැඩේ කරන්න කඩවර කැලේට ආයේ යන්න. මට දැන් හිතිලා ඉවරයි ඔය වැඩේ කරන්න කලින් උබේ අතින් හරි මොකෙකුහෙ හරි අතින් මම මැරෙනව කියලා......තව ටිකෙන් අදම මම ##### ###
#කඩවර කැලේ ඇතුලේ මැරෙන්න තිබ්බ....බොහොම අමාරුවෙන් මින්ස්සු දෙන්නෙකුගෙන් බේරිලා පැනලා ආවේ......."
" උබ බේරිලා පැනලා ආව නෙමේ කෙල්ලේ ,මම උබව බේරගත්තා.........මමයි අර කලු මිනිහගේ ඇගට ඇතුල් වෙලා ඌට වද දීලා උබව බේරගත්තේ......"
නිම්නාදී ඒ වෙලාවේ සිතුවෙත් එයයි. ඇයට ඕනේ වුනේ ඒ දේ කෙරුවේ පනිවිඩ දෙන බූත ආත්මෙමද ඒ දේ කෙරුවේ කියලා දැනගන්ඩ විතරයි.
" උබට උන් කරන්න ගිය දේ හින්දා මම උන් දෙන්නට පාඩමක් ඉගෙන්නුවා. ආයේ ගෑනියක් දිහා හැරිලාවත් බලන්නේ නැතිවෙයි ආයේ උන් දෙන්නා. හැරිලා බැලුවත් වැඩක් නෑ......."
" ඇයි ඇයි උබ උන් දෙන්නට මොකද කෙරුවේ....."
නිම්නාදී ඇහුවේ කලබලයෙන්.
" මම උන් දෙන්නගෙම කදෙන් පහල ඇග හරිය සම්පුර්ණයෙන් ම පණ නැති කෙරුවා........ආයේ උන් දෙන්නගෙන් ගෑනුන්ට කරදරයක් නෑ.....හොදයිද මම කරපු වැඩේ"##### #####
භූතයා උන් දෙන්නට කරපු දේ දැකල නිම්නාදිට පව් කියලන්ම් හිතුනේ නෑ. මොකුත් කිව්වේ නැති ඇය කොලේ ඒ පැත්ත ඉවර නිසා අනිත් පැත්ත පෙරලල පැන්සල් තුඩ තියන් හිටියා.
" ඒත් කෙල්ලෙ අද උබ පිපිටිපස්සෙන් මම කඩවර කැලේට ආවට ඔය වැඩේ කරන සෙනසුරාදා රෑ මට උබ පිටිපස්සෙන් කඩවර කැලේට එන්න විදිහක් නෑ.......
උබේ ආරක්ෂා ව උබම සලස්වගන්න ඕනා.....මොකද මම පලිගන්න හදන එකා එදා රෑ ඉන්නේ ඔය කැලේ....ඒකා යන්තර මන්තර ගැන හොදට දන්න ගුරෙක්...මම ඌව හොයන් ඒ කැලේට ගියොත්. ඌට ඒ ඉව හොදට දැනෙයි....ඌයි උගේ කට්ටියටයු අහුවෙන්නේ නැතිව ගිහින් උබ කලේ බිදින්න ඕනා.....පොඩිම පොඩි අත්වැරැද්දක් වුනොත් ඔක්කොම අවුල්....තේරුනාද කෙල්ලේ......."
මෙවර ලියවුනු දේ දැකල නිම්නාදී ගේ හිත හොදටම ගැස්සුනා.....ඔය කැලේදී එදාට ගිහින් ඒ ගුරාටයි ,උන්ගේ ගෝලයන්ටයි අහුවොනොත් වෙන දේ........
ඒ ගැන හිතෙද්දිත් නිම්නාදී ට වැහි සීතලෙත් හීන් දාඩිය දැම්මේ බයට.##### ##### #
**** " මට උබ කියන ඔය දේ කරන්න බෑ...උබට ඔනේ දෙයක් කරපන්........"
" කරන්නම්කෝ ලේසියෙන් ඒත් ඒ උබටනම් නෙමේ කෙල්ලේ..........එහෙමනම් ඉතින් කලුවටයි, කොටියටයි කරපු දේ අකමැත්තෙන් උනත් උබේ අම්මටයි,අක්කටයි ,මල්ලිටයි කරන්න වෙනවා.....කැමතිද ඒකට.......උබ ඒකට කැමතිනම් මට මේ දැන් ඉදන්ම ඒ දේ............"
"අනේ එපා..............එයාලට කරදර කරන්න එපා......"
භූත පණිවිඩේ ලියවෙන්නත් කලින් නිම්නාදී කෑගැහුවා.
"එහෙම දෙයක් වෙනවට කැමති නැත්නම් මම කරන විදිහට වැඩ කරපන්......"
" මම කරන්නම්.......ඒත් මහ රෑ ලන්වෙද්දී ඔය කඩවර කැලේට තනියම යන්න බය හිතෙනවා...මම කෙල්ලක්, දවල්ටවත් ඔය පාලු කැලේට මිනිස්සු අඩිය තියන්න බයයි......"
"ඉතින් ,උබ මොකක්ද කියන්න හදන්නේ........."
" මම ඔය වැඩේ කරන්න තනියට තව කකවුරු හරි කෙනෙක් අඩගහගෙන යන්නද???"
" මමනම් කැමති උබ තනියම යනවට, මේ ගැන තව කට්ටිය දැනගන්නවට මම කොහොමවත් ##### ##### ## කැමති නෑ............ඒත් උබ ඉන්නේ අර දේ කරන්න හොදටම බයෙන් කියලා මට පේනවා.......උබට ඉන්නවද තනියට මේ වගේ ගමනක් අඩගහගෙන යන්න කෙනෙක්.....මේ ගැන විශ්වාස කරන,,, මේ ගැන විශ්වාස කෙරුවොත් ඒ ගැන වෙන කාටවත් කියන්නේ නැති කෙනෙක්ව.........ඉන්නවද එහෙම කෙනෙක්...."
භූත පණිවිඩේ ඒ ලියවුනු දේ දකිද්දීම නිම්නාදිට එකපාරටම මතක් වුනේ............
යසීරව.
" ඉන්නවා.........."
නිම්නාදී කිව්වා.
" කවුද ඒ......"
භූත පණිවිඩේ ලියවුනා.....
" යසීරව....සමහර විට එයාට කිව්වොත් මාත් එක්ක කඩවර කැලේට යන්න එයි......."
" යසීර....ඒ කියන්නේ උබ එදා අර මල් වගාවට එඑක්කගෙන ගිය කොල්ල නේ.....උබ එදාත් මේ ගැන කියන්ඩ ගියේ ඌට නේද??????"
"ඔව් එයා තමා........."
" උබ හිතනවද ඒ කොල්ලට මේ ගැන කිව්වොත් මේ ගැන විශ්වාස කරලා උබත් එක්ක කඩවර කැලේට යන්න එයි කියලා....."
"මම එයාට විශ්වාස කරවන්නම්........"
" හරි උබ එහෙනම් ඒ කොල්ලට කියල බලපන්, හැබයි එහෙම කියලා මට අවුලක් වෙන්න බෑ හරිද......බැරිවෙලාවත් උබල දෙන්න එකතු වෙලා මට මොනව හරි කරන්න හදනවා කියලා මට තේරුනොත්..........මම උබල දෙන්නගෙම පවුල් විනාශ කරනවා............"
" නෑ නෑ එහෙම දෙයක් කොහොමවත් වෙන්නේ නෑ........."#
නිම්නාදී බයවෙලා කිව්වා.
" හරි එහෙමනම් එහෙම කරපන් ,මේ පාර උබ ඒ කොල්ලට මේ ගැන කිව්වට මම ඌට කරදර කරන්න යන්නේ නෑ........හැබයි ඌ මට එරෙහි වෙන්න හැදුවොත් එතකොට බලාගන්නම්......උබට තනියම අර වැඩේ කරන්ඩ බෑ කියල අඩපු හින්දයි,උබ කෙල්ලෙක් හින්දයි මම මෙහෙම චාන්ස් එකක් දුන්නේ...ඒ ගැන හිතලා වැඩ කරපන්. හරිද"
" නෑ නෑ මම උබ කියන විදිහටම කරන්නම්..."
" එහෙනම් මම ආයේ එන්නේ හෙට නෙමේ අනිද්දා ඒ කියන්නේ අගහරුවාදා රෑට ,සදුද දවස්වලට උබට පණිවිඩ දෙන්න මට එන්න විදිහක් නෑ....ඒ හින්දා උබ අගහරුවාදා රෑ 07ත් 08ත් අතර වෙලාවක මම ආයේ ගෙන්වන්න ඕනා.......හරිද......"
" ඒත් එච්චර කලින් මම උබව ගෙන්වන්නෙ කොහොමද ,මේ සතියේ අක්කත් රෑ ඉන්නේ ගෙදර, ගාමන්ට් එකේ මේ සතිය එයා වැඩකරන්නේ දවල් ශිෆ්ට් එක........මම කොහොමද අක්කට හොරෙන් ඔච්චරම කලින් උබව ගෙන්වන්නේ.....එයාට මම අහුවෙයි......"##
" කිසිදේකට බය වෙන්න එපා කෙල්ලේ , උබලගේ අක්ක මේ ගැන කොහොමවත් දැන ගන්න හම්බවෙන්නේ නෑ.....මොකද උබේ අක්කට මේ සතියම රෑට උබලගේ ගෙදර ඉන්න ලැබෙන්නේ නෑ........."
ඒ ලියවුනු දේ දැකලා නිම්නාදී බයවුනේ අක්කා ගැන හිතලා......
" උබ මගේ අක්කට මොනවද කරන්න හදන්නේ........අ
ක්කට කරදර කරන්න එපා......."
" මම දැන් ලිව්වද උබගේ අක්කට මම කරදර කරනවා කියලා.....නෑ කෙල්ලේ නෑ...උබේ අක්කා මේ සතියේ රෑ ගෙදර ඉන්නේ මම මොකුත් කරලා නෙමේ......."
" එහෙනම් "
නිම්නාදී ඇහුවේ කුතුහලෙන්...
" ඒ ගැන උබ හෙටම දැන ගනින් ,හරිනේ මමකියපු විදිහටම වැඩ කරපන්.....දැන් මම යනවා........"
** පණිවිඩ දුන්න භූත ආත්මය පැන්සලෙන් අයින් වෙලා ගියේ නිම්නාදී ට ලොකුම ලොකු බය මුසුවූ ප්රෙහේලිකාවක් මනසේ ඉතිරි කරමින්.
පෙරදා රැයේ වගේම මේ පාර පනිවිඩ ලියවුනු කොලේ ත් ඇය පිච්චුවෙ නෑ. ඒ කොලෙත් නිම්නාදී ගේ කාමරේ පත්තර ගොඩ මැද ඇය සැගෙව්වා.###
" අර භූත ආත්මය අක්කට මොන ව හරි කරයිද??"
ඒ ගැන සිත සිතා ඇය ඇදට වැටෙද්දී රෑ මැදි යමත් කිට්ටු වෙලා තිබ්බා.
****************************************
පසුදා පාන්දර නිම්නාදී ඇහෙරෙද්දී අක්කාගේ කාමරේ පැත්තෙන් ඇහුනු කැස්සට ඇය හොදටම බයවුනා.....ඒ වෙද්දී උදේ හයත් කිට්ටු වෙලා තිබ්බා.
" අක්ක ඇයි අද ගෙදර, හරිනම් මේ වෙලාවේ අක්කා ඉන්න ඕනා ගාමන්ට් එකේ. භූත ආත්මේ අක්කට කරදවයක් කරලද......"
හොදටම බය වුනු නිම්නාදී අක්කා තිසුරිකා ගෙ කමාරයට දිව්වේ අඩියට දෙකට. කාමරේත් යද්දීමයි ඇය දැක්කේ තිසුරිකා හිස් දෑසින් ඉහල වහලය දිහා බලාගෙන ඉන්න විදිහ.
" අක්කේ අනෙ අක්කේ ඔයාට මොනව හරි වෙලාද......."
ඇද ලගට ගිහින් කෑ ගහද්දි තිසුරිකා නිම්නාදී දිහා බැලුවේ ඇස් නලලෙ තියාගෙන.
" මොකද නංගී මේ ,කවදාවත් නැතිව මේ....."
කියපු තිසුරිකා ඇදෙන් වාඩි වුනේ අර පුදුමයත් එක්කමයි.
" ඔයාට මොකුත් අමාරුව්ක් නෑනේ නේ , ඔලුව රිදෙනව වගේ "
" නංගී මට එහෙම අමාරුවක් නෑ......ඇයි එහෙම අහන්නේ...."####
" එහෙනම් ඇයි ඔයා ගාම්න්ට ගියේ නැත්තේ මේ සතියේ තියෙන්නේ උදේ 06 හවස දෙක ශිෆ්ට් එකනේ.....ඒකයි මම එහෙම ඇහුවේ........."
" ඉතින් මම ගාමන්ට් ගියේ නෑ කියලා ඔච්චරම බය වෙන්න ඕනද.......උබ හරියට බය වෙලා තියෙන්නේ මම මැරෙන්න පණ අදිනව වගේ මූඩ් එකකින්නේ.......
මේ සතියම නංගී ගාමන්ට එකේ වැඩ කරන්න වෙලා තියෙන්නේ හවස හයේ ඉදන් පහුවදා උදේ හය වෙනකම්.....නයිට් එකක් අදින්න තියෙන්නේ....."
නයිට් ශිප්ට් එකට අකමැති තිසුරිකා ඒ දේ අසතුටින් කියද්දී නිම්නාදීටනම් දැනුනේ ඉහ වහා ගිය සතුටක්. මෙච්චර වෙලා අක්කා ගැන තිබ්බ හිතේ බයත් ඒ වචන ඇහෙද්දීම නිම්නාදී ගේ හිතෙන් අයින් වෙලා ගියා.
*****************************************
ඊලගට නිම්නාදීගේ ප්රශ්න ය වුනේ භූත පනිවිඩ ලැබෙන එක කියලා ඒක ඇත්තක් බව යසීරට විශ්වාස කරවන්නේ කොහොමද කියන එකයි.
" භූත පණිවිඩ ලියවුනු කොල පෙන්නුවොත් විශ්වාස කරාවී......."
ඇය හිතුවේ පත්තර ගොඩ අස්සේ ගහල තිබ්බ භූත පනිවිඩ ලියවුනු කොල දිහා බලාගෙන.#####
එතන තිබ්බ කොල පනිවිඩ ලියවුනු කොල තුනයි, ජෝතිශ්ය කාර්යාලයෙන් ඉරා ගත්තු අර භූත පනිවිඩ ලබා ගන්න ක්රමයක් කියලා තිබ්බ පත්තර පිටුවයි. කොල තුනම නමලා ඇදගෙන හිටපු කලිසමේ සාක්කුවට දාගත්තා.
නිම්නාදී උදේ යසීරට කෝල් එකක් ගනිද්දී ඔහු කිව්වේ අද ත්රීවීල් එක හයර් කරන්න යන්නේ නෑ කියලා..
ඒ දේත් දැනගත්ත නිම්නාදී බයික් එකේ නැගලා යසීරලාගේ ගෙදර ගියේ මේ වෙලාව තමයි යසීරට අර ගැන කියන්න තියෙන හොදම වෙලාව කියලා හිතුන නිසා.
*****************************************
යසිරගේ ගෙදර කවුරුවත් අහල පහල නොඉන්න මොහොතක් බලලා නිම්නාදී මේ ගැන යසීරට කියද්දී ඔහු හිටියේත් ලොකුම ලොකු පුදුමයකින්.
" නිම්නාදී ඔයා මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල මට හිතන්නත් අමාරුනේ...."
යසීර කිව්වේ නිම්නාදී දුන්න භූත පනිවිඩ ලියවුනු කොල දිහා වරින් වර බලමින්. ඔවුන් කතා කරන දේවල් පියවි ඇසින් පේන කෙනෙකුට ඇහෙනවානම ඇහෙන්නේ ලග පුටුවක් උඩ නිදාගන්න ඇග ලෙවකන බලල් තඩියාට විතරයි .
" මම මොකටද යසී මේ වගේ බොරුවක් ඔයාට කියන්නේ......අනික මම මේ කියන්නේ බොරුවක්නම් ඔයාට හිතෙන්නේ නැද්ද මට මේ වගේ අමුතු බොබොරුවක් හදාගන්නවත් පුලුව්න් කියලා.......අනික ,මම කවදාවත් මේ වගේ බොරු යසීත් එක්ක කියලා තියෙනව ද"##### #
*** "හරි මම මෙහෙම භූත පණිවිඩ හම්බවෙනවා කියාලා විශ්වාස කරන්නම්කෝ......ඒත් මේ ලියවෙන පනිවිඩවල තියෙන දේවල් ඇත්තද බොරුද කියල අපි දන්නේ කොහොමද,,,,මේකේ තියෙන මේ කඩවර කැලේනම් අපි දන්නව තියෙනවා කියලා....ඒත් මේකේ තියෙන අනිත් දේවල් ,අර සියඹලා ගස් දෙක ,ඔය කියන වලලපු කලගෙඩිය ඒ වා බොරුද කවුද දන්නේ....."
" ඒවත් කඩවර කැලේ තියෙනවා වගේම ඇත්ත......."
නිම්නාදී කිව්වා.
" ඇත්ත....කොහොමද ඇත්ත කියලා හරියටම කියන්නේ......"
යසීය පුදුම වෙලා අහද්දී ,නිම්නාදී අකමැත්තෙන් වුනත් කලින් දවසක කඩවර කැලේට තනියම ගිය පුවත ඔහුට කියන්න හිතුවා.
" මම ඔය ලියවුනු දේවල් ඇත්තද කියලා බලන්න කඩවර කැලේට ගියා.. ඒවා ඒ විදිහටම තිබ්බා......"
නිම්නාදී ඒ ගැන කිව්වත් ,කලුවයි කොටියයි ,කැලේදී හමුවුන පුවතනම් යසිර එක්ක කියන්න ගියේ නෑ. යසිර ඊටමොනවගේ ප්රචිචාර යක් දක්වයිද කියලා ඇය බය වුනා.##### ##
"නිම්නාදී ඔයා ඔය මොනවද කරලා තියෙන්නෙ ,කරල තියෙන දේ බරපතළ කමවත් තේරෙන්නේ නැද්ද........ඔය කඩවර කැලේ කියන්නේ මහා අමුතු දේවල් වෙන කැලයක්. දවල්ටවත් තනියම කෙනෙක් යන්නේ නනෑලූ.........ඔයා තනියම ගිහින්......ඔයානම්.......මොනවහරි වුනානම්...."
යසීර කිව්වේ බැරෑරුම් පෙනුමක් මවාගෙන නිම්නදි කන්න තරම් තරහකින්.
" මම වෙන මොනව කරන්නද යසී ,අර භූත ආත්මේ මාව එයාගේ වැඩේ කරගන්න ඉත්තෙක් කරගෙන ,මම ඒ දේ කෙරුවේ නැත්නම් ඒ භූත ආත්මේ හදන්නේ ඒ පලිය මගේ පවුලේ අයගෙන් ගන්න."
" හොදයිනේ දැන්....මහලොකුවට කරන්න යනවා ඕනේ නැති දේවල්......මනුස්සයොත් එක්ක ඉදලා එපාවෙලානේ භූතයෝ හොයාගෙන ගියේ....."
යසීර මේ වෙලාවේ කිව්ව දේ නිම්නාදීට එච්චර දිරෙව්වේ නෑ.....
" යසී ඔයා කැමතිනම් එන්න , එදාට මාත් එක්ක කඩවර කැලේට යන්ඩ, ඔයා ඒ දේට අකමැතිනම මට ඔයාව බලහත්කාරෙන් එක්කගෙන යන්න ඕනෙත් නෑ.....මම තනියම ගිහින් අර කලගෙඩිය බිදලා එනවා...එකපාරක් තනියම කඩවර කැලේට ගිය මට තව පාරක් කඩවර කැලේට ##### ##
#යන එක මහ ලොකු කජ්ජක් නෙමේ..........."
තරහට යසීරට එහෙම කිව්වත් එදා කඩවර කැලේ වුන සිදුවීම් පෙලත් එක්ක නිම්නාදී හිටියේ කඩවර කැලේ මතක් වෙද්දිත් බයෙන්.
" මගේ අකමැත්තක් නෑ නිම්නාදී ඔයාගේ තනියට කඩවර කැලේට යන්න........ඒත් ඒක නෙමේ මෙතන තියෙන ප්රශ්න , ඔය කියන භූත ආත්මේ ඔතනින් නවතින්නේ නැතිව ,ඔයාව බය කරලා තව තව දේවල් කරගන්න ගියොත් ,අනික කලගෙඩියක් බින්දම කොහොමද ඒ භූත ආත්මේ එයා පලිගන්න කෙනාගෙන් පලිගන්නේ....ඒ දේ හරි අමුතුයිනේ........
මම දන්න හැටියටනම් පලිගන්නවා කියලා මැරුනු කෙනෙක් මැරිලා ඇවිත් පලිගන්නේ ජීවත්වෙන කෙනෙකුගේ ඇගකට ඇතුලු වෙලා ඒ මාර්ගගෙන් , කලගෙඩියක් බිදවලා පලිගැනීම සම්පූර්ණ කරවනව කියලා කතවක් ඔය මම ඇහුවමයි.......අනික නිම්නාදී ඒ භූත ආත්මෙන් ඇහුවද , ඔය කියපු වලලපු කලගෙඩියේ මොනවද තියෙන්නේ කියලා......."
" ඇහුවා..........ඒත් ඒ භූත ආත්මේ ඒ දේ කියන්නේ නෑ......"
" ඒකනේ..........ඒකේ තියෙන දේ කියන්නේ නෑ කියන්නේ.....ඔය කලගෙඩිය බින්දොත් ඔයා ##### ### # ලොකු අනතුරක වැටෙනව කියන එක. දැන් ඔය භූත ආත්මේ ඔයා ඉස්සරහට එන්නේ කොලවල පණිවිඩ ලියලා ඒ මාර්ගයෙන් ,කලගෙඩිය බින්දට පස්සේ ඔය භූත ආත්මේ බලවත් වෙලා වෙන වෙන විදිහට ඔයා ඉස්සරහට ආවොත්......"
**** " යසී කියන්න හදන්නෙ මොකක්ද ,මට තේරෙන්න කියනවද........"
කුහුලින් නිම්නාදී ඒ ගැන අහද්දී යසීර බැරෑරුම් පෙනුමක් මූනට නගා ගත්තා.
" තේරුනේ නැත්නම් ,මම තේරුම් කරන්නම්.........ඔය භූත ආත්මේ කියන පදේට අපි නටන්න ඕනේ නෑ......අපි ඔය කියන භූතයා මට්ටු කරන්න විදිහක් හොයාගමූ.........."
යසිර එහෙම දෙයක් කිව්වම නිම්නාදී හොදටම බය වුනා.....ඇය ඇස් දෙක ලොකු කරන් ඒ ඇස් කරකව කරකව වටේටම බැලුවේ හිස් අවකාසය දිහා................
ඒ භූත ආත්මය නොපෙනී ඔවුන් කියන කරන දේවල් දිහා බලන් ඉන්නව කියල නිම්නාදීට විශ්වාස ක් තිබුනා.
" ඒ භූත ආත්මේ මට්ටු කරන්ඩ බෑ යසී. අපිට එයා කියන දේ කරන්නම වෙනවා........එය
ාට එරෙහිවෙන්න හැදුවොත් එයා අපිට මොනව කරයිද දන්නේ නෑ........මෙන්න මේ කොලේ තියෙන දේවලුත් පොඩ්ඩක් කියවල බලන්න්කෝ......"
නිම්නාදී යසීරට දුන්නේ ඊයේ භූත ආත්මය ලියපු පපණිවිඩ දුන්න කොලයයි. කලින් වතාවේ ඇය ඒක යසීරට පෙන්නුවේ නැත්තේ ඒ කොලේ පෙන්නුවනම් යසීර ඇය කඩවර කැලේට ගිය එකයි කලුවටයි කොටියටයි හම්බවෙච්ච එකයි දැනගන්න නිසා..ඒත් කලුවයි කොටියටයි භූත ආත්මේ කරපු දේ පෙන්නල හරි යසීරගේ අදහස වෙනස් කරවන්නයි මේ වෙලාවේ නිම්නාදිට ඕනා වුනේ.
" ඒ කියන්නේ නිම්නාදී "
" ඔව් යසී , ඔය කැලේ ඉදන් ආපහු එද්දීයි ,ඔය කලුවයි කොටියයි කියන උන් දෙන්න හම්බවුනේ ,තව ටිකෙන් උන් මට කරදර කරනවා....ඒත් ඒ වෙලාවේ භූත ආත්මේ ඇවිල්ලා මට බේරෙන්න උදව් කෙරුවා
..මට ආයේ තනියම ඔය කැලේට යන්න බයයි # කිව්ව හින්දයි අකමැත්තෙන් හරි තව කෙනෙක්ව තනියට එක්කගෙන යන්න කිව්වේ...ඒ වෙලාවේ ඉස්සරවෙලාවම මට මතක් වුනේ ඔයාව.....
අපි ඔය භුත ආත්මේ ලියන දේ කරමු යසී....මට හොදටම විශ්වාස යි ඒක කෙරුවට පස්සේ ආයේ භූත ආත්මෙන් අපිට කරදර එන්නේ නෑ කියලා."
" හරි මම ඔය ගමන යන්න එන්නම්........"
අකමැත්තෙන් හරි යසීර මේ වෙලාවේ කියපු දේ ඇහුනු නිම්නාදීට හිතුනේ යසීරව වැලදගන්න තරම් සතුටක්.
"ඔය ඇත්තමද.......එනවද මාත් එක්ක........"
" එන්නම් , මේ තියෙන තත්වේ උඩ ,ඔයා තනියම හරි එදා රෑට ඔය කඩවර කැලේට ඒ දේ කරන්න යනවා කියල මම දන්නවා......."
" හැබයි යසී මේ ගැන වෙන කාටවත් කියන්න එපා......මට පොරොන්දු වෙන්න........"
නිම්නාදී එදා යසිරලාගේ ගෙදරින් ආවේ ,යසීරගෙන් එහෙම කියන්නේ නෑ කියලා පොරොන්දු කතු ගෙන අවසානේ.....යසීරව මේ ගමන යන්න කැමති කරවගත්ත නිසා නිම්නාදීගේ හිතත් එක්ක සැහල්ලු වුනා......##
සදුදා රාත්රිය උදා වෙද්දී නිම්නදීට වෙනදා තිබ්බ හිතේබය තිබ්බේ නෑ. භූත පනිවිඩ දෙන්නා එදා රෑ පනිවිද දෙන්න එන්නේ නෑ ලිව්ව නිසයි ඊට හේතුව වුනේ.
ඒත් අගහරුවාදා රෑ ඇය හත වෙද්දීම නිවසේ කන්තොරු කාමරයට ගියා.
** තිසුරිකා කිව්ව විදිහටම රෑ ශිෆ්ට් එක වැඩ කරන්න ගාමන්ට් එකට ගිහින් තියෙද්දී මල්ලී පාසලේ රෑ කාලේ තිබ්බ පන්තියට ගිහින් හිටියා.කන් ඇහෙන්නේ නැති අම්මාට හොරෙන් භූත පනිවිඩ දෙන්නා සමග සම්බන්ද වෙන්න නිම්නාදී ට අමාරු වුනේ නෑ.
" ඕම් තත් සත් ම්ම්......,ඕම් තත් සත් ම්ම්......."
මන්තරය 21 පාරක් මතුරද්දී භූත පණිවිඩ දෙන්නා පැන්සල ඇතුලට ආවේ වෙනදා දැනෙන අර අදිසි බර ගතිය නිම්නාදී අල්ලගෙන හිටපු පැන්සලට දෙමින්.
සුදු කොලේ අද ලියවෙන පනිවිඩ ය මොකක්ද කියලා දැනගන්න නිම්නාදී ඒ දිහා විමසිල්ලෙන් බලන් හිටියා.
" කෙල්ලේ අපි කරන්න හිතාගෙන හිටිය විදිහ වෙනස් කරන්න වෙනවා.......අරන් සෙනසුරාදා රෑ කඩවර කැලේ කරන්ඩ හදන නේ උන් එදාට නෙමේ කරන්න හදන්නේ ,උන් ඒ වැඩේ හෙට බදාදා කරන්න හිතලා.....###
ඒ හින්දා උබටත් අර කලගෙඩිය බිදින්න යන්න වෙන්නේ සෙනසුරාදා රෑ වෙන්න බලල නෙමේ.......උබට හෙට රෑ වෙන්න ඔන්න මෙන්න ගිහින් ඒ වැඩේ කරන්න වෙනවා........."
"හෙට රෑ..............."
නිම්නාදී කිව්වා නෙමේ ඒ දේ කියවුනා.
"ඔව් කෙල්ලේ හෙට රෑ තමා.....මම උබට දැන්නුවනේ ,ඔය කියන පලිගන්න එක මහ යන්තර මන්තර කරන ගුරෙක්. ඒ විතරක් නෙමේ ඌ මහ කපටියෙක්......ඌ මනුස්ස්යෝ නෙමේ අමුනුශ්ය යොත් රවට්ටලා දාන්න හපනෙක්.....උබට ඒ වගෙන් වැඩක් නෑ
උබ හෙට ගිහින් අර කලේ බිදල වරෙන් , සෙනසුරාදා කලත් කරන්නේ ඒකමනේ, වෙන්නේ දවස තුනකට කලින් කරන වැඩේ කරන එක විතරයි. උබ උබේ යාලුවටත් මේ ගැන කියපන්...."
" ඒත් මට කියනවද , ඔය කියන මිනිහා හෙට රෑ මොනවද ඔය කඩවර කැලේට ඇවිත් කරන්නේ කියලා . තව උබ කියන ඔය වලලල දාපු කලගෙඩියේ මොනවද තියෙන්නේ "
කියපු නිම්නාදී කොලේ අනිත් පැත්ත හරවලා පැන්සල ඒ පැත්තෙන් තියාගෙන හිටියා.####
" ඒ දේවල් වලින් උබට වැඩක් නෑ...කෙල්ලේ.......මම ඒ ගැන ඔක්කොම දන්වන්නම් උබ ඔය වැඩේ කෙරුවට පස්සේ......හැබයි එක දෙයක් කඩවර කැලේදී මොන දේ උනත් උබ කොහොමහරි අර කලගෙඩිය බිදින්නම ඕනා.............පොඩ්ඩක්වත් බයවෙන්ඩ එපා ,
තව එකක් උබ ඔය කලගෙඩිය වලෙන් ගොඩගත්ත කියලා කිසි කෙනෙක්ට පෙනෙන්නවත් ,ඇගවෙන්නවත් දෙන්න බෑ....බැරිවෙලාවත් කවුද හරි ඒ ගැන දැනගත්තොත් උබ අමාරුවේ. ඒ හින්දා හොරරහසේම ඕක ගොඩ අරගෙන උබ ඕක බිදින්න ඕනා.
ඒ කලගෙඩිය බින්දා කියලා උබට කරදරයක් වෙන්නේ නෑ........සමහර විට ඒක උබ බින්දොත් උබට වාසියක් වෙන්නත් පුලුවන්........
.."
" වාසියක් "
" ඒක ඒ වෙලාවට දැනගනින් ,අදට ඔය ඇති එහෙනම් මම කියපු විදිහටම කඩවර කැලේට හෙට ගිහින් අර කලේ බිදලා දාපන්."
එය ලියවුනා විතරයි පැන්සලේ අදිසි බර ගතියත් නැතිවුනා කියලා නිම්නාදී ට තේරුනා. කාමරේ ජනෙල් පියන වේගෙන් වැහෙද්දීයි නිම්නාදී හිතාගත්තේ අද භූත ආත්මය ඇයට දන්වන්නෙත් නැතිව ගිහින් කියලා.......#####
*** පසුදා උදේම නිම්නාදී කලින් දවසේ භුත පනිවිඩේ ලියවුන කොලෙත් අරගෙන යසීර ව සොයාගෙන ගියා.
මේ ගැන යසිර ට කියන්න නිම්නාදීට ටවුමට ම යන්න සිදුවුනේ යසිර ඒ වෙද්දී ත්රීවීල් එක හයර් කරන්න ටවුමට ගිහින් හිටපු නිසා.
යසීරට විතරක් ඇහෙන විදිහට අර වගේ දෙයක් නිම්නාදී කියද්දී යසීර වටපිට බැලුවා.....
" මේ වගේ තැනක මෙහෙම දේවල් කතා කරන එක හරි නෑ.......මිනිස්සුන්ට ඇහුනොත් ,,,,,අපි යමු මිනිස්සු නැති හරියකට......"
කියපු යසීර නිම්නාදීවත් නග්ගගෙන ත්රීවීල් එක පදවගෙන ගිහින් නැවත්තුවේ මිනිස්සු ගැවසෙන්නේ නැති තැනක් බලලා...
" ඒ කියන්නේ අර් වලලපු කලගෙඩිය බිදින්න ඕනා අද "
නිම්නාදී දුන්න කොලේ බලල යසීර නිම්නාදී දිහා බලාගෙන කිව්වේ නළල රැලි කරලා.
" යසී ඊයේ මම කිව්ව මේ භූත පනිවිඩ කතාව ඔයා ඒ ගැන කාටවත් කිව්වේ නෑනේ........"
" නෑ මම කාටවත් කියන්නේ ගියේ නෑ......"
" කාටවත් කියන්න හිතුවෙ වත් නෑනේ...."
නිම්නාදී ආයෙත් ඇහුවා...
" නෑ....ඇයි එහෙම අහන්නේ......."
" නෑ මම හිතුවේ භූත ආත්මේ ඔයා මේ ගැන ##### #කාටහරි කියයි කියලා බයවෙලා , ඒ හින්දා මේ කලේ බිදින එක ඉක්මන් කරවන්න හදනවද කියලා....ඇයි මෙහෙම දෙයක් වුනේ කිකියලා මට හිතාගන්ඩ ත් බෑ."
" මේ ගැන දැනගන්න වෙන්නෙම කඩවර කැලේට ගිහින් ඔය වලලපු කලගෙඩිය බිදපුවාමම තමා..........එතකම් මේ වෙන්නේ මොනවද කියලා අපිට තේරුම් ගන්න අමාරුයි..ඒත් නිම්නාදී අපි මේ කඩවර කැලේට යනව කියමුකෝ.....ඒත් ඔය වගේ රෑ වෙන්න ඔන්න මෙන්න වෙලාවක ඔයාට ගෙදරින් එලියට යන්නේ කොහොමද "
" ඒ කටත් විසදුමක් හොයාගත්තා..අද අපේ පන්තියේ හිටපු දෙව්මිනීලාගේ තාත්තාගේ තුන්මාසේ දානේ , ඒකට යන මුවාවෙන් මම ගෙදරින් පැනගන්නම්.........."
නිම්නාදී කිව්වා.
" එහෙනම් එහෙමවත් පැනගන්න බල්න්න....අපිට ඔය වලලපු කලගෙඩිය උදැල්ලක්වත් නැතුව කොහොමද ගොඩ ගන්නෙ....ඒක අමාරු වැඩක් වෙයි......"
යසීර එහෙම දෙයක් කියනකම් නිම්නාදී ට එහෙම වැටහීමක් තිබ්බේ නෑ.....කලින් දවසක කඩවර කැලේට ගිය වෙලාවේ ඇය දැක්කේ කලගෙඩිය වලලපු තැන තද පස්තට්ටුවකින් ##### ## වහල තියෙන අයුරුයි.
" මම කියන්නම් නිම්නාදී හවස කඩවර කැලේට යන්න කලින් මම ත්රීවීල් එකේ උදැල්ලක් දාගෙන ගිහින් කඩවර කැලේ හංගල එන්නම්.......ඊට පස්සෙ හවස යද්දී අපි කඩවර කැලේට බයික් එකේ යමූ.....ත්රී වීල් එකේ යන එක හරි නෑ......"
යසීර සැලසුම් කරපු දේ කියද්දී නිම්නාදී හිස දෙපසට වැනුවේ එය අනුමත කරන්න.
**** නිම්නාදී හිතපු විදිහටම ගෙදර අයට බොරුවක් කියලා හවස් වෙද්දිම ගෙදරින් පැනගත්තා.
යසීරත් එක්ක ඇය කඩවර කැලෙ අර කොලා අතු එල්ලපු නුග ගහලගට යද්දී වෙලාව හවස හතරට විතර ඇති.
බයික් එක ඇය එදා හංගපු තැනම හැංගුවා. යසීරත් කලින් වෙලාවක ගෙනල්ල හංගපු උදැල්ල තිබ්බෙත් ඒ කිට්ටුවමයි.
" නිම්නාදී ඔයා උදැල්ල ගන්න , ඒක ඔයාගේ ආරක්ෂා වටත් හොදයි, ඔය උරෙ මට දෙන්න.
කියපු යසීර උදැල්ල නිම්සාරී අතට දීලා ඇය අතේ තිබ්බ උරය ඔහු අතට ගත්තා . ඒ උරේ තිබ්බේ ,වතුර බෝතලයක්,පිහියක්,විදුලි පන්දමක් වගේ දේවල්.
ඔවුන් දෙන්නා කඩවර ඇල දිගේ සමාන්තරව ##### ## #ඉදිරියටම ගියා. අද තනියට යසීර ඉන්න නිසා නිම්නාදීට එදා තිබ්බ බය තිබුනෙත් ගොඩක් අඩුවෙලා. ඇයට ඕනෑ වුනේ ඉක්මනින් අර කලය බිදලා මේ කැලෙන් පිටවෙලා යන්න.
ඒත් ඊට කලින් වුනේ ඇය කිසිසේත් බලාපොරොතු නොවූ දෙයක් ,පලමුව නිම්නාදීට ඇහුනේ ඔවුන් පිටිපස්සෙන් කවුරුන් එනවා වගේ හඩක්.....ඒ හඩ මොකක්ද කියලා බලන්න හැරෙද්දිමයි ඇයට මහා ගොරෝසු පිරිමි කටහඩක් ඇහුනේ.
" ඒයි ඔහොම නැවතියල්ලා........"
නිම්නාදීයි යසීරයි ඒ හඩට හැරිලා බලද්දී නිම්නාදීගේ පපුව බයට. වේගෙන් ගැහුනා. ඔවුන් දෙන්න ඉස්සර හිටියේ මහා මරුමුස් පෙනුමක් තියෙන පිරිමි හතරදෙනෙක්.
එයින් එක මිනිහෙක් අතේ පිස්තෝලයකුත් තිබුනා. නිම්නාදී ට මතක් වුනේ එදා කැලේදී හම්බවුන කොටියාවයි,කලුවාවයි දෙන්නව. ඒත් උන් දෙන්නගේ තිබ්බ වනචර බැල්මනම් නෙමෙ මේ හතර දෙනාගේ මූනු වල තිබ්බේ. ඒ වෙනුවට උන් හතරදෙනාගේ මූනේ තිබ්බේ , මහා කෝපයට පත් බැල්මක්. හරියට උන් කරන්න හදන දේට බාදාකරන්න කවුරුහරි ඇවිල්ලා ##### ### # වගෙයි නිම්නාදී ට හැගුනේ...
" කියපල්ලා තොපි දෙන්න මොකද මේ වෙලාවේ මේ කඩවර කැලේ කරන්නේ......."
නැවතී ඉන්න යසීරයි නිම්නාදියි දිහා බලාගෙන එකෙක් ඇහුවේ වරින් වර නිම්නාදිගේ අතේ තියෙන උදැල්ල දිහාත් වරින්වර බලමින්.
" අපි බේතකට දෝලු අල ගලවගන්න ආවේ ,තව ගස්වලින් ගෙරිපස් ගලවගන්නත් එක්ක......කඩවර කැලේ ඒවා තියෙනව කියල අපිට කවුද කිව්වා........."
යසීර කියද්දී එක මිනිහෙක් ඔහු ලගට ඇවිත් ඔහු දිහා විනිවිද හෙලන බැල්මක් හෙලුවා.
" බොරු කියන්ඩ එපා......ඔය දේවල් හොයාගන්ඩ මේ කවුරුවත් එන්නේ නැති කඩවර කැලේට උබල එන්න විදිහක නෑ , ඒකත් අදම.......අපිව තම්බන්ඩ බෑ කියපන් ඇත්ත........"
ඌ යසීරට තර්ජනය කරලා කියද්දී නිම්නාදීගේ අතපයත් එක්ක වෙවුලුවා...එදා කලුවයි කොටියය ඇයට කරදර කරපු වෙලාවේ භූත ආත්මයවත් ඇවිත් උදව් කෙරුවා.. අද ඒ භූත ආත්මය එන්නේ නැති බව නිම්නාදී දැනගෙන උන්නා.
" මේ ඇත්තමයි කියන්නේ...මේ නංගිගේ ##### ####
#තාත්තාගේ කකුල කැඩිලා ඔත්පල වෙලා.......ඒ කකුල සනීප කරන්න සිංහල බේත් කරනවා.....ඒ බේත්වලටයි ,ගෙරිපසුයි,දෝලු අලයි හොයන්නේ......."
යසීර කිව්වේ එහෙම කියලවත් ඔවුන්ට ඒ ගැන විශ්වාස ක් ඇතිකරවන්න.
"ගැටයෝ ඕක පොඩ්ඩක් නවත්තපන්....මුන් දෙන්න මේ වෙලවේ මේ කැලේට ආවේ අපේ වාසියක්ටද කවුද දන්නේ....කමලසිරි ගුරුන්නාන්සේ කිව්වේ ,කන්යාවියක් බිලිදුන්නොත් අදම අපිට අනිත් නිදානෙත් ගොඩගන්න පුලුවන් කියලා නේද......"
එතන හිටපු උසම මිනිහා කිව්වේ නිම්නාදී දිහා බලාගෙන. ඒක ඇහෙද්දී නිම්නාදී යසීරහේ අත හයියෙන් අල්ලගත්තේ ඉස්සරහට වෙන්න තියෙන අවාසනාවන්ත ඉරනම ගැන ඉවවැටිලා.
"ඔව්නේ ....ඒක මට එකපාරටම ඔලුවට වැටුනේ නෑ........"
ගැටයා නිම්නාදී දිහා බලන් හිටියේ රන්කාසී ගොඩක් දිහා බලන් ඉන්නව වගේ.....ඒත් සමගම යසීර ගැටයාගේ යටි බඩ දිහාට පයින් ගැහුවේ ගැටයාට අම්මා අප්පා සිහිකරමින්.
***** "නිම්නාදී දුවමූ........"
හයියෙන් ඇයගේ අත අල්ලගත්ත යසීර කිව්වේ වෙන දෙයක් කරන්න නැති නිසා.. අඩි හයක් විතර උස උසටම හරියන මහතක් තිබ්බ අරුන්##### ##### # හතර දෙනා එක්ක හැප්පෙන්න යසීරට අමාරු බව හැගුනා.....එකෙක් අතේ පිස්තෝලයක් තිබ්බ නිසා ඒ දේ තවත් අමාරු වුනා.
නිම්නාදිවත් ඇදගෙන යසීර දිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා.
" ඒයි තව එක අඩියක් ඉස්සරහට දිව්වොත් තොගේ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා.......ජීවිතේට ආසාවක් තියෙනවනම් කෙල්ලත් එක්කම නැවතියන්."
පිටිපස්සෙන් එකෙක් ඔවුන් ලුහුබදිමින් එමින් කෑ ගැහුවත් යසීර අදහස වෙනස් කෙරුවේ නෑ..දිගටම දිව්වා.......
"ඩෝං.................."
මුලු කඩවර කැලේම කලබවමින් වෙඩි හඩක් ඇහුනෙත් යසීර බිම දිග ඇදගෙන වැටුනෙත් එකටම වගෙයි.
ඒ සමගම නිම්නාදී දැක්කේ...............
යසීරට වෙඩි තියපු මිනිහා වේදානාවෙන් කෑ ගහමින් කකුල අල්ලන් විදිහ. තව ටිකක් ඕනාකමින් බලද්දී දුටු දෙයින් ඇය පුදුම වුනා.
පොල් ගෙඩියක් තරම් ලොකු පෙනයක් තිබුනු නයෙක් පෙනය පුප්පගෙන ඔවුන් හිටි තැන හිටි තැනින් මාරු වුනේ ඇහි පිය ගහන වේගෙන්.
" සුසිල්ට නයා ගැහුව නේද ........ඌව ඉක්මනට කමලසිරි ගුරුන්නාන්සේ ලගට එක්කගෙන යමන්.....අපි කෙල්ලව අල්ලගන්නම් ......."
ගැටයා කලබලයෙන් එහෙම කියලා නිම්නාදී හිටපු පැත්තට දුවගෙන ආවා. නයා සුසිල්ට දශ්ට කෙරුවා නොවෙන්න ,යසීර පය පැකිලී වැටුනා නොවෙන්න වෙඩිල්ල යසිරට වැදෙනවා නොඅනුමානයි.
" නිම්නාදී ඔයා දුවල ගිහින් අර වැඩේ කරන්න, මම මුන් ගැන බලාගන්නම්......තවත් බලන් ඉන්නේ ඉක්මන් කරන්න..........."
යසීර නැගිටිමින් එහෙම කියද්දී වරක් ඔහු දිහා බලපු නිම්නාදී වේගෙන් දිව ගියා. යසීරගේ වෙලාවට සුසිල් අතින් වැටුනු පිස්තෝලයත් තිබුනේ අතුරු දහන් වෙලා.
වේදානාවෙන් කෑ ගහන සුසිල්ව එක්කගෙන එක මිනිහෙක් කමලසිරි ගුරුන්නාන්සේ ලගට එක්කගෙන යද්දී යසීර ලග හිටියේ ගැටයයි තව# මිනිහෙකුයි විතරයි.
යසිර නිම්නාදී දුවන දිහාට ඔවුන් දෙන්න යන එක වලක්කරමින් මග හරස්කරමින් හිටියා.
ඒ අවසරයෙන් නිම්නාදී උදැල්ලත් අරගෙන වේගයෙන් දුවගෙන ගියා. ඒත් නිම්නාදී දුවගෙන ගියේ කඩවර ඇල දිගේ නෙමෙයි. හොදටම බය වි හිටපු ඇය කිසිම දෙයක් හිතාගන්ඩ බැරුව දුවගෙන ගියේ කඩවර කැලේ ඇතුලට.
සෑහෙන්න දුරක් දුවගෙන ගිය ඇය මතුවුනේ උස කන්දක් ලග.
" යසීට මොනව වුනාද දන්නෙ නෑ.....මේ මම ඉන්නේ කොහෙද....."
වෙහෙස නිසා ගල් තලාවක් උඩ ඉදගෙන හති අරිද්දීයී ඇයට මිනිස් කටහඩක් ඇහුනේ. ඇය ඉක්මනින් ගලකට මුවාවි හොරෙන් බැලුවා.
නයා දෂ්ට කරපු සුසිල්ව ඔසවගෙන අර මිනිහා ඉක්මන් අඩිවලින් ඇය පැත්තට එමින් සිටියා.
" ගුරුන්නාන්සේ කමලසිරි ගුරුන්නාන්සේ...
කොහෙද ඉන්නේ..."
අනිත් මිනිහා කෑගහමින් සුසිල්ව ඔසවාහෙන නිම්නාදී හිටපු තැන පසුකරන් යද්දී ඇයට සැනසුම් සුසුමක් හෙලුනා.
" මොකද පේමේ කෑ ගහන්නේ....මොකද මූට....."
ඒ සමගම නිම්නාදීට ලග ලගින්ම වාගේ ඇහුනේ## තව මිනිහෙකුගේ හඩක්.
" සුසිල්ට නයෙක් ගැහුවා........ඉක්මනට මොකුත් කෙරුවෙ නැත්නම් මූට මොනව හරි වෙයි......"
" මොනව කරන්ඩ ගිහින්ද මූට නයා ගැහුවේ......."
" අපි මේ පැත්තට එනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි හමබවුනා...........උන් දෙන්න කිව්වේ දෝලු අලයි ,ගෙරිපසුයි බේතකට හොයන්න මේ කැලේට රිංගුව කියලා. එතකොටයි අපිට මතක් වුනේ අනිත් නිධානේ ගන්න ඕනානම් කෙල්ලෙක් බිලිදෙන්න ඕනා විත්තිය. ඉතින් අපි කෙල්ලව අල්ලගන්න හදද්දී උන් දෙන්න දිව්ව. සුසිලය කොල්ලට වෙඩි තියනකොටම කොහෙන්ද මන්දා ආපු තඩි නයෙක් මූට ගැහුවා........."
** පේමේ කියන මිනිහා හුස්ම වේගෙන් කියාගෙන ගිය දේ ඒ ලගම ගල්තලාවේ හැංගිලා හිටපු නිම්නාදී ට හොදටම ඇහුනා....
"උන් දෙන්න මේ කැලේට ඇවිත් තියෙන්නේ වෙන වැඩකට , ගෙරිපස් කියලා දෙයක් තියෙනවා ,ඒත් දෝලු අල කියලා අල ජාතියක්...එහෙම අල ජාතියක් නෑ......මම හොයාගන්නම් උන් දෙන්න ආවේ මොකටද කියලා.........උබල කොහොහරි මේ කඩවර කැලේ පීරලා හරි ඒ කෙල්ලව හොයාගන්න ### ඕනා ........අතට ලැබුන එක කොහොමහරි කටට දාගන්න ඕනා හරිද.....දැන් උබ පලයන් මම ,මූ ගැන බලාගන්නම්........."
කමලසිරි ගුරුන්නාන්සේ ගේ හඩ ඇහුනේ නිම්නාදීගේ බය යලිත් වරක් වැඩිකරමින්. උන්ට අහුවුනොත් වෙන්නේ උන් කියන ඒ නීදානෙට බිල්ලක් වෙන්න.....
සිතද්දීම ඇයට ඇහුනේ මේ පැත්තට එන අඩි හඩක්. මොහොතකින් සුසිල් ඇය සිටි තැන පසු කරන් ගියේ ඔහු හොයන දේ තියෙන්නේ දෑත මානේ කියා නොදැන.
ප්රේමේ කඩවර කැලේ ඇතුලට ගිගිහින් නොපෙනී ගියාමයි නිම්නාදී සැනසුම් සුසුමක් හෙලුවේ.
" මේ කමලසිරි කියන මිනිහගෙන්ද දන්නේ නෑ...අර මට පණිවිඩ දෙන භූත ආත්මේ පලිගන්න හදන්නේ ...ඔවු එහෙම වෙන්න පුලුවන්...මේ මිනිහත් යන්තර මන්තර දන්න මනුස්සයෙක්නේ....."
එහෙම හිතද්දීමයි ඇයට අර වලලපු කලගෙඩිය මතක් වුනේ.
" කොහොමද දැන් ඒ තැන හොයාගන්නේ....කඩවර ඇල තියෙන පැත්ත කොහෙද......යසීරට මොනවවෙලාද දන්නෙ නෑ......"####
හිතන නිම්නාදී දැක්කේ කඩවර කැලේ වෙලාගන්න අදුරත් ටික ටික පොරකන විදිහ.
"බල බලා ඉදලා බෑ ,කොහොමහරි කඩවර ඇල හොයාගෙන ඒ දිගේවත් ගිහින් අර කලගෙඩිය තියෙන තැනින් ගොඩ අරන් බිදලා දාන්න ඕනා...."
ඒ ගැන බයෙන් වුනත් හිතපු නිම්නාදී කඩවර ඇල තියෙන්නේ මේ පැත්තේ වෙන්න ඇති අනුමාන කරමින් කඩවර කැලේ මැදින් ගමන් කෙරුවා.
ඒත් සෑහෙන්න දුරක් ආවත් කඩවර ඇල හොයාගන්න නිම්නාදී ට පුලුවන් වුනේ නෑ.
"දැන් මොකද මම කරන්නේ.............මම මේ කැලේ අතරමංවෙලා...අරුන්ගෙන් කාටහරි අහුවුනොත් ඔක්කොම ඉවරයි....."
දුකට ඇස් කදුලින් තෙත් වෙද්දී ඇය දැක්කේ ලගම තිබ්බ උස ගසක්. පොලවේ ඉදන් අඩි හතරේ ඉදන් ලග ලග තිබ්බ ඒ ගසේ ශක්තිමත් අතු දැකපු ඇයගේ සිතට ආවේ අදහසක්.
"මේ ගහ උඩ නැගල බැලුවොත් සමහර විට කඩවර ඇල තියෙන පැත්ත හොයාගන්න පුලුවන් වෙයි."
හිතපු නිම්නාදී අතේ තිබ්බ උදැල්ල කාටවත් නොපෙනෙන හංගලා කකුල් දෙකේ දාගෙන හිටපු සෙරෙප්පු දෙකත් ගලවල ගහට නගින්න පටන් ගත්තා.#####
ගහේ අතු ලග ලගම තිබ්බ නිසා නිම්නාදී ට ගහ උඩට ලේසියෙන්ම නගින්න පුලුවන් වුනා.සෑහෙන්න උසකට නැගලා වට පිට වටේටම බලද්දීයි ඇයගේ සිතට සැනසුමක් දැනුනේ.
*** කඩවර ඇල තිබ්බේ ඇය නැගල හිටපු ගහ ලග ඉදල සෑහෙන්න කිට්ටුවෙන්. ඇල දෙපැත්තේ දිගටටම තිබ්බ වල් බෙලි ගස් නිසා කඩවර ඇල තියෙන ඉසව්ව ඇයට ලේසියෙන්ම අනුමාන කරන්න පුලිවන් වුනා. ඇය නැගක හිටපු ඒ ගස තිබ්බේ අර කන්දත් කඩවර ඇලත් මැදින් වගේ.
ඉක්මනින්ම යලි නිම්නාදී ගහෙන් බහින්න පටන්ගත්තේ කඩවර ඇල ලගට ගිහින් ඒ දිගේ ගොස් අර වලලපු කලය තිබ්බ තැන හොයාගන්න.
එහෙම හිතල ගහෙන් බහිද්දීයි නිම්නාදීට මිනිස් කටහඩවල් වගයක් ඇහුනේ. ඒ වෙද්දී ඇය ගහෙන් සෑහෙන්ඩ දුරක් බැහල තිබ්බා. මිනිස් කටහඩවල් ආවේ නිම්නාදී නැගල හිටපු ගහ තිබ්බ පැත්තට.
කටහඩවල් අයිතිකරුවන් කවුද කියල අදුරගන්න නිම්නාදීට වැඩි වෙලාවක් ගියේ නෑ. නිම්නාදී හිටපු ගහ
එමින් හිටියේ. ගැටයා කියන මිනිහයි ,ඌ ලග හිටපු අනිත් මිනිහයි. උන් දැක්කට පස්සේ නිම්නාදී ගේ අතපය ආයේ පාරක් වෙව්ලන්න ගත්තේ බයට.
වේගෙන් අඩි තිය තියා එන ඔඔවුන් ගහ උඩ බැලුවොත් නිම්නාදී අහුවෙනවා නොඅනුමානයි.
"ගහ උඩ බලන්න එපා......"
පතමින් නිම්නාදී ඇය බයෙන් බයෙන් ඔවුන් දිහා බලන් හිටියා.
" මේකි කොහෙ අතුරුදහන්වුනාද......ශික්..........."
ගැටයාගේ වටේටම බල බලා කිව්වත් ඒ ලග තිබ්බ ගස් උඩ බැලුවේ නෑ......
" අරූට , සුසිලයගේ පිස්තෝලේ අහුනොවෙන්න කොහොම හරි කෙල්ල පස්සෙ පන්නලා ඒකිව අල්ලගන්ඩ තිබ්බ.........ඌව මට අල්ලගන්න පුලුවන් වුනොත් මේ කඩවර කැලේම වලක් හාරලා පනපිටින් වලලල දානවා............"
අනිත් මිනිහා කෝපයෙන් කිකියද්දී නිම්නාදී ට වැටහුනේ යසීර කොහොම හරි උන්ගෙන් බේරිලා බව.
" දැන් ඉතින් මේකි ඉන්නේ කොහෙද කියලා හොයාගන්න වෙන්නේ කමලසිරි ගුරුන්නාන්සේ ගෙ මාර්ගෙන්ම තමා....ගුරුන්නාන්සේ කොහොම හරි මේකි අතට අලලගන්න ක්රමයක් සෙට් කරයි...........නැත්නම් අපි කොහොමද මේ # රෑ වෙන්න ඔන්න මෙන්න කඩවර.............."
එතනින් එහාට කියපු දේවල් නිම්නාදී ට හහරියට ම ඇහුනේ නෑ .ගැටයායි අනිත් මිනිහායි නිම්නාදී හිටපු ගස පාස්කරගෙන බොහෝ දුරක් ගිහිල්ල තිබුන එකයි ඊට හේතුව.
"ඇති යාන්තම්....."
එතකොටයි නිම්නාදීගේ ඇගට ලේ ටිකක් ඉනුවේ. උන් නොපෙනී ගිහින් විනාදි පහක් විතර ගියාට පස්සේ නිම්නාදී දිගු හුස්මක් පිටකරලා ගහෙන් බැස්ස.
සෙරෙප්පු දෙක දාගෙන ,උදැල්ලත් අරන් නිම්නාදී කඩවර ඇල පැත්තට ගියේ දුවගෙන වගේ.
ඉක්මනින් ඇයට කඩවර ඇල හම්බවුනා. කලින් ආපු පාර මේ පැත්ත පසුකරන් ගිය බව ඇය මතකයක් තිබුන නිසා ඒ දිගේ ඉස්සරහට ගියේ අර සියඹලා ගස් දෙක තියෙන්නෙ තව් ඉස්සරහට වෙන්න බව හැගුන නිසා.
" සමහර විට යසීරත් එතන ඉන්නත් පුලුවන්........
ඉක්මනට කලගෙඩිය බින්දොත් හරි, එතකොට මට අර පනිවිඩ දෙන භූත ආත්මේ බලවත් වෙලා අරුන්ට පාඩමක් උගන්වයි."
ඒ සිතුවිල්ලෙන් ඉස්සරහට ගිය ඇය ## මොහොතකින් දැක්කේ අර එක ලග තියෙන යොධ සියඹලා ගස් දෙකයි. ඒත් ඒ කිට්ටුව යසීර ඉන්නවා ඇය දැක්කේ නෑ.
**** කලින් ආපු පාර අර වලල්පු කලගෙඩිය තියෙන තැන ලගම ගහේ පිහියකින් කොටලා ලකුනක් දාල තිබ්බ නිසා නිම්නාදිට කලගෙඩිය වලලපු තැන හොයාගන්ඩ අමාරු වුනේ නෑ.
කොලරොඩු අයින් කරල නිම්නාදී ඒ තැන ඉක්මනට පාදගත්තා. ඊට් පස්සේ වටේටම බල බල නිම්නාදී ඒ වල හාරන්න පටන් ගත්තේ කවුරුන් හරි එයිදෝ කියලා සැකයත් එක්ක.
සෑහෙන්න වෙලාවක් හාරපු ඇයට එකපාරටම උදැල්ලේ යමක් වැදුනේ උදැල්ල බම්ප් වෙමින්.
"මෙතන වලලල තියෙන්නේ කලගෙඩියක් නෙමෙයි වත්ද"
දෙගිඩියාවෙන් ඇය තව එතනින් පස් ඉවත් කෙරුවේ ඒ මොකක්ද කියල බලන්න. වලලල තියෙන්නේ මොකක්ද කියල ඉක්මනනටම වටහ ගන්න ඇයට පුලුවන් වුනා.
භූත ආත්මය කිව්ව විදිහටම එතන තිබුනේ කලගෙඩියක්..ඒත් ඒ කලගෙඩිය තිබුනේ වටේටම සවිමත් සිමෙන්ති කොන්ක්රීට් තට්ටුවකින් අලවලා
l** ඒ කලගෙඩිය වලෙන් උඩට ගනිද්දියි ඇයට තේරුනේ ඒක සෑහෙන්න බරයි කියලා.###
" මොනවද මේක මෙච්චර බර වෙන්ඩ මේක ඇතුලේ තියෙන්නේ ඇයි මේක වටේට මෙහෙම කොන්ක්රීට් තට්ටුවක් දාල තියෙන්නේ......."
නිම්නාදී හිතුවේ කට වැහෙන්න ක්රොන්ක්රීට් අලවල තිබ්බ ඒ කලගෙඩිය දිහා බලාගෙන.
නිම්නාදී වගේ කෙල්ලෙකුට ඒ කලේ ඔසවන එකත් සෑහෙන්න අමාරු වැඩක් බව ඇයට තේරුනා.
හැකි ඉක්මනට ඇය බැලුවේ කලගෙඩිය බිදලා භූත ආත්මය පණිවිඩේ ලියපු දේ කරන්න. කලගෙඩිය ඉහලට ඔසවා ඇය හැයියෙන් පොලවේ ගැහුවේ ඒ විදිහට කෙරුවොත් කලය බිදෙයි කියා.
ඒත් පොලවේ ගහපු කලේට වුනේ බිදෙන එක වෙනුවට පසත් මදක් හාරලා ඈතට විසි වුන එකයි.
ඉන් නොනැවතුන ඇය කීප පාරක්ම කලේ පොලේ ගැහුවා. ඒත් වුනේ කලින් පාර වුන දේමයි. කලය බිදෙනවා තියා හිතුවේවත් නෑ.මැටි කලෙ වටේ තිබ්බ ශක්තිමත් ක්රොන්ක්රීට් තට්ටුව මැටි කලේ බිදෙන එක වලක්වගෙන හිටියා.
නිම්නාදී ලගම තිබ්බ කද මහත ගහකටත් කලගෙඩිය බිදෙන්න කියලා දෑත බදල ගැහුවත් කලේ බිදෙන එකනම් වුනේ නෑ.####
එක එක ක්රම අත්හදා බලමින් කලගෙඩිය බිදින්න උත්සහ කරපු නිම්නාදී හිටියේ මේ වෙලාවේ සෑහෙන්න තෙහෙට්ටුවෙන් .
" ඇයි මෙහෙම මේ කලහෙඩිය වටේට ක්රොන්ක්රීට් අලවල තියෙන්නේ....මොනවද මේක ඇතුලේ තියෙන්නේ.......මෙච්චරම මෙහෙම ද දෙයක් කරන්න.....මෙහෙම ගහලනම් කලේ කොහොමවත් බිදින්න බෑ......"
එක එක සිතුවිලිවලින් නිම්නාදී ගේ මනස වෙහෙසවද්දී ඇයට එක පාරටම මතක් වුනේ මීට මොහොතකට කලින් ඇය හිටපු අර කලු ගල් කන්ද.
" එතනට අරගෙන ගිහිල්ලා ගලක මේ කලගෙඩිය ගැහුවොත් නම් මේක බිදගන්න පුලුවන් වෙයි......"
සිතපු ඇය කලගෙඩිය ත් අරගෙන ඒ ගල් තලාව තිබ්බ පැත්තට ගමන් කෙරුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.
ඇයගේ සිත කිව්වේ මේ කලගෙඩිය කොහොමහරි බින්දොත් අර භූත ආත්මය බලවත් වෙලා අර කමලසිරි කියන ගුරාගෙන් පලි අරන් ඔහුගේ ගෝලයන්ගෙන් නිම්නාදී යි යසීරවයි බේරගෙන උදව් කරයි කියලා.
ඒත් නිම්නාදී හීනෙන්වත් හිතුවේ නෑ වෙන්නේ එහෙම දෙයක් නෙමේ කියලා.#####
අමාරුවෙන් කලගෙඩිය අරගෙන ඇය ඉක්මනට අර ගල්තලාව ලගට ගියා. කලගෙඩිය වලලපු තැන ඉදන් ගල් තලාවට තිබ්බෙ එච්චර දුරක් නෙමේ.
බොහොම විමසිල්ලෙන් ගිය ඇය ගල් තලාව ලගට යනකම්ම කමලසිරිවත් ඔහුගේ ගෝලය ටිකටවත් අහුවුනේ නෑ.
මීටර් සීයක් විතර උස කන්ද කඩවර කැලේ මැද්දේ තිබ්බේ විරාජමානව .
ඒ දිහා මොහොතක් බලා හිටපු නිම්නාදී හැකි වෙර දාලා කලගෙඩිය කන්ද පාමුලේ තිබ්බ ගල් තලාවක ගැහුවා. ඒත් එහෙම කරලත් අර කලගෙඩිය බිදුනේ නැත්තේ නිම්නාදී ගේ බලාපොරොත්තු සුන් කරමින්.
තව පාරක් ගලේ කලගෙඩිය ගහන්න හදනකොටයි ඇයට පිටිපස්සෙන් අඩි හඩක් ඇහුනේ. ඒ හඩට කරන දේ නවත්තල පිටිපාස හැරිලා බලද්දි දුටු දෙයින් නිම්නාදීගේ ඇස් ලොකුවුනේ දැකපු දේ කිසිසේත් අදහගන්න බැරි වුන නිසා.
ගැටයා,පේමේ නයා ගහපු සුසිල් අනිත් නම දන්නේ නැති මිනිහයි ඇය දිහා බලාගෙන හිටියේ තවත් අවුරුදු පනහක් විතර සුදු ඇදුමකින් සැරසී ඉන්න මිනිහෙකුත් එක්ක.
ඔවුන් පස් දෙනා නිම්නාදී දිහා බලන් හිටියේ මුවැත්තියක් ගොදුරුකරගන්න හදන කොටිපස් දෙනෙක් වගේ##### #
*** ඇදගෙන ඉන්න ඇදුම් හා ඔහුගේ පෙනුම දකිද්දීත් ඒ ඉන්නේ කමලසිරි කියන ගුරුන්නාන්සේ කියල අදුනගන්ඩ නිම්නාදී ට අමාරු වුනේ නෑ..
" කලේ බිදෙන්නෙ නෑ නේ කෙල්ලේ........"
කමල සිරි ගුරුන්නාන්සේ කිව්වේ නිම්නාදී දිහා බලාගෙන ඔලොක්කුවට වගේ.
"ඔව් ඉතින් ඒක එහෙම වෙන්න එපැයි නේ.......අනික කෙල්ලේ ඔය කලේ උබ බින්දා කියල කිසීම දෙයක් වෙන්නේ නෑ.....නිකම් කලේ කුඩුවෙලා යන එක විතරයි වෙන්නේ......."
කමලසිරි ගුරුන්නාන්සේ ආයෙම පාරක් එහෙම කියල ඉවරවෙද්දීයි ගැටයාගේ ගොරෝසු හඩ නිම්නාදී ට ඇහුනේ.
" ගුරුන්නාන්සේ මොකෝ කියන්නේ.....මේකී ආයේ පාරක් අපිට කොකා පාල මරුවෙන්න කලියෙන් අල්ලගමු."
එහෙම කියලා ගැටයා නිම්නාදී ලගට කිට්ටු කරද්දිම ගැටය ඉස්සරහ හිටපු ගුරුන්නාන්සේ ඔහුව නැවත්තුවේ අතින් සඥා කරලා.
" පොඩ්ඩක් හිටින් ,කෙල්ලව අල්ලගන්න කලින් ,මට කෙල්ලට කියන්න බොහොම වටිනා දෙයක් තියෙනවා....."
ගැටයට කියපු ගුරුන්නාන්සේ බැලුවේ නිම්නාදී ##### ## දිහා .
" කෙල්ලේ උබ මේ කඩවර කැලේට ආවේ ඔය උබ ලග තියෙන කලේ බිදින්නනේ නේ.......උබට එහෙම කරන්න කියල කිව්වේ භූත ආත්මයක් පනිවිඩ දීලානේ නේ...එහෙම නෙ......"
ගුරුන්නාන්සේ කියපු දේ නිම්නාදී ට අදහගන්නත් බැරි වුනා. මේ මිනිහා කොහොමද ඒ ගැන දන්නේ සිත සිතා ඉන්නකොටම යලිත් ගුරුන්නාන්සේ ගේ හඩ ඇයට ඇහුනේ.
"උබ දැන් හිතනව ඇති මේ ගුරුන්නාන්සේ කොහොමද ඒ ගැන දන්නේ කියලා.......එහෙම නේ......එහෙනම් මම කියන්නම් උබට කොහොමද මම ඒක දැනගත්තේ කියලා...."
අත පය ගිඩි ගිඩි ගා ගැහෙද්දී නිම්නාදී ගුරුන්නාන්සේගේ කතාව අහ්න් හිටියේ ඊලගට මොනවද කියන්නේ බලමින්.
" මේ මමයි කෙල්ලේ උබ ලගට ඒ භූත ආත්මේ එවුවේ........මට ඕනා වුනේ ඒ භූත ආත්මේ ලවා උබව අද මේ කඩවර කැලේට ගෙන්වගන්නයි. උබ මගේ උගුලට අහුවුනා කෙල්ලේ......
අපේ අනිත් නිදානේ ගන්න කන්යාවියක් බිලි දෙන්න ඕනා....ඉතින් ඒ වැඩේට කිසිම කරදරයක් නැතිව එහෙම කෙනෙක් හොයාගන්නයි මට ඕන වුනේ.....මම දන්න සාස්තරේ හැටියට එහෙම දෙයක් කරන එක ##### ## #මහලොකු කජ්ජක් නෙමේ....
මේ පේනවනේ මේ මනුස්සයා........"
ගුරුන්නාන්සේ අත දික් කර නිම්නාදී ට පෙන්නුවේ සුසිල්ව.
"පේනවනේ ,උබත් දැක්ක මේ මිනිහට ලොකු නයෙක් ගහපු හැටි.........මම මගේ සාත්තරෙන් විශ ඇදලා පණ ඇද ඇද හිටපු මිනිහව සනීප කෙරුවා.
ඉතින් මගේ සාත්තරේ උදව් අරගෙන උබ ලගට භූත ආත්මයක් එවලා මගේ වැඩේ කරගත්තා....ඔය කලගෙඩිය මම කලින් දවසක ගිහින් අර සියඹලා ගහ යට වැලලුවේ උබට සැක හිතෙන්නේ නැතිවෙන්න. එහෙම කෙරුවේ බැරි වෙලාවත් උබ නිදනේ ගන්න කලින් දවසක ඔය තැන හොයන් ඇවිත් එහෙම දෙයක් තියෙනවා ද කියලා මට හිතුන හින්දා.....
**** මම හිතුවා වගේම උබ කලින් දවසක මේ කඩවර කැලේට ආවා.......උබ ඊට පස්සේ දැනගත්තා භූත ආත්මේ දෙන පනිවිඩ හරි කියලා......
උබ හිතුවේ උබ ඒ භූත ආත්මේ ඉත්තෙක් කියලා ,ඒ භූත ආත්මේ පනිවිඩවල ලියන ඒවා කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ කියලා නේ.....
අන්න එතන උබට වැරදුනා කෙල්ලේ.....උබට මේ භූත ආත්මෙන් ගැලවෙන්න විදිහක් ලේසියෙන්ම හොයාගන්න තිබ්බා. සදුදට මම ##### ### #එවපු භූත ආත්මේ ගොඩක් දුර්වල වෙනවා......උබට මතකද ඉරිදා රෑ පනිවිඩ ලියල යන්න කලින් භූත ආත්මේ ලියපු දේ.......භූත ආත්මේ ලිව්වේ මට හෙට සදුදට උබට පණිවිද දෙන්න එන්න බෑ....ආයේ එන්නේ අගහරුවාදා කියලා...උබට මතකයිනේ.....
උබ නොදන්නව වුනාට භූත ආත්මය එහෙම පනිවිඩේ දුන්නේ සදුදට ඒ ආත්මය දුර්වල වෙන හින්දා.....
උබ කෙල්ලේ ඒ ගැන හිතුවනනම් ,සදුදා දවසේ උබට මේ භූත ආත්මෙන් ගැලවෙන්න විදිහක් හොයාගන්න තිබ්බා.
උබට මතකද උබ මේ භූත ආත්ම දෙන පනිවිඩ ගැන උබේ යාලු කොල්ලට කිව්වේ සදුදා දවසේ....එදා ඒ කොල්ල ඉස්සරහ උබ ඒ ගැන කිව්වට පස්සේ ,ඒ කොල්ල හැදුවේ භූත ආත්මය මට්ටුවෙන්න ක්රමයක්......
වෙන දවසක ඒ කොල්ල ඒ භූතයා මට්ටු කරන්න යන කතාව ඇහුනනම් අර භූත ආත්මේ ඒ කොල්ලගේ ඇගට ඇතුලු වෙලා හොද පාඩමක් උගන්නන්න තිබ්බා.
ඒත් එදා සදුදා ,එහෙම දෙයක් කරන්න ඒ භූත ආත්මේට ශක්තියක් තිබ්බේ නෑ.....
ඒ සදුදා ඒ කොල්ල කියපු දෙට එකගවුනානම් ##### #### #උබට භුත ආත්මෙන් ගැලවෙන්නෙ විදිහක් අමාරුවෙන් හරි හොයා ගන්න් තිබ්බා. ඒත් උබ ඒ කොල්ල් කියපු දේට කැමති වුනේ නැ.
වුනේ උබ කියපු දේට කොල්ල කැමති වුන එක... ඒකට තමා කෙල්ලේ කියන්නේ කරුමේ කියලා.....මම මේ දේවල් කෙරුවේ මුන් හතරදෙනාටත් කියන්නේ නැතිව හොරෙන්......
මුන්ගෙන් එකෙක් ඇවිත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කැලේදී හම්බවුනා කියල කියනකොටම මට තේරුනා මගේ වැඩේ කිරි ගහට ඇන්න වගේ හරි කියලා...."
ගුරුන්නාන්සේගේ කතාව ඉවර වෙද්දී නිම්නදිට දැනුනේ තමා ගැනම දැඩි ආත්මානුකාවක්.ගුරුන්නාන්සේ කියපු කතාවේ හැම වචනයක්ම එකම දංවැලේ පුරුක් වගේ සම්බන්දවෙලා තිබ්බ නිසා නිම්නාදී ඒ කතාව සීයට සීයක්ම විශ්වාස කෙරුවා.
මෙතෙක් වෙලා අතේ තියාගෙන හිටපුකලගෙඩිය ඇය එතන තිබ්බ ගලක් උඩ තිබ්බේ ,එය උගුලේම කොටසක් මිසක් ,ඒක බින්දට කිසිම දෙයක් වෙන්නේ නෑ කියල හිතුනු නිසා.
" හ්ම්ම්ම්ම්ම්ම්ම් තවත් බලන් ඉන්නේ , අල්ලගනින් මේකීව ,අල්ලගෙන ඉක්මනට නිදන් ගල ලගට අරන් යමල්ලා....."##### ##### #
කමලසිරි ගුරුන්නාන්සේ ගේ හඩ ආපහු ඇහුනා විතරයි අරුන් හතරදෙනා නිම්නාදී හිටපු පැත්තට කිට්ටු කෙරුවා.
කරන්න කිසිම තැනක් නැති තැන නිම්නාදී අඩිය අඩිය පිටිපස්සට යද්ද්දීයි දැක්කේ යසීරගේ රුව.
***** " ඒයි කෙල්ලගේ ඇගට එක අතක්වත් තියන්න හිතන්නවත් එපා.......එහෙම නොකෙරුවොත් ,උබල පස් දෙනාගෙම අවසන් හුසම් මේ ගල උඩින් යවවනවා......."
යසීරගේ උස් හඩ ඇහෙද්දී ඔක්කොගෙම ඇස් ඒ දිහාට ගියා. කලින් සුසිල් ලග තිබ්බ පිස්තෝලය කමලසිරි ගුරුන්නාන්සේ ගේ ඔලුව කෙලින් මානගෙන හිටපු හැටි දකිද්දී උන් ටිකක් මෙල්ල වුනා වගෙයි නිම්නාදී ට පෙනුනේ. කොණ්ඩෙ අවුල් කරගෙන ,ඇග පත තුවල වෙලා ලේ ගලමින් හිටපු යසීර දකිද්දී නිම්නාදී ගේ පපුවටත් එක්ක මොකක්දො වුනා.
" යකුනේ ඔහොම බලන් ඉන්නේ ඇයි.....ගිහින් ඒක ලග තියෙන පිස්තෝලේ අතට ගනිල්ලා......."
ගුරුන්නාන්සේ කෑ ගහද්දී ,එතන හිටපු සුසිල් ,පේමෙට මොනවද කනට කර කියනවා නිම්නාදී දැක්කා.
" ඉ ඉතින් වෙඩි තියපන්,,,ඇයි බලන් ඉන්නේ....."
##### ##### ##
පේමේයි සුසිලුයි යසීර හිටපු තැනට ටික ටික කිට්ටුකෙරුවේ කිසිම බයක් සැකයක් නැතිව වගේ....
" ඩෝං..........."
මහ හඩක් නගමින් යසීර අතේ තිබ්බ පිස්තෝලය ක්රියාත්මක වුනෙත් සුසිල් ගේ උර පත්තට වෙඩිල්ල වැදුනෙත් එකටම වගේ.
" ආහ්.....අම්මෝ.........."
ලේ වැක්කෙරෙන තම උරපත්ත අල්ලගෙන සුසිල් වේදනාවෙන් කෑ ගහද්දී පේමේ ඒ ගැන ගානක්වත් නැතුව යසීර ලගට වේගෙන් පැනල ඔහුව අල්ල ගත්තා.
ශක්තිමත් ශරීරක් තිබ්බ පේමෙ ,හොදටම තෙහෙට්ටුවෙන් හිටපු යසීරව අල්ලගෙන ඔහුගේ පිස්තෝලය තිබ්බ අත ඇබරුවේ යසීර වේදනාවෙන් කෑ ගහද්දී.
ඒ සමගම පිස්තෝලය යසීරගේ අතින් බුරුල් වී ගල් තලාව උඩ වැටුනෙත් පේමේගේ අතට එය එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
යසීරව අත නොහැරම පිස්තෝලය අහුලගත්ත පේමේ යසීරගේ හිසට තියාගෙන හිටියා.
"උබ හොදටම දැගලුවනේ,,, සුසිල්ටත් උබ වෙඩි තිබ්බනේ............ඉතින් ඒ කරපු දේට කලගුන සලකන්න එපැයි. එහෙම නේ............"
##### ##### ###
පෙමේ හදන්නේ යසීරගේ ඔලුවට තියල වෙඩි තියන්න බව තේරුන නිම්නාදී හයියෙන් විලාප තිබ්බ. යසීර මරනයෙන් වන්දි ගෙවන්න යන්නෙ තමා හින්දා බව දන්න ඇයට වාවගන්න බැරිවුනා.
" අනේ එයාට මොකුත් කරන්න එපා......."
අඩ අඩ ඒක කියන එක මිසක් ඇයට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.....
" කෙල්ලව අල්ල ගනිල්ලා ,, ඉක්මන් කරපල්ලා , කරන්න යන වැඩේට දැනටමත් පරක්කුවෙලා තියෙන්නේ........"
ගුරුන්නාන්සේ අන කරද්දී ගැටයයි ,අනිත් මිනිහයි නිම්නාදී ලගට කිට්ටු කෙරුවා...
ඇය ටික ටික පස්සට ගියා. අවසානේ තවත් පිටිපස්සට යන්න බැරි විදිහට ඇයගේ පිට කඩවරගලට හේත්තුවුනා.
" දැන් ඉතින් උබලගේ ඔක්කොම සෙල්ලම් ඉවරයි.අර බලපන් අහසේ ඉර බැහගෙන යනවා.......ආයේ ඉතින් උබලට කවදාවත් මීට පස්සේ ඔය ඉර එලිය දකින්න හම්බවෙන්නේ නෑ.....හොදට බලපන්........."
ගැටයා කඩවර ගල ලගට හොදට පේන අහස දිහා බලාගෙන නිම්නාදී ලගට තව තව ලංවෙද්දී ඇය දැක්කෙ ඇයගේ පය ලග තිබ්බ මදක් විශාල කලුගලක්.
##### ##### ####
" මට විතරක් නෙමේ උබටත් ආයේ ඉර එලිය දකින්න බැරි වෙයන්."
හිතපු නිම්නාදී ඒ බරැති කලු ගල අහුල ගත්තේ විදුලි වේගෙන්. ඉන් නොනැවතුන ඇය ඒ කලුගල ලගටම එමින් ඉන්න ගැටයාගේ හිස ඉලක්කකරගෙන දමල ගැහුවේ ,ගැටයාගේ ඔලුව පැලියන් කියල පතමින්.
ඒත් වුනේ එදා කඩවර කැලේදී හමුවුන කොටියාගෙන් බේරෙන්න හිතල ඇය කරපු දේමයි.
එදා ඇය කොටියාට එල්ල කරපු මන්න පිහියෙන් බේරෙන්න කොටියා හිස පාත් කෙරුවා වගේම. මේ වෙලේ නිම්නාදී එල්ල කරපු කලු ගලෙන් ගැටයා බේරුනෙත් එදා වගේමයි.
නිම්නාදී එවපු කලු ගලින් බේරෙන්න ගැටය හිස පාත්කරද්දී ඒ කලුගල වේගයෙන් ඉස්සරහට පියඹාගෙන ගියේ ගැටයාගේ හිසේ නොවැදී.
"හැම එකකින්ම මම පරාදයි.........."
දුක, බය ,පරාජිත බව හැම හැගීමකින්ම ඇගෙ හිතට දැනෙද්දී ගැටයයි ,අනිත් මිනිහයි ඇයව හෙල්ලෙන්ඩවත් නොහැකි විදිහට අල්ල ගත්තා........
ඔවුන්ගෙන් මිදෙන්න අසාර්ථක උත්සහයක් ගනිද්දී ඇය දැක්කේ ඉලක්කය වැරදී තවමත් වේගෙන් පියඹාගෙන යන අර කලුගල.
##### ##### #####
නිම්නාදීගේ අතින් මිදී ඉලක්කය වැරදී යන කලු දකිද්දී ඇයට හිතුනේ ඒ කලුගල තමාට ඔච්චම් කරමින් පියඹා යනවා වගේ හැගීමක්.................
මොහොතකින් වේගෙන් ඉස්සරහට ඇදී ගිය කලු ගලේ යන ගමන හරස් වුනේ නිම්නාදී ගල්තලාව උඩ තිබ්බ කලගෙඩියේ වැදී.
මහ හඩක් නගමින් එය කලේ වැදෙද්දී කලගෙඩිය විසි වෙලා ගිහින් කඩවර ගල ලග තිබ්බ ගහකට හේත්තුවුනා.
ඒ සමගමයි කඩවර කැලේ දෙවනත් කරමින් වැහි නැති අකුණු ගහන්න පටන් ගත්තේ.
එක පාරම මේ වුන විපර්යාසය දැකලා නිම්නාදී අල්ලගෙන හිටපු ගැටයයි ,අනිත් මිනිහයි නිම්නාදී අල්ලගෙන හිටපු අත් බුරුල් කරලා අහස දිහා බලන් හිටියේ බය වෙලා වගේ.
පේමේත් අකුනු ගහන දිහා බලන් හිටියේ යසීරට වෙඩි තියන්න යන එක නවත්තලා.
ඒ සමගම නිම්නාදී ගේ ඇස ගියේ අර ගහ ලග නතරවුන කලය පැත්තට. දුම් කවුලුවකින් දුම් නගිනවා වගේ කලගෙඩියේ පැත්තකින් කලු පාට දුමක් නගිනවා ඇය බලන් හිටියේ පුදුමයට පත් වෙලා.
මොහොතකින් ඒ කලු පාට දුමාරය කෙමෙන් කෙමෙන් ඉහලට නැගලා අඩි දහයක් විතර උස ඒ වගේම මහත මිනිස් ස්වරූපයක් වගේ හැදුනා.#
" හපොයි දෙයියනේ..........නිධානේ ආරක්ෂා කරපු යක්ශයා නිදහස් වුනා........"
මෙතෙක් වෙලා හරි සතුටින් හිටපු කමලසිරි ගුරුන්නාන්සේ ඔලුවට අතින් ගහගත්තේ ඒ දිහා බලලා.....
" ගුරුන්නාන්සේ දැ....දැ....දැන් අපි මොකද කරන්නේ......"
කියපු ගැටයාගේ අතින් නිම්නාදිව අත ඇරුනා.
මොහොතකින් අර කලු දුමාරය පරිවර්තනය වුනේ ඉතා බිවිසුනු දසුනකට. එතනින් මතුවුනේ මුලු ඇග පුරාම කලු රෝම පිරිච්ච ,ඇස් දෙක ගොරක මද දෙකක් තරම් රතු ඇස් ඇති බිවිසුනු පෙනුමක් තියෙන යක්ශයෙක්.
පන්සලෙ බුද්ධ මන්දිරේ ඇදල තිබ්බ සිතුවම් අතර තිබ්බ ආලාවක යකා ට වගේ පෙනුමක් නිම්නාදී ඒ යක්ශයා ගෙන් දූටුවේ.
අඩි හප්ප හප්ප උගුරින් හඩවල් පිට කරන ඒ යක්ශයා දිහා නිම්නාදී බලන් හිටියේ හොදටම බයෙන්. මෙතෙක් වෙලා අය ඔසවගෙන ආපු කලේ ඇතුලේ මෙහෙම යකෙක් ඉන්නව කියලා ඇය හීනෙන්වත් හිතුවේ නෑ......
එහෙම දේවල් හිතද්දීමයි අර යක්ශයා නිම්නාදී දිහා බලන් කතා කරන්න පටන් ගත්තේ............
" උබ මාව මේක ඇතුලෙන් නිදහස් කෙරුවා....ඒ දේට මම උබට කලගුන #
#සලකන්නම් ....ඊට කලින් මම මෙහෙම හිර කරපු එකාටයි ,අනුන්ගේ දේවල් ගන්න කෙල හලන මුන් ටිකටයි ,පාඩමක් උගන්නන්න වෙනවා......."
ඇග ලොමු දැහ ගැන්වෙන හඩකින් කියපු යක්ශයා ගුරුන්නාන්සේ ලගට කිට්ටුවෙද්දී ගුරුන්නාන්සේ යක්ශයා දිහා බලාගෙන මොනවද මන්දා මතුරමින් පිටිපස්සට ගියා.
" හහ් හහ් උබට අද උබේ ඔය මන්තරවලින් මාව මට්ටු කරන්න බෑ......එදා මට කරපු දේවල් අද උබට කොහොමවත් කරන්න බෑ......"
කියපු යක්ශයා කමලසිරි ගුරුන්නාන්සේ ගේ ලගටම ගිහින් බෙල්ලෙන්ම අල්ලගත්තා. ඒ සමගමයි ගුරුන්නාන්සේ යක්ශයා ඉදිරියේ පින්සෙන්ඩු වෙන්න පටන්ගත්තේ.
" මට මොකුත් කරන්න එපා............මට මොකුත් එපා........උබ ආරක්ෂා කරපු නිදානේ ඒ නිදානේ අයිති උරුමක්කාරයාටම දීපන්.....මට එපා.....ඒ නිදානේ තියෙන රත්තරන් ඔටුන්න ඒකේ උරුමක්කාරයාටම දීපන්.....මම කරපු දේට සමාව දියන්...මට යන්න දීපන්.."
** " උබට යන්න දෙනවා නෙමේ....මම උබව යවෝනවා...මම උබව යවන්නේ පොලව යටට.......මේ අපි වගේ යක්කුන්ගේ සමාව කියල දෙයක් නෑ.......අනුන්ගෙ අයිති දේවල් වලට අත තියන්න හදන උබව යවන්න ඕනා පොලව ##
#යටටමයි ........"
කියපු යක්ශයා ගුරුන්නාන්සේ ගේ බෙල්ල ඇබරුවේ ගුරුන්නාන්සේ ට වෙන කිසිම වචනයක් පිට කරන්න නොදී.
ශබ්දයක් නගමින් බෙල්ල කැඩී ගුරුන්නාන්සේ අවසන් හුස්ම හෙලද්දී ඒ නිසල සිරුර කඩවර ගල උඩ වැටුනා.
යක්ශයා ඊට පස්සේ කරපු දේ නිම්නාදී බලා හිටියේ පුදුමයෙන්. වරක් උඩ පැනපු යක්ශායා හිස් අවකාශය තුලින් යමක් අල්ල ගත්තා වගේ කෙරුවේ හරියට පියඹගෙන යන මැස්සෙක් අතකින් අල්ලා මිට මොලව ගන්නව වගේ.
නිම්නාදී දැනන් උන්නේ නෑ ඒ යක්ශයා අල්ලගත්තේ කමලසිරි ගුරුන්නාන්සේ ගේ ආත්මය කියලා...
" හ්ම්ම්ම්ම්ම් දැන් පලයන් උබ පොලව යටටම , පොලව යටට වෙලා හිරවෙලා කල්ප ගානක් විදව විදව හිටපන්......."
කියපු යක්ශයා පොලව තිබ්බ තැනක් සොයා ගිහින් මිටි කරගත්ත දෙයක් අතේ තිබිලා බිම දානව වගේ පොලවට තියල වේගයෙන් එතන් පැගුවා.
" කලින් වතාවේ මාවනේ උබ කල්ප ගානක් හිරකරලා තියන්න හැදුවේ......ඒ කරපු දේට පාඩම තමා ඔය ,ගිහිල්ලා හිටපන් පොලව යටට වෙලා....."####
එහෙම කරපු යක්ශයා ගේ ඇස් ඊලගට යොමුවුණේගුරුන්නාන්සේ ගේ ගෝලයො හතර දෙනා ලග.
ගුරුන්නාන්සේ ට වුන විපත දැකල උන් හිටියේ යක්ශායාගේන් බේරෙන්න දුවමින්.
යක්ශයා කරන දේවල් සාමාන්ය මනුස්සයෙක්ගේ වේගයට වඩා දහගුනයක් විතර වේගවත් බවක් තිබ්බා.
ඒ වේගය නිසාම යක්ශායාට ලගම දුවමින් හිටපු ගැටයාව අල්ල ගන්න අමාරු වුනේ නෑ.......
" අයියා මාව මරන්න එපා......"
ගැටය මර හඩ තැලුවේ යක්ශයා ගැටයා අල්ල ගනිද්දී.
ගැටයා අල්ලගත්ත යක්ශයා රෙද්දක් ගලේ ගහනවා වගේ ගැටයාව කඩවර ගලේ ගහලා ගැටයාගේ බඩට තියලා පැගුවා......
කටේ ලේ පෙරාගෙන ගැටය අවසන් හුස්ම හෙලුවත් ,ගුරුන්නාන්සේ ගේ ආත්මෙට කරපු දේ ගැටයාගේ ආත්මේ ට යක්ශයා කෙරුවේ නෑ.
සුසිල්වයි අනිත් මිනිහවයි අල්ල ගත්ත යක්ශයා උන්ව වටේට දහ පාරක් විතර වේගෙන් කරකලා කඩවර ගලේ වැදෙන්න විසි කරලා දැම්මා.
ඊලග ඉලක්කය වුනේ යසීරට වෙඩි තියන්න සැරසුන පේමේට. යක්ශයා පේමේ අල්ලගන්න ලංවෙද්දීම පේමේ යක්සයාට වෙඩිල්ලක් තිබ්බේ ඉන් යක්ශයා ම්ට්ටු වෙයි හිතා.#####
ඒත් වුනේ පේමෙ පුදුමෙට පට් කරමින් යක්ශයාට වැදෙන්න ආපු ඒ වෙඩි උන්ඩය යක්ශයා අල්ල ගත්ත එක. ගල් කැටයක් විසි කරනවා වහේ වෙඩි උන්ඩය විසි කරපු යක්ශයා පේමේ ලගට පැනලා ඔහුව අල්ල ගත්තා......
පේමේ මරහඩ දෙද්දී යක්ශයා පේමේට කෙරුවේ මිනිසෙකුට පියවි ඇසින් බලන්න බැරි දෙයක්. පන පිටින් ඉද්දී පේමේගේ බෙල්ල යක්ශයා ඉරා ගෙන ඉරා ගෙන ගියේ පේමේගේ සිරුර ලෙයින් තෙත්කලමින්.
ඒ දේ බලාන්න බැරිව නිම්නාදී ඇස් දෙක වහගත්තා. පේමේගේ මරහඩ නතර වෙද්දියි ඇය ආපහු ඇස් ඇරියේ. එතකොට ඇය දුටු දසුනින් විලාප තිබ්බා......
*** යක්ශයා හිටියේ නිම්නාදීගේ දෑතමානයේ ඇය දිහා හිස එහාට මෙහාට කරමින්. ඇය හිතුවේ යක්ශයා හදන්නේ ඇයවත් මර්ලා දාන්න කියලා......
" බය වෙන්න එපා කෙල්ලේ ,උබල දෙන්නව මට මරන්න ඕන කමක් නෑ......උබ අර කලෙන් මාව නිදහස් කරපු හින්දයි මම දැන් මෙහෙම ඉන්නේ......කියපන් ඒ හින්දා කලගුන සැලකීමක් විදිහට මම උබ කියන ඕනේ දේයක් කරනවා....කියපන් මොනවද උබට ඕනේ......."
යක්ශයා එහෙම දෙයක් කිව්වම නිම්නාදී ගේ බය අඩුවුනා.##### #
" අපිට මොකුත් ඕනේ නෑ......අපි දෙන්නට ඕනේ ඉක්මනට ගෙදර යන්න විතරයි...ඔබ පණිවිඩේ දුන්න විදිහටම දැන් කලේ බිදුනනනේ , අපිට ආයේ කරදර කරන්න එපා......."
" මොන පනිවිඩ ගැනද උබ ඔය කියන්නේ....."
යක්ශයා ඈ දිහා බලන් හිටියේ ප්රශ්නාර්ථ තම දෑසින්.
" ඇයි ඔබ රෑට ඇවිත් කොලේ ලියන පනිවිඩ......එහෙ
ම පනිවිඩ දීපු හින්දනේ මම මේ කඩවර කැලේට කලේ බිදින්න ආවේ......."
"උබට වැරදිලා , මම කොහොමද එහෙම දේවල් කරන්නේ...මම හිටියේ අර කලේ ඇතුලේ හිරවෙලානේ.......මට එහෙම දේවල් කරන්න බෑ....."
" එතකොට කවුද මට අරහෙම පණිවිඩ දුන්නේ මේ කලෙ බිදින්න කියලා......"
නිම්නාදී ට වුන දේ හිතාගන්ඩ ත් බැරිවුනා. ඇය මීට කලින් හිතුවේ අර කලගෙඩිය ඇතුලේ ඉන්නේ තමාට පනිවිඩ දෙන භූත ආත්මේ කියලා...ඒත් යක්ශයා කියන්නේ යක්ශයා එහෙම දෙයක් දන්නේ නෑ කියලා.....
" මොනව වුනත් උබට ඒ පණිවිඩ දුන්න කෙනා කරලා තියෙන්නේ හොද දෙයක්....හ්ම්ම්ම්ම් වරෙල්ල උබල දෙන්නම මගේ පිටිපස්සෙන් ,මට උබල දෙන්නටම දෙන්න දෙයක් ##### # #තියෙනවා
.......මම නිදහස් කරපු එකට උබලට කලගුන නොසලකන්න තරම් ,පහත් යක්ශයෙක් නෙමේ මම. මට බය වෙන්න එපා ,මගෙන් උබලට කරදරයක් නෑ.."
නිම්නාදී හිටපු පැපැත්තට කිට්ටුකරමින් යසීර දිහාත් බලමින් යක්ශයා කිව්වා. යක්ශයා නිම්නාදී ට කියපු ඔක්කොම දේවල් යසීරටත් හොදට ඇහිල තිබ්බා. ඔහු නිම්නාදී ට හිසෙන් සංඥාවක් දුන්නේ යක්ශයා කියපු දේ කරමු කියලා.
යක්ශයා කඩවර ගල නගිමින් ඉස්සරහට යද්දී යසීරයි නිම්නාදීයි පිටිපස්සෙන් ගියා. මොහොතකින්ය යක්ශයා තැනක් නතර වුන. ඒ වෙද්දී ඉර බැහල රත්රිය ලංවෙන්න ඔන්න මෙන්න තිබුන නිසා හාත්පස තිබුනේ ලාවට විතර ආලොකයක් පමනයි.
ඒ ලාවට වගේ තිබ්බ ආලෝකයෙන් නිම්නාදී දැක්කේ එතන තිබ්බ ගලේ කොටල තිබ්බ නයෙකුගේ ලකුනක්.
යක්ශයා ඒ නාග සලකුන දිහා බලන් මොනවද මන්දා නොතේරෙන බසින් යමක් කියලා ඒ මත අත තිබ්බ.
මොහොතකින් මහ හඩක් නගමින් ගල් දෙපස විවරයක් පදාමින් ඈත්වෙද්දී නිම්නාදී දැක්කේ වචනෙන් විස්තර කරන්න බැරි දසුනක්.
##### ###
එතන දිලිසි දිලිසි තිබුනේ ලොකුම ලොකු මිල
කල නොහැකි නිදානයක්. තිබුනු දේවල් වලින් නිම්නාදී අදුනගන්ඩ හැකි වුනේ, රත්තරන් ඔටුන්නක් ,රන් කාසී, රන් මාල මුදු ,වලලු ,පාට පාට මැනික් වගේ දේවල් විතරයි. නමින් හදුන්වල දෙන්න බැරී රනින් සරසපු ආභරන ගොඩකුත් ඒ අතර තිබුනා.
" අර පේනවද උබල දෙන්නට ,අතන තියෙන රත්තරන් ඔටුන්න"
යක්ශයා ඒ ඔටුන්න නිම්නාදී ටයි ,යසීරට යි අත දික්කර පෙන්වද්දී ඔවුන් ඒ දිහා බලන් හිටියේ ඕනාකමින්.
" අර ගුරාට ඕනාවුනේ ඔන්න ඔය ඔටුන්න තමා, මම අර කලගෙඩියෙන් අද නිදහස්වුනේ නැත්නම් ඌ අද ඔය ඔටුන්න කොහොම හරි මන්තර මතුරල මේ ගල් දොර ඇරල ගන්නවා.....ඒක අයිතිකරගත්ත කෙනාට මේ මුලු ලෝකෙම බලවන්තයෙක් වෙන්න තිබුනා......
ඒත් ඒ ඔටුන්නට උගේ කිසිම අයිතියක් නෑ....මේ ඔටුන්නට නියම අයිතිකාරයෙක් ඉන්නවා.....ඒ කෙනාට විතරයි මේ ඔටුන්නේ මේ නිදානේ අයිතිය. ඒ උරුමක්කාරයා එනකම් මට මේ නිදානේ ආරක්ශා කරන්න වෙනවා......නපුරු අත්වලට මේ ඔටුන්නේ අයිතිය ගියොත් වෙන්නේ ලොකු විනාසයක්. අර මම පොලව යටට යවපු එකත් එහෙම එකෙක්.
##### ####
**** මේ නිදානේ නියම උරුමක්කාරය කවුද කියලා ඒ කෙනා දකිද්දිම හොයාගන්න මට පුලුවන්, ඒ කෙනා දවසක මේ නිදානේ ගන්න මෙතනට එයි. එතකම් ,ඒ උරුමක්කාරයාට මේකේ අයිතිය දුන්නට පස්සෙයි මට මෙතනින් නිදහස් වෙලා යන්න පුලුවන් වෙන්නේ. එතකම් මේ නිදානේ මම වෙන අයගෙන ආරක්ෂා කරන්න බැදීලා ඉන්න්වා.
ඒ ගැන දැනගත්තට පාස්සේ අර මිනිහා කෙරුවේ මාව උගේ මන්තර වලින් මතුරල යාගයක් කරලා ,මාව දුරවල කරවපු එක. ඊට පස්සේ අර බිදුනු කලගෙඩිය ඇතුලේ මාව හිරකෙරුවා.....
ඉතින් උබල දෙන්න ඇවිල්ල මාව නිදහස් කෙරුවා......."
කියපු යක්ශයා අර රත්තරන් ඔටුන්න ලගම වගේ තිබුනු රත්තරම් මාල දෙකක් අතට ගත්තා......දියමන්ති,රතු කැට,පච්ච මැනික්, පුශ්පරාග,මුතු,කාකනීල,පද්ම රාග,වෛරෝඩි,ගෝමේද,චන්දප්රාශන, වගේ එක එක මැනික් සම්බන්ද කරලාලයි ඒ මාල හදල තිබුනේ.
" මේ මාලවල මේ විශ්වයේම තියෙන ශක්තිය එක තැනකට එකකාසු කරන්න පුලුවන් බලයක් තියෙනවා , රවි ,සදු ,කුජ,බුධ,ගුරු,සිකුරු ,ශනි,රාහු ,කේතු ,හැම ග්රහ තාරකවකම ශක්තිය මේ මාලවලට ලැබෙනවා...
##### ##### #
මේ මාලවල ලග තියාගත්ත කෙනාටත් එහි බලය නියම විදිහටම හම්බවෙනවා.....හ
ිතන් ඉන්න බලාපොරොත්තු ඔක්කොම ඉටුකරගන්න හැකියාවකුත් මේ මාල ලග තියාගන්න අයට ලැබෙනවා.....අර කිව්ව ග්රහ තාරක වලින් ලැනෙන නරක කිරන කොහොමවත් මේ මල ලග තියෙන අයට ලැබෙන්නෙ නෑ....
මට කරපු දේට කලගුන සැලකීමක් විදිහට මේ මාලවල අයිතිය උබල දෙන්නට මම දෙන්වා..."
කියපු යක්ශ්යා ඒ මාල දෙකෙන් එක එක යසීරගේ ගෙලටයි ,නිම්නාදිගේ ගෙලටයි දැම්මා.
" උබල දෙන්නටමයි මේ මාල දෙකෙ අයිතිය තියෙන්නේ, කවුරු හරි හොරෙන් මේ මාල දෙක අරගෙන ගියත් එහෙම අරගෙන ගිහින් දවසක් ඇතුලත් ආයෙම උබල දෙන්නටම හම්බවෙයි."
" ඒත් මේවගේ අයිතියත් මේ නිදානේ අයිති අර උරුමක්කරයාගේම නේද.අපි ගන්න එක හරිද"
නිම්නාදී ඇහුවා.
"උබ කලේ බිදලා මම නිදහස් කලේ නැත්නම් ,අරුන් කොහොම හරි මේ නිදානේ අයිතිය ගන්නවා...එහෙම වුනානම් කොහොමද උරුමක්කාරයාට මේ නිදානේ හම්බවෙන්නේ .ඉතින් ඒ උරුමක්කාරයාටම හම්බවෙන විදිහටම මේ නිදානේ බේරගන්න පුලුවන් වුනෙ උබල හින්දා...ඒ හින්දා මේ මාල උබලට දුන්න කියලා ,උරුමක්කාරයාට ප්රශ්නයක් නෑ.....
##### ##### ##
හරි උබලට දැන් මම කරපු දේට කලගුන සල්කල ඉවරයි.....දැන් උබල ආපහු මේ ඉසව්වෙන් පිට යමල්ලා........."
යක්ශයා අන කරලා වගේ කියද්දීම අර ගල් දොර වැහී අර නිදානය නොපෙනී ගියා.
ඊට අවනත වුන නිම්නාදීයි යසීරයි ආපහු එද්දී නිම්නාදී ට දැනුනේ හිසේ ලොකුම ලොකු බරක් නිදහස් වුනා වගේ හැගීමක්.
ඒත් ඇයට ලොකුම ප්රශ්නය වුනේ කලගෙඩිය බිදින්න කියලා පනිවිඩ දුන්න භූට ආත්මය කවුද කියන එක.
කමලසිරි ගුරුන්නාන්සේ කලය බින්දම කිසිම දෙයක් වෙන්නේ නෑ කිව්ව එක ඔහු කිව්ව අනිත් දේවලුත් බොරු කියල මේ වෙද්දී නිම්නාදී හොදටම තේරුම් ගෙන හිටියා.
භූත ආත්මය දුන්න පනිවිඩ ඇත්ත බවයි මේ වෙද්දි වෙලා තිබුනේ.
***** නිම්නාදී කිසිම කරදරයක් නැතිව ගෙදර ආවා. ඒ වෙද්දි ගෙදර හිටිය් අම්මා විතරයි. ඒ වෙද්දී රෑ අට කිට්ටුකරලා තිබ්බා. අම්ම අහපු ප්රශ්න වලට අමාරුවෙන් පිලිතුරු දුන්නත් නිම්නාදී භුත පනිවිඩ ,කඩවර කැලේට ගිහින් කරපු දේවල්.ඇයට කියන්න ගියේ නෑ.....
ඇයට ඉක්මනට ඕනා වුනේ වෙනදා ගෙන්වන භූත ආත්මය ගෙන්වල හිතේ තිබුනු ගැටලු ටික විසද ගන්න.
##### ##### ###
බදාදා භූත පණිවිඩ ලැබෙන වෙලාව තිබ්බේ රෑ අටත් නමයත් අතර.
නිම්නාදී නාගෙන සුදු ඇදුමක් ඇදගෙන අම්මා ට හොරෙන් රෑ අට වෙද්දීම කන්තෝරු කාමරේට ගියා.
වෙනදා භූත ආත්මය ගෙන්වන්න ලැස්ති වෙන කොට තිබ්බ බය එදා නිම්නාදී ට තිබ්බේ නෑ...ඒ වෙනුවට එදා ඇයගේ හිතේ තිබ්බේ ගුරුවරයෙක් දුන්න පැවරුමක් හරියට කරල ඒ දේ ගුරුවරායට පෙන්වන්න යනකොට තියෙන හැගීමක් වගේ දෙයක්.
"ඕම් තත් සත් ම්ම්.........,ඕම් තත් සත් ම්ම්......"
ලාම්පු එලියෙන් අදුර කපල තිබ්බ කාමරේ නිම්නාදී සුදු කොලේ දිහා බලන් මතුරන්න පටන් ගත්තා......21 වෙනි පාර මතුරද්දීම සුලගක් කාමරේට ඇවිත් ඒ සමගම එක ජනෙල් පියනක් මහ හඩ නගමින් අනිත් ජනෙල් පියනේ වැදුනේ.
භුත ආත්මය පැමිනි බව දැනගත්තු නිම්නාදී පැන්සල සුදුකොලේ උඩින් තියාගෙන හිටියා. ඒ සමගම පැන්සලට අදිසි බර ගතිය ක් දෙමින් සුදු කොලේ පණිවිඩ ලියවෙන්න පටන් ගත්තේ.
" මට බොහොම සතුටුයි කෙල්ලේ ,උබ මම කියපු දේ හරියටම කෙරුවා......උබ කොහොම හරි කලේ බිදෙන විදිහට වැඩ කෙරුවා...ගොගොඩක් සතුටුයි....මගේ පලිගන්න ඕනා එකාට හොද දඩුවමක් ලැබුනා"
##### ##### ####
" ඒත් මම මෙච්චර කල් හිටියේ ඒ කලගෙඩිය බින්දම උබ බලවත් වෙනව කියලා ,ඒත් වුනේ එහෙම දෙයක් නෙමේනේ ,ඒක ඇතුලේ හිටියේ අර නිදානේ ආරක්ෂා කරන යක්ශයා ,උබ එහෙම දෙයක් මට කිව්වෙත් නෑ........මට මේ වුන කිසිම දෙයක් තේරෙන්නේ නෑ....."
" මම තේරුම් කරල දෙන්නම් කෙල්ලේ,,, ආයෙ මට උබට හංගන්න දෙයක් නෑ......මට පලිගන්න ඕනා වෙලා තිබ්බේ මම ජීවත් වෙලා ඉන්න කලේ මගෙ අයියගෙන්,, කමලසිරි කියන්නේ මගෙ අයියා......."
"අයියා..........."
නිම්නාදී ඇසුවේ පුදුමෙන්.
"හ්ම්ම්ම්ම් අයියා....කමලසිරි කියන්නේ මගේ අයියා...මම එයාගේ මල්ලී නිමලසිරි...අපේ හත්මුතු පරම්පරාවම පැවතගෙන ආවේ යන්තර මන්තර කරන හොද කට්ටඩි පරම්පරාවකින්
ඒ හින්දම මටයි මගේ අයියටයි කුඩා කාලෙ ඉදන්ම අපේ තාත්තා ඒ සාස්තරේ දෙන්න පටන්ගත්තා. ඒත් ඒවාගේ තිබ්බේ ගොඩක් නරක පැත්තට බර මන්තර ගුරුකම්, අයියා ඒ වගේ ගුරුකම් හරියට කෙරුවත් මම ඒ පැත්තට ගියේ නෑ.. මම කෙරුවේ හොද පැත්තට බර ඒවා විතරයි.
ඒ හින්දම අයියා තාත්තා දන්න නරක පැත්තට බර ගුරුකම් ආසාවෙන් ඉගෙන ගනිද්දී මම ඒ ගැන හිතන්න ගියේ නෑ.......
##### ##### #####
තාත්තා මැරෙන්න ඔන්න මෙන්න තියලා මටයි අයියටයි...අපේ පවුලේ හිටියේ අපි දෙන්න විතරයි........ඉතින් තාත්තා මැරෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී මමයි අයියයි ලගට කැන්දලා අපිට පුස්කොල පොතක් දුන්නා....ඒකේ තිබ්බේ කඩවර කැලේ ගලේ තියෙන නිදන් ගැනයි ,ඒවා ගන්න හැටියි......
ඒකත් පරම්පරාවේම දෙයක් කියල ඒ නිදන් වදුල තිබ්බ පුස්කොල පොත අපි දෙන්නට දුන්නත් තාත්තා කිව්වේ මේක බලල ඒ නිදානේ ගන්නනම් හිතන්නවත් එපා කියලා....
ඒත් තාත්තා මැරුනටපස්සේ අයියා තාත්තා කියපු දේ නෙමේ කෙරුවේ.. අයියා හැදුවේ කොහොහරි කඩවර ගලේ තියෙන ඒ නිදන් ගන්න හදපු එක,,,අර උබ දැකපු ඒ නිදානේ තිබ්බ ඔටුන්න ගත්තනම් ඒ කෙනා ලොකුම ලොකු බලවන්තයෙක් වෙනවා....
ඒ ගැන අයියා වගේම මමත් පුස්කොල පොත කියවල දැනගෙන හිටියා....පුස්කොල පොත කියවපු හින්දා ඒ නිදාන ගන්න විදිහ දැනන් උන්නේ මායි අයියයි විතරයි.......
##### ##### ##### #
***** * මටනම් ඒ නිදානේ ගන්න අදහස ක් තිබ්බේ නෑ.......ඒත් අයියා ඒකේ අනිත් පැත්ත...මම එයත් එක්ක රන්ඩු වුනා තාත්තා කියපු දේ කරපන් ,ඒ නිදානේ ගන්න හිතන්නවත් එපා....මම උබට ඒක ගන්න දෙන්නෙත් නෑ කියලා........"
පිටුවේ ඒ පැත්ත ඉවර වුන නිසා ,නිම්නාදී අනිත් පැත්ත හරවලා පැන්සල ඒ පැත්තෙන් තියන් හිටියා.......යලිත් ඒ සමගම භූත පණිවිඩ ලියවෙන්න පටන් ගත්තා...
" ඒක අයියා හිතුවේ වැරදියට ,එයා හිතුවේ එයා නිදානේ ගන්න යන එක වලක්වල මම ඒ නිදන් ගනී කියලා.....එයාගේ වැඩේට මම හෙන බාදාවක් කියලයි එයා හිතුවේ......
අවසානේ අයියා මම නොදන්න එයා දන්න නපුරු ගුරුකම් වලින් මාව විනාශ කරවන්න පටන් ගත්තා........ඒකේ ඉස්සරවෙලාම ගොදුර වුනේ මම වැඩ්පුරම ආදරේ කරපු මගේ ගෑනී දමය්න්තිව........ඒ ගුරුකම් හින්දම දමයන්ති පිලිකාවක් හැදිලා දරුනු විදිහට ජීවිතේ විදවලා මැරුනා........ද
මයන්ති විදවනව දක්න්කොටයි මට තේරුනේ මාත් අයියගෙන් නරක පැත්තට බර ගුරුකම් ඉගෙන ගත්තනම් කියලා..එහෙම වුනානම් අයියා දමයන්තිට කරපු බන්දනේ මට කපන්න තිබුනා....
##### ##### ##### ##
එහෙම වුනේ අයියාගේ ගුරුකම් හින්ද කියල මම දැනන් උන්නත් අයියා කිව්වේ එයා එහෙම දෙයක් කෙරුවේ නෑ කියලා...
අවසානේ දමය්න්ති මැරුනා ,ඒ දවස්වල දමයන්ති නැති ශෝකෙන් මම හිටියේ පිස්සෙක් වගේ බීගත්තු ගමන්මයි...ඒකෙන් අයියා ප්රොයෝජනය ගත්තා....එදා වැහි දවසක් ,ගෙදර හිටියේ මම විතරයි..මටයි දමයන්ති ටයි ළමයි හිටියේ නෑ.....
එදා රෑ බීල සිහියක් පතක් නැති මාව අයිය කෙරුවේ මගේ බෙල්ල හිරකරල මරපු එක....ඊට පස්සේ මම මැරුනේ බෙල්ලේ වැල දාගෙන කියලා ගමේ ඇයට ඇග වෙන විදිහට එයා වැඩ කෙරුවා...
එයා හිතපු දේම වුනා...බෙල්ලේ වැල දාගෙන මැරිලා හිටපු මම දදකිද්දී ගමේ අය හිතුවේ ,දමයන්ති මැරුනු ශොකෙන් මම බෙල්ලේ වැල දාගෙන මැරිලා කියලා....
කවුරුත් මේ වැඩේ කෙරුවේ මගේ අයියා කියලා එයාට ඇගිල්ල දික්කරන්නත් බය වුනා.. එහෙම කෙරුවොත් යන්තර මන්තර දන්න මගේ අයිය්ගෙන් අනතුරක් වෙයි කියලා ඒ අය බය වුනා."
බූත ආත්මේ දෙන පනිවිඩ කොච්චර දිගද කිව්වොත් පනිවිඩ ලියවිලාම සුදු කොලේ ඉවර වෙලා තිබ්බා.
##### ##### ##### ###
කතාවේ ඉතිරිය ත් ඉක්මනින්ම දැනගන්න ආසව තිබ්බ නිම්නදී ඉක්මනින් තව සුදු කොලයක් අරගෙන පැන්සල ඒ මතින් තියන් උන්නා.....යලිත් භූත පනිවිඩ ලියවෙන්න පටන් ගත්තා ඒ සමගම.........
" මටයි දමයන්ති ටයි කරපු මේ දේට මට ඇතිවුනේ අයියා ගැන කියාගන්න බැරි වෛරයක්. මට ඊට පස්සේ ඕනා වුනේ අයියගෙන් පලිගන්න....
ඒත් මම කොහොමද එයාගෙන් පලිගන්නේ එයා යන්තර මන්තරය නොදන්න සාමාන්ය මනුස්සයෙක් ගෙන්නම් මට මොනවහරි දෙයක් කරල පලිගන්න තිබ්බා.....ඒත් අයියාට එහෙම දෙයක් කරනව කියලා හිතාන්නවත් බෑ......අමුනුශ්ය ආත්මවලින් බේරෙන්න එයා ලග ලොකු ලොකු උපක්රම තිබ්බ......මම එයාගෙන් පලිගන්න එයා ලගට ගියොත් එහෙම මට වෙන්නේ එයාට අහුවෙලා මුඩිය වහපු කුප්පියක් ඇතුලට වෙලා මහ මුහුද යට ඉන්න.....
ඒත් මම වැඩේ අත් ඇරියේ නෑ..... මමඑයාට නොදැනෙන්න සෑහෙන්න ඈත්කට වෙලා එයා කරන කියන දේවල් බලන් හිටියා....ඔහොම බලන් ඉන්න්කොට තමා එයා කඩවර කැලේ අර නිදානේ ගන්න වැඩේ කරන්න පටන් ගත්තේ......
##### ##### ##### ####
ඔටුන්න තියෙන නිදානේ ගන්නනම් අනිවාර්යයෙන්ම ඒ නිදානේ රකින යක්ශයා ව මට්ටු කරන්න ඕනා...ඒ යක්සයා මට්ටුකරන විදිහක් අර නිදන් වදුල පොතේ තිබ්බ.
කොහොමහරි යක්ශයා දුර්වල වෙන දවසක් බලල අයියා ඌව කොටුකරගත්තා....
.කොටුකරලා කලගෙඩියකට දාලා හිරකෙරුවා.....ඒ වටේට කොන්ක්රීට් දැම්මේ බිදගෙන එන්න බැරිවෙන්න.......අවසානේ අර මම උබට කිව්ව තැන සියඹලා ගස් දෙක ලග ඒ කලගෙඩිය වලලල දැම්මා........"
ඒ පැත්තත් ඉවර නිසා නිම්නාදී අනිත් පැත්තත් ඉක්මනට පෙරලල පැන්සල තියන් හිටියා.
***** ** " මම මේ දේවල් ඔක්කොම එයාට නොදැන්න බලන් හිටියා. එතකොටමයි මට අදහසක් අවේ ,අයියා නිදානේ ගන්න හදන දවසට මේ කලය බිදලා යක්ශයා නිදහස් කෙරුවොත් අනිවාර්යයෙන් යක්ශයා අතින් අයියට මැරුම් කන්න වෙනවා....ඒ දේ මට සීයට දාහක විශ්වාස ක් තිබ්බා....
ඒත් කොකොහොමද මම එදාට මේක බිදින්න විදිහක් හොයාගන්නේ.....ඒකට ක්රමයක් මතක් වුනේම නෑ........එහෙම ඉන්නකොටයි උබ කෙල්ලේ අර භූත පනිවිඩ ගන්න ,අර මන්තරය මතුරන්න පටන්ගත්තේ.....උබ ඒක දසමයක්වත් වැරදෙන්නේ නැතුව හරියටම කෙරුවා...
ඒ මන්තරය මතුරනවා ඇහෙද්දීම මම වේගෙන් ඇවිල්ලා පැන්සල බදා ගත්තා...තව දශමයක් පරක්කුවුනානම් එහෙම මේ පැන්සලට ඇතුල්වෙන්න සෑහෙන්න භූත ආත්ම පොරකකා හිටියා.....උබ නොදන්නව උනාට මම ඒ භූත ආත්ම තල්ලුකරගෙන මේ පැන්සලට ආවේ...
ඊට පස්සේ මට ඕනා වුනෙ උබ ලවා කඩවර කැලේ තියෙන අර වලලපු කලගෙඩිය බිදින විදිහට වැඩ කරපු එක......ඊට පස්සේ වුන දේ මම ලියන්න ඕනේ නෑ කියලා හිතනවා...."
" ඒත් කොහොමද අර උබ භූත පණිවිඩ දෙන එක කමලසිරි ගුරුන්නාන්සේ දැනගත්තේ......"
නිම්නාදී ට ඒක දැනගන්න තිබ්බේ ලොකු කුතුහලයක්......
"උබ කෙල්ලෙ නොදන්නව වුනාට අයියටත් උදව් කරන්න ලොකු ලොකු භූත ආත්ම හිටියා...කෙල්ලෙ
ක් කැලේ ඉන්නව කියලා උගේ ගෝලයෙක් ඇවිල්ල අයියට කිව්වට පස්සේ ,අයියා අර භූත ආත්මයක් ගෙනල්ලා ඒ ගැන අහල තියෙනවා....ඒ භූත ආත්මෙ තමා ඒ ගැන දන්වල තියෙන්නේ.....
ඊට පස්සේ අයියට ඕන වුනේ උබව රවට්ටල කලය බිදින එක වලක්වන එක.....උබ කෙල්ලේ ඒකට අහුවෙලා කලේ බිදින එක නතර කරලා දැම්මා.
උබව අල්ලගන්න ආපු එකාට අර කලු ගලෙන් ගැහුව නොවෙන්න ඔක්කොම මම බලාපොරොත්තු වුන දේවල් නොවෙන්න තිබුනා...ඒත් උබ විසිකරපු ඒ කලු ගල වෙලාවට වැඩුනේ අර කලගෙඩියේ.. ඒ ගල් පාරට ඒ කලේ තැනක් පිපිරුවා..ඒ පූපුරපු තැනින් තමා අර හිරවෙලා හිටපු යක්ශයා එලියට ආවේ......
මම හිතුව විදිහටම යක්ශයා අයිය්ව මැරුවා.....දැන් අයියගේ ආත්මෙ ඇති පොලව යටට වෙලා හිරවෙලා.......
මගේ පලිගැනීමත් සම්පූර්ණ වුනා,,ඒ විතරක් නෙමෙ අර නිදානෙත් ඒ හින්දම අනාගතේ උරුමක්කාරයාටම උරුම වෙයි...ඒ ගැනත් සතුටුයි. උබල දෙන්නටත් කලෙ බිදපු එකෙන් අවාසියක් වුනේ නෑ නේ , යක්ශයා දුන්න ඒ මාල දෙක විශ්ව ශක්තිය උපරිමේටම තියෙනවා......උබල දෙන්න හිතන පතන දේව්ල් ඔක්කොම ඒ හින්දා උබල දෙන්නට ඉටුකරගන්න පුලුවන් වෙයි........."
වුන දේවල් ඔක්කොම දැන් නිම්නාදීට හොදටම පැහදිලිවුනා........මෙතෙක් කල් මේ භූත ආත්මය නපුරු භූත ආත්මයක් කියන සිතිවිල්ලත් මේ වෙද්දී නිම්නාදිගේ හිතේ තිබුනේ අයින් වෙලා.....එහෙම හිත්ද්දීමයි භූත පණිවිඩ ආයේ ලියවෙන්න පටන් ගත්තේ...........
" එහෙනම් කෙල්ලේ මට දැන් යන්න වෙලාව හරී.........මම ආයේ ඒවා මේවා කරන්න කියලා මම උබට වද දෙන්නේ නෑ........උබට ප්රශ්න යක් ආවොත් ආයේ අර මන්තරෙ මතුරලා මාව ගෙන්වල මට දන්වපන් මම උබට ආසාවෙන් උදව් කරනවා.......
මේ වෙද්දී දවස් ගානක් උබේ මේ පැන්සලට ඇතුල්වුන හින්දා වෙන වෙන භූත ආත්මවලට මේ පැන්සලට ඇතුල්වෙන්නෙ බෑ......ඒ ගැනබයවෙන්න එපා.......
ආයෙ මාව මේ පැන්සලට ගෙන්වන්න උබ කැමතිනම් මාව සිහිකරලම අර මන්තරේ මතුරන්න පටන්ගනින්. එතකොට කොයි ලෝකේ මම හිටියත් ඒ ගැන දැනේවී......
***** *** එහෙමනම් මට දැන් යන්න ඕනා.....තව දේවල් දැනගන්න තියෙනවද"
" නෑ........"
නිම්නාදී හිසවනල කියද්දී ඇය අල්ලගෙන හිටපු පැන්සලේ අර අදිසි බර ගතිය නැති වුනා......ඒ සමගම භූත ආත්මය එද්දී ඇරුනු ජනේලය මහ හඩක් නගමින් වැසුනවා නිම්නාදිට ඇහුනේ භූත ආත්මය සමුගෙන ගියා බව පවසමින්.
සුදු කොලේ පණිවිඩ විදිහට ලියවුනු කොලය දිහා නිම්නාදී බලාගෙන හිටියේ මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද සිතමින්.
ඔව් එහෙම දේවල් වෙන්න පුලුවන් , අද ඇයට වුන දේවලුත් සිහිපත් කරමින් ඇය ඒ ගැන සිතුවේ ,,,,,,ජනේලේ එල්ල ඇති පොඩි සුලගටත් සෙලවෙන ලෝහ වින්ඩ් චයිම් එකේ 'ටිලි, ටිලින් ටිලි ,ටිලින් හඩත් ඇහෙද්දීයි......